හැමදාම මොකටෙයි කඩේ රයිස්..
ඔන්න ගෙදර ඉන්න ගමන් හදාගන්න,
ගෙදර තියෙන දෙයින්ම ටොප් ෆ්‍රයිඩ් රයිස්!
පළමුව.. අළු කෙහෙල් ඇඟිලි පුරුකක් සයිස් එකට කපාගන්න. කපාගෙන හෝදලා කරලා.. අබ, කහ, ගම්මිරිස් ඇඹරුමක දෙහි ඉස්මෙන් අතගාගන්න. අතගාලා වරු බාගයක් විතර පදම් වෙන්න අරින්න මැටි ඇතිලියක. පදම් වුනාට පස්සේ.. ගැඹුරු තෙලේ බැදගන්න ඔ්න රන්වන් පාට වෙනකම්.
ඊට පස්සෙ ඇට වෙන්වෙන ගාණට ලිපේ තියපු බාස්මතී හරි කීරි සම්බා හරි හැඳි 3, 4ක ප්‍රමාණයක්, හීනියට ලියපු කැරට්, ලීක්ස්, ගෝවා, අමු මිරිස්, කොච්චි, බිත්තර 2ක්, චිලිපේස්ට් මේස හැන්දක්.. කිට්ටු කරගෙන,
මුලින්ම බටර් හරි මාගරින් හරි මේස හැඳි 3, 4ක් දාන්න තාච්චියට. දාලා රත් වීගෙන එද්දි බිත්තර දෙකත් දාලා.. කැරලි වෙන පදමෙදි, බත් ටික දැම්මා, බත්ටික ෆ්‍රයි වීගෙන එද්දි එළවලු අඩුම කුඩුම සියල්ලම දැම්මා, අන්තිමටම අළුකෙහෙලුත් දාලා සුවඳ ගහන ගානෙදි බෑවා..
මේකෙදි මුලින්ම බිත්තර 3, 4ක් තම්බ ගන්න ඔ්න. ඊට පස්සෙ ඒවා 4ට කපන්න. කපනකොට කහමද වෙනමම අයින් කරගන්න. අන්තිමටම කපපු බිත්තර කෑලි ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. බැදලා.. ඒක එහෙම තියෙද්දි, බටර් හරි මාගරින් හරි මේස හැඳි 3, 4ක් රත් කරගත්ත තාච්චියකට අර කහමද ටික හෙමිහිට ගිල්වන්න. ගිල්වලා ඒවත් ෆ්‍රයි වීගෙන එනකොටම තව බිත්තරයකුත් කඩලා දාලා.. කැරලි ගැහෙද්දි හීනියට ලියාගත්ත කැරට්, ලීක්ස්, අමුමිරිස් ටිකකුත් දාන්න. දාලා සැර පදමට චිලිපේස්ට් එහෙමත් දාලා මිශ්‍රණය සුවඳ විහිදුවද්දි බාස්මතී හරි කීරිසම්බා හරි හාලේ බතකින් පොල්කටු හැඳි 4, 5ක ප්‍රමාණයක් එකතු කලානම්..
හැබැයි එකක් මතක තියාගන්න, මේක කෑමට පුලුවන් නම් මස් හොදි ටිකක් ලංකර ගන්න.
අවශ්‍ය කරනවා.. තලපත් කරවල ටිකක්. ඒකත් ඇඟිලි පුරුකක් විතර සයිස් කෑලි 10ක් 12ක් තිබ්බාම ඇති. ඒ කෑලි වරුවක් විතර වතුරෙ දාලා තියන්න ඔ්න මුලින්ම. ඊට පස්සෙ වතුර මිරිකලා අරගෙන.. විනාකරි, මිරිස් කුඩු, ඉඟුරු සුදුලූණු ඇඹරුමක හොඳට අතගාලා තව වරු බාගයක් විතර තියන්න පදම් වෙන්න. ඒ පදම් වුනාටත් පස්සෙ.. තාච්චියකට මාගරින් මේස හැඳි 5, 6ක් රත් කරගෙන ඒකෙන් ලාවට බැදගන්න. කොහොමහරි කරවල ටික බැදීගෙන එද්දිම තාච්චියට දාන්න ඔ්න කෑලි මිරිස් අවශ්‍ය ගාණට, හීනියට ලියාගත්ත කැරට්, ලීක්ස්.. බිත්තරයක්, ලුණු, ගම්මිරිස් අඩුම කුඩුම සියල්ලම. දාලා අන්තිමට සෝයා සෝස් ටිකකුත් එක්ක සම්බා බත් හැඳි 3, 4කුත් දාලා.. බත් ටික ෆ්‍රයි වේගෙන එද්දිම බාන්නයි තියෙන්නෙ..
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
A little break from the hustle and bustle of this city life.
A list of 15 places for your next day outing.
Post-lockdown high tea seshs in Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment