Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

4/5

Hebrew's Cafe

No.1080, Sri Jayewardenepura Mawatha, Rajagiriya


Hebrew's Cafe is the newest entrant into CMB's cafe scene. They serve breakfast all day in addition to a range of sandwiches as well as coffee and smoothies.



ඔන්න පුරුදු විදියට අපේ සාරා ඔෆිස් එකට ආවා. හැබැයි වෙනදට වඩා සෑහෙන්න සන්තෝසෙන්. බැලින්නම් එයාගේ ගෙවල් ළඟ ම හරි ලස්සන කැෆේ පොඩිත්තක් දාලාලු. හැමෝම එතැන හොඳයි කියලත් කියනවලු. මටත් ඉතින් ඕක අහපු වෙලේ ඉඳන් ඉස්පාසුවක් නෑ. ඒ නිසා ම තමයි සාරාත් සෙට්කරගෙන පහුගිය දවසක දවල් වරුවේ මම හීබෘව්ස් කැෆේ එකට ගොඩ වුණේ.

වාතාවරණය

කතාව ඇත්ත නේන්නම්! ෂෝක් කැෆේ එකක්නේ මේක. පෙනුමෙන් නම් හුරුබුහුටි ගෙදරක් වගේ. ඉස්සරහ පැත්තේ තියෙන තාප්පේ ලස්සන චිත්‍රයකින් සරසලා. පින්තූර එහෙම ගන්න මරු තැන. ඇතුළේ බිත්තිවලත් පින්තූර එල්ලලා. ඒසී නැතත්, ෆෑන් තියෙන නිසා ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. ලී පුටු වගේ ම, කුෂන් සීටුත් තියෙන නිසා සැප පහසුවට ඉන්නත් පුළුවන්. හරි ම නිස්කලංක ගතියක් මෙතැන තියෙන්නේ. තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්න වුණත් නියමයි.

කෑම බීම

සුද්දගේ තාලේ බ්‍රෙක්ෆස්ට් අයිටම් කීපයක් එක්ක, ෆෘට් ජූස්, කෝපි, පනීනි වර්ග හීබෘව්ස් කැෆේ එකේ තියෙනවා. හොඳ ම වැඩේ කියන්නේ මේ බ්‍රෙක්ෆස්ට් කෑම ජාති ටික පිළිගැන්වෙන්නේ උදේ වරුවේ විතරක් නෙවෙයි. දවසේ ඕනේ වෙලාවක ගන්න ඇහැකි. අනේ වාසනාවන් කියලා හිතින් කියාගත්ත අපි, “එග් බෙනඩික්ට්” (රු.650) එකක් ඕඩර් කළා. තව “ස්පයිසි ග්‍රිල්ඩ් චිකන් විත් මොස්රෙල්ලා චීස් පනීනි” (රු.600) එකකුත් ගන්න ගමන්, බීම විදියට ඕඩර් කළේ “කැපුචිනෝ” (රු.390) එකකුයි, “අයිස්ඩ් ලාටේ” (රු.400) එකකුයි.

මුලින් ම මේසෙට ආවේ එග් බෙනඩික්ට් එක. මේක බටර් ගාලා ටෝස්ට් කරපු බර්ගර් බනිස් දෙකක් මැද්දේ තියපු පෝච්ඩ් බිත්තර දෙකක්. ඒ විතරක්යැ, බේකන් ටිකකුත් පැත්තකින් තියලා. බිත්තරේ මැදින් කැපුව ම ළා ගණකමට තියෙන කහ මදේ ගලාගෙන යන හැටි බලාගෙන ඉන්නත් ආසයි. නියම ඔරිජිනල් තාලෙට මේ පෝච්ඩ් එග්ස් හදලා තියෙන වග ඒකෙන් ම කියන්න පුළුවන්. මේකට දාලා තිබුණු බනිස් එකත් ගොඩක් ෆ්‍රෙෂ් එකක්. ඒ නිසා තවත් නියමයි.

ෂහ්! මේ පනීනි එක තමයි කෑම ඈ! මැද්දේ ග්‍රිල් කරපු චිකන් පුරවලා. ස්පයිසි ගතියත් හරි ගාණට. පීසා එකක වගේ චීස් ඇදෙන්නේ. ඒ තරමට මොස්රෙල්ලා චීස් එකතු කරලා. පංකාදු පහයි! මේකෙත් පාන් පෙත් බටර් තවරලා ටෝස්ට් කරලා තිබුණේ. ඒ නිසා සුවඳත් හොඳයි. අනික රස ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුයි, පොඩි තක්කාලි සලාදෙකුයි පිඟානේ කෙළවරේ තිබුණනේ.

කැපුචිනෝ එක ආවේ තඩි තේ කෝප්පෙක. ලස්සන කොෆී ආට් එකකුත් දාලා. කෝපියි, කිරියි ගානට බැලන්ස් වෙලා. කියන්න තරම් අමුතු හොඳ රසක් නැතත්, මේක ශේප්. මොකද උණුවෙන්නේ මේසෙට ආවෙත්.

අයිස්ඩ් ලාටේ එකේ “අයිස්ඩ්” කෑල්ල අමතක වෙලා ටිකක් රස්නේ ලාටේ එකක් තමයි අපට ලැබුණේ. මේකෙත් ලස්සන කොෆී ආට් එකක් තිබුණා. හොඳ කෝපි රසක් තිබුණට අමුතුවෙන් අටුවාටීකා කියන්න දෙයක් නැහැ. ඔහේ බීගෙන යන්න පුළුවන්.

සර්විස් එක

ආයේ කතා දෙකක් නෑ, හීබෘව්ස් කැෆේ එකේ සර්විස් එක සුපිරියි. පුදුම සුහදශීලී ගතියක් මේකේ වැඩ කරන අයගේ තිබුණා. කෑම බීම තෝරද්දී වුණත් සෑහෙන්න හොඳ සහයක් ලැබුණා. කෑම සේරම ටික මේසෙට එන්න ගත වුණෙත් විනාඩි 15ක වගේ කාලයක්.

අවසාන වශයෙන්  

තමන්ගේ පාඩුවේ පොතක් පතක් කියවන ගමන්, කෝපි උගුරක් තොල ගාලා පනීනි එකක් කන්න නියම තැනක් තමයි මේ හීබෘව්ස් කැෆේ එක. අනික කෑමවල ගණනුත් අනිත් ගොඩක් තැන්වලට වඩා සාපේක්ෂව අඩුයි. ඇත්තමයි රාජගිරියට තකහනියක් ගිහින් කාලා ආවත් පාඩුවක් නැහැ.


TIP

Try their paninis! The coffee isn't great.

Address

No.1080, Sri Jayewardenepura Mawatha, Rajagiriya

Directions

It's right next to the Rancrisp cashew shop/Fresheez juice bar in Rajagiriya.

Contacts

Facebook

Report Inaccuracy

Open until 07:00 PM

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Pork Sandwiches Coffee Smoothies Healthy

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4
Similar Places

User Reviews
Avatar for Marino Roshaen
5

4/5

1

Marino Roshaen

Its small but cute.
For a peaceful, romantic time you can definitely choose this place. But if you wanna hang around with a lot of friends i don't think this would be ideal. You won't have enough space and most importantly you'll spoil the atmosphere of this place. Max of 4 people.
The service was a bit late actually. May be with the number there is a slow process.
But the food was good.
Will definitely recommend it🤘

Avatar for diyagamage
4

4/5

1

diyagamage

Went on a Sunday just to check out this place and the service was pretty quick and even though there was only one staff member…He was very polite to everyone…Coffee prices are cheaper, Ordered one Latte and one americano and that was ok…Well quite good for me for that rainy evening

Avatar for KaliqNana
3

4/5

0

KaliqNana

Nice relaxing place. Good to chill. Food is also good. Nice ambiance

Avatar for Marino Roshaen
5

4/5

1

Marino Roshaen

Its small but cute.
For a peaceful, romantic time you can definitely choose this place. But if you wanna hang around with a lot of friends i don't think this would be ideal. You won't have enough space and most importantly you'll spoil the atmosphere of this place. Max of 4 people.
The service was a bit late actually. May be with the number there is a slow process.
But the food was good.
Will definitely recommend it🤘

Avatar for diyagamage
4

4/5

1

diyagamage

Went on a Sunday just to check out this place and the service was pretty quick and even though there was only one staff member…He was very polite to everyone…Coffee prices are cheaper, Ordered one Latte and one americano and that was ok…Well quite good for me for that rainy evening

Avatar for KaliqNana
3

4/5

0

KaliqNana

Nice relaxing place. Good to chill. Food is also good. Nice ambiance

C
1

5/5

1

chillipepper

This is one of the best places to have breakfast. I tried their Fish n Chips, Prawns n Chips and the breakfast. All three are just epic. Love the place and food.

K
1

5/5

0

kasunkula

Great paninis , good service and decent price.

H
2

3/5

0

hesh22

considering the limited breakfast options in rajagiriya glad we have a breakfast cafe. however the time I visited there wasn't any service staff. food quality was decent.

D
1

5/5

0

DasiDaha

love the cordon bleu rice

F
3

4/5

0

Foodiegirl

I had a double shot latte and scrambled eggs on toast with a side of (REAL!) bacon. It was all very good. I'm a coffee aficionado and the arabica coffee they seem to serve here was fresh and had no bitter taste as mentioned in above reviews. Maybe that's because I came here at 8:30am for breakfast and they used new filters. It's a quiet, welcoming place with lots of fresh air and light, you can talk without having to scream above the music and the food was tasty, fresh and value for money. What more do you really need in a neighborhood cafe?

Avatar for Malinthe
21

2/5

1

Malinthe

This is only about the coffee. I haven't had any food yet so can't really give my judgement there but the coffee was oh so bad. We went with our standard orders of Americanos and they had a really unpleasant burnt smell and they tasted just like how they smelled. Acrid. My companion compared it to McDonald's coffee and I was inclined to agree. He actually threw away half of the cup. Combined with the unusually slow service, I'm not sure if I'd visit them again.

See 9 Comments