61/1, Lorensz Road, Colombo 04
A ladies' clothing store selling work wear and casual wear.
ඉස්සර වගේ නෙවෙයිනේ. දැන් කාලේ කෙල්ලෝ කොල්ලෝ හැමෝම හැඩට වැඩට අඳින්න හරි ම ආසයි. ලංකාව වටේ ම හතු පිපෙන්නා වගේ පටන්ගන්න ඇඳුම් කඩවල්වලින් මේ කතාව හොඳින් ඔප්පු වෙනවා. ඒ විතරක්යැ, කඩේට නොයා ඇඳුම් ගෙදරට ම ගෙන්නගන්න පුළුවන් විදියේ ඔන්ලයින් ඇඳුම් කඩවලුත් ඕනේ තරම් තියෙනවනේ.
“Eleven H” කියන්නෙත් මේ ගොන්නට එකතුවෙන තවත් ඇඳුම් කඩයක්. ඉතින් පහුගිය දවසක මායි, නබීලායි මේ පැත්තට ඇදුණේ මේකේ වගතුග ටිකක් බලා කියාගන්න හිතාගෙන.
ඩුප්ලිකේෂන් පාරේ වැල්ලවත්ත හරියට යද්දී තියෙන ලොරෙන්ස් පාර දන්නවා නේද? එතැනට හැරෙද්දී ම වගේ තියෙන බිල්ඩිමේ දෙවැනි තට්ටුවේ තමයි මේ ඇඳුම් කඩේ තියෙන්නේ. හැබැයි උඩ බලාගෙන ගියොත් ඇරෙන්න මේක තියෙන තැන හොයාගන්න අමාරුයි. මොකද නම ගහපු බෝඩ් එක තියෙන්නේ ඒ තරම් උඩින්. ඉතින් අපටත් වටයක් දෙකක් කැරකෙන්න වුණා Eleven H එක හොයාගන්න.
අහ්! කියන්න අමතක වුණානේ, අපේ කොල්ලන්ට නම් මේ පැත්තට ගියාට වැඩක් වෙන එකක් නැහැ. මොකද මෙතැන තියෙන්නේ ගැහැණු ළමයින්ගේ ඇඳුම් විතරයි. ඒවායින් සීයට අනූවක් ම ඔෆිස් අඳින්න සුදුසු ඇඳුම්. ඒ හැරුණාම පාටිවලට ගැලපෙන ගවුම් කීපයකුත් Eleven H එකේ තියෙනවා.
මෙයාලගේ ඔෆිස් ඇඳුම් එකතුව ගත්තොත්, විශේෂයෙන් ලස්සනක් ඇති ඒවා අපි දැක්කේ නැහැ. සාමාන්‍ය සරල විලාසිතාවන් තමයි තිබුණේ. එකක්වත් මෝස්තර මුද්‍රිත රෙදි නෙවෙයි. තනි පාට ඒවා. අනික ගවුම්, සායවල්, කලිසම් සේරට ම වගේ පාවිච්චි කරලා තිබුණේ එකම ගොරෝසු රෙද්ද. විනිවිද පේන රෙද්දෙන් මහපු හැට්ට කීපයකුත් අතරින් පතර තිබුණා.
පාටි ඇඳුම් පෙළෙත් ලොකු විශේෂත්වයක් නැහැ. නිතර දෙවේලේ දැකගන්න ලැබෙන ගවුම් විලාසිතා ටිකක් තමයි මෙතැනිනුත් අපට දැකගන්න ලැබුණේ.
සාමාන්‍ය සරල විලාසිතාවන් වුණත්, Eleven H එකේ ඇඳුම්වල මිල ගණන් නම් තරමක් වැඩියි. අපි දැකපු අඩු ම මිල වුණේ රුපියල් 1500. ඒකත් විනිවිද පේන රෙද්දෙන් මහපු හැට්ටයක්. අර කලින් කිව්ව තනි පාට ගවුමක් රුපියල් 2500ත් 3000ත් අතර ගාණක් වෙනවා. සායකට වුණත් රුපියල් 2000ක් විතර වියදම් කරන්න වෙන පාටක් තිබුණේ.
Eleven H එකේ පාරිභෝගික සේවාව සෑහෙන්න හොඳයි. හරි ම සුහදශීලී බවක් ඔවුන්ගෙන් දකින්න ලැබුණා. සෑහෙන ඉඩකඩ ඇතුව හදලා තියෙන Eleven H එකේ ඇඳුම් සේරම හොඳ පිළිවෙළට අහුරලා තියෙනවා. ෆිටෝන් කාමරත් තියෙන නිසා හිත ඇදිලා යන ඇඳුමක් අහුවුණොත් ඒක ට්‍රයි කරලා බලන්නත් ඔයාලට පුළුවන්.
සමස්තයක් විදියට ගත්තොත්, Eleven H එක ෂේප්. අපට දැනගන්න ලැබුණු විදියට, දෙසැම්බර් වගේ වෙද්දී සාමාන්‍ය ගමනකට අඳින්න පුළුවන් විදියේ ඇඳුම් ගොන්නකුත් එනවලු. සුපිරියි කියලා කියන්න බැරි වුණත්, හොඳට අතේ මිටේ සල්ලි තියෙනවනම් මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බැලුවට වරදක් වෙන එකක් නැහැ.
Designed and manufactured in-house.
සිංහල සමස්තයක් විදියට ගත්තොත්, Eleven H එක ෂේප්. අපට දැනගන්න ලැබුණු විදියට, දෙසැම්බර් වගේ වෙද්දී සාමාන්‍ය ගමනකට අඳින්න පුළුවන් විදියේ ඇඳුම් ගොන්නකුත් එනවලු. සුපිරියි කියලා කියන්න බැරි වුණත්, හොඳට අතේ මිටේ සල්ලි තියෙනවනම් මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බැලුවට වරදක් වෙන එකක් නැහැ.
Address
61/1, Lorensz Road, Colombo 04
Directions
It's on R.A. De Mel Mawatha although their Facebook page states Lorensz Road. It's right opposite Hindu College and is on the 1st floor.
Contacts
Report InaccuracyPrice Range
Ratings Breakdown
Avirate is a Sri Lankan fashion chain that's the first…
Kashmir Heritage is a rather new-ish store on Galle…
Delete Comment
Shaz
Their collection is boring but they seem to have sizes 6-16 according to their FB page.
pj
The collection looks so boringgggggggggggggg!!
saandrame
love it…the only place with fantastic officewear below 2000