Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

4/5

Havi Restaurant

No:186, B47, Pannipitiya


Havi at Pannipitiya is a good spot to chill with some booze, and delicious black pepper pork.



“එහෙනං හරිනෙ, මං සනික වොෂ් දාගෙන එන්නද?

කොහාටද බං සෙට් වෙන්නෙ?”

උදේ ඉඳන් යාළුවෙක්ගෙ ගෙදර වැඩකට සපෝට් එකක් දුන්න නිසා ඔන්න මෑන්ස්ගෙන් මට හැන්දෑවෙ පොඩි පාර්ටියක්. ඩස්ප පිටින් අඩි ගහන්න බැරි නිසා මම පටස් ගාලා ගෙදර දුවල ඇඟපත හෝදගෙන, ඇඳුමකුත් දාගෙනමයි එළියට බැස්සෙ. බැහැලා, ආයෙ ගැහුවා යාළුවට කෝල් එකක්.

“ඒ… මොකෝ කරන්නෙ. උඹ කොහෙද බං ඉන්නෙ?”

“හරි හරි ඔක්කොම හරි. උඹ කෙලින්ම වරෙන් පොල්වත්තෙ හාවි එකට. මගේ අතේ වැඩිය වත තිබ්බෙ නෑ බං. ඒ නිසා වැව ගාව සෙට් වෙන වැඩේ හරියන් නෑ. මුකුත් ගන්න සල්ලි නෑ. ඒකයි කාඩ් එකක් ගහන්න පුළුවන් තැනකට ආවෙ.”

අඹ ගහේ ජම්බු කිව්වලු. වැව ගාව ගහනව වගේද රෙස්ටුරන්ට් එකක ගහද්දි.

“හරි හරි බං. අපෝ ඕව මොනාද. මං එන්නං” මමත් වැඩේට එක පයින්ම!

හංදියෙන්ම අත දාලා වීල් එකක් අරගෙන විනාඩියට දෙකට ගියා පොල්වත්තට. හප්පේ… ගිහින් හාවි එක ගාවින් බැස්ස විතරයි... ගෙවල් පැත්තෙ හැත්ත බුරුත්ත ඔක්කොම එතන. බැලින්නම් උනුත් ඇවිල්ල කියන්නකො බොන්න. ඇයි ඉතින් සෙනසුරාදනෙ.

“ආ… දැන් තනි කම්බියෙ වගේ ආ!”

“නෑ නෑ යකෝ, උදේ ඉඳන් අරුන්ගෙ ගෙදර වැඩ කරල උගේ පාර්ටිය ගන්න කියල ආවෙ. මේ මම යනව ඇතුලට. උඹල එන වෙලාවක වරෙල්ලා”

ෂේප් එකේ සෙට් එකට කට් එක දාපු මම අඩියට දෙකට ඇතුළට ගිහින් යාළුවගෙ මේසෙන් වාඩි වුණා.

“ඒ… ලකියලැයි සෙට් එකම එළියෙ බං. හෙන අමාරුවෙන් බේරුණේ. තව පොඩ්ඩෙන් අද බොන්න වෙන්නෙ නෑ.! මේ… ඒක නෙවෙයි, උඹ මොනාද ඕඩර් කලේ.”

“ගල් තමයි ඉතින්. බොට ගල් නැතුව බෑනෙ. බාගෙකුයි, බ්ලැක් පෙපර් පෝර්ක් එකකුයි (රු. 950) දැම්මෙ. මදි වුණොත් තව මොනවහරි ගෙන්න ගමු”

“හප්පට සිරි. ඒ මදෑ බං. තව… බඩගින්නට කන්න රයිස් එකක් දාගත්ත නම් හොඳටම ඇති.”

වේටර් මල්ලි ආපහු එනකම් අපි දෙන්න දවසෙ වැඩ ටික ගැන පොඩි කයියක් දාගෙනයි හිටියෙ. ඔන්න ඒ අතරට විඅයිපී. එක පැත්තෙන් සුපිරි සංගීත පාරකුත් ඇහෙන්න පටන් ගත්ත. ඒකත් මං ආසම…

‘කැරකෙන රෝදේ… බොංගො ගිටාර් වාදනයෙන්!”

නිවාඩු දවසෙ වැඩ වැඩි වුණාට මොකද වේටර් මල්ලි ලස්සන හිනාවක් දාගෙන තමයි අපේ මේසෙට බඩු ටික ගෙනාවෙ. ඉස්සෙල්ලම හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප ටික තියල මේසෙ හරි පිළිවෙලට හැදුවා. ඊට පස්සෙ ගල් බාගෙයි සෝඩා එකයි තියල උණුඋණුවෙ සුවඳ ගහපු පෝර්ක් පිඟානත් තිබ්බ.

“මේ… මළය අපිට තව හාවි ස්පෙෂල් රයිස් එකකුත් (රු. 1150) දාන්නකො. ඕන මසක් මාළුවක් එක්ක හොඳේ!”

ඕඩරේ අරගෙන කොල්ල ගියාට පස්සෙ තමයි අපි චියර්ස් පාර දාන්න ලෑස්ති වුණේ. හැරත් අර පෝර්ක් එක දැකපු වෙලාවෙ ඉඳන් ඒකෙන් කෑල්ලක් කනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියෙ. කොහොම හරි චියර්ස් පාරත් එක්කම වගේ මම ගෑරුප්පුවට පෝර්ක් කෑල්ලකුත් ගත්ත.

ෂප්පේ… ඇඬෙනව ඒකට නම්. නමේ හැටියටම රසත්!, ගම්මිරිස් සැරෙන් අනූනව. ඒ විතරක් නෙවෙයි, මාළු මිරිස්, කැරට්, සලාද කොළ, ලූණු එතකොට… ඒකෙ හොද්දත් පට්ට කියන්නකො. මම හිතුවෙ සෝස් නාවල ඇති කියල. ඒත් එහෙම නෑ ලා කුළුබඩු රසක් එක්ක සැර ගතියයි සෝස් රසයි නියම ගාණට ලෙවල් වෙලා. විශේෂයෙන්ම කියන්න ඕන ඒකෙ පෝර්ක් කෑලි නම් පංකාදු පහයි. අනික මස් කෑලි තොගයක් අතරට තෙල් කෑලිත් හෙන පොඩ්ඩයි. ඊටත්, ඒ හැම පෝර්ක් කෑල්ලක්ම ලාවට කර කරල ලුණු, ගම්මිරිස්වල පදම් කරල ඊට පස්සෙනෙ තාච්චියට දාලා අරගෙන තියෙන්නෙ. ආයෙ ඉතින් ගමකට කතහැකි.

වැඩේ කියන්නෙ සොට් දෙක තුන දාගෙන යද්දිම වගේ අපි ඉල්ලපු රයිස් එකත් මේසෙට ආවා.

“හම්බෝ මල්ලි, මේ මොකක්ද මේ. ඩබල් එක්සෙල් එකක්ද?”

“ඒ කිව්වෙ සර්”

“නෑ මං කිව්වෙ මේකෙ සයිස් එක!. ඔයාලගෙ රයිස් එක මෙච්චර ලොකුයි කියල දන්නව නම් බාගයක් ඕඩර් කරනව. අවුලක් නෑ අවුලක් නෑ. තෑන්ක්ස් හොඳේ”

කිව්වට විශ්වාස කරන්න යාළු මදිවෙයි කියල හිතල ලාර්ජ් එකක් ඕඩර් කලේ. ඒකෙ තියෙනව කියන්නකො හාල් සේරුවක විතර බත්. දැක්කත් හරි අපි දෙන්නගෙ වෙරි හිඳුනා.

“කොහොමද බං මේක කන්නෙ?. ඔතාගෙන යන්න තමයි වෙන්නෙ”

“ඒක තමයි මාත් කල්පනා කලේ. හැබැයි රයිස් එක සයිස් කියල ඒකෙ මික්ස් එකේ කිසි අඩුවකුත් නෑ. බලපංකො ඉස්සො, දැල්ලො, මාළු තොගේ… මගෙ හිතේ ගන්න ගන්න කටට එක සීෆුඩක් හරි සෙට් වෙන සීන් එකක් තියෙන්නෙ.

අප්පටසිරි මේකෙ චිකන්, පෝර්ක් එහෙමත් තියෙනව බං.”

රයිස් එක ගැන හිතා ගන්න බැරිම තැන අපි දෙන්න ඒකෙන් කටවල් 4, 5ක් එක දිගට කාගෙන කාගෙන ගියා. මොකද සමහර තැන්වල වැඩේ ලොකුවට තිබුනට රස නෑනෙ.

අනේද කියන්නෙ! හාවි රයිස් එකේ රසත් සුපිරිමනෙ. එකම අවුල තිබ්බෙ බත පොඩ්ඩක් වේලිච්ච ගතියට තිබ්බ එක තමයි. හැබැයි ඉතින් හීනියට ලියපු කැරට්, ලීක්ස් කෑලි ටිකත් එක්ක මුද්දරස්පලම්, රටකජු එකතු වෙලා එද්දි නම්… ඒ අඩුවත් කොහෙන් ගියාද නෑ. හැරත්, චිලිපේස්ට් ටිකක් එක්ක කලවම් කරගෙන කද්දි… පංකාදු පහයි ඈ! අනික කන කන කටට මස් මාළු කෑලි 2, 3 ගාණෙ සෙට් වෙනවනෙ.

අන්තිමට ඉතින් අපි බීලා ඉවර වෙලා, ඒත් කනව. බැරිම තැන බියර් එකකුත් ගෙන්න ගෙන බැලුවා... ම්හ්! බත් එක ඉවර කරන්න අමාරුයි යාළු. අවංකයෙන්ම, ඒ බත් එක ඉස්සරහදි නම් යාළුවයි මායි දෙන්නම සරන්ඩෙර්. බැරිම තැන ඔතාගෙන අරගෙන ආවා.

අනේ ඇත්තට, ඩෝප් ෂීන් එකේ… රයිස් එකක් කරපු හදියක්! ඔයාලටත් ඕව හොඳ පාඩම්. ඔන්න මතක තියාගන්න හාවි ගිහිල්ල දෙන්නට තුන්දෙනාට ලාර්ජ් රයිස් එහෙම ඉල්ලනව නෙවෙයි.


TIP

Try Havi Special Rice with Deviled Pork.

Artwork for Frimi Shoutout banner
Similar Places

User Reviews
Avatar for effdog
1

4/5

0

effdog

Good place to get drunk :p crowd is meh but if you’re fine with that its good :D

Avatar for effdog
1

4/5

0

effdog

Good place to get drunk :p crowd is meh but if you’re fine with that its good :D

See 1 Comment