අරුම පුදුම නත්තල් සැමරුම් 10ක්.

නත්තල් ගහ.

නත්තල් සීයා.

කැරොල් ගීත.

ලංකාවේ අපට නත්තල කිව්වම මතක් වෙන්නේ මේ වගේ දේවල්නේ. ඒත් හැමෝම හරි හරියට නත්තලට සැරසෙන මේ වෙලාවේ, ලෝකේ වටේ සිද්ධවෙන අමුතු නත්තල් සැමරුම් කීපයක් ගැන හොයලා බලමුද?

1. කොසු හංගන නෝර්වේ

කොස්සෙන් ගමන් යන බටකොළ ආච්චිගේ කතාව අපි ඇහුවේ පොඩි කාලේදීනේ. “බටකොළ ආච්චි” කියල ම නම් නොකළත්, යුරෝපීය සංස්කෘතියෙදී මෙයාව හැඳින්වෙන්නේ නපුරු මායාකාරියක් (දන්න සිංහලෙන් කියනවනම් “Evil Witch”) විදියට. නොර්වේ රටේ ගම්බද ව ජීවත්වෙන බොහොමයක් අය විශ්වාස කරන විදියට, නත්තල කියන්නේ ඒ වගේ නරක ආත්ම එළියට එන කාලයක් විදියට. ඉතින් ඔයින් එකෙක් ඇවිදිල්ලා ගෙදර තියෙන කොස්ස ඉස්සුවොත් එහෙම! ඒ නිසා ම තමයි මේ කට්ටිය නත්තල් දවසේ තමන්ගේ ගෙදර තියෙන සේරම කොසු ටික හංගන්නේ.

2. දඟ මලුවලට නත්තල් යක්ෂයාගෙන් ගුටි බැට

ඔයත් “Grimm” ටීවී සීරිස් එක බලලා තියෙන කෙනෙක්ද? අගක් මුලක් නෑර ඕක බලපු කෙනෙක්ට නම්, “ක්රෑම්පස්” නම් නත්තල් කාලයට මතුවෙන යක්ෂයෙක් ගැන තියෙන කතාංගය (Twelve Days of Krampus) හොඳින් ම මතක ඇති. වැඩේ කියන්නේ මේ ක්රෑම්පස් යක්ෂයෝ ඔස්ට්‍රියාවෙත් ඉන්නවලුනේ. නත්තල් දවස්වලට ගහක අත්තකින් හදාගත්ත කෝටුවකුත්, කූඩයකුත් අරගෙන පාර තොටේ ඇවිදිනවලු. නරක ළමයින්ට ගුටි බැට දෙන්න වගේ ම, අර කූඩේ දාගෙන අපායට ගෙනියන්නත් මේ අය සමත්.

නත්තල් කාලෙට පොඩි එවුන්ගේ දාංගලේ වැඩිවෙන එක නවත්තන්න තමයි ඔස්ට්‍රියාවේ පිරිමි උදවිය ක්රෑම්පස් යක්ෂයා විදියට ඇඳගෙන යන බව කියන්නේ.

3. නත්තල් ගහ යට හංගපු ‘පිකල්’ එක

නත්තල ලබන්න ඔන්න මෙන්න තියෙද්දී, ජර්මනියේ ගෙවල්වල පුංචි චාරිත්‍රයක් වෙනවා. ඒ ගෙදර වැඩිහිටියන් එකතුවෙලා නත්තල් ගහ යට ‘පිකල්” එකක් (විනාකිරිවල පොඟවලා තිබුණු පිපිඤ්ඤා ගෙඩියක්) හංගන එක. ඉතින් නත්තල් දවසේ උදෙන් ම මේක හොයාගන්න දරුවට විශේෂ තෑග්ගක් ලැබෙනවා.

4. අසූචි හලන ලී කොටය

මේක කැටලොනියාවේ වෙන අමුතු සිරිතක්. මෙයාලගේ භාෂාවෙන් මේ සිරිතට කියන්නේ “Tió de Nadal/ Caga Tió” (නත්තල් ලී කොටය) නමින්. වැඩේ පටන් ගන්නේ දෙසැම්බර් 8 වෙනිදා ඉඳලයි. මුලින් ම වෙන්නේ තරමක දිග පළල ඇති ලී කොටයක් ගෙදරට ගෙනල්ලා, මේ රූපයේ තියෙනවා වගේ අත් දෙකක් එහෙම සවිකරලා, ඇස්, කට නාසා එහෙම අඳින එක. ලී කොටේ සම්පූර්ණයෙන් ම වැහෙන විදියට ඒක උඩින් ලොකු බ්ලැන්කට්ටුවක් එහෙමත් දානවා. මොකද නත්තල් කාලේ කියන්නේ සීතල වකවානුවක්නේ. දෙසැම්බර් 24 දවස උදා වෙනකම් හැම රාත්‍රියේ ම මේ ලී කොටයට කෑම පිරිනැමෙනවා. මේක ඇත්තටම වෙන්නේ ගෙදර ඉන්න පොඩි අයගේ අතින්.

නත්තල ලැබුවට පස්සේ පොඩි ලී පතුරක් අරගෙන මේ ලී කොටේට තලන්න ඕනේ. ඒක කරන්නේ ලී කොටයෙන් මලපහ පිට කරවන්න කියලයි එයාලා කියන්නේ. ඒ වෙලාවට ගායනා වෙන කවි පද කීපයකුත් තියෙනවා. ඔය සේරම ඉවර වුණාට පස්සේ, අර බ්ලැන්කට්ටුව අයින් කරලා බලද්දී මෙන්න බොලේ තියෙනවා ජාති ජාති තෑගි ගොඩක් ම! අර ‘දුන්නු කෑම බීම කාලා, මේ ලී කොටය තෑගි හදලා දීලා’ය කියන අදහස තමයි මේකෙන් නිරූපණය වෙන්නේ.

පවුලේ වැඩිහිටියන් එක්කාසු වෙලා බ්ලැන්කට්ටුව අස්සේ තෑගි හංගලා, පොඩිහිටියන්ට විනෝදයක් දෙන හරි අපූරු චාරිත්‍රයක් මේකත්.

5. රෝද සපත්තුවෙන් පල්ලියට යමු

නත්තල ලබද්දී හැමෝම සතුටින් පල්ලියට යනවා තමයි. ඒ වුණාට රෝද තියෙන සපත්තු (රෝලර් ස්කෙට්ස්) දාගෙන පල්ලියට යන්න පුළුවන් නම්; මරු නේ? වෙනිසියුලාවේ අගනගරය වන “කරාකස්”වල ජීවත්වෙලා ඉන්න උදවිය පල්ලියට නත්තලට පල්ලියට යන්නේ ඒ විදියට.

6. නත්තල් සීයා මොකටද බෙෆානා ඉද්දී?

පොඩ්ඩන්ට නත්තල වැදගත් වෙන්නේ, පිනි මුවන් බැඳපු හිම යානයකින්, තෑගි මල්ලකුත් කර තියාගෙන එන නත්තල් සීයා නිසානේ. හැබැයි ඉතාලියේ ඉන්න පොඩ්ඩෝ සමහර අය බලන් ඉන්නේ බෙෆානා කියන බොහොම කරුණාවන්ත මායාකාරිය එනකනුයි. මොකද එයාලට තෑගි අරගෙන එන්නේ ඇය නිසා.

හැබැයි මෙයා එන්නේ ජනවාරි පස් වෙනිදට. ඒ හිස් අතින් නම් නෙවෙයි. සෙල්ලම් බඩු, පැණි රස කෑම වගේ දේවල් ගොඩාක් අරගෙන.

7. සීලිමේ පුඩින් අලවන ස්ලොවැකියාව

අල, පොපී ඇට එහෙම දාලා හදන “ලෝක්ශේ” පුඩිම, ස්ලොවැකියාවේ හරි ම ප්‍රසිද්ධ නත්තල් කෑමක්. කන්න විතරක් නෙවෙයි, විසි කරන්නත් එක්ක තමයි මේ පුඩිම හදන්නේ. මොකද නත්තල දවසේදී, නිවසේ ගෘහ මූලිකයා ලෝක්ශේ පුඩින් හැන්දක් අරගෙන, ඒක ගෙදර සිවිලිමට වදින විදියට විසි කරන්න ඕනේ. සිවිලිමේ ඇලෙන පුඩින් ප්‍රමාණය වැඩිවෙන තරමට ඒක වාසනාවන්ත ලකුණක් විදියට සැලකෙනවා.

8. මේ අවුරුද්දේවත් කසාදයක්?; හරි යනවද කියලා “චෙක්” කරමුද?

නත්තල කියන්නේ “චෙක්” ජනරජයේ ජීවත්වෙන තනිකඩ කාන්තාවන්ට තරමක් හිත් අමාරුවෙන්න පුළුවන් කාලයක්. මොකද ලබන අවුරුද්දේවත් කසාදයක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න පුළුවන් විදියේ චාරිත්‍රයක් මෙයාලා ඉෂ්ට කරනවනේ. නත්තල දවසේ උදැහැනැක්කෙ ම ගෙදර දොරකඩට ගිහින්, මිදුලට පිටුපාලා තමන්ගේ උරහිසට උඩින් සපත්තුවක් විසි කරන්න මේ කාන්තාවන්ට සිද්ධවෙනවා. මිදුලේ බිමට පතිත වෙච්ච සපත්තුවේ ඇඟිලි තියෙන පැත්ත ගෙදර දිසාවට හැරිලා නම් වැටිලා තියෙන්නේ, ඔන්න වැඩේ ගොඩ. කසාදයක් ෂුවර්! එහෙම නැත්තන් එන අවුරුද්දෙත් වේලි වේලි තමයි ඉන්න වෙන්නේ. ඔය වගේ නිමිති බැලිල්ලක් චෙක් ජනරජයේ සමහර පැතිවල තියෙනවා.

9. පුඩිමේ හැංගුණු ආමන්ඩ් ඇටය

මේකත් විවාහය සම්බන්ධ නත්තල් සිරිතක්. සිද්ධවෙන්නේ ස්වීඩනයේ. මේකෙදී වෙන්නේ බත් ආශ්‍රයෙන් හදන පුඩිමක් ඇතුළේ ආමන්ඩ් ඇටයක් හංගන එක. මුලට ම මේක හොයාගන්න කෙනා ඊළඟ අවුරුද්ද ඇතුළත විවාහ වෙන බවට සම්මතයක් ඔවුන් අතරේ තියෙනවා.

10. ගෝතමාලාවේ කුණුවලට අධිපති යක්ෂයා

මේ චාරිත්‍රය ගැන අපට දැකගන්න ලැබෙන්නේ ගෝතමාලාවේ. නත්තල කිට්ටු වෙද්දී ගෙවල් දොරවල් අතුපතුගාන එක අමුතු දෙයක් නෙවෙයිනේ. මේවායින් එක්කාසු වෙන කුණු, අසල්වැසියන් හැමදෙනා ම එකතු කරන්නේ ගෙවල් පේළිය ඉස්සරපිට හැදෙන එක ම කුණු ගොඩකට. ඉන්පස්සේ මෙයාලා හදනවා යක්ෂයෙක්ට සමාන අනුරුවක්. ඒක කුණු ගොඩ මුදුනේ තියලා, කුණු ගොඩ ගිනිබත් කිරිල්ලක් මෙහිදී සිදුවෙනවා.

වීඩියෝ කීපයකුත් දාලා තියෙන නිසා, මේ චාරිත්‍ර වෙන අපූරුව ඔයාලට හොඳ හැටි බලාගන්න පුළුවන්. තවත් ඔයාලා දන්නා අමුතු නත්තල් සිරිත් තියෙනවනම්, අපට කමෙන්ට් එකක් දාන්න හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

Trending.

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

7 Degrees Restaurants offers a unique dining experience in Colombo

Sri Lanka’s first and only immersive dining experience 7 Degrees Restaurants, a new and exciting

Trending

Yamu Guide.

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Kamu Yamu Guide