කොළඹ පැත්තෙ නයිට් අවුට්ද? පාන්දරට එන බඩගින්න නිවාගන්න නයිට් කඩ 9ක්.

දවල්ට මහන්සි වෙලා රෑට නිදාගන්න කට්ටිය වගේම රෑට මහන්සිවෙලා දවල්ට නිදාගන්න කට්ටියත් අපි අතරෙ ඕන තරම් ඉන්නව. වැඩේ කියන්නෙ තව කට්ටියක් ඉන්නව දවල්ටයි රෑටයි දෙකේම මහන්සිවෙලා වැඩ කරන. හැබැයි ඉතින් ඔය කොයි කාටත් බඩගින්න කියන එක දැනෙන වෙලාවක් හරියටම කියන්න බෑනෙ.

නයිට් ඩියුටි කරන අයට වගේම, නිදිවරාගෙන පාඩම් කරන අපේ යාළුවොන්ටත් නයිට් කඩ කියන ඒව සෑහෙන්න වටිනව. ඒ හැරුණාම රෑ ජාමෙට පොඩි පොඩි ආතල් ගන්න එළියට බහින අයටත් නයිට් කඩ නම් නැතුවම බැරි තරම්. ඇයි ඉතින්, එළිවෙන පාන්දරට එන බඩගින්න, කම්මැලිකම මකාගන්න පුළුවන් හොඳම තැන මෙතනනෙ.

ඉතින් YAMU අපි හිතුවා මේ කාට කාටත් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන, නයිට් කඩ ටිකක් ගැන ඔයාලට කියන්න. බලන්නකො, සමහර විට මෙතන ඔයාලා නොදන්න කඩත් තියෙන්න පුළුවන්.

1. Hulftsdorp Street Food (පාන්දර 4, 5 වෙනකම්)

අලුත්කඩේ පැත්තෙ විතරක් නෙවෙයි ඒ වටේට කරක් ගහන අයත් හොඳට දන්න කියන කඩ සෙට් එකක් තමයි මේ අලුත්කඩේ නයිට් කඩ සෙට් එක. ප්ලේන්ටියෙ, ටී එකේ ඉඳන් ගත්තාම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වෙනකම් හැම කෑම ජාතියක්ම වගේ මේ කඩ ටිකේ තියෙනව. ඒ විතරක්ද රෑ ජාමෙට ගැලපෙන විදියට හොඳ කටට සැරට හදපු රස මස් කරියක්, බාබකියු එකක් ගන්න වුනත් නියම තැනක් තමයි මේක. ඒ හැරුණාම ඔය රොටි ජාති, බර්ගර්, ෂවර්මා වගේ කෑමත් තියෙනව. අනිවාර්යයෙන්ම කියන්න ඕන කාරණය තමයි ඔය මොන දේ කෑවත් ගාණ නම් රු. 300 පනින්නෙ නෑ.

2. Hotel de Pilawoos (එළිවෙනකම්)

දවල්ට තියෙන රයිස් ඇන්ඩ් කරි ටික හැරුණාම අනිත් හැම කෑමක්ම වගේ එළිවෙන ජාමෙට ගන්න තියෙන තවත් සුපිරි නයිට් කඩයක් තමයි පිලාවූස් එක. කොල්ලුපිටියෙයි බම්බලපිටියෙයි පිලාවූස් දෙකේ රෑ ජාමෙටත් නැගලම යන්නෙ අපි කවුරුත් දන්න කියන චීස් කොත්තුව තමයි කියල මට කිව්වෙ මගේ යාළුවවෙක්. නයිට් කඩ කියල ගාණ වැඩි කරල බඩු විකුණන්නෙ නැති නිසා ගොඩ දෙනෙක් පිලා පැත්තට යන්න පුරුදු වෙලා ඉන්නව. වෙලාවෙ හැටියට රුපියල් තුන් හාරසීයට බඩ පුරවගන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද?

3. Gardenia Coffeeshop (එළිවෙනකම්)

මේක නම් ටිකක් පොෂ් තැනක්. කෑමත් ටිකක් ගණන්. රු. 700ක් 800ක් විතර යාවි බඩගින්න නිවාගන්න. හැබැයි ඉතින් කෑම නම් පට්ට රසයි. නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස්, සී ෆුඩ්, බර්ගර්, සැන්ඩ්විච් වගේ කෑම තොගයක් තියෙන කොල්ලුපිටිය රාමදා හොටෙල් එකේ ගාර්ඩෙනියා කොෆී ෂොප් මෙනුවෙ තියෙන්නෙ ඔරිජිනල්ම කෑම. ඒකයි ගාණ වැඩි.

4. Nana's (පාන්දර 1, 2 වෙනකම්)

ගෝල් ෆේස් කියන්නෙත් රැයක් දවාලක් නැතුව සෙනඟ බහින ප්ලේස් එකක්නෙ. ඒ නිසාමද කොහෙද නානලගෙ කඩ සෙට් එකත් රෑ දෙගොඩ හරියක් වෙනකම් ඇරල තියෙනව. කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වලින් පටන් ගත්තාම මෙයාලගෙ මෙනුවෙත් රොටී ජාති, වඩේ, බර්ගර් වගේ කෑම ජාති තොගයක් තියෙනව. මස්, මාළු, බිත්තර වලිනුත් අඩුවක් නෑ. කූල් කෝක් එකක් එක්ක දිවට කැපෙන සැර කොත්තුවකට රුපියල් තුන් හාරසීයක් වියදම් වුනාට බඩගින්නට වගේම නිදිමතටත් නියම විසඳුමක්නෙ.

5. Grand Pila Family Restaurant (රෑ 1, 2 වෙනකම්)

පිලාවූස් එකෙයි කොල්ලුපිටියෙ පිලා ෆැමිලි රෙස්ට් එකෙයි කෑම වල වගේම ගණන් වලත් වෙනසක් නැති වුනාට නිදහසේ පාඩුවෙ සුවපහසුවට ඉඳගෙන බඩ කට පිරෙන්න කෑම කන්න පුළුවන්.

6. Hotel de Plaza (එළිවෙනකම්)

කටට සැරට වගේම බඩට හොඳට වදින්න පට්ට කොත්තුවක් කන්න හිතුණොත්, යන්න කොල්ලුපිටියෙ ප්ලාසා හොටෙල් එක පැත්තට. චීස් කොත්තු, මසාලා කොත්තු, පලාන්දි කොත්තු, ඩොල්පින් කොත්තු වගේ සුපිරි කොත්තු ජාති හත අටක්ම තියෙනව මෙතන. ඒ හැරුණාම ඉතින් ෆ්‍රයිඩ් රයිස්, රොටි, රස මස් කරියක් වුනත් ගන්න පුළුවන්. විශේෂම කාරණය තමයි අපි ඉල්ලන කොත්තුව අපිට ඕන විදියට සැර අඩු වැඩි කරල, චීස් හරි මස් හරි වැඩි පුර දාලා ගන්න පුළුවන් එක. හැබැයි ඉතින් ඔය මොන දේටත් උපරිම වුනොත් රු. 350ක් 400ක් යාවි.

7. Hotel de Majestic (රෑ 12 පහුවෙනකම්)

බම්බ එම් සී. එක ඉස්සරහ තියෙන මැජෙස්ටික් හෝටලේ කියන්නෙත් රෑ ජාමෙට රවුම් ගහන අය නිතරම ගොඩ වෙන තැනක් තමයි. මෙයාලගෙ ශ්‍රී ලංකන් චයිනීස් කෑම ටික තමයි නැගලම යන්නෙ. බැදපු මස් කෑලි ටිකක් දාලා හොඳ කටට සැරට හදන මෙයාලගෙ නූඩ්ල්ස් එක වගේම ෆ්‍රයිඩ් රයිස් එකත් පට්ට රසයි. රුපියල් තුන්හාරසීයට පාඩු නෑ.

8. Bilal Hotel (එළිවෙනකම්)

මේ නයිට් කඩේ තියෙන්නෙත් බම්බලපිටියෙ එම් සී. එක ඉස්සරහමයි. ඇත්ත කියන්න එපැයි. මැජෙස්ටික් හෝටලේට වඩා නම් බිලාල් එකේ කෑම රසයි. පට්ට චීස් කොත්තුවක් එහෙමත් තියෙනව. රු. 300ක් 400ක් විතර වෙන්නෙ. ඔයාල කැමති මස් ජාතියක් දාලා, සැරත් අඩු වැඩි කරල, දාගන්න පුළුවන් බිලාල් හෝටලේ කොත්තුව වගේම ෆ්‍රයිඩ් රයිස් එකත් පාන්දරට එන බඩගින්නට නම් නියම ගැලපිල්ලක්.

9. New Star Hotel (එළිවෙනකම්)

දෙහිවල, ගල්කිස්ස පැත්තෙ ඉන්න අයගෙ නයිට් කඩ අවශ්‍යතාව පිරිමහන්නෙ ගාලු පාරෙ ස්ටාර් හෝටලේ. සැර නම් සැර. නිදිමත කොහෙන් ගියාද හොයාගන්න බැරිවෙන ගාණට දාන පට්ට මස් කොත්තුවක් තියෙනව මෙයාල ලඟ. ඕන මස් ජාතියකින් ගන්නත් පුළුවන්. උපරිම වුනොත් රු. 300ක් වෙයි.

ඔය හැරුණාම තැන් තැන් වල හැංගිලා තියෙන පොඩි පොඩි නයිට් කඩ තව ගොඩක් තියෙනව කොළඹ පැත්තෙ. එත් YAMU අපි දන්නෙ ඔච්චරයිනෙ. හැබැයි ඔයාල නම් මේ කඩ ටිකට අමතරව තව රස කෑම තියෙන නයිට් කඩ දන්නවත් ඇති. අපිටත් කියනව නේද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide