Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

3/5

Copper Chimney (Prof. Stanley Wijesundara Mawatha)

Prof. Stanley Wijesundara Mawatha, Colombo 07


A little hole-in-the-wall that serves the cheapest, most minimal, rice dishes.



හුණුපිටියේ හැටේ බත් කඩේ කිව්වම ඉතින් කොළඹ බත් කන ජනතාව අතර සුප්‍රසිද්ධයි නේ. පොකට් එකක් තියෙනවද කියල ෂුවර් නැති තරං පොකට් එකේ බර අඩු වෙලාවක මේ වගේ තැනකින් තමයි ඉතින් බඩ පුරවගන්න පුළුවන්. එහෙව් එකේ අඩු ගානට කන්න පුළුවන් බත් එකක් දෙනවට මේගොල්ලන්ට පිං. මේ කියන්න යන්නේ හැබැයි හුණුපිටියේ තැන ගැන නෙමෙයි. කුරුඳුවත්තේ රෝයල් එක පැත්තේ තියෙන ඒගොල්ලන්ගේ ශාඛාවක් ගැන.

තැන

තැන හොයාගන්න ඇත්තටම සැහෙන්න ගේමක් දෙන්න වුණා. අපි හුණුපිටියට ඇමතුමක් අරගෙන යන්න පාර අහලත් කුරුඳුවත්තේ කොහේහරි තියෙනවා කියල තමයි අහගත්තෙ. ඊට පස්සෙ ඔය පැත්තෙ වටේ ඇවිදලා ඇවිදලා ඇතිවෙලා ආයි කතාකරලා තියෙන පාර අඳුරගත්තා. පාර දැනගෙනත් හොයාගන්න අමාරු වුණා; මොකද පොඩි කැලෑවක් අස්සේ තමයි කඩේ තියෙන්නෙ.

කඩේ කිව්වට මේක කඩයක් කියල කොහොමටවත් කියන්න බැහැ. අවුරුදු ගාණකට කලින් මේක කිරි විකුණපු තැනක් කියල මතකයි. ඒ මිනිස්සු මෙතන අතෑරලා දාල ගිහිල්ල අවුරුදු ගාණක් වෙනවා කියල තැන දැකපු ගමන් පේනවා. එතනට මේ කට්ටිය ඇවිල්ල තියෙන්නෙ ගොඩනැගිල්ලට කිසිම අලුත්වැඩියාවක් දෙන්නෙ නැතුව. පැත්තෙ ලිපක් තියෙනවා පත තාච්චියක් එක්ක, එතන බත්, එළවළු, මස් භාජන තියෙනවා. ඊට එහා පැත්තෙ පිඟන් ටිකයි, ඉටි කොළයි. අනිත් පැත්තෙ ඉඳගන්න පොඩි ප්ලාස්ටික් බංකු කෑලි ටිකකුයි, වතුර ෆිල්ටරේකුයි තියෙනවා. කියන පරක්කුව විතරයි පට පට ගාල බත් එක ලිපේ තියල විනාඩ් 5න් පිඟානට දාල දෙනවා.

කෑම

මේක ඉතින් සුපිරි නැහැ. ඒත් කන්න පුළුවන්. බත් ජාති කිහිපයක් ගැන තිබුණට ඔක්කොම එක වගේ තමයි. දාන අමුද්‍රව්‍යවල පොඩි වෙනසක් විතරයි. ගාන අඩුම වෙන්නෙ රු.60 වෙන එළවළු බත් එක. ගාන වැඩිම රු.130 චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. අපි ඉතින් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක අරං බැලුවා.

සුදු සම්බා හාලට යහමින් තෙල් සහ අජිනමොටෝ දාල එන හින්ද වැඩිය අප්සෙට් එකක් තේරෙන්නේ නැහැ. ඉබේටම ඔක්කොම කැවෙනවා. නමට හරි නිකං එළවළු දාල කියල කියන්න හීනි එළවළු තීරු වගයකුත් දානවා. පැත්තෙන් සාන්ද්‍රනය සැහෙන්න අඩු කරපු සෝස් පොඩ්ඩකුයි, තැඹිලි පාටට එන චිකන් කෑල්ලකුයි එනවා. චිකන් කෑල්ලත් විශේෂ නැහැ. අපිට හරියටම අඳුරගන්න බැරි අමුතු රසක් තිබුණා. නරක නැහැ; අමුතු විතරයි.

අවසානයට

තරු පහේ තියා තරු එකේ අත්දැකීමක්වත් මෙතනින් ගන්න බැරිවෙයි. ඒ වුනාට මෙතනින් බලාපොරොත්තු වෙන්නෙ ඒක නෙමෙයි. අඩුම ගානට කන්න පුළුවන් බත් එකක් ලබාගන්න මෙතනට තමයි එන්න ඕනේ.

Address

Prof. Stanley Wijesundara Mawatha, Colombo 07

Directions

As you turn into Prof. Stanley Wijesundara Mawatha from Philip Gunewardena Mawatha, it's immediately on your left, right on the bend, hidden in a little copse of trees.

Contacts

Facebook E-Mail

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan Sri Lankan Chinese

Price Range

Less than 200

Dish Types

Rice And Curry Fried Rice

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
1

Have you visited this place?

Write your own review!
Leave a comment