සොබාදහමෙ අපූර්වත්වයට තුරුළු වෙන්න! වනගත නවාතැන් අතරින් ලස්සනම නවාතැන් 11.

අවුරුද්දක අවසානය, එළඹිලා තියෙන්නෙ සුන්දර සැණකෙලි සමයක්. කට්ටිය ට්‍රිප් යනවා, පාර්ටි දානවා… විනෝද වැඩ ගොඩයි. ඔය අතරට, අවුරුද්ද පුරාම බිසී වෙලා ඉඳල එළඹුනු අන්තිම සතිඅන්තයෙ හරි පවුලේ අයත් එක්ක විනෝද වෙන්න ප්ලෑන් කරන කට්ටියත් ඕන තරම් ඉන්නවනෙ. තමන්ගෙ ආදරණීය බිරිඳ එක්ක හරි අම්ම තාත්තා එක්ක හරි නගරෙන් ටිකක් ඈතට ගිහින් නිස්කලංක පරිසරයක, සීතල වතුර පාරක, රස කෑම ටිකක රස පහස විඳගෙන නිවිහැනහිල්ලෙ ඉඳල එන්න තියෙනව නම් ඇත්තටම කොච්චර දෙයක්ද.  

අන්න ඒ නිසයි අපි මේ කියන්න යන කාරණාව ට්‍රිප් යන්න බලාගෙන ඉන්න හැමෝටම වගේ වැදගත් වෙන්නෙ. වැඩි හරියක්ම, නාගරීකරණයෙන් අත්මිදිලා දවසකට දෙකකට හරි වනගත, සොබාදහම් අත්දැකීමක පහස විඳින්න බලාගෙන ඉන්න අයට.

ඔයාලට මතක ඇතිනෙ පහුගිය මාස දෙක තුනේ ලෝන්ග් වීක් එන්ඩ් අල්ලල අපි කියපු ලස්සන බීච්, රිවර්, වයිල්ඩ් හෝටල් ටික. අන්න ඒවයිනුත් හොඳම ඒව ටික දාලා තමයි අපි අද මේ කියන්න යන ලැයිස්තුව හැදුවෙ. බලන්නකො කොහොමද කියල. හැබැයි බලල නිකම් ඉන්න බෑ හොඳද. ඔයාලා නිවාඩුව ගත කරල එද්දි අරගෙන එන අපූරු අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නත් ඕන.

1. Chena Huts

(Jungle Beach Hotel, Yala)

යාල කැලේ ඇතුලෙ අලි, කොටි, වලස්සු විමානෙ බිම් පැලක සුපිරි නිවාඩුවක් ගත කරන්න කියාපු හෝටලයක් තමයි චෙනා හට්. ඒ විතරක් මේකෙ තියෙන්නෙ හරිම වෙනස් ලස්සනක්. කෑම බීම අතිනුත් උපරිමයි. ඉස්සරහින් තියෙන්නෙ ගල්පරවලින් අඩුවක් නැති පුළුල් වෙරළ තීරය. ඊට එහායින් නිලට නිලේ දිළෙන මුහුද. කොහොම වුනත් උදේ පාන්දරටයි හවස් ජාමෙටයි තමයි මේ බිම් පැල් ටිකේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙන්නෙ. ඇත්තටම චේන හට් හෝටලයෙ ගෙවෙන රැය නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. 

2. Yathra

(River Hotel, Benthara)

ජෙට් වින්ග් එකෙන් කරන අපූරු පාවෙන අවන්හලක්. පොල් අතු හෙවිලි කරපු ලස්සන වහලයක් තියෙන්නෙ. ලී බෝට්ටුවත් හරිම ලස්සනයි. කෑම බීම නම් කොහොමද කියන්න දන්නෙ නෑ. හිතෙන විදියට නම් පංකාදු පහට ඇති. නිදන කාමරත් උපරිම සුව පහසුවට හදල තියෙනව. එකම අවුල තියෙන්නෙ ගිණි මැලයක් ගහ ගන්න බැරි එක තමයි. ඒ වුනාට මොකද බෝට්ටු තට්ටුව අයිනට වෙලා ගඟ දෙපැත්තෙ සුන්දරත්වය විඳින ගමන් හෙමිහිට සිංදුවක් මුමුණන්න බැරියැ. යාත්‍රා එකේ ගාස්තුව නම් හොයා ගන්න බැරි වුනා. ඒත් මේක තියෙන්නෙ බෙන්තර ගඟේ කියන එක නම් හොයා ගත්තා.

3. Kumbuk River

(River Hotel, Buttala)

බුත්තල කැළේ ඇතුලෙ කුඹුක්කන් ඔය අයිනට වෙන්න හදල තියෙන කුඹුක් රිවර් හෝටලයට ගියානම් ගං ඉවුරක පහස විඳගෙනම නිවාඩුව ගත කරන්න තිබුනා. ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට කැළේ ඇවිදින්න, සත්තු බලන්න, ජල ක්‍රීඩා කරන්නත් පුලුවන්. කොහොමද රෑ ජාමෙට ගිණි මැලයක් ගහගෙන කුඹුක්කන් ඔයේ ඉවුරට වෙලා සිංදුවක් කියද්දි. බාබකියු පාර්ටි එහෙමත් නැතෑ හෝටලයෙ. හැරත් කටට රහට ගමේ කෑම ටිකක් හරි රස බලන්න පුලුවන්නෙ.

4. Rain Forest Eco Lodge

(Jungle Hotel, Deniyaya)

දෙනියාය, විහාර හේන, එන්සෙල් වත්ත කියන්නෙ සිංහරාජ මායිමේ පිහටල තියෙන අපූරු තේ වතු යායක්. සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගෙන් විතරක් නෙවෙයි මලින් බර වුණු ගස් වැල්වලින් පවා පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නෙ. මේ තේ වත්තෙ එක කඳු බෑවුමකට වෙන්න ඉදිවුනු රේන් ෆොරස්ට් ඉකෝ ලොජ් ඇවිල්ලා වන අරණක සුන්දරත්වය, සුව පහසුව ඉඳගෙන විඳගන්න කියාපු තැනක්.

මුලුමනින්ම වීදුරු බිත්තිවලින් හැඩ වෙලා තියෙන ඉකෝ ලොජ් හෝටලයෙ සිවිලිම වගේම කාමර බිම් හෙවිලි කරල තියෙන්නෙත් ලීවලින්. ඒ විතරක් නෙවෙයි හෝටලයෙ අනිත් ඉදිකිරීම් එහෙමත් සෑහෙන්න දුරට ලීවලින්ම කරල තියෙන නිසා ගතට හිතට දැනෙන ඉකෝ අත්දැකීමක් ගන්න පුළුවන්. හිතේ හැටියට හොඳ වතුර ටිකක් නා ගන්න ස්වභාවික නාන තටාක එහෙමත් ඕන තරම් තියෙනව. හැරත් කෑම බීම ටිකත් පංකාදු පහට තියෙනවනෙ. 

5. Ella Jungle Resort

(Jungle Hotel, Ella)

කිරිඳි ඔයේ සුන්දරත්වය කැටි කරල හදපු ඇල්ල නගරයෙ තියෙන සුන්දරම නවාතැනක් තමයි ඇල්ල ජන්ගල් රිසෝට් කියන්නෙ. පිහිටල තියෙන්නෙ ඇල්ල-වැල්ලවාය පාරෙ 16 කණුව හංදියට කිට්ටු වෙන්නෙ. හැබැයි පාර අයිනෙ නම් නෙවෙයි තනි කරම කැළේ ඇතුලෙ.

කැළේ කොළේට මුහු කරපු ජන්ගල් රිසෝට්වල කාමර, ආලින්ද සොබා දහමෙ සුන්දරත්වය ගතට හිතට ගේන්නෙ හරිම ආශ්වාදජනක විදියට. මුලුමනින්ම වගේ ලීවලින් ඉදිකරපු මේ හෝටලයෙ ගත කරන එක මොහොතකට වත් කාර්යය බහුල ජීවිතය නම් මතක් වෙන එකක් නෑ. මොකද ආලින්දය පාමුලින් කඩා හැලෙන සුන්දර දිය ඇල්ලයි, කිරිඳි ඔයේ සැඩ පාරයි කිසිම ඉවක් බවක් නැතුව හිත් හොරා ගන්න නිසා. ඒ විතරක් නෙවෙයි වතුරත් එක්ක සෙල්ලම් කරන්න බය නැති කට්ටියට ඇල්ල ජන්ගල් රිසෝට්වල කරන්න වැඩ ඕන තරම් තියෙනව. දිය ඇලි නගින්න, වතුරට පනින්න, ඔරු පදින්න, ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට රස කෑම රස බලන්නත් පුළුවන්.

6. Ulpotha

(Jungle Hotel, Saliyagama-Hettuwewa)

දඹුල්ලටයි, අනුරාධපුරයටයි කිට්ටු සාලි ගම, ගල්ගමුව නගර දෙක මැද්දෙ තියෙන ඇඹෝ ගමේ තමයි උල්පොත හෝටලය පිහිටල තියෙන්නෙ. හෝටලයක් කිව්වට ඇත්තටම මේක ලොජ් එකක්. පොඩි පොඩි කුටි තමයි තියෙන්නෙ. වන අරණක් නැත්නම් ආශ්‍රමයක් කිව්වත් වැරැද්දක් නෑ. මොකද මෙතන වැඩියෙන්ම කෙරෙන්නෙ භාවනා කටයුතු, යෝග කටයුතු වගේ දේවල්. ගස් ගල් උඩට වෙලා හිත එක් තැන් කරගෙන මේ කටයුතුවල යෙදෙන්න කියාපු තැන. ඒවට කැමති නැති කෙනෙක් ඉන්නව නම්, එයාලට පුළුවන් හිතේ හැටියට සත්තු බලන්න.

7. Jungle Beach Resort

(Jungle Beach Hotel, Trincomalee)

කැළේ ඉඳන් වෙරළෙ සුන්දරත්වය අත් විඳින්න විතරක් නෙවෙයි වෙරළෙ ඉඳන් කැළේ සුන්දරත්වයත් අත් විඳින්නත් කියාපු හෝටලයක් තමයි කුච්චාවෙලි ජන්ගල් බීච් එකේ තියෙන ජන්ගල් බීච් රිසෝට් එක. ලීවලින් හදල පිදුරු හෙවිලි කරපු ලස්සන ගෙවල් ටිකක් තමයි මේ හෝටලයෙත් තියෙන්නෙ. කෑම බීම, සුවපහසු කම් ටිකත් නියමෙටම තියෙනව. සැප්තැම්බර්, දෙසැම්බර් කාලවලට කුච්චාවෙලි වෙරළ තීරය කුරුළු හඬින් රැව් දෙද්දි වට පිටාවෙ ඇති වෙන සුන්දරත්වය නම් කියල නිම කරන්න බැරි තරම්. 

8. Kalundewa Retreat

(River Hotel, Dambulla)

එක පැත්තක වෙල් යායක් අනික් පැත්තෙ ඔය පාරක්, හරිම සුන්දරයි. හිතේ තියෙන ලංකා ඉතිහාසයට මොහොතකට හරි පණ පොවන්න කියාපු තැනක් තමයි කළුන්දේව බංගලාව. පිහිටල තියෙන්නෙ දඹුල්ල, දඹුලු ඔය-කළුන්දේව පාරෙ. කිට්ටුව පාත තියෙන පුංචි වැවක් පෝෂණය කරන්න යන ඔය පාරක් අල්ලල තමයි මේ බංගලාව නිර්මාණය කරල තියෙන්නෙ. වීදුරු බිත්ති, ලී හෙවිලි කරපු කාමර බිම්, සිවිලිම, ඇත්තටම කළුන්දේව බංගලාවෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්.

ඉස්සරහින් තියෙන වෙල් යාය නිසා මුලු වට පිටාවම සිහිල් හුළඟෙන් පිරිලා. කුඹුක් ගස්වලින් පිරුණු ඔය පාරත් හරිම ලස්සනයි. හොඳ සුව පහසුවට හදපු කාමර, නාන තටාක, රස කෑම විතරක් නෙවෙයි විනෝදජනක ඔරු, පාරු සවාරි පවා මෙතන තියෙනව.

9. Jetwing Vil Uyana

(Jungle Hotel, Sigiriya)

සීගිරි කැලේ අලි බලබල රැයක් පහන් කරන්න, ගිනිමැලයක් ගහගෙන ඒක වටේට වෙලා සිංදු කියන්න, රස කෑම කන්න, යන්න ජෙට්වින්ග් විල් උයනට. හිමිදිරි හිරු කිරණ සීගිරි ගල එළිය කරද්දි, ඝන කැලේක ඉඳන් ඒක දිහා බලන් ඉන්න කොට දැනෙන ආශ්වාදය කියල නිමකරන්න බෑ. කෑම්පින්ග් වගේම ඊට වඩා සුවපහසුවට ඉඳගෙන ඒ අත්දැකීම ගන්න පුළුවන් අපූරු හෝටලයක් තමයි මේ විල් උයන. 

10. Gaga Bees

(River Hotel, Thissamaharama)

තිස්සමහාරාම සඳගිරි ගම කියන්නෙ යාල මායිමට කිට්ටුව. කොහොමද අලි,කොටි, වලස්සු මැද්දෙ ගං ඉවුරක නයිටක් ගහද්දි. ගිණි මැලයක් ගහගෙන, සිංදුවකුත් කියාගෙන, රස කෑම ටිකකුත් බඩට දාගෙන ඇති පදමට විනෝද වෙලා එන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ගඟ බීස් හෝටලයෙ කාමර හදල තියෙන්නෙ හරියට බිම් පැල් වගේ, මැටි ගාලා, පොල් අතු හෙවිලි කරල එහෙම. හැබැයි හරිම සුව පහසුයි. අනික පැල්පත්වලින් වට වුනු ලස්සන පූල් එකකුත් තියෙනව. හවස් ජාමෙට ලන්තෑරුම් එළිවලින් අාලෝකමත් වුනාම තමයි ගඟ බීස්වල ලස්සන හොඳටම පේන්නෙ.

11. 98 Acres

(Jungle Hotel, Ella)

'ඇල්ල' පැත්තෙ හෝටලයක් කිව්වාම ගොඩ දෙනක් කිව්වාම ගොඩ දෙනෙක් අහන්නෙ '98 ඒකර්ස්' එකද කියල. මේ හෝටලය ඒ තරම් ප්‍රසිද්ධ, ඒකෙ තියෙන අපූරු පිහිටීම නිසා. කඳු බෑවුමක මැද්දට වෙන්න හදල තියෙන '98 ඒකර්ස්' එකේ කාමර හදල තියෙන්නෙ හෙල පැත්තට වෙන්න. ඒ කාමර හැම එකක්ම මුහුණලා තියෙන්නෙ පුංචි ශ්‍රීපාද කන්දට. වටේටම තේ වතු. උදේට ඉර පායද්දි හරිම ලස්සනයි. ඊටත් එහා ගියපු රස වින්දනයක් තමයි තොරතෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ ගේන්නෙ. කඳු නගින්න, පුරාවෘත්ත ගවේෂණය කරන්න කියාපු මේ ඇල්ල නගරයට, 98 ඒකර්ස් ගේන්නෙ ලොකු වටිනා කමක්. ඒත් අවුරුද්දෙ මුල කාලෙ, ඒ කියන්නෙ ජනවාරි, පෙබරවාරි, මාර්තු මේ පැත්තෙ යන්න පුළුවන් නම් තමයි හොඳ.

හා හා, දැන් කට්ටිය පට පට ගාලා නිවාඩුව ප්ලෑන් කලාට කමක් නෑ ඔයාල දන්න මේ වගේ අපූරු හෝටල් තියෙනව නම් ඒවත් කමෙන්ට් කරන්න. මොකද අපේ තවත් යාළුවො ඉන්නව ලස්සන වනගත හෝටල් ගැන දැන ගන්න ආස.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Tamarind opens its doors in Colombo

The new multi-cuisine restaurant brings variety, comfort food and contemporary dining to Kinross Avenue. Colombo’s

Highlights Trending

What Are the Best Gold & Gemstone Earrings to Shop at DINIDU in Colombo?

Earrings are among the most expressive pieces of jewellery a person can own. They may

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide