හෙට අනිද්දා දිහාවේ බුක් ෆෙයාර් යන්නද ඉන්නේ? එහෙනම් මෙන්න මතක ඇතුව ගන්න ඕනේ සිංහල පොත් 10ක්.

හැම සැප්තැම්බරයක ම පැවැත්වෙන මහා සාහිත්‍ය මංගල්‍යයේ ප්‍රධානත ම අංගයක් විදියට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්. කොළඹින් දුර බැහැර පවා ජීවත් වෙන, පොතපතට, සාහිත්‍යයට ආදරය කරන අපේ කට්ටිය මේ සල්පිලට එන්න දින ගනින්නේ මාස කීපයක ඉඳලයි. මේකට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළත් ඒ තරම් ම විශේෂයි. අපේ ගොඩක් උදවිය පොත් ප්‍රදර්ශනයට යන්නේ ම ඔය සම්මාන උලෙළට නිර්දේශිත නවකතා පොත් එකක් හෝ අනිවාර්යෙන් ම ගන්නවා කියලා හිතාගෙනමයි.

හැබැයි ඒවා විතරක් නෙවෙයිනේ. තව පොත් කොච්චර නම් තියෙනවද? ප්‍රවීණ, ආධුනික රචකයන් බොහොමයක් ලියපු අලුත් නවකතා ගණනාවක් මේ වෙද්දී එළි දැකලා තියෙනවා. සමහර පොත් දොරට වඩින්නේ පොත් ප්‍රදර්ශනය අතරතුරයි. අන්න ඒ නිසා ම තමයි අපි හිතුවේ හෙට අනිද්දා දිහාව බුක් ෆෙයාර් යන ඔයාලට ගන්න ලැබෙන හොඳ සිංහල පොත් කීපයක් ගැන විස්තරයක් කියන්න.

1. ගන්දර කළපුව

හැමදාමත් අපේ නවකතා සාහිත්‍යයට ගුප්ත වගේ ම කුතුහලය, ත්‍රාසය දනවන නවකතා එකතු කරපු භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයාගේ අලුත් ම පොත තමයි මේ.මේකේ කතාව 2014 අවුරුද්දේ ඉරුදින පුවත්පතේ කොටස් විදියටත් පළවුණා. නිහතමානි පුවත්පත් කලාකරුවෙකුත්, ධන කුවේරයෙකුත් වටා ගෙතුණු මේ කතාව, සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු එකක්. ඉතාම දක්ෂ විදියට වචනයෙන් මිනිස්සු රවටන මේ ධන කුවේරයා, හොර රහසේ ම තමන්ගේ ඉලක්කවලට යන ආකාරයත්, පසුව ඔහුට කළ කම් පල දෙන හැටිත් මේකේ සඳහන් වෙනවා. භද්‍රජි මහත්මයා ලියපු  උලමාගේ රාත්‍රිය, දොඹගල නිධානය, බඹරවිලේ හොල්මන වගේ නවකතාවල තිබුණු රසවත් මේ පොතෙනුත් අඩුවක් නැතිව දැකගන්න පුළුවන්.

2. ඇත්කඳ ලිහිණි අඩවිය

ඉස්සර හැදීගෙන වයසේ ඉන්න දරුවෙක්ට අනිවාර්යෙන් ම අතට ලැබෙන පොත් කීපයක් ම තියෙනවා. කුලසේන ෆොන්සේකා මහත්මයාගේ සෝමපුර වීරයෝ, කල්ලන්දූවේ මුතු කොල්ලය, ඩී.එම් කරුණාරත්න මහත්මයාගේ බස්තියන්ගේ සොහොන, ඊළඟට ඩබ්ලිව්. අමරකීර්ති ලියනගේ මහත්මයාගේ වීරියවන්තයෝ ඒ අතරින් කීපයක්. කොහොමත් යොවුන් වයසේ ඉන්න දරුවෝ වීරකම්වලට දක්වන්නේ අමුතු කැමැත්තක්. මේ වගේ යොවුන් නවකතා ලියවෙන්නෙත් ඒ නිසාමයි.

අන්න ඒ පොත් ගොන්නට එකතු කරගන්න පුළුවන් විදියේ තවත් පොතක් තමයි මේ “ඇත්කඳ ලිහිණි අඩවිය”. තිස්ස හෙවාවිස්ස මහත්මයා රචනා කරපු මේ පොත, තමන්ගේ ම කියලා වීර කතාවක් නිර්මාණය කරන්න උත්සහ කරන අපේ කාලයේ ගැටවරයින්ට ආසාවෙන් කියවන්න පුළුවන් නවකතාවක්.

3. වැල්ලේ මිනිස්සු

සුමනසිරි දසනායක මහත්මයා අතින් රචිත “වැල්ලේ මිනිස්සු” නවකතාව, ධීවර වෘත්තීය ජීවිකාව කරගත් උදවියගේ ජීවන රටාවේ පැතිකඩක් පෙන්වන නවකතාවක්. මාක්ස්, රොසලින්, මාර්තා, ෆ්‍රැන්සිස්, සහ බෙන්ජමින් යන චරිත ඇසුරින් තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. කරදිය වළල්ලේ ජීවත් වන ඔවුන්ට දිනපතා මුහුණදෙන්න ට වෙන දුක් කම්කටොලු, ඒවායින් මිදෙන්න ඔවුන් දරන තැත, ඒවායින් හටගන්නා තවත් ගැටලු නිසා ඇතිවෙන පසමිතුරුකම් ඔස්සේ ගලාගෙන යන මේ කතාව එක හුස්මට කියවගෙන යන්න ඇහැකි.

4. ඓරාවණ

දැන් භූමි කම්පා, වෙනත් ස්වාභාවික ව්‍යසන කියන්නේ අපේ අයට හැමදාම අහන්න දකින ලැබෙන දේවල්නේ. ඒත් 1615 සිංහල අලුත් අවුරුද්ද දවසේ ලංකාවට ඇතිවුණු භූමි කම්පාව ගැන අහලා තියෙනවද? කොළඹ කොටුවේ ගල් බැමි පවා පුපුරලා ගිහින් කැලණි ගඟේ ගහගෙන ගහගෙන ගියේ අපේ මිනිස්සුන්ගේ ජීවිත, දේපල රැසක් අහිමි කරමින්.

අන්න ඒ වගේ සාමාන්‍ය ඉතිහාස කතාවක අපට කියවන්න නොලැබෙන සිද්ධීන් ගොන්නක් එක්කාසු කරලා ලියවුණු “ඓරාවණ”, කෝකිල ගිහාන් වීරතන්ත්‍රී මහත්මයාගේ නිර්මාණයක්. හැබැයි මේ පොත එළිදකින්නේ සැප්තැම්බර් 17වෙනිදායි. ඒ නිසා එදින ම හෝ ඊටපස්සේ දවසක පොත් සල්පිලට ඇදුණොත් මේ පොත අරගන්න පුළුවන් වේවි.

5. න ගච්ඡති

කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිය තවත් ඉතිහාසගත ආදර කතාවක් කැටි කරගත්ත “න ගච්ඡති” පද්මිනී සෙනෙවිරත්න මහත්මිය රචනා කරපු නවකතාවක්. මහනුවර රාජධානි සමයේ ඉඳපු පිළිමතලාවේ බිසවත්, රජතුමාත් අතර තිබුණු ආදර සම්බන්ධතාවය පාදක කරගෙන ලියවුණු මේ නවකතාව, ගොඩගේ අත් පිටපත් තරගයේ ප්‍රශස්ත නවකතා ලෙසින් සම්මානයක් ද දිනාගත්තා.

6. වචන 400

කාලීන ව වැදගත් වෙන සමාජ කාරණා විග්‍රහ කරන පත්තර තීරු ලිපි වෙනම ම කලාවක්. සාමාන්‍ය මාධ්‍යවේදියෙක් ට නිර්මාණශීලීත්වයේ උපරිම තැනට ළඟා වෙන්න ලැබෙන අවස්ථාවක් විදියක් විදියටත් තීරු ලිපිය හඳුන්වන්න පුළුවන්. සමහර තීරු ලිපි නම් ඒ අදාළ කාලයට ගැළපුණා ට, පස්සේ දවසක කියවද්දී කිසිම තේරුමක් දනවන්නේ නැහැ. සර්වකාලීන විදියට තීරු ලිපි ලියන්න දස්කම් දක්වපු තීරු ලිපි රචකයන් ඉන්නේ බොහොම අඩුවෙන්. සහන් කසීර වික්‍රමසිංහ මහත්මයා අන්න ඒ කිහිපදෙනාට එකතුවෙන නවක පරපුරේ රචකයෙක්.

ඉතින් සත්හඬ පුවත්පතට ඔහු ලියුව වචන 400 තීරු ලිපි පෙළ ගොනු කරලා ග්‍රන්ථයක් විදියට එළි දක්වන්න මේ දිනවල කටයුතු සූදානම් වෙලා තියෙනවා. බුක් ෆෙයාර් එකට ගියොත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ. අද හෙට විතරක් නෙවෙයි, කවදා කියෙව්වත් රස විඳින්න පුළුවන් පොතක් මේක.

7. ගැමුණු මහරජ

දුටුගැමුණු රජතුමා අපේ ඉතිහාසයේ උන්නු දැවැන්ත ම චරිත අතරින් එකක්. ඒ වගේ චරිතයක් ඇසුරෙන් කොයිම හෝ ආකාරයක කලා නිර්මාණයක් කරන එකත් ලොකු අභියෝගයක්. ඒකට හේතුව ඔහු ජනප්‍රවාදයේ එන සිද්ධි, පැරණි සෙල් ලිපි, පොත්පත්වල අඩංගු කරුණු හැරුණා ම, එක එක්කෙනාගේ මතිමතාන්තරවලින් විවේචනය වෙච්ච චරිතයක් වීමයි. ඒ නිසා අපට ගොඩක් වෙලාවට කලා නිර්මාණවලින් දැකගන්න ලැබෙන්නේ අපි හැමදාමත් අහපු දැකපු දුටුගැමුණු රජතුමාගේ ඉතිහාස කතාන්දරය විතරයි.

ප්‍රියාල් වීරසිංහ මහත්මයා ලියපු “ගැමුණු මහරජ” පොත වෙනස් වෙන්නේ ඔන්න ඔතනදී. දුටුගැමුණු චරිතයේ සැඟවුණු සිදුවීම්, අප්‍රසිද්ධ කතා බොහොමයක් මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තියෙනවා.

8. අක්වැල්ල

හැබෑවට ම අක්වැල්ලක් කියන්නේ මොකද්ද? ඔය ගංගාවක, වැවක නැම්මේ පිට ඉවුර ආශ්‍රිත ව තියෙන, බැලූ බැල්මට නොගැඹුරු විදියට පෙනෙන වතුර යට තියෙන සුදු වැලි තලාව තමයි මේ අක්වැල්ල විදියට හඳුන්වන්නේ. මේක පවතින්නේ හුඟක් බුරුල් විදියට. ඒත් මතුපිටින් ඒක පේන්නේ නැහැ. කවුරුහරි මේ මත්තට අඩිය තිබ්බොත්, කරවටක් වතුර පිරිලා ගිලෙන්න තරම් ගැඹුරු අක්වැලි මේ ගංගා ආශ්‍රිත ව තියෙනවා.

අපේ ජීවිතේත් පිටින් බැලුව ම ලස්සනට පෙනෙන, ඒ වුණාට ඇතුළාන්තයෙන් බිහිසුණු අක්වැලි තලා කොච්චර නම් ඇත්ද? ජයකොඩි සෙනෙවිරත්න මහත්මයා රචනා කරපු අක්වැල්ල නවකතාවේ තියෙන්නෙත් අන්න ඒ වගේ අක්වැලි තලාවකට පය තියෙන තරුණ දොස්තර කෙනෙක්ගේ කතාවක්.

9. 12-11-10 වැලිකඩ

මතකද 2012 අවුරුද්දේ වුණු වැලිකඩ බන්ධනාගාර කෝලාහලය? බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ඇතිවෙච්ච මේ ගැටුමෙන් සිරකරුවෝ 27ක් මරණයට පත්වුණා. එදා මෙදා තුර බන්ධනාගාර ඉතිහාසයේ ඇතිවුණු දරුණුතම සිද්ධි අතරින් එකක් විදියට මේක සැලකෙනවා. ඒ ඇසුරින් ලියැවුණු “12-11-10 වැලිකඩ” ග්‍රන්ථය, කසුන් පුස්සෙවෙල මහත්මයාගේ නිර්මාණයක්. මේ මාසේ 15වෙනිදා තමයි මේ ග්‍රන්ථය දොරට වඩින්නේ.

10. හඳුන්මල් කඩුල්ල

සේන තෝරදෙනිය මහත්මයා විසින් රචිත “හඳුන්මල් කඩුල්ල” දිගු කාලයක් තිස්සේ කරන ලද ඉතිහාස ගවේෂණයක ප්‍රතිඵලයක්. 1800 ගණන් වල සිට 2000 ගණන් දක්වා ලංකාවේ දකින්න ලැබුණු සමාජයීය, ආර්ථික, සංස්කෘතික, සහ දේශපාලනික තොරතුරු ගැන විග්‍රහයක් මේ පොතෙන් ඉදිරිපත් කරලා තියෙනවා. සුද්දන්ගේ පාලනයත්, ඒ නිසා ස්වදේශික ජනතාව මුහුණ දුන්නු පීඩනය මේ ග්‍රන්ථයෙන් විස්තර සහිතව දැකගන්න පුළුවන්.

මේවා විතරක් නෙවෙයි, තව ඔයාලා දන්නා හොඳ සිංහල නවකතා තියෙනවනම් ඔය ගමන් ම පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ එහෙනම්. අහ්! අලුත් සිංහල පරිවර්තන පොත් ටිකක් ගැන දැනගන්න කැමති නම් මෙන්න මේ ලින්ක් එකට යන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide