ගෙදර ලොකු පාටියක්ද?; කුස්සිය දෙවනත් නොකර ගෙදරට ම රස කෑම ගෙන්නගන්න පුළුවන් කේටර්ස්ලා 10ක්.

ඉස්සර වගේ දැන් වෙඩින් ගෙදර ගන්නේ නැහැනේ. ඒ කාලේ මඟුලක් කනවා කියන්නේ මුළු ගම ම එක්කාසු වෙන වැඩක්. ගෙදර පිටිපස්සේ මඩු බැඳගෙන ජයට ම කෑම උයලා, ගමකට කන්න දෙනවා. දැන්දැන් අපේ අය ඕවට ඒ හැටි මනාපයක් නැත්තේ, ඒ වගේ උයන්න කරන්න කට්ටිය ගෙවල්වල නැති නිසාම ද මන්දා. අනික කුස්සිය යුද්ධ පිටියක් වගේ වෙනවනේ ඔය වැඩ වැඩි වුණා ම.

කොහොම වුණත්, ගෙදර කුස්සිය දෙවනත් වෙන්න වෙඩින් එකක් තියෙන්න ම ඕනේ නැහැ. බර්ත්ඩේ පාටියක්, දානයක්, මළ ගෙදරක්, කොටහළු මඟුලක් ආදී වශයෙන් නා නා ප්‍රකාර උත්සව නිසා කුස්සියට වැඩ වැඩිවෙන්න පුළුවන්. හැබැයි ඔය කරදර මුකුත් නැතුව ගෙදර උත්සවයක් ගන්න ඕනේ නම්, ලේසි ම වැඩේ තමයි කේටරින් එකක උදව්ව ගන්න එක. එතකොට කෑම බීම ප්‍රශ්නේ ගැන වද වෙන්න දෙයක් නැහැනේ. අන්න ඒ නිසා තමයි  කුස්සිය හැඩි නොකරගෙන ගෙදර උත්සවයක් ගන්න පුළුවන් වෙන විදියේ කේටරින් සර්විස් ටිකක් ගැන විස්තර කියන්න අපි හිතුවේ.

1. Galle Caterers

ගෝල් කේටරර්ස් එක වැඩියත් ම ප්‍රසිද්ධ එයාලගේ රස ම රස බිරියානි සවාන්වලට. සාමාන්‍යයෙන් මේ කට්ටිය හදන චිකන් බිරියානි සවානක් රුපියල් 2850ක් වගේ වෙනවා. හැබැයි දහදෙනෙක්ට ම බඩ පිරෙන්න කන්න පුළුවන් නිසා කිසිම අවුලක් නැහැ. මේක විතරක් නෙවෙයි, නියම ප්‍රෝන් බිරියානි සවානකුත් (රු.3800) ගෝල් කේටරර්ස්ලගෙන් ගන්න ඇහැකි. බිරියානිවලට අකමැති නම්, ඒ වෙනුවට ගන්න පුළුවන් බත් වර්ග මෙනු පහ හයක් ම මේ උදවිය ළඟ තියෙනවා. ඉඳිආප්ප පිලාවෝ, ගී රයිස්, වෙජි ෆ්‍රයිඩ් රයිස් ඉන් කීපයක්. ඕවත් එක්ක කරි බර ගණනකුත් එනවා. තව ඩෙසර්ට්නුත්. පොඩ්ඩක් එයාලගේ වෙබ්සයිට් එකේ රවුමක් ගහලා එන්නකෝ. විස්තර එක්ක ම බලාගන්න පුළුවන්නේ.

2. Tasty Caterers

පොඩි බර්ත්ඩේ පාටියක ඉඳන්, ලොකු වෙඩින් රිසෙප්ෂන් එකක් දක්වා ඕනේ ම පාටියකට කෑම සපයන්න සූදානම් ටේස්ටි කේටරර්ස්, සෑහෙන්න කාලෙක ඉඳන් මේ බිස්නස් එකේ ඉන්න විශ්වාසවන්ත කට්ටියක්. ප්ලේට් එකක් රුපියල් 2500ක් වගේ වෙනවා. ලංකාවේ අපේ තාලේ කෑම ඕනේ නම් එහෙමයි, පිටරට තාලෙට ඕනේ නම් ඒත් එහෙමයි. මෙක්සිකන්, වෙස්ටර්න්, ෆියුෂන්, ඉන්ටර්නැෂනල්, තායි වගේ විවිධ කෑම වර්ග ඇති මෙනුවක් මේ කට්ටිය සතුයි.

3. Sponge

කොළඹ ඇතුළේ තියෙන ඕනේ ම උත්සවයක කේටරින් පැත්ත බලාගන්න ස්පොන්ජ් එක ලෑස්තියි. කම්පැනිවල උත්සව, වෙඩින් පාටි, බර්ත්ඩේ පාටි ආදී වශයෙන් ඕනේ ම උත්සවයකට මේ කට්ටිය කෑම සපයනවා. මෙන්න මේ ෆෝම් එක පුරවලා යැව්වා නම්, ගණන් හිලව් එක්ක ම කෑම බීම මෙනුව එයාලගෙන් ලබාගන්න පුළුවන්.

4.  Subway

සබ්වේ කියන්නේ ඉන්ටර්නැෂනල් ෆ්‍රැන්චයිස් එකක්නේ. මේ උදවිය දැන්දැන් පොඩි පොඩි උත්සවවලට කේටරින් කරනවා. ගොඩක් වෙලාවට මේක තීරණය වෙන්නේ පාටියේ ටයිප් එකයි, ඉන්න සෙනඟ ගාණයි අනූව. සාමාන්‍යයෙන් බර්ත්ඩේ පාටියක්, පොඩි ට්‍රිප් එකක්, ස්පොර්ට්මීට් එකක් වගේ දේකට කිසිම ප්‍රශ්නයක් නැතුව සබ්වේ කෙටරර්ස්ලගෙන් උදව් ගන්න පුළුවන්. සබ් ප්ලැටර්, සැන්විච් ප්ලැටර් වගේ ජාති මෙයාලා සපයනවා.

5. The Bayleaf

පොඩ්ඩක් ගණන්, හැබැයි හරිම රසයි කෑම ටික. මෙනු තුනකින් කැමති එකක් තෝරලා ගන්න හැකියාව තියෙනවා. පළමුවෙනි මෙනුවේ ප්ලේට් එකක් රුපියල් 3250ක් වගේ. හැබැයි අඩුම තරමේ පැය 24කටවත් කලින් දැනුම්දීමක් කරන්න ඕනේ. ප්ලේට් එක රුපියල් 3800ට තියෙන මෙනුවෙන් ගන්නවා නම්, පැය 48කටවත් කලින් කියන්න ඕනේ. තවත් එකක් තියෙනවා ප්ලේට් එක රුපියල් 4450ක්. මේකටත් පැය 48ක්වත් කල් ඇතුව දැනුම් දෙන්න ඕනේ. අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ ටැක්ස් රහිත මිල හොඳේ. මීට වඩා පොඩ්ඩක් වැඩි ගාණක් යනවා ටැක්ස් ටිකත් එකතු වුණා ම. ඒ වගේ ම, අඩුම තරමේ 25දෙනෙක්වත් එන පාටියක් නම් තමයි බේලීෆ් එකෙන් කේටරින් සර්විස් ගන්න පුළුවන් වෙන්නේ.

6. Udumbara JU Caterers

දාන මාන, වෙඩින්, බර්ත්ඩේ, ඔෆිස් පාටි ඕනේ ම එකකට කේටරින් කරන උදුම්බරා එක, කොළඹ තියෙන තවත් පරණ ම කේටරින් සර්විස් එකක්. ගෝල් කේටරර්ස් වගේ ම තමයි, මෙයාලගේ ගණන් හිලව් සෑහෙන්න සාධාරණයි. වැඩි විස්තර බලාගන්නකෝ එහෙනම් මේ වෙබ්සයිට් එකෙන්.

7. Raffles Catering

තවත් ප්‍රසිද්ධ ම කේටරින් සර්විස් එකක් විදියට රැෆල්ස් හඳුන්වන්න පුළුවන්. තරු පහේ සර්විස් එකක් එක්ක, හොඳ කෑම දෙන කට්ටියක් විදියට මෙයාලා ජනප්‍රියයි. ප්ලේට් එකක් රුපියල් 1700 සිට රු.4900 දක්වා වෙනස් වෙනවා. අපේ තාලේ ලංකාවේ කෑම වගේ ම, ඉන්දියන්, මොන්ගෝලියන් රසට හදන කෑමත් රැෆල්ස් කේටරින් මෙනුවේ තියෙනවා.

8. Don Stanley's Catering Service  

ඩොන්ස් කේටරින් කියන්නේ දැන් අවුරුදු 30ක වගේ ඉඳන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියක්. එදා වගේ ම අදටත් සාධාරණ ගණනකට හොඳ කෑම දෙන කේටරින් එකක් විදියට එයාලා නමක් දිනාගෙන ඉන්නවා. පාටියේ හැටියට ඒකට ගැලපෙන්න හදපු පැකේජ් තියෙන නිසා තෝරගන්න අමාරුත් නැහැ. උදාහරණයක් විදියට ගත්තොත්, ඔෆිස් එකේ ලොකු මීටින් එකකදී දෙන මීටින් පැකේජ් එක ගත්තොත්, සැලඩ් ජාති 2ක්, ස්නැක් 2ක්, මස් වර්ග 3ක්, වෙජි අයිටම් 2ක්, බත් සහ නූඩ්ල්ස් ජාති 2ක්, එක්ක ඩෙසර්ට් 2ක් තියෙන බුෆේ එකක් ගන්න පුළුවන්. එක්කෙනෙක්ට මේ සඳහා වැය වෙන්නේ රුපියල් 2000 (ටැක්ස් රහිත). ඉතින් පාඩු නැහැනේ වැඩේ. මෙයාලව හයර් කරගන්න කලින් ඒ කෑමවල රස බලන්න ඕනේ නම්, බම්බලපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ තියෙනවා පුංචි ඩෙලි එකක්. ගිහින් ම බලන්න පුළුවන්.

9. Dushan Caterers

කලින් කිව්ව අයට වඩා සෑහෙන්න අඩුවට ප්ලේට් එකක් ගන්න පුළුවන් තැනක් තමයි මේ. සාමාන්‍යයෙන් යන්නේ රුපියල් 400-600 අතරේ ගණනක්. හැබැයි මෙනු එකේ ඒ හැටි ලොකු කෑම ජාති ගොඩක් නැහැ. ගණන් අඩු නිසා කෑමවල කොලිටිය ගැන එකඑක උදවිය කියන කතාත් නැතුව ම නෙවෙයි. ඒ වුණාට අපි දැකලා තියෙන විදියට නම් ඒවායේ අවුලක් නැහැ.

10. Paan Paan

මේකත් සබ්වේ එක වගේ තමයි. එක එක කෑම ප්ලැටර් විදියට ගන්න තියෙනවා. සේවරි කෑම (රෝල්ස්, මිනි පීසා) ඇති ප්ලැටර් එකකට අය වෙන්නේ රුපියල් 1800 සිට ඉහළ ගණනක්. ලොකු එකක් ගන්නවා නම් රුපියල් 3000ක් හෝ ඊට වැඩි මුදලකට ගන්න පුළුවන්. පොඩි සැන්විච් ප්ලැටර් එකක් එකක් රුපියල් 1250 සිට ඉහළට අය වෙන අතරේ, එකේ ම ලොකු එක රුපියල් 2500ක් වගේ. මේවා විතරක් නෙවෙයි, කප් කේක්, ඉක්ලෙයාර් එහෙම දාපු ස්වීට් බේකරි කෑම තියෙන ප්ලැටර් එහෙමත් මෙයාලගෙන් ගන්න ඇහැකි. පොඩ්ඩක් බලන්නකෝ පාන් පාන් එකේ ෆේස්බුක් පිටුව. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්නේ.

ඔයාලා දන්න තවත් හොඳ කේටරින් සර්විස් තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන ම යන්නකෝ එහෙනම්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

Ifthar 2023 – Reinvented by Street Burger

By Shamrina Carim During this holy month of Ramadan, once again Street Burger has not

Highlights Kamu

Arabia’s Oasis of Flavours – Cinnamon Red

Cinnamon Red Colombo’s top tier fine dining Flavored restaurant has introduced an incredible range of

Highlights Kamu

The weekend Lunch Buffet at Movenpick

Movenpick boasts of its location in the heart of Colombo, its 219 spacious, luxury hotel

Highlights Kamu

Trending.

Sri Lankan Muslim Community invites all to join them for Iftar

Sri Lankan Muslim Community invites all to join them for Iftar Once held but differed

Trending

John Wick Brings the Action the Red Carpet Premiere at Scope Cinemas.

Scope Cinemas, Liberty Cinemas Limited, and Lionsgate proudly present the exclusive premiere of John Wick:

Trending

Thambili Culture Boutique – A homegrown boutique in the heart of Colombo

What’s in store? The Thambili Culture Boutique is a locally inspired clothing store that started

Highlights Trending

International Hummus Festival at Hilton Colombo

Get Ready to Dip, Savor and Celebrate: International Hummus Festival Returns Bigger and Better Than

Trending

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

5 Spots to experience an Iftar Buffet – 2023

The holy month of Ramadan is approaching in a few days. It’s that festive time

Highlights Trending

Yamu Guide.

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

6 Trusted Pet Food Brands you should know

For awhile, Petmart has established itself as the premier pet shop in Sri Lanka. It

Highlights Yamu Guide

6 Pet Essentials from Pet Mart

Coming home to a devoted friend is the best feeling in the world. A pet's

Highlights Yamu Guide

9 Places to eat Rice & Curry

By RR Yes, pizzas and burgers are amazing but truly nothing can beat a good

Highlights Yamu Guide

Celebrate Valentine’s Day with Quickee this year!

It's easy to get caught up in the everyday hustle and bustle of life, where

Highlights Yamu Guide

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide