2022 සැමරුම හොඳටම කරපු රටවල් 10 ක්  .

By Yesha Fernando

මරණය, කුසගින්න, විරැකියාව, ආර්ථික අවපාතය, දේශපාලන අර්බුද යනාදී ගෝලීය දුෂ්කරතා රැසක් මැදින් 2021 ගෙවා දමමින් තවමත් ජීවත් වීමේ වරම හිමි කරගත් මිනිසුන් එම සතුටත් සමඟින්ම 2022 වසර උත්සවශ්‍රීයෙන් පිළිගත්තා. ඒ හැම නව අවුරුද්දක් ආරම්භයේදීම හිතේ දැල්වෙන “මේ අවුරුද්ද වඩා යහපත් වෙයි” කියන සුපුරුදු බලාපොරොත්තුවත් එක්කයි. නව වසරක් පිළිගන්නවා කියන්නෙත් හරි ආකර්ෂණීය වැඩක්. ඉතිං මේ පාරත් ඒක “හොඳටම කරපු ” කට්ටිය ගැනයි මේ සටහන.

1. ඕස්ට්‍රේලියාව

රතු මකර වෛරසය තවමත් තමන්ගේ බලය ලොව පුරා පතුරවමින් හිටියත් අපි සැලෙයි ඕවට කියන්න වගේ ටොන් 6 ක ගිණිකෙළි සංදර්ශනයක් සමඟින් සුප්‍රසිද්ධ  Sydney Opera House එකත් Harbour Bridge එකත් ඒකාලෝක කරමින් ලස්සනටම 2022 සමරපු රාජ්‍යන් අතරට ඕස්ට්‍රේලියාව එක්වුණා. කොහොම වුනත් සංදර්ශනය නැරඹීමට එක් රොක් වූ පිරිසට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණේ එරට New South Wales හී තවමත් වෛරසය පැතිර යමින් තිබෙන නිසයි.

2. ප්‍රංශය


යුරෝපියානු සංගමයේ සභාපතීත්වය සිය රටට හිමි වීම සංකේතවත් කරමින් ප්‍රංශය මෙවර නව වසර පිළිගැනීම සඳහා අයිෆල් කුළුණ සරසා තිබුණා. ඒ එම සංගමයේ ධජයේ ඇතුලත් කහ තරු 12කින් සහ නිල් පැහැයෙන් කුළුණ ආලෝකවත් කරමින්.

3. ඇමරිකා එක්සත් ජනපදය

2022 නව වසර සැමරුම වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට 50,000 ක පමණ පිරිසකට එක් රැස් වීම සඳහා යොදා තිබු සැළසුම් හකුලා ගැනීමට ඇමරිකාව කටයුතු යොදා තිබුණා. ඒ අනුව  15,000 පමණ පිරිසකට පමණක් එහි සිට නව වසර සැමරීමේ ball drop අංගයට සහ ගිනිකෙළි සංදර්ශනයට එක් වීමේ අවස්ථාව හිමි වුණා. කෙසේවෙතත් එහි ආකර්ෂණයේ අඩුවක් නම් දක්නට ලැබුණේ නැහැ.

4. හොංකොං

මෙවර සජීවී වාද්‍ය වෘන්දයක් සමඟින් 2022 පිළිගැනීමේ ගිනිකෙළි සංදර්ශනයක් සිය ජනතාවට තිළිණ කලේ  Hong Kong රාජ්‍යයි. 2018 වසරින් පසු ඔවුන්ට නව වසර අංගයක් සැමරුමට ඉඩ හිමි වූ පළමු අවස්ථාව මෙයයි. 2019 වසරේදී එරට දේශපාලන ගැටුම් සමඟින් එම  අවස්ථාව  ජනතාවට අහිමි වූ අතර ඉන් අනතුරුව කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා එය ඔවුන්ට අහිමි වුණා. එනිසාම 2022 මෙම නව වසර සැමරුම එරට ජනතාවට සුවිශේෂී වූ බව නිසැකයි.

5. ජපානය

ජපානයේ දකුණු දිග ටෝකියෝ නගරවාසින් මෙවර ආකර්ෂනීය මෙන්ම සන්සුන් නව වසර සැමරුමකට එක් වුණා. ඒ  කමකුරා හී හැසෙදෙරා බෞද්ධ විහාරයේ ලක්ෂ ගණනක් ඉටිපන්දම් දල්වාලමින්. 2022 වසර සඳහා වාසනාවත්, නිරෝගී බව , සැනසුම හා සාමයත් ඔවුන් මෙම ඉටිපන්දම් දල්වාලමින් ප්‍රර්ථනා කල බව පැවසෙනවා.

6. රුසියාව

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරස අවදානම නිසා මෙවර මොස්කව් හී රතු චතුරශ්‍රය පාලු ස්වභාවයක් ඉසිලුවා. කෙසේවෙතත් නව වසර සැමරුම සඳහා එරට Manezhnaya චතුරශ්‍රයට දහස් සංක්‍යාත පිරිසක් එක් රොක් වී සිටි අතර ශාන්ත බැසිල් ආසන දෙව් මැදුර, රතු චතුරශ්‍රය සහ ක්‍රෙම්ලිනය ගිනිකෙළි සංදර්ශනයෙන් වර්ණවත් වූයේ මේ අයුරිනුයි

7. චීනය

මාරාන්තික කොවිඩ් වෛරසයේ තිඹිරිගෙය වූ හෙයින්ම ඒ සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක ප්‍රතිපත්තියක් දරන චීනය මේවා නව අවුරුදු සැමරුම් කිහිපයක්ම අවලංගු කොට තිබුණා. එරට ජනතාව ජනාධිපතිවරයාගේ නව අවුරුදු පණිවිඩය අසමින් අවන්හල් වල රාත්‍රී ආහාර සාදයන්ට එක් වූ අතර එරට ප්‍රාථමික පාසල් වල දරුවන් “Good Luck” යන අදහස දරන “Fu” අක්‍ෂරය ලියමින් නව වසර සැමරුමට එක් වුණා. කෙසේවෙතත් එරට  Chongqing හී ජනතාව නම් වීදි බැස එක් රොක්වී 2022 සමරනු ලැබුවා.

8. බ්‍රිතාන්‍ය

කොවිඩ් වෛරසය හමුවේ දැඩිව බැට කෑ රාජ්‍යක් වුවත් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරද මෙවර 2022 නව වසර සැමරුමට එක වී සිටියා. එහි ශාන්ත පාවුළු ආසන දෙව් මදුර හා සහශ්‍රක පාලම මතින් 2022 ගිනිකෙළි වර්ණ ආලෝක විහිදෙද්දී ලන්ඩන් නගරවාසීන් ජයඝෝෂා විහිදෙව්වා. එපමණක් නොවේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් පුරා වසර 4ක් නිහඬව සිටි අද්විතීය යෝධ බිග්බෙන් 2022 නව වසර සනිටුහන් කරමින් නැවතත් පළමු වරට සිය ඔරලෝසු සීනු නාදය විහිදුවා හැරියා.

9. එක්සත් අරාබි එමීර් රාජ්‍ය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සංචාරක පාරාදීසය, කොවිඩ් වෛරසය හමුවේ පවා නොසැලුණු ඩුබායි පුරවරය සිය සළකුණ වන් Burj Khalifa අහස් කුළුණ ගිනිකෙළි හා විදුලි බුබුළු ලක්ෂ ගණනකින් ආලෝකවත් කරමින් 2022 පිළිගනු ලැබුවා. එපමණක් නොවේ මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන Expo 2020 ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියද දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් 2022 නව වසර සැමරුවා.

10. ශ්‍රී ලංකාව

හොඳටම කරපු අපිත් 2022 අතෑරියේ නැහැ. අලුත් ආරම්භයක් වෙනුවෙන් අලුත් ආලෝකයක් විහිදුවාලමින් කොළඹ Port city පාලම 2022 මාධ්‍ය රාත්‍රියේ ආලෝකවත් වූයේ මෙහෙමයි. එහි ගිනිකෙළි සංදර්ශනයක්ද පැවැත්වනු අතර “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන්න සංකේතවත් කරමින් ගාලු මුවදොර, කොල්ලුපිටිය, townhall වටරවුම ඇතුළු වාණිජ අගනගරයම  2022 නව වසරේ ආලෝකයෙන් ඒකාලෝක වුණා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide