Galle road, Colombo
Open until 11:00 PM
Great place to booze with delicious food under low budget
ෂැහ්!
අතේ සතේ නැති වෙලාවට මසුරන් වටින තැන් තමයි ආ…
වැඩේ කියන්නෙ ඕක දැනගත්ත විදියනෙ මරු.
ඔන්න පහුගිය දවසක මම, යමු එකේ ලැයිස්තුවක් දැම්මා ‘අතේ තියෙන ගාණට පොඩි අඩියක් ගහන්න කියාපු තැන්’ ටිකක් ගැන. ඒක දාලා එක වරුවක් ගියේ නෑ මෙන්න අපේ යාළුවෙක් යටින් කමෙන්ට් එකක් දානවා…
“බම්බ තියෙනව අත්ලාන්තික් කියල ප්ලේස් එකක්. එතන කඩල කොත්තුව මල් හතයි. අනිවා ගිහින් බලන්න කියල.”
ඒක ඇහුව විතරයි මට ඉතින් මාර තදියම. යන්නමයි හිත තිබ්බෙ. වෙලාවට ඒ දවස් ටිකේ පාං කියා ගන්න සල්ලි නැතුව හිටියෙ.
කොහොම කොහොමින් හරි, පහුගිය සතියෙ දවසක යාළුවො සෙට් එකෙන් ආවා… පොඩි අඩියකට ආරාධනාවක්.
“මොකෝ බං කරන්නෙ? මූත් නැ!”
“මූත් නම් නෑ. ම්ම්… අඩියක් ගහමුද? සුප්ප, ලෝ බජට් ප්ලේස් එකකුත් තියෙනව බම්බවල.” මම සනිකව වචනෙ දැම්මා.
“ෂැහ්, මරුනෙ. ඒනම් යමු. මම අපේ ඩිලාවයි මලියවයි ඇදගෙන එන්නම්. උඹ කෙළින්ම එතනට එන්න.
7 වෙද්දි හොඳේ…”
“එළ…”
කිව්වත් වගේ 7 වෙද්දිම කස්ටිය එතනට සෙට් වෙලා. මම යද්දි 7.10යි. දන්නැද්ද ඉතින්, අපි කොහෙට ගියත් එහෙමනේ… වැඩේ කියන්නෙ අදාළ ප්ලේස් එකට ගියාට පස්සෙ පොඩි අර්බුදයකට මුහුණ පාන්න වෙච්ච එක තමයි.
ඇත්තටම ඒකෙ ගහල තිබ්බෙ ‘අත්ලාන්තික් හොටෙල්’ කියලනෙ. අනික බැලූ බැල්මට බාර් එකක් පේන්න තිබ්බෙත් නෑ. ඒ නිසා කට්ටිය සුපරික්ෂාවෙන් වට පිටාව පිරික්සන්න ගත්තා. ඔය අතරෙ තමයි අපේ උකුසු ඇස තියෙන යාළුවෙක්ට හෝටලේ අයිනෙන් තියෙන දොරක් ඩිටෙක්ට් වෙලා තිබ්බෙ.
“ඒ… අතනින් වෙන්න ඕන බං පිවිසුම. ඔය පොඩියට තියෙන්නෙ.”
“ම්ම්… මාරයිනෙ. මුට අරක්කු, ඉවටද මන්දා…” කියාගෙන, කට්ටියම ඔන්න යාළුවගෙ පස්සෙන්…
“හප්පට බොල මේ තියෙන්නෙ. හොඳ අඳුරු ප්ලේස් එක ආ… සෙනගත් අඩුයි බං. යං යං. අර මුල්ල අල්ලල වාඩි වෙමු” කට්ටිය අඩියට දෙකට, අයිනෙ ස්ථානයට. වාඩි වෙලා ඉතින් දන්නැද්ද…
පළවෙනි ප්රශ්නෙ, “මොනාද බං ගන්නෙ”
“ගල්, ගල්” බහුතර ඡන්දය.
ඒ අතරට සේවක මිත්රයත් ඇවිල්ල, කට්ටයට මෙනු 2ක් එහෙම දීලා, පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු තියල මේසෙ හදනව. හදල ඉවර වෙලා…
“මහත්තය මොනවද ගන්නෙ?”
“අපිට ගේන්න... ගල් එකයි, සෝඩා බඩි දෙකයි, කඩල කොත්තුවයි (රු. 500), මික්ස් රයිස් එකයි (රු. 600), සීෆුඩ් නූඩ්ල්ස් එකයි (රු. 600).
ඒ, ඇති වෙයි නේ බං” මම කෝකටත් කියල යාලුවන්ගෙන් අහල බැලුවා.
“ම්ම්… තව හපන්න මොනවහරි ගමු බං. ෆ්රයිඩ් ෆිෂ් එකක් (රු. 700)වගේ…”
“ඒනම් අපිට තව ෆ්රයිඩ් ෆිෂ් එකකුත් දාන්න.”
ඕඩරේ දාලා ඉතින්… ඇරඹුට අපි පොඩි දුමක් යැව්වා. ඒක ඉතින් රවුමෙ ගිහින් එනකොට බෝතලේ නම් මේසෙ උඩ. වෙලාවට ඒ එක්කම වගේ කඩල කොත්තුවයි රයිස් එකයිත් ආවා. ඊට පස්සෙ ඉතින් කට්ටියම ‘චියර්ස්…’
“ෂැහ්! මේ කඩල කොත්තුව බලාංකො. පිස්සු හැදෙනව ඒ…” කඩල එක මුලින්ම කාපු යාළුවගෙන් ආපු කමෙන්ට් එක නම් එසේ මෙසේ එකක් නෙවෙයි. ඉතින් ගත් ගැම්මට මාත් කඩල ටිකක් කෑවා…
පංකාදුයි යාළු... ඉස්තරම්! නොම්මර එකයි! කොටින්ම කියනව නම් මම කාපු සුපිරිම කඩල කොත්තුව. අනේ මන්දා ඒකට චීසුත් දාලාද කොහෙද. ඊටත් ලුණු, මිරිස් පදමත් නියම ගානට. කඩල ටිකත් පොඩ්ඩක් බෙරි වෙන ගාණට තැම්බිලා නිසා ආයෙ ගමකට කන්න පුළුවන්.
කඩල එකෙන් ආපු ගැම්ම නිසාම මම රයිස් එකෙුනුත් පොඩ්ඩක් කාලා බැලුවා. තොල කට ලෙව කැවෙනව කියන්නකො. සුප්ප රයිස් එක. ලෝබ නැතුව කැරට්, ලීක්ස්, චිකන්, සීෆුඩ් අඩුමකුඩුම ටික දාලා. හැරත් බත් ඇටවලින් ෆ්රයිඩ් රසත් ගානට එන්න… පදමට ගින්දර එහෙමත් දාලා. අනික අජිනොමොටෝ රසත් සෑහෙන්න අඩුවෙන් තිබ්බෙ. මට දැනුන විදියට නම් රයිස් එක බාලා බටර් හරි මාගරින් හරි පොඩ්ඩකුත් දාලා තියෙනව. ඊටත් ඒකෙ සැර ගතිය එහෙම ගම්මිරිස්වලින් උස්සල අරගෙන නිසා චිලි පේස්ට් පොඩ්ඩක් එකතු කරගත්තාම තලු මරමර කන්න පුළුවන්.
කිව්වට විශ්වාස කරන්න යාළු එච්චර රස රයිස් එක පරාදයි කියන්නකො නූඩ්ල්ස් එක මේසෙට ආවාම. අනේ මන්දා ඒක නම් රියල්ම ශ්රී ලංකන් චයිනීස්! නූඩ්ල්ස් ටික හොඳ ගානට ෆ්රයි වෙන්න දාලා ඊට පස්සෙ මදි නොකියන්න ලීක්ස්, කැරට්, බෝංචි ටිකත් දාලා, තම්බල හීනියට ලියපු දැල්ලොයි, පොඩි ඉස්සොයි, මාලු කෑලි තොගේකුයිත් දාලා… පිස්සු හැදෙනව ඈ… ඒ විතරක් නම් බැරියැ, නූඩ්ල්ස් එකත් බාලා බටර් හරි මාගරින් හරි දාලා කියන්නකො.
ඔන්න ෆ්රයිඩ් ෆිෂ් එක විතරයි හොඳයි කියන්න පුළුවන් ගානට තිබ්බෙ. හැබැයි ඒකෙත් මාළු කෑලි තම්බල බැදල වගේ නිසා හරිම සොෆ්ට්. අනික ඒව තුනී පිටි තට්ටුවක දවටල බැදල තිබ්බෙ. ඒ නිසා ලුණු ඇඹුල් පදමත් කියාපු ගානට. ඔක්කොමත් හරි ලූණු කෑලි, මිරිස් කෑලි දාලා උණුඋණුවෙ මේසෙට එනකොට… බයිට් එක කෙසේ වෙතත් ඒකත් ඩයට් එකට ගියා තමයි.
ඔය විදියට ඉතින් බෝතලේ නම් වාෂ්ප වුණා තේරුන්නෑ යාළු. අනික ඉල්ලන ඉල්ලන දේ, ඉල්ලන පරක්කුවට මේසෙ උඩ නිසා හිතේ කහටත් ඉතුරු වුණෙත් නෑ. ඊටත් බඹර පදමට වැදිලා, ඉස්මරුත්තාව එනකම් කාලත් බිල රු. 6500යි කිව්වාම…
පිස්සු නේ…!
Open until 11:00 PM
Cuisine
Asian Western Chinese Sri Lankan Thai Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Seafood Pasta Vegetarian Beverages Fried Rice Chicken Tandoori Fried Chicken Fish Fish And Chips Crab Cuttlefish Alcoholic Beer Bites
Ratings Breakdown
Havi at Pannipitiya is a good spot to chill with some…
Navro Beach is one of the most popular restaurants in Panadura…
Delete Comment
Balaya
Don't go to this place, if you order shots or half bottles they would give you a mixed drink probably with leftover alcohols. We had a bad experience unfortunately once. If you really want to go, just order full bottles, but even then I'm still not confident.