Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Risi Rasa

327, Thalawathugoda, Madiwela, Kotte


Get a good Sri Lankan breakfast, lunch & dinner at a good price.



පුදුම වැඩක් වුණානෙ මේක!

මේ ඉඳිආප්පයක් කන්න හිතිල උදෙන්ම, හරිම හිසරදයක්. ගෙදර ඉඳන්, හිතින් යනව පාරවල් දිගේ...

“අර කඩේ ඇති, නැතත් ඊට එහා කඩේ ඇතිනෙ. නැතිම වුණොත් අර පැත්තට වෙන්න ඇති. කොහොම වුණත් වීල් එකක් දාගෙන, යන ගමන් හොඳ කඩයක් බලල අරගත්ත හැකිනෙ” සිතුවිලි කෝටියයි. කොටින්ම කියතොත් ඉඳිආප්ප ප්ලෑනම ගහල වැඩට යන්නත් පරක්කුයි.

දඩිබිඩියට ඇඳෙන් පැනපු මම මූණකට හෝදගෙන ලෑස්ති වෙලා දැම්ම වීල් එකක්. මොකද ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න එපැයි. ඉතින් දාලා ඔන්න ගේ ළඟින්ම නැගල කරල, හැරෙව්ව තලවතුගොඩ හංදිය පැත්තට. බලාපොරොත්තුවක් තිබ්බ වැඩි දුරක් යන්න කලින් හීනෙ සැබෑ වෙයි කියල. ඒත් වෙලාව පොඩ්ඩක් පහු නිසා..

කඩවල් 2, 3කටම ගොඩවුණා යාළු. ඉඳි ආප්ප නෑ කියන්නකො. ඉවරවෙලා.

“චැහ්” ගාගෙන ඇවිල්ල ආයෙත් ගොඩවුණා වීල් එකට. ඒ පාර නම් ඩ්‍රයිවර් අයියටත් මොනවදෝ තේරිලා. මගෙන් අහනව,

“මහත්තය මොනවහරි විශේෂ කෑමක්ද හොයන්නෙ. දැන් තැන් 2, 3කටම ගියානේ?”

“ආ.. නෑ නෑ අයියෙ. මං මේ.. ඉඳි ආප්ප ටිකක් ගන්න කියල. කාලෙකින් කන්න බැරි වුණා, ඒකයි”

“අයියෝ, මහත්තය කියන්න එපැයි. මම මේ උදේට ඉඳි ආප්ප කාපු ගමන් මහත්තයගෙ හයර් එක ගන්න ආවෙ. යං යං. මං කාපු තැනට යං. එතන අනිවා ඇති. අනික එතන කෑමත් රසයි”

මට නේද සන්තෝසෙ ඉහවහා ගියේ යාළු. අයියට කොහොම ස්තූති කරන්නද මංදා. එකෙන්ම අයියටත් එක්ක මොනවහරි ගන්නව කියල හිතාගෙනම පිටත් වුණා එතනට යන්න.

ම්.. හරියටම පිටකෝට්ටෙට එක කන්දක් තියල, තලවතුගොඩ පැත්තට වෙන්න පාරෙන් දකුණු පැත්තෙ!

‘රිසි රස’. පොඩි ප්ලේස් එකක්. හැබැයි ඉස්සරහම වීදුරු ෂෝ කේස් එකේ දාලා, ඒකෙ කෑම සියල්ලම තියල තියෙනව. කොටින්ම පාරෙ ඉඳන්ම බලල තීරණය කරන්න පුළුවන් ගන්නවද නැද්ද කියල.

ඒත් ඉතින් මට නම් එහෙම තීරණ නොතීරණ තිබ්බෙ නෑ. ඉඳි ආප්ප තියෙනවනෙ. කෙලින්ම බැස්ස, ගියා කඩේ ඇතුළට,

“අයියෙ මට දාන්නකො ඉඳි ආප්ප 20යි (රු. 80), බිත්තර රොටි 2ක් (රු. 80) කපල, පරිප්පු කරියයි (රු. 80), චිකන් කරියයි (රු. 150) ගෙනියන්න. ආ.. මෙන්න මේ කඩල එකකුත් (රු. 60)  දාන්නකො. ම්.. නූඩ්ල්ස් එකක් (රු. 80) දාන්න බිත්තර කරියක් (රු. 70) වෙනමම තියල හොඳේ. ඒකයි.. මේ ලැවරිය 2ත් දාන්න අයියෙ තරහ නැතුව, ගෙනියන්නම”

ඉඳි ආප්ප ටික අතේ, අයිය බලාගෙන ඉන්නව මං දිහා.. අනිවා හිතන්න ඇති මූ දානයක් දෙන්න යනවද කොහෙද කියල. ඇයි ඉතින් එක මිනිහෙක්ට තියා, අඩුම තරමෙ 3, 4 දෙනෙක්ටවත් කාලා ඉවර කරන්න පුළුවන් කෑම තොගයක්ද?

කොහොම කොහොමින් හරි පාර්සල් 4, 5ත් අරගෙන මම සිං ගාලා ආව ඔෆිස් එකට. ඇවිල්ල කට්ටියටත් පණිවුඩේ දීලා ගියා ලන්ච් රූම් එකට. ගිහිල්ල හිටං ඉතින් එක දෙක දිග ඇරල, ඔන්න බැස්ස වැඩ්ට!

මුලින්ම නූඩ්ල්ස් එක.

මේ තිබ්බ, මේ නෑ වගේ. ඇත්තටම කඩෙයි ගාණයි එක්ක බැලුවාම හොඳටම තියෙනව නූඩ්ල්ස් එක. කැරට්, ලීක්ස් ටික දාලා ලෝබ නැතුව, කැරලි වෙන්න ලාවට බිත්තරයකුත් දාලා, පොල්සම්බෝලයි පරිප්පුයිත් බෙදල. ඒකෙ අගේ ආවෙ බිත්තර හොදිත් වැටුණාම. ෂැහ්, පදමට තැම්බිච්ච හීනි නූඩ්ල්ස්... ලිස්සල යන්නෙ ආයෙ, ලිස්සල යන්නෙ ඈ හොදිත් එක්ක. හැබැයි වැඩේ කියන්නෙ බිත්තර හොද්ද කාගෙන කාගෙන යද්දි, මෙන්න අන්තිමටම මතු වෙනව අල කෑල්ලක්. බැලින්නම් අල හොද්දෙ, බිත්තරේ ඇතුලෙ.

ඒකට මොකෝ කියල අපි බැස්ස ඊලඟට කඩල එකට. ම්ම්.. කටක් කෑවා, දෙකක් කෑවා.. ම්හ, නෑනෙ කිසිම මෙව්ව එකක්. බැලූ බැල්මට කටට කෙල උනන ලුක් එකට තිබ්බට කඩල එකේ රස නම් බලාපොරොත්තු වුණ තරම් නෑ. ඊටත් කඩල තව පොඩ්ඩක් තැම්බෙන්නත් ඕන වගේ. ලුණු, මිරිස්, ලූණු, ගම්මිරිස් ටිකත් යහමින් තියෙනව, ඒවා දාලා කඩල ටික තෙලටත් දාලා තියෙනව. ඒත්.. අනේ මන්දා, හිතාගන්න බෑ ඇයි ඒ කියල.

අන්න ඒකට ඉඳි ආප්ප ටික. ෂැහ්, ටොප් ආ..

රියල්ම හාල් පිටි වලින් හදල නොතිබ්බට, හීනියට වක්කරල ගානට තම්බල. ඒකෙ ගතිය එන්නෙ චිකන් හොද්දයි, පරිප්පුවයි කලවම් වුණාම. කියල වැඩක් නෑ ආ... මොකද චිකන් එකටත් හොඳ හැටි මිරිස්, තුනපහ ටික දාලා, හොද්දත් ඝනකමට තියෙන්න ලාවට හින්දලනෙ. හැරත් චිකන් කෑලි ටිකටත් අඩුම කුඩුම ටික නියමෙටම අල්ලල. අනික ඒකටම හරියන්න පරිප්පුවත්, කිරි දාලා, මිරිසුත් නූලට තියෙන්න ලාවට හින්දල. ඒ දෙක කවලමට ගැලපුණා කියන්නේ…

ඔය අතරට තිබ්බ නොම්මර එකට ලුණු ඇඹුල් පදම තියාපු පොල්සම්බෝලයකුත්, ඉඳි ආප්පවලටම සෙට් වෙන්න. ඒකත් එක්ක මම කෑවා බිත්තර රොටි. උණු උණුවෙ නොවුණට බිත්තර රොටිත් ඉතින් සාමාන්‍ය ෆ්‍රෙෂ් ගතියට තිබ්බ.

අර වැඩේ වුනේ කට්ටියම සෙට් වුණා නිසා වැඩේ බැලන්ස් එකේ ගියා ඉතින්. නැත්නම් කන්න නෙවෙයි ඒ තොගේ. ඩෙසට් එකට කියල ගෙනාපු ලැවරිය 2ත් ටොප්.. විශේෂයෙන්ම පොල්පැණි හොඳ හැටි දාලා හදල නිසා රස නියමයි. මොකද ගොඩක් තැන්වල ලැවරියා එකේ පැණි තියෙන්නෙ මැද්දෙ විතරයිනෙ.

ඒකෙන් මේකෙන් කට්ටිය කොහොමහරි.. ඉස්මුරුත්තාව එනකම් කෑවා. ඒ විතරක් නෙවෙයි, මගේ ඉඳිආප්ප ආසවත් හරි ගියානෙ, හ්ම්...


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment