බෙංගාල බොක්කෙන් ආරම්භ වුණු “බුරවි” සුළි කුණාටුවේ බැලපෑම මේ වෙද්දිත් (දෙසැ. 02, බදාදා උදේ) ලංකාවට දැනෙන්න පටන්අරන්. ලංකාවේ මේ මට්ටමේ සුළි කුණාටුවට මුහුණදෙන්නෙ අවුරුදු 20කට විතර පස්සෙ කියල තමයි කියන්නෙ. ඊයේ රෑ වෙද්දි ත්‍රිකුණාමලයට කිලෝමීටර් කිලෝමීටර් 330ක් විතර ඈතින් තිබුණු මේ සුළි කුණාටුවේ කේන්ද්‍රය අද හවස් වෙද්දි මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ලංකාවට ඇතුල්වේවි කියල තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ.
මේ කුණාටුව නිසා ඇතිවන සුළවල වේගය පැයට කිලෝමීටර් 75-85ක විතර වෙන්න පුළුවන්. ඒ වගේ ම මිලිමීටර් 200 දක්වා විතර වැසි ඇතිවෙන්න පුළුවන්.
මේ නිසා ගංවතුර අවදානම තියෙන ප්‍රදේශවල වගේ ම සුළඟ නිසා අවදානමට ලක්වෙන්න පුළුයන් ගොඩනැගිලි සහ භූමිවල ජීවත්වෙන අයටත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරලා තියෙනවා.
හුළඟට කඩාවැටීමේ අවදානම තියෙන ගස්, අතු හෝ ඉදිකිරීම් ඉවත්කිරීම හෝ ඒවයින් ඈත්ව ඉන්න එක සහ නායනාම් තර්ජන තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වීමත් වැදගත්.
දැනට තියෙන කොවිඩ්-19 තත්ත්වයත් සැලකිල්ලට අරන්, හදිසි තත්ත්වයක් උදාවුණොත් උදව් ගන්න පුළුවන් ඥාති හිතමිතුරන්ව කල්ඇතුව දැනුවත් කරල තියන එක වැදගත් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියන්නෙ.
මීට අමතර ව APADA ඇප් එක භාවිතාකරලා හදිසි ආපදා පිළිබඳ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුවත්කරන්න පුළුවන්.
ඒ වගේ ම හදිසි අවස්ථාවක දි කතාකරන්න පුළුවන් දුරකතන අංක කීපයක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් නිකුත්කරලා තියෙනවා.
A 100%, home-grown brunch spot in Borella, serving up some fantastic Continental and Lankan treats.
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
We tasted every locally brewed and available beer. In the name of science!
Countries that let you in without a fuss with your Lankan passport
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment