Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

4/5

KAMU

Maharagama


KAMU is a well-kept, streetside buth kadey in Maharagama, that dishes out a range of good rice and curries for an affordable price tag.



‘කමු’ එකට යමු, ‘කමු’ එකට යමු කිය කිය පොඩි එකාගෙන් මළ වදේ. දවස් ගාණක් තිස්සෙ, බඩගිනි වීඩියෝ එකක් කරන්න ඕන කියකිය මහරගම අලුතෙන් දාපු බත් කඩයක් කවර් කරන්න හෙන පොරේ. ඉවසල ඉවසල බැරිම තැන තමයි මම ඊයෙ වැඩේට අනුමැතිය දුන්නෙ. ඒකත් වැඩ තොගයක් අස්සෙ නිසා සනික ගිහින් එන විදියටයි ගමන ප්ලෑන් කළේ.

කොහොම හරි ලමිඳුම පික්මියකුත් දාගෙන කැමරා බඩුත් ලෑස්ති කරගෙන ඔන්න අපිට කතා කළා, දවල් 12ට විතර. “අයියෙ ඔක්කොම හරි. යංද?”

“හා මල්ලි, යමං” එච්චර කරල තියෙද්දිත් තව අදින්න බෑනෙ. සනික පුටුවෙන් නැගිටපු විශ්වියි මායි කොල්ලත් එක්ක ගමන යන්න පිටත් වුණා.

ස්කූල් ටයිම් එකට කලින් පැනගත්ත නිසා දෙයියනේ කියල අපිට ට්‍රැෆික් නම් සෙට්වුණේ නෑ. විනාඩි 15ට 20ට යාන්තම් මහරගම. ලමිඳුගෙ මග පෙන්වීම යටතේ, වාහනෙත් කෙළින්ම ගිහිල්ල නතර වුණේ පොලිසිය ඉස්සරහ තියෙන ‘කමු’ එක ලඟමයි.

“බැහැගමු නේ. තැනට ඇවිල්ල ඉන්නෙ” මල්ලි නිකම් කඩේ අයිතිකාරයා වගේ.

“හාකො හාකො” කියල අපිත් බැහැගත්ත හෙමින් සැරේ.

කිව්වට විශ්වාස කරන්න යාළු එන්න කලින් ටිකක් කම්මැලි කළාට ආවට පස්සෙ නම් මාර සතුටක් දැනුණෙ. මොකද කඩේ ඇතුළෙ නිර්මාණකරණය හරිම ලස්සනයි. ඔක්කොම ලී, මැටි බේස් වෙන විදියට තමයි හදල තියෙන්නෙ. අනික බිත්ති වලත් නුවර යුගයේ චිත්‍ර වලට සමාන චිත්‍ර ඇඳලා, පොඩි පොඩි පැළ බිත්තිවල එල්ලලා… අමුතුම ගතියක් තියෙනව.

ඔය අතරෙ මම කිට්ටු කළා බුෆේ එක ළඟට.

“ගුඩ් ආෆ්ට නූන් සර්. මොනවද ගන්නෙ” සිනාමුසු මූණින් එතන ඉඳපු සේවකයා අපිට ෆුල් වෙල්කම් එක.

“හ්ම්ම්… අපිට දෙන්න රයිස් ඇන්ඩ් කරි 2කුයි (චිකන් රු. 200, දැල්ලො රු. 180), බිරියානි එකකුයි (රු. 450). එතකොට..  බැදපු මාළු (රු. 100) එහෙමත් ගන්න තියෙනවද?”

“තියෙනව සර්. පටස් ගාලා බැදල දෙන්නම්” ඒකට නම් මාව කොරවෙලා ගියා. ඇයි අප්පේ, වෙන කඩවල්වල කෙළින්ම නෑ කියන එකනෙ. ඊටත්, බත් බෙදද්දි! එකින් එකට අපෙන් ඇහුවනෙ, මේ එළවළුව දාන්නද? මේ එළවළුව දාන්නද? කියල. හැබැයි ඉතින් අවුල තිබ්බෙ එහෙම අහල බෙදුවට, බෙදපු ප්‍රමාණය නම් පොඩ්ඩයි.

‘කමක් නෑ කාලා බලමුකො. රස හොඳයි නම් ඉතින් ඒත් අවුලක් නෑනෙ.’ කියල හිත හදාගත්ත මම බත් දෙක විශ්විගෙ අතේ මේසෙට යවල වතුර බෝතලයකුයි කෝක් එකකුයි අරගෙන ගියේ කෙළින්ම වැඩේට බහින්න. ඒත් කොහෙද, විශ්විගෙ බිරියානි එක තාම මේසෙ ඇවිල්ල නෑනෙ. ඉතින් 3 දෙනත් එක්ක කයියක් දාගෙන තව විනාඩි 4ක් 5ක් හිටියා.

ඒ ඉන්නකොට… ඔන්න එනව දුම් දම දම, බිරියානි එකයි, බැදපු මාළු එකයි, ඉස්සො කරියයි (රු. 150). සැහ්! පිස්සු හැදෙනව ඈ.. බිරියානි එක එහෙම දැක්කාම කටට කෙළ උනනව. ඊටත් බැදපු මාළු කෑල්ලෙ සයිස් එක?

දෙන්නම් ජම්බෝ.. කියල ඉස්සො ටිකකුයි මාළු කෑල්ලයි බත් එකට දාගත්ත මම, පටන් ගත්ත වැඩේ.

කිරි අප්පට බල්ලො බුරපි! චිකන් හොද්දයි පරිප්පුයි එකට වැටිලා… පළවෙනි බත් කටම නිකම් දිව පිනා යනවා.. ආයෙ හෙල්ලුම් බැලුම් නෑ ගත්ත චිකන් කෑල්ලකුත් කඩලා. ෂහ්, ඒකත් මරුනෙ. ඇත්තටම මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරි නම් ටොප් වගේ. මොකද චිකන් එකම හොඳට මිරිස් තුනපහ ඇතුව ගමේ රහට හදල තියෙනව. පරිප්පු එකත් ඒකටම හරියන්න තරමක් හින්දල… මරු ආ! ඒ විරතක් නෙවෙයි ගොටුකොළ සම්බෝලෙත් නියමයි. තව දෙහි පොඩ්ඩක් එකතු වුණා නම් පංකාදු පහයි. කියන්න කණගාටු එච්චර ගමේ රහට කෑම හදලත් එයාලගෙ පොලොස් ව්‍යංජනේ අවුල් එක තමයි. අනේ මන්දා ඒක හදිස්සියට බාලද කියල, කොහොම හරි තුනපහ රස විතරයි ඉතුරුවෙලා තිබුණෙ. අන්න ඒකට මෑ කරල් එක. තෙලට දාලා කිරෙන් හදල. ඒකෙත් පිස්සු හැදෙන රසක් තිබුණෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු ඔය අතරෙ මට චාන්ස් එක ලැබුනනෙ ලමිදු මල්ලිගෙ බත් එකෙනුත් කටක් දෙකක් රස බලන්න. ඒකෙ තිබ්බ සෝයා එක නම් සුපිරි. නිකම් කටගැස්මට වගේ, ඩෙවල් දාලා හදල තිබ්බෙ. හැබැයි මඤ්ඤොක්කා එක නම් එච්චරටම නෑ. කිරි රස විතරයි. එතකොට… ඇඹරැල්ලා එකත් නියමෙටම තිබ්බා. මිරිස් තුනපහ වගේම ඇඹුල්, පැණි රසත් පදමට එන්න. ඒක කද්දි නම් මට මතක් වුණේම පෝරණු පාන් බාගයක්. හම්මේ.. තිබ්බ නම්…

ඔක්කොමත් හරි ඒකෙ තිබ්බ දැල්ලො කරියනෙ සුපිරිම. කියල වැඩක් නෑ යාළු හොඳ පදමට මිරිස් තුනපහ වගේම කිරිත් දාලා හදල තිබ්බෙ. හොද්ද එහෙම ගෑවුණත් කන්න පුළුවන් ගානයි. ඒ වගේම තමයි මෙයාලගෙ ඉස්සො එකත්. තනිකර ඉස්ටු එකක් වගේ. ගම්මිරිස් රස උඩ එන්න, හොඳ ඝනකමට හොද්ද තියෙන්න.. අනික ඉස්සොත් පොතු ගහල එහෙමනෙ දාලා තිබුණෙ.

අපි දෙන්න රයිස් ඇන්ඩ් කරි එක රස කර කර දෙසා බාද්දි විශ්විගෙ මූණ තනිකරම ඇඹුල් වෙලා. “මොකෝ බං.” මම නිකමට අහල බැලුවා.

“බොලා ඕක කනව. බලපංකො මේක කාලා.” පාට ලස්සනට තිබ්බට බිරියානි එකේ රස අවුල් වගේ. ඔක්කොම පැත්තකින් තියපු මම බිරියානි කටක් කාලා බැලුවා.

තනි කහ බත් එක කියන්නකො. කොටින්ම බිරියානි මික්ස් එකවත් දාලා නෑ. කහ කියන්නෙත් එසේ මෙසේ නෙවෙයි, කිලෝ එකක් විතර දාලා මගෙ හිතේ. අනික ඒකෙ බත් ඇට එහෙමත් තරමක් වේලිලා. යාන්තම්, බැදපු චිකන් කෑල්ලයි, බිත්තරෙයි නිසා ගොඩ ගියොත් මිසක් බිරියානි එක නම් ගන්නම දෙයක් නෑ යාළු.

විශ්විගෙ වෙලාවද මන්දා බත් කාලා ඉවර වෙලා කන්න ඩෙසට් එකක් බැලුවා. ඒකත් හරියට නෑ. වැනිලා අයිස් ක්‍රීම් විතරයි තිබ්බෙ.

“දුක තමයි පුතී. දැං යමං” කියල බිල ගෙවලා එළියට බහින්න හැදුවා. එතකොට වහිනව කියන්නකො රඹටි හැලෙන්න.

“ඒ… අද නම් උබේ අකුසල කර්මයක් තමයි බං, අපිටත් එක්ක පල දෙන්නෙ.” විශ්විගෙ මූණ නිකම් මොකක්ද වෙලා ගියා...


TIP

Try fried fish rice & curry

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment