Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

5/5

Colombo Chaiwala

12, Lily Ave, Colombo

  • Closed right now


A charming little tea room in Wellawatte, Colombo Chaiwala does excellent chai and delicious beef samosa, among other things.



පහුගිය දවසක අපි මරීන් ඩ්‍රයිව් එකේ තේ ට්‍රක් එක, චායිවාලා කලම්බෝ ගැන ලිව්වා ඕගොල්ලන්ට මතක ඇති. අද ලියන්න හදන්නෙ කලම්බෝ චායිවාලා ගැන. මේගොල්ලො නං ට්‍රක් එකක් නෙමේ, ගිහින් වාඩි වෙලා කයියක් ගගහ තේකක් තොල ගාන්න පුළුවන් පුංචි ටී රූම් එකක්.

තැන

වැල්ලවත්තෙ ලිලී ඇවනිව් එකේ තමයි මේ කලම්බෝ චායිවාලා තේ කඩේ තියෙන්නේ. හවස 6 ඉඳන් පාන්දර 3 වෙනකන් විවෘතයි. වෝල් පේන්ටින්වලිනුයි පුංචි පුංචි ලී පුටු මේසවලිනුයි හැඩ වුණ, පුංචි වුණත් ලස්සන තැනක්.

තේ

අපි ගිය දවසේ මේගොල්ලො ළඟ චායි ජාති දෙකකුයි, සුලෙයිමානි තේයි තිබුණා. ඉතින් අපි ජාති තුනෙන් ම එක ගාණේ ඕඩර් කළා.

තන්දුරි චායි එක (රු. 150) එන්නෙ මැටි කෝප්පෙක. හෙන ස්ට්‍රෝං ස්පයිසි ගතියක් මේ චායි එකේ තියනවා. ඒ වගේමයි සුවඳ. තේ නැතුව ජීවත් වෙන්න බැරි කට්ටිය එහෙම මේකෙ රහට වහ වැටෙනවා නියතයි. මොකද මේකෙ කහට එහෙම ගාණට තිතට. මාර රහයි.

මසාලා චායි එක (රු. 100) ආවෙ පොඩි වීදුරුවක. උකු කිරි ගතියට මසාලා සැරයි තේ කහටයි මික්ස් වෙලා මේකත් මාර රස තේ එකක් වෙලා තිබුණා. සීනි එහෙමත් වැඩි කරන්නැතුව ගාණට දාලා.

තවත් පොඩි වීදුරුවක ආපු සුලෙයිමානි තේ එකට (රු. 80) උඩින් මිංචි කොළ දෙකකුත් දාලා තිබුණා. ඉතින් මින්ට් රසෙන් අපිට හුරුපුරුදු ප්ලේන්ටියට මරු වෙනසක් එකතු වෙලා. ප්ලේන් ටීවලට වගේ ම මින්ට් තේවලට ආස අයටත් කියාපු රහක්. 

කෑම

පැටිස්, සමෝසා, කේක් වගේ පුංචි පුංචි ස්නැක්ස් මේගොල්ලො ළඟ තියනවා. අපි ගත්තා බීෆ් සමෝසා (රු. 150), පන්ජාබි සමෝසා (රු. 250) එක්ක බාබත් පැටිස් (රු. 150).

බීෆ් සමෝසා පෝෂන් එකට සමෝසා තුනක් එනවා. මේවා මාර ම ක්‍රිස්පි. බීෆ් ෆිලිං එකත් සැරයි වගේ ම පුදුම රසයි. ඒ ගාණට පාඩු නෑ පොඩ්ඩක්වත්.

ඒකට මොකද පන්ජාබි සමෝසාවලට නං අපිට ඒ තරං හිත ගියෙ නෑ. මේකෙත් පෝෂන් එකට සමෝසා තුනක් එනවා. වටේ කොටස රන්වන් පාටට ලස්සනට බැදිල තිබුණට ඇතුළේ ෆිලිං එකේ ෆ්ලේවර් එකට මොනාහරි මදි ගතියක් දැනුණා. තව පොඩ්ඩක් සැර වුණා නං මරු.

බාබත් පැටිස් පෝෂන් එකට පැටිස් දෙකක් ආවා. ෆිලිං එකේ බාබත් කෑලි කීපයක් එක්ක වැඩිපුර තිබුණෙ බීෆ්. කොහොම වුණත් මේකෙත් ෆ්ලේවර් එක හොඳයි. ක්‍රිස්පි ගතියට අලුත් පිට තිබුණා.

මීට අමතරව අපි මේගොල්ලන්ගෙ චොක්ලට් කේක් කෑල්ලකුත් (රු. 150) රස බැලුවෙ ඒක හෝම් මේඩ් කියපු නිසා සහ චෙෆ්ස් ස්පෙෂල් කියපු නිසා. කේක් කෑල්ල ඇත්තට ම රසයි. සෑහෙන සොෆ්ට්. හොඳ පැණි රසකුත් එක්ක චොක්ලටි ගතියත් හොඳහැටි තිබුණා. හැබැයි පුදුමෙකට වගේ පෙනුමෙන් වගේ ම රසෙනුත් ෆැබ් එකේ චොක්ලට් කේක්වලට හරිම සමානයි. 

සර්විස් එක

කලම්බෝ චායිවාලා එකේ කට්ටිය හරි ම මිත්‍රශීලී. කෑමබීම ගැන අපි නොදන්න විස්තර කියල දෙන්නත් ඒගොල්ලො පැකිළෙන්නේ නෑ.

අවසන් වශයෙන්

අපිට ආරංචි වුණ විදිහට මෙතන තේ ජාති ඔක්කොම හදන්නෙ ඉන්දියන් චෙෆ්ලා. ඒ නිසා ඔරිජිනල් චායි ගතිය කලම්බෝ චායිවාලා එකෙන් ලැබෙන බව ෂුවර්. රස ස්නැක් එකක් හපන ගමන් රස තේ එකක් තොල ගාන්න මේ පැත්තෙ ගිහින් බැලුවොත් පුළුවන්. ගිහින් ඇවිත් අපිටත් විස්තර කියන්නකෝ..

Address

12, Lily Ave, Colombo

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Indian

Price Range

Less than 200

Dish Types

Tea

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment