කඩෙන් කෑවොත් නම් මේ චාන්ස් එක නෑ.
ඒ නිසා ගෙදරදිම හදාගන්න.. ආප්ප පිටි එකක් ගෙනල්ල, පදමට අනල, පදම් වෙන්න තියලා..
ඔන්න ඔය පහළින් තියෙන විදියට ඉතුරු ටික කරන්නකෝ..
ආයෙ හොදි, සම්බෝල ඔ්න නෑ කියයි…
ලේසිම වැඩේ. ආප්පෙ තාච්චියට දාපු ගමන් ඒ උඩට දාන්න ටිකක් ඝනකමට කපපු කුකින්ග් චීස් කෑලි ඇති හිටියට. දාලා, රස පදමට ගම්මිරිස්, ලූණු, අමු මිරිස්, රතු මිරිස් ටිකක් එහෙමත් දාලා වහල තියන්න. තියල බාන පදමට එද්දී.. තව චීස් කෑලි ටිකකුත් උඩින් දාලා දෙකට නවල බාන්නයි තියෙන්නෙ.
එච්චරයි, නොම්මර එකයි ආයෙ!
මේ ආප්ප අතරින් ටොප්ම ආප්පයක් කිව්වොත් හරි. මොකද මේකෙ රස…
ඒ වගේම තමයි මේකෙ වැඩත් ටිකක් වැඩියි. ඇත්තටම මේකට ඔ්න කරනව හොඳහැටි මිරිස් තුනපහ දාලා හින්දල හදපු මස් කරියක්. ඒකත් මස් කෑලි ගොඩක්ම පොඩියට කපල දාපු. ඊට පස්සෙ ඔ්න කරනව එවෙලෙ දාපු උණු උණු ආප්පයකුත්. ඉස්සෙල්ලම තාච්චියට අළුත් ආප්පයක් දාලා.. ඒ අනික් පැත්තටම වගේ ඇති හැටියට මස් කෑලි ඒකෙ මැදට තුනී කරන්න. ඊට පස්සෙ කලින් දාපු ආප්පෙ උඩින් නවල, පොඩ්ඩක් තලලා.. වහල තියන්න යට එක පදමට කරවෙනකම්. තියල බාද්දි.. උඩින් දාන්න ආයෙ කරියෙ බොර ටිකක්. දාලා රෝල් කරල..
කරස් ගාලා හපද්දි..?
ඔ්නම අච්චාරුවක් ගන්න පුලුවන්. හැබැයි ඉදුණු අඹ වගේ ටිකක් පැණි රහකුත් එක්ක යන අච්චාරුවක් නම් පංකාදුවට තියෙයි. අනිත් කාරණය තමයි මේ අච්චාරුවල පළතුරු කෑලි ඉතාම කුඩාවට කපල තියෙන්න ඔ්න.
කොහොමහරි මේක හදද්දි ඉස්සෙල්ලම ආප්පයක් දාන්න තාච්චියට, මැද නැතිවෙන්න. හරියටම කිව්වොත් තුනී රොටියක් වගේ. ඒක දාලා.. ඒ අතරට සාමාන්‍ය ආප්පයක් හදන ගාණට පිටි අරගෙන වෙනමම භාජනයකට, ඒකට කවලම් කරන්න අර අච්චාරු මදි නොකියන්න. කරල ඒක දාන්න අර කලින් දාපු ආප්පයට උඩින්. දාලා ඔ්න නම් රස වැඩි කරගන්න සීනි ටිකක්, කිතුල් පැණි ටිකක් එහෙමත් දාන්න පුලුවන්. කොහොමවුනත් අන්තිටම.. ආප්පෙ නිවෙන්න තියල තමයි කන්න ඔ්න. මොකද එතකොට තමයි ඒකෙ නියම රස එන්නෙ.
හදමු අළුත්ම ක්‍රමයකට. මම මේක අල්ල ගත්තෙ ඇත්තටම පුත්තලම්, මන්නාරම් පැත්තෙන්. එයාලා මේ කිරි ආප්ප හදද්දී.. ආප්ප මිශ්‍රණයට, රස පදම ගාණට තියෙන්න කිරි එකතු කරලා.. ආප්පෙ තුනීවට දාලා, ඒ එක්කම දානව තව පොල්කටු හැඳි බාගයක් විතර වෙනමම, ආප්පෙ මැද්දට, මිටිකිරියි පිටියි බාගෙට බාගෙ වගේ තියෙන්න, සීනිත් චුට්ටක් එකතු කරල. ඊට පස්ස තමයි ආප්පෙ ඉදවන්නෙ. ආයෙ.. ඒක බෑවට පස්සෙ, ෂැහ්.. උණු උණුවෙ.. හම්මෝ.. වෙන මුකුත් ඔ්න නෑ ඒක කන්න.
ටිකක් මොඩිෆයි ආප්පයක්. හදල කාලා බලල තියෙන නිසා බය නැතුව ඔයාලටත් කියන්න පුලුවන්.
ඇත්තටම මේකෙ ලොකු දෙයක් නෑ. කරන්න තියෙන්නෙ ආප්ප පිටි මිශ්‍රණයෙන් හැඳි 2ක වගේ ප්‍රමාණයක් වෙනමම අරගෙන ඒකට බිත්තර බාගයක් දාලා.. හැබැයි කලවම් කරන්න එපා. ඒකෙන් හැන්දක් අරගෙන දාන්න ආප්පයක්. දාලා අනික් පැත්තටම ඒකට දාන්න ඉතුරු බිත්තර බාගෙ. දාලා ඒ උඩට දාන්න ඔ්න කලින් පෑන් ෆ්‍රයි කරල, පොඩි පොඩියට කපල තියාගත්තු බේකන් හරි, සොසේජස් හරි, හැම් වුනත් අවුලක් නෑ. ඊට පස්සෙ කැමති නම් ඒ උඩට හීනියට ලියපු චීස් ටිකක් දාලා.. ආප්පෙ ටිකක් වැඩිපුර කරල කරල බාන්න. මොකද එතකොට තමයි.. ඒක දෙකට නවල කද්දි, රස නහර පිනා යන්න රස ගැලපෙන්නෙ.
Countries that let you in without a fuss with your Lankan passport
Safe, clean, and nice rooms in Colombo for couples. Sorted by price bracket.
Flavours of Asia delivered to your doorstep.
A Guide to Getting Down in C-Town.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment