Madiwela, Sri Jayawardanapura Kotte
Open until 11:00 PM
The cabanas thatched with coconut leaves at the Havi Restaurant make a beautiful setting that only gets more amazing as the evening lights come on. With the greenery all around you, this is a good place for a chilled out time.
අතීත මතක නම් කොච්චර ඇද්ද මේ ප්ලේස් එකේ…
මතක් වෙද්දිත් දුක හිතෙන ගානට. බීලා කට් වෙච්චා.. සිංදු කියන්න ගිහින් චොර වෙච්චා… බිල සෙට්ල් කරන්න ගිහින් හිඟ වෙච්චා…
අනේ මන්දා ඉතින්!
වැඩේ කියන්නෙ ඒ මතකයන් අළුත් කරගන්න ගිහිල්ලනෙ සිද්ධිය සවුත්තුම වුණේ...
බොරු කියන්න ඕන නෑනෙ. ඔන්න පහුගිය සිකුරාදා සරිතුයි මායි, පිනට සෙට් වෙච්ච බෝතල් බාගයක් තිබ්බ, ඒකත් අරගෙන ගියා හාවි එකට, බයිට් එතනින් අරගෙන පොඩි සූර් පාරක් දාන්න කියල. ඒ යද්දි මම හිතුවෙ ප්ලේස් එක ෆුල් බුකින් ඇති කියල. මොකද ඉස්සර එහෙම වීක්එන්ඩ් කිව්වාම හාවි එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑනෙ. අනික සේවක මිත්රයොත් බිසී. කොටින්ම කියතොත් කෑම එකක් මේසෙට එන්නත් විනාඩි 10, 12ක් යනව.
කොහොම හරි, දෙයියනේ කියල කාලය මැව් වෙනසක අරුමේ කියන්න අපි ගොඩ වෙද්දි නම් එක මේස 3, 4යි ෆුල් වෙලා තිබ්බෙ. ඒවයිනුත් ඉස්සරහ මැටියෙන් හදපු කෑල්ලෙ සෙට් 2යි.
“වෙලාව හොඳයි නේ බං. නැත්නම් හෙන කන්කරච්චලේ බොන්න වෙන්නෙ. මේ.. අපේ කරුමෙට රෑ වෙද්දි සෙට් එක වැඩි වෙයිද දන්නෑ. කෝකටත් කියල දාමුද සනික ඕඩරේ”
සරිත්ගෙ වචනෙත් අහක දාන්න බෑ. මොකද අපේ වෙලාවෙට ඔය වගේ පජාත සීන්නෙ වෙන්නෙ. ආයෙ මොනව බලන්නද කියල මම හැරෙන තැපෑලෙන් කතා කලා සේවක අයියට, විසිල් පාරක් එහෙම ගහල.
“අයියෙ ගේන්නකො මෙනුව”
පොර විදල ගියේ මෙනුව ගේන්න. ඒ විතරක් නෙවෙයි, මෙනුව ගෙනැල්ල දීලා අපි බයිට් තෝරන අතරට පිඟන්, කෝප්ප අඩුම කුඩුම ටිකත් හෙමින් සැරේ ගැලපුව මේසෙට.
“අපිට ගේන්න අයියේ… පෝර්ක් ඉස්ටු එකයි (රු. 750), ස්පෙෂල් රයිස් ලාර්ජ් එකයි (රු. 900), හැඳැල්ලො ලාර්ජ් එකයි (රු. 750). ආහ්, සෝඩා පොඩි එකකුත් ගේන්න සැන්ඩියට, හොඳේ”
ඕඩරේ දැම්මා. දාලා.. හෙමින් සැරේ අමුවෙන්ම මුල පිරුවා පළවෙනි ෂොටට. ඇයි ඉතින් හිතේ තියෙන්නෙ, මෙතන බයිට් පරක්කු වෙයි කියලනෙ.
ඒත් කොහෙද, ඉස්සරට වඩා දැන් වෙනස්නෙ. ප්ල්ට් 3ම ආවා කියන්නකො, විනාඩි 15ට 20ට. මාරයි ආ…
ඔන්න දැන් වැඩේ යනව නැගල. මම ඉස් ඉස්සෙල්ලාම කියල කෑවෙ හැඳැල්ලෙක්. සෝස් ටිකක්, කොච්චි පේස්ට් ටිකක් එහෙම ගාගෙන, දන්නැද්ද ඉතින්.. තියෙන්න එපැයි කට දෙදරන්න.
ඇරත්, බලන්න එපැයි රස! බයිට් එකටම කියාපු. සප්පේ… දෙහි චුට්ටකුත් දාගත්තම පංකාදු පහයි. හැබැයි 2, 3 කද්දි මට දැනුන මාළුවගෙ පොඩි අවුලක්. නිකම්.. ලා තිත්ත ගතියක් වගේ. පස්සෙ බැලුව එකෙක් දෙකට කඩල. බැලින්නම්.. බඩු බැදල තියෙන්නෙ ඔළු එක්ක කියන්නකො. සමහර ඒවගෙ බඩ අයින් කරලත් නෑ. එවෙලෙ තමයි මට හිතුනෙ තුහ්! කියල.
ඒ ගතිය යන්න කියල කෑවා පෝර්ක් කෑල්ලක්. ඒක තනිකර සුප් රසයි. දාලා තියෙනව රසකාරක පාරක්. කෙලින්ම... අල, ලූණු, මාළු මිරිස් අනම් මනම් අඩුම කුඩුම කොච්චර තිබ්බත් වැඩක් නෑනෙ යාලු පෝර්ක්වල, පෝර්ක් රස නැතුව. යාන්තම් අර ලුණු, ගම්මිරිස් පදම තිබ්බ නිසා ෂේප්. ඊටත් එයාලා පාවිච්චි කරල තියෙන්නෙ ෆ්රීස්ඩ් පෝර්ක්ද කොහෙද. කිසි ෆ්‍රෙෂ් රසක් නෑ.
අනේ… රයිස් එක!
ලාර්ජ් එකක් ගෙන්නුවට මොකද ඒක හංදියෙ නයිට් කඩේ නෝර්මල් එක සයිස් ඇති. අනික මස් මාලු එහෙමකට දාලා කියලයැ. නිකම් බුල්සායි එකක් උඩින් දාලා, ගැඹුරු තෙලේ බැදපු චිකන්, ඉස්සො, දැල්ලො, චිකන්, පෝර්ක් කෑලි ටිකකුත් දාලා.. වැඩක් නෑ ඉතින්. රයිස් එකේ බාගයක් යද්දි ඉතුරු කැරට්, ලීක්ස්ටික විතරයි. ඔක්කොමත් හරි, ඒකට දාලා තිබ්බ ඉස්සො? ප්රාග් ඓතිහාසිකයි කෙලින්ම. මගෙ හිතේ පුරාවිද්‍යා එකෙන් ගන්නැත්තෙ. කද්දි නිකම් කුඩුකුඩු හැලෙන ගානයි. වෙලාවට බැදල තිබ්බෙ.
කොහොම හරි ඉතින්, අපේ වෙලාවට අපි වතුර බිව්වත් දෙයියනේ කියල වදිනවනෙ. අන්න ඒ නිසා වැදුණ මිසක්, නැත්නම්…
ආයෙ කෙලින්ම හිතා ගත්තා,
මතක ඇති කාලෙක, මෙතනට එන්නෙත් නෑ. දන්න එකෙක්ට එන්න දෙන්නෙත් නෑ කියල, ඕං!
වැඩක් තියෙයි මං කියන්නෙ සල්ලි දීලා මළ ජරාව කන්න...
සිංහල රයිස් එකේ බාගයක් යද්දි ඉතුරු කැරට්, ලීක්ස්ටික විතරයි. ඊටත් ඒකට දාලා තිබ්බ ඉස්සො? ප්රාග් ඓතිහාසිකයි කෙලින්ම.
සිංහල ඔක්කොමත් හරි, බිල ආවාමනෙ කට්ටියගෙ වෙරි හිඳුනෙ. චීස් ඔම්ලට් එක රු. 525ක්. ඕන නම් ඕකෙ බිත්තර 3ක් තියෙන්න ඇති. අායෙ අර මෙලෝ රහක් නැති චොප්සියත් රු. 950ක්. මොනව කරන්නද, වෙරි මර ගාතෙ බිල ගෙවල ගෙදර ආපු අපි එන ගමන්ම හිතා ගත්තෙ ආයෙ හාවි යන්නෙ...
Address
Madiwela, Sri Jayawardanapura Kotte
Directions
Pass the Buddha statue at Madiwela Junction on Pita Kotte road and keep going about half a Kilometer to Pita Kotte side. Havi will be on your left hand side.
Contacts
Report Inaccuracy
Delete Comment
FoodReviewDevil
Drink and drive… huh?
Jeff
We dont go there anymore because of the insane prices & the far more below average service. As you see here even 2 egg omelette is 525/= & the food has no taste. Better avoid this place at any cost. there are few other places around if you want to have a byob brink.