Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Coco Veranda (Nawala)

No. 441, Nawala Road, Sri Jayewardenepura Kotte.


One of Colombo's most popular coffee shops has opened up in Nawala.



අපේ අවුරුදු විසි පහත් පැනපු යාළුවෙක්ට දොළදුකක් පහළ වෙලා කියන්ඩකෝ. මොකද්ද දන්නවද? අලුතෙන් ෆිල්ම් හෝල්වලට ඇවිත් තියන ටොම් ඇන්ඩ් ජෙරී බලන්න යන්න! දෙතුන් පාරක් ම අඬගහල මගෙන් ප්‍රතිචාරයක් නැති තැන පහුගිය ඉරිදා දවසක මාව ගෙදරින් එළියට ඇදගෙන හරි යනවා කියල ඉටාගෙන මෙන්න මෙයා එනවා. මාත් ඉතින් හා කමක් නෑ ඔන්නොහෙ පොඩි එකාගෙ ආසාව නෙ කියල යන්න ලෑස්ති වුණා.

දෙන්නත් එක්ක දවල් දෙකට විතර එළියට බැස්සට, වැඩේ කියන්නෙ ෆිල්ම් එක තියෙන්නෙ හතරයි කාලට. එතකන් බඩටවත් මොනාහරි දාගමු එහෙනං කියල අපි ගොඩ වුණා යන පාරෙ ම තිබුණ කොකෝ වැරන්ඩා එකට. වෝඩ් ප්ලේස් එකේ තියන කොකෝ වැරන්ඩා එකේ ම නාවල බ්‍රාන්ච් එක තමයි මේ.

තැන

පාර අයිනෙ ම තිබුණට මොකද, ඇතුළු වුණාම තමයි තේරෙන්නෙ මෙතන හරි ම නිස්කලංකයි කියල. එළියේ වගේ ම ඇතුළෙත් වාඩි වෙන්න සෑහෙන ඉඩ තියනවා. ඒසී එකේ ඉන්න ඕන නං එහෙමයි, හුළං වැදි වැදි එළියෙ ඉන්න ඕන නං එහෙමයි.

ගෙයක් මොඩිෆයි කරල අවන්හලක් කරපු වයිබ් එකක් තමයි තියෙන්නෙ. කවුන්ටර් එකට ගිහින් කෑම ඕඩර් කරලා බිල එහෙම ගෙවලා අපි ඇවිත් එළියෙන් ම වාඩි වුණා.

කෑම

කොකෝ වැරන්ඩා එකේ තියනව දවස පුරා ම ගන්න පුළුවන් බ්‍රෙක්ෆස්ට් එකක්. ඉතිං ලන්ච් එකටත් බ්‍රෙක්ෆස්ට් ම ගන්න පුළුවන්. කොකෝස් බිග් බ්‍රෙක්ෆස්ට් තමයි මේකේ නම. මිල රු. 1000යි. අපි මේකෙන් එකයි, තව ගාලික් බ්‍රෙඩ් පෝෂන් එකකුයි (රු. 350) ඕඩර් කළා.

ගාලික් බ්‍රෙඩ් ටික මරේ මරු. රන්වන් පාටයි. සුදු ලූනු රහ එක්ක ම හොඳ බටරි ගතියට තිබුණා. පොඩ්ඩක්වත් පෙඟිලත් නෑ. ෆ්‍රෙෂ් පිට නිසා කරස් ගාල හැපෙනවා. ඉතිං කන්න කලින් බඩගිනි වෙන්න කන්න හොඳ ඇපටයිසර් එකක් වුණා කිව්වොත් හරි.

මේ තියෙන්නේ කොකෝස් බිග් බ්‍රෙක්ෆස්ට් එක. ෆ්‍රෙන්ච් ටෝස්ට් පෙති හතරක්, ග්‍රිල් කරපු තක්කාලි ගෙඩි දෙකක්, චිකන් සොසේජ් එකක්, ස්ක්රැම්බල්ඩ් එග්ස් එක්ක සෝටේ කරපු අල තමයි මේකට එන්නේ. ෆ්‍රෙන්ච් ටෝස්ට් පෙති ටිකෙන් යන්තමින් පැණි රහක් ආවා. හැබැයි හොඳට කිරිවල පෙඟිලා තෙත ගතියට තිබුණා. තක්කාලිවල ඇඹුල් ගතිය එක්ක තවරගත්තම ටෝස්ට් ටික තව රහ වුණා. සෝටේ කරපු අල ටික සෝස් එකක ඩිප් කරල තිබුණ නිසා නරක නෑ. ඒකත් ටෝස්ට් එකට හොඳට ගැලපුණා.

සොසේජ් එකේ නං කියන්න තරං විශේෂයක් නෑ. ස්ක්රැම්බල්ඩ් එග්ස් ටිකත් පොඩ්ඩක් දිය රහයි. මේ දෙක ම පොඩ්ඩක් සීසනින් කළා නං හොඳයි වගේ. ලුණු, ගම්මිරිස් වෙන වෙන ම දුන්නට ඒකෙන් රහට ලොකු වෙනසක් සිද්ධ වුණෙත් නෑ. 

බීම

බීම විදිහට අපි ගත්තෙ බෙරි ක්‍රෂ් එකයි (රු. 700) අන්නාසි ජූස් එකයි. (රු. 650) කෑමවලට වඩා මෙතන බීම තමයි කොලිටි. බීම ජාති දෙකට ම ඒගොල්ලො සීනි දාල තිබුණෙ නෑ. ෂුගර් සිරප් ආවෙ වෙන ම. ඒ නිසා අපි කැමති නම් විතරක්, කැමති ප්‍රමාණයකින් පැණි රස ඇඩ් කරගන්න පුළුවන්. බෙරි ක්‍රෂ් එකේ පෙනුම වගේ ම රසත් හරි ම රිච්. බෙරි කෑලි හැපෙන්න, උකුවට හදල තිබුණා. මුකුත් නොකා මේක විතරක් බිව්වත් බඩ පිරෙනවා.

අන්නාසි ජූස් එක ආවෙත් වීදුරුවක් පිරෙන්න කට කපලා. මේකෙත් රස හොඳයි. වතුර වැඩි නොකර හොඳට අන්නාසි රහ එන විදිහට හදල තිබුණා. බෙරි ක්‍රෂ් එකේ හීනි ඇඹුල් රහ මැකෙන්න අපි ෂුගර් සිරප් පොඩ්ඩක් දාගත්තට, අන්නාසි බීම එක නං පැණි රහක් නැතුව ම බොන්න පුළුවන්කම තිබුණා.

අවසන් වශයෙන්

යන එන ගමනට මොනාහරි බඩට දාගන්න වගේ ම නිවාඩු පාඩුවෙ ඔෆිස් වැඩක් එහෙම කරගන්න යන්නත් පුළුවන් නිදහස් තැනක් තමයි නාවල කොකෝ වැරන්ඩා එක.


TIP

Go for the drinks, you'd be much happier.

Address

No. 441, Nawala Road, Sri Jayewardenepura Kotte.

Directions

It's a few meters from Kirimandala Mawatha, onto your left, before Keells.

Contacts

Facebook Instagram Website

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Cakes Sandwiches Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
D
1

1/5

0

Daniel Zents

half the menu was not available, both food and drinks

D
1

1/5

0

Daniel Zents

half the menu was not available, both food and drinks

See 2 Comments