නාසා ආයතනටවත් කරගන්න බැරිවුණු සොයාගැනීමක් යහුගිය සතියේ “දිවයින” පත්තරේ කීර්ති වර්ණකුලසූරිය කරලා තිබුණා. ඒ තමයි අඟහරැ ග්‍රහයා මත ගඩොල් තියෙනව කියලා.
ගල් පැලෙන බොරු කියන එක ලංකාවේ පත්තර, ටීවී, රේඩියෝවලට අලුත් දෙයක් නොවුණත් ඒ ගොඩක් දේවල් හරියට ම ඇත්තද බොරුද කියල දැනගන්න අපට විදියක් නෑනේ. මොකද මේ ගොල්ලෝ ඇහින් දැක්කා වගේ කියන දේශපාලන කරලියේ හෝ යුධබිමේ දේවල් අපට ගිහින් හොයල බලන්න බෑනෙ; එයාලා කියන දෙයක් පිළිගන්නවා ඇරෙන්න.
හැබැයි ඉඳල හිටල මේ වගේ අතේ මාට්ටු වෙන බොරුත් තියෙනවා. මේව මේ පොඩි පොඩි ගොසිප් සයිට්වල, ෆේස්බුක් පේජ්වල ගිය ඒවා එහෙම නෙවෙයි. බ්‍රෝඩ්ෂීට් සයිස් කොළවල ප්‍රින්ට් කරන “ජාතික” පත්තරවල ගියපුවා.
මේකත් ලියල තියෙන්නෙ අර අඟහරු ලෝකේ ගඩොල් තියනව කියල හොයාගත්ත කීර්ති වර්ණකුලසූරිය මහත්තය ම තමයි.
“පැනමාවේ කළු සල්ලි ජාවාරම හෙළි කරමින් මුළු ලොවම කැළඹූ පුද්ගලයා ජෝන් ඩෝ නමැත්තකු බව ජර්මනියේ සෙයිට්‍රන් පුවත්පත ඊයේ (12 දා) මුල්වරට අනාවරණය කර ඇත,” කියල තමයි මෙයා 2016 අප්‍රේල් 13 වෙනි දා “දිවයින” පත්තරේට ලියන්නෙ (අප්‍රේල් පළවෙනිදා නෙවෙයි, හොඳේ).
ඉංග්‍රීසියෙන් සාමාන්‍යයෙන් ජෝන් ඩෝ කියන්නෙ නිර්නාමික පුද්ගලයෙක් ව හඳුන්වන්න පාවිච්චි කරන වචනයක්. ගොඩක් වෙලාවට නීතිමය කටයුතුවල දී අදාළ කෙනාගේ අනන්‍යතාව සඟවන්න තමයි මේ වචනෙ පාවිච්චි වෙන්නෙ. ඒත් අපේ කීර්ති මහත්තයා හිතල තියෙන්නෙ මේක මේ මනුස්සයගෙ නම කියල. වැඩේ කියන්නෙ මේක සබ්-එඩිට් කරපු කෙනත් හිතල තියෙන්නෙ එහෙමමද කොහෙද තමයි.
මේක මේ වීක්ලි වර්ඩ් නිවුස් කියන වෙබ් සයිට් එකේ ගියපු ආටිකල් එකක්. මේ වීක්ලි වර්ල්ඩ් නිවුස් කියන්නෙ ආතල් එකට බොරු ප්‍රවෘත්ති දාන සයිට් එකක්; හරියට අපේ ලංකාවේ තියෙන නිවුස් කරි එක වගේ (නිවුස් කරි එකේ නිවුස් නම් සමහර ඇත්ත පත්තරවල තියෙන ඒවට වඩා පිළිගන්න පුළුවන් කියලා සමහරු කියනවා). ඒක ඉතිං මේ සයිට් එක බලන අය දන්නවා. ඒ නැතත් අතිශ්‍යයෝක්තියෙන් ලියපු බොරු කියල තේරෙන්න ම තමයි ඒවා ලියන්නෙ.
හැබැයි රිවිර පත්තරේ ප්‍රදීප් නිශාන්ත හේරතුයි නිලූෂා සිල්වායි හිතල තියෙන්නෙ මේක ඇත්ත නිවුස් එකක් කියලා. ඉතිං ඒගොල්ලො 2012 පෙබරවාරි 05 වන දා රිවිර පත්තරේට “සුකර්බර්ග්” ෆේස්බුක් එක වහන්න තීරණය කළා කියලා ලියද්දි, මේක වීක්ලි වර්ඩ් නිවුස් එකේ ගිය නිවුස් එකක් කියලවත් ලියන්නෙ නෑ.
මේකත් වීක්ලි වර්ල්ඩ් නිවුස් එකේ ගිය නිවුස් එකක් වුණාට ඊට කලින් කාලයක් තිස්සෙ තිබුණු අර්බන් ලෙජන්ඩ් එකක්. හැබැයි මොනව වුණත් 2012 ජූනි 03 වන දා දිවයින පත්තරේට මේක ලියපු අනුර සොලමන්, මේ කතාව කතෝලික කණ්ඩායම් හදපු බොරුවක් වෙන්න පුළුවන් කියන එකත් ලිපියේ අන්තිම හරියේ ලියල තියෙනවා. හැබැයි මේකේ ක්ලික්-බේටි හෙඩිමයි, අර අන්තිම වාක්‍ය කීපය ඇරුණුකොට ඉතිරි ටිකේ ලියල තියෙන දේවලුයි නිසා ලංකාවේ ගොඩදෙනෙක් මේක ඇත්තක් හැටියට බාරගත්තා. ඒ දවස්වල හාමුදුරු කෙනකුත් බණට මේ කතාව කියනවා මම අහගෙන.
මේ ලංකාවේ පත්තරවල පළවෙන අපට අහම්බෙන් ඇහැගැටුණු අතේ රෝල් බොරු කීපයක් විතරයි. තව මේ වගේ පච කොච්චර මේ “ජාතික” කියන පත්තරවල යනවා ඇද්ද? ඔයගොල්ලන්ට පත්තර, ටීවී අහුවුණු ඒ වගේ බොරු තියෙනව නම් පහළින් කමෙන්ට් කරගෙන ම යන්න, අනිත් අයටත් බලාගන්න.
The 2021 edition of buffets in Colombo.
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Day outing packages available in and around Colombo.
The Kingsbury buffet is pretty good. It's the best in terms of salads and veg, highly competitive in seafood, and good for everything else. It's Rs. 3,500…
Delete Comment
Shanaka Wick
RIP Google Translate :D :D :D