Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

2/5

Big Bite Biryani

124, S De S Jayasinghe Road, Kohuwala.


The chicken was excellent, but it took them half an hour so we would have been pretty enraged if it wasn't. The actual biryani though, for us this is the rich saffron and meat infused rice, was disappointing.



කොළඹ හොඳම බුරියානි පිරිනමන්නේ මෙතැන බව කියන පිරිස් විශාල වශයෙන් යමු Facebook පිටුවට එනවා. ඉතින් පසුගිය දිනෙක අපි ලොකු බුරියානි බඩගින්නකුත් අරගෙන බිග් බයිට් වෙත ගියා ඇත්තෙන්ම එහි බුරියානි කොහොමද කියා බලන්න.

අපි ඔවුන්ගේ කොහුවල අලෙවිහලට ආවේ මඳක් පමාවෙලා පස්වරු 1.30ට පමණ. ඔවුන් කිව්වා ඔවුන් ළඟ ඉතිරි වී තිබෙන්නේ පළහන ලද කුකුල්මස් විතරයි කියලා. ඔවුන් වෙහෙසෙමින් මස් ග්‍රිල් කරනතුරු අපට පැය භාගයක් බලාඉන්න වුණා. ඉන් පසු අපේ බුරියානි ටිකත් රැගෙන දිව්වා සාගින්දරෙන් ඉන්දිගේ ලෙනට කාලා බලලා අපේ තීන්දුව දෙන්න.

තීන්දුව කුකුල්මස් හරිම හොඳයි. හොඳ ලොකු කෑලි. කුකුල් පපු භාගයක්, තටු හා තවත් කැබලි ඇතුළත මෘදුවට සිටින පරිදි පිටත අඟුරු මත පළහලා.

ඒ වුණාට ඇත්ත බුරියානියනම් බලාපොරොත්තු සුන්කළ එකක්. එහි රසයන්ගේ කිසිදු ගැඹුරක් නැහැ. මස්, කහ, තුනපහ, රසකාරක ආදී කිසිවක් නියම ප්‍රතිඵල දුන්නේ නැහැ. නිකම්ම කහපාට කළ බාස්මතී බත්. ළාවට මස් තැම්බූ වතුර රසයි. බුහාරි හෝටලයේ බුරියානිවලට වඩා හොඳයි. ඒත්, වැල්ලවත්තේ හා දෙහිවල බුරියානි විශේෂඥයන්ගේ බුරියානි පළංගානවල් අහලකින්වත් තියන්න බැහැ.

අපට දුන් හොදි මුල කිසිම රසක් නැති, වර්ණගන්වන ලද උකු දියරයක්. කෝ අනෙක් රසවත් දේ? ළූනු සම්බල, උම්බලකඩ සම්බල, චට්නි, අච්චාරු ආදිය කෝ? මේවායින් තමයි ශ්‍රී ලාංකික බුරියානිය සම්පූර්න වන්නේ. බුහාරි හා රහීමා හෝටල් පවා සම්බලක්, චට්නියක් එක් කරනවා බුරියානියට.

අප හිතන්නේ බිග් බයිට් අයිතිකරුවෝ පකිස්තාන ජාතිකයෝ. ඔවුන් සතුව තිබෙනවා බුරියානි රස කරන ඔවුන්ගේම විධි. ඒ වුණත්, අපි බිග් බයිට් වෙතින් කෑ බාබකියු කරන ලද කුකුල්මස් මස් හා කහබත්, බුරියානිනම් නොවෙයි. එය රු. 430ක් වටින්නේ යයි අපිනම් හිතන්නේ නැහැ.

ඒත්, ගොඩක්දෙනා මේ තැනට කැමතියි. අපට මොකක් හෝ වැරදීමක් වුණාද? බාබකියුවලට නැතිව බුරියානි විතරක් කෑවානම් හොඳද? දෙහිවල අලෙවිහල කොහුවල එකට වඩා හොඳද? කෝ බුරියාන රස කරන දේ? අපි කැමතියි දැනගන්න.

TIP

Good place to come for BBQ chicken

Address

124, S De S Jayasinghe Road, Kohuwala.

Contacts

Report Inaccuracy

Open 11 am to 11 pm everyday

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
3
Service Rating
1
Ambience Rating
1

Similar Places

Have you visited this place?

Write your own review!
See 19 Comments