Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

2/5

Shanghai Restaurant

No. 277th Crossroad StreetPanadura


A place to try some Sri Lankan Chinese at very low price. But?



ජීවිතේට අමතක නොවෙන්න...

තව එක සැරයක් ගිහින් රස බලන්න...

කියාන්කො එකෙක්! කොටනව සනිකව...

හප්පෝ... යාළු, පරණ මතකයක් අලුත් කරගන්න කියල ගියේ හොඳේ පහුගිය සතිඅන්තෙ. ගිහිල්ල කරල බලද්දි, ඉස්සර හොඳ සුවපහසුවට ලස්සන ඉන්ටීයර් එකක්, හොඳ හැටි ඒසී. තිබ්බ කඩේ...

දැන් ඒවා කොහෙන් ගිහින්ද නෑ. තනිකරම වෙනස් කරල, වැඩි අවධානය ටේකවේවලට දිලා. පල්ලෙහා තට්ටුව ම ඕපන් රෙස්ටුරන්ට් එකක් කරල. ඒකත් අවුලක් නෑ, උඩ ඩයිනින්ග් එක? අනේ ඒසී. දෙකක් දාලා තියෙනව සද්දෙ විතරයි. වායුසමනය තියා ඒකෙන් වායු එනවද කියලත් සැකයි.

කොහොමහරි ඉතින් දෙන්න හිත හදාගෙන ගිහිල්ල උඩ තට්ටුවට ගොඩවුණා. ගොඩවෙලා හෙව්වෙ ම පොඩ්ඩක් හරි ඒසී. එන තැනක්. ම්හ්... ඇත්තටම මුලු භෝජනාගාරයටම එහෙම තැනක් නෑ. මොනව කරන්නද කියල ඉතින් ඊට පස්සෙ තිබබ තැනකින් වාඩි වුණා. හැබැයි ඒ වාඩිවෙච්ච අනික් පැත්තට සේවක අයිය නම් මෙනුවත් එක්ක අපේ ළඟ.

“තෝරල කරල කියන්න මහත්තයා...”

බැලුවා යාළුවයි මායි දෙන්න ම මෙනුව.

“අඩෙහ් රයිස් කොත්තු විතරයිනෙ බොල. ආ... මේ බයිට් වගේ ඩිෂස් ටිකකුත් තියෙනව. ඒ... ඒත් ඉස්සර?”

“එහෙම තමයි බං. ඒ ඉස්සරනෙ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. බලාං බලාංකො මොනවද ඕකෙන් ගන්න තියෙන්නෙ කියල”

“හ්ම්... මාර කේස් එක. ඒනං මං ගන්නව නාසි එකක් බං. උබට මොවැයි?”

“මට… ඔන්න ඔහෙ දාංකො මික්ස් චීස් කොත්තුවක් වගේ. ඒකයි... දැල්ලො ඩෙවිල් එකක් වගේ ගමුද, කාලෙකින් කෑවෙත් නෑනෙ”

“හා…”

ටිකකින් ඉතින් සේවක අයිය ළඟ පාතින් යනව වෙලාවක් බලල දැම්ම ඕඩරේ. දාලා පොඩි කයියකට සෙට්වුණේ... එහෙමවත් දාඩිය පොඩ්ඩක් හිඳෙයිද කියල බලන්න. ඇත්තටම... වැඩේ නම් ටිකක් සාර්ථකයි, ඒත් කොහෙද... ඒ අනික් පැත්තටම ආවනෙ කෑම ටික මේසෙට. ඊට පස්සෙ ඉතින් ආයෙ හෙවිලි බැලිලි නෑ... කෙළින්ම උග්‍ර වූ බඩගින්නත් එක්ක බැස්ස වැඩේට.

දෙන්නටම හිතාගන්න බැරිවුණේ ආපු පෝෂන්වල සයිස් එකත් එක්ක, ඒවා අලින්ට කන්නද බොලේ කියල. කිව්වට විශ්වාස කරන්න යාළු තුන්දෙනෙක්ට පැහැදිලිවම ඇති එයින් එකක්. ඒ නිසාම... මමත් කොත්තුව පැත්තකින් තියල මුලින්ම බැස්ස නාසි එකට.

බිත්තර ඔම්ලට් එකක් උඩින්ම, පොඩි පොඩි ඉස්සො, දැල්ලො කෑලි, චිකන්, මාළු... ෂැහ්, ඒ මදිවට කැරට්, ලීක්ස් අඩුමකුඩුම ටිකත් නූලටම වගේ දාලා. හැබැයී... කට දෙක කද්දිනෙ, කිරි අප්පේ... රස නහර පිනා යන අතරටම ඒවා නිකම් හිරිවැටිල වගේ ගියේ...

අම්බානක සෝස් කියන්නකො ඒකෙ. ඊටත් එහා රසකාරක දාලා... හැන්දට බත් ටික ගනිද්දි නහය කඩාගෙන යන්නෙ. වෙලාවට තෙල් විතරක් පොඩ්ඩක් අඩුවෙන් තිබ්බෙ. නැත්නම්... ඒක කාලා අනික් පැත්තට කෙළින්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වෙන්නෙ.

ඉතින්... ඒ නාසි එක එහෙම. කොත්තුව?

අනේ ඒකට චීස්ම දාලාද කියල කියන්න බෑ හරියට. කොහොමහරි කිරි රස හොඳට තියෙනව. ම්... ලොකු ලොකු චිකන් කෑලි ටිකක් එක්ක, ඉස්සො, දැල්ලො, මාළු එහෙමත් තිබ්බ. ඒත් අර ඒකෙත් අඩු නැතුව ම රස කාරක නිසා කටේ තියන්න බැරි තරම්...

ඔක්කොමත් හරී... දැල්ලො ඩෙවිල් එක. මං දන්නෑ ඒ කොහේ ඉඳපු දැල්ලොද කියල. අඟල් දෙකේ දෙකේ විතර කෑලි. බැටර් කරල ඩෙවිල් කරල. හැබැයි කිසිම දැල්ලො රහක් නම් එන්නෙ නෑ, මං හිතන්නෙ කාලයක් තිස්සෙ ෆ්‍රීසරේ තිබිල වෙන්න ඕන. ඒකත් අවුලක් නෑ ඩෙවිල් එකට දාලා තිබ්බ තරමක්... සෝස් සහ රස කාරක!

අනේ, ඒකෙන් කටයි කෑවෙ... කලින් කාපු බතුත් එක්ක උගුරට ආවෙ.

හපෝ... ආයෙ නම් යාළු!


TIP

Try anything comes with the name 'Shangahi Special'


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment