ටියුෂන් පන්තිවලදී අපට මුණගැහෙන චරිත 12ක්.

ඉස්කෝලේ යන කාලේ දැනුණු සැහැල්ලුව, සුන්දරත්වය වෙන කොහෙන්වත් ගන්න බැහැ. උදේට ඉස්කෝලේ ගිහින්, හවස් කාලේ වරු ගණනක් ටියුෂන් පන්තියේ ගත කරලා, ගෙදර එද්දී හවස හත, අට වුණත් අපට ඒ දවස්වල ගානක් නැහැ. ෂහ්! ඒ කාලේ ටියුෂන් පන්තිවලදී එහෙම කරපු පිස්සු වැඩ! මතක් වෙද්දී අදටත් ඉල ඇට කැඩෙනකන් හිනාවෙන්න පුළුවන්.

"ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි" කියලා කතාවක් තියෙනවනේ. ඉතින් කොහේ ගියත් ජාති ජාති කට්ටිය හම්බෙනවා අපට. ඉතින් එහෙනම් ටියුෂන් පන්තියේදී මේ ඇත්තන්ව හම්බෙලා තියෙන අය අත උස්සන්න බලන්න!

1. මොළකාරයා

මේ අපි රජ ඉබ්බෝ කාටූන් එකේ ඉන්න මොළකාරයා එහෙම නෙවෙයි හොඳේ. සර් කියල දෙන දේ මුල ඉඳන් අගට ඇහුවත්, අග ඉඳන් මුලට ඇහුවත් උත්තර දෙන්න පුළුවන් හාදයෙක් තමයි මේ. මෙයාලා ඇත්තටම පන්ති එන්නේ අනන් මනං නැතුව ඉගෙනගන්න බලාගෙන. තමන්ගේ පාඩුවේ ඇවිල්ලා ඉගෙනගෙන, තමන් වගේම තමන් වටේම ඉන්න අයත් ගොඩ දාන එක්කෙනෙක් විදියට මෙයාලව හඳුන්වන්න පුළුවන්.

2. කුම්භකර්ණයා

සාමාන්‍යයෙන් ටියුෂන් පන්තිය පටන් අරගෙන පැයක් හමාරක් යද්දී, පිටිපස්සේ බංකු පැත්තෙන් ගොරවන සද්දයක් එහෙම ඇහෙනවනම්, අපි දන්නවා කුම්භකර්ණයා පන්තියට ඇවිල්ලයි කියලා. නින්ද තමාගේ එකම සහ පරම මිතුරා වගේම විනෝදාංශය විදියට තියාගෙන ඉන්න මේ උන්දැලා ගෙදර හිටියත්, ඉස්කෝලේ හිටියත්, පන්තියට ආවත් කරන්නේ නිදියන එක තමයි.

3. ගොට්ටා

නමේ හැටියටම තේරෙනව නේ? පන්තියේ මිස්ගේ/සර්ගේ සුවච කීකරු ගෝලයා වගේ හිටියට කට්ට වැඩවලට හරිම දක්ෂ කෙනෙක් තමයි මේ ගොට්ටා. පන්තියේ දුන්න ගෙදර වැඩ එහෙම ලේසියෙන් ලිස්සලා හරින්නෙත් මිස්ට/සර්ට දාලා තියෙන ගොට්ටේ පිහිටෙන්.

4. පැණියා

තමන්ගේ පපු කැනත්තේ පිපී ලෙල දෙන පරම පිවිතුරු නිර්මල ආදරය පිරිනමන්න ලස්සන ගැහැණු ළමයෙක් හොයන්න තමයි මෙයා පන්තියට එන්නේ. උන්දැගේ ආදරේ එහෙමයි කියලා කිව්වත්, සමහර වෙලාවට "ගැහැණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් මිස් වුණොත් අනෙකේ යා හැකිය" කියන තියරිය පාවිච්චි කරන්නත් මෙයාලා පෙළඹෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් යන හැම පන්තියේම වගේ මෙයා ප්‍රේම කරන ගැහැණු ළමයි දෙතුන් දෙනෙක්ම ඉන්නවා.

5. අන්දරේ

ඇතුවත් බැරි නැතුවත් බැරි අන්දරේ, මුළු  පන්තියම හිනා ගස්සන්න සමත් ඇත්තෙක්. පිස්සුවක් නටන වෙලාවට නම් ඉන්නම ඕනේ චරිතයක් වුණත්, පන්තියේ උගන්නන වෙලාවට සර්/මිස් කියන හැමදේටම හූමිටි තියන්න ගියාම නම් මූව එපා වෙනවා.

6. බයිටා

කට ඇරියත් බයිට් වෙන්න සමත් චරිතයක් විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. යාළුවන්ගෙන් විතරක් නෙවෙයි සමහර වෙලාවට  පන්තියේ මිස්/සර්ගෙන් පවා මෙයාට ඒ අකරතැබ්බේ වෙනවා. ඉඳලා හිටලා පොඩ්ඩක් තරහ ගියොත් හැරෙන්න, ගොඩක් වෙලාවට බයිටා කියන්නේ විහිළු තහළු ඕනේ දෙයක් හිනාවෙලා ඉවසන චරිතයක්.

7. ලොක්කයියා

නෑ නෑ මෙයාට මෙහෙම කියන්නේ මෙයා වයසින් වැඩි නිසා නෙවෙයි. ඕනේ වෙලාවක, ඕනේ තැනක රණ්ඩුවකට, හෝ එයාලගේ වචනෙන් කියනවනම් වලියකට යන්න බලාගෙන තමයි මෙයාලා ඉන්නේ. ඒ වැඩවලට උදව් වෙන හෙන්චයියෝ ටික දෙනෙකුත් මෙයා වටේ ඉන්නවා. සමහර වෙලාවට රණ්ඩුවලට ගියාම, ඒවට හේතු මොනවද කියලා මිනිහවත් දන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිවිරුද්ධ පාර්ශවෙට නැතුව, තමාගේ පැත්තේ කට්ටියටම ගහපු වෙලාවලුත් ඕනේ තරම්.

8. විල්සන් මාස්ටර්ගේ පුතා

බැලුවොත් ඇත්තන් පන්තියේ බංකුවකට, මේසෙකට තඩි බාන ගමන් සින්දු කියන උන්දැ කෙනෙක් තමයි මේ. සංගීතේ තමයි මිනිහගේ ජීවිතේ.

9. සීදේවි

තමන්ගේ පාඩුවේ පන්තියට ඇවිල්ල, සද්දයක් බද්දයක් නැතුව ඉඳලා ඉගෙනගෙන යන අහිංසක ගැහැණු ළමයි ජාතියක් විදියට මේ චරිතේ හඳුන්වන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් බැරිකම කෙසේ වෙතත්, ඒකට ඕනෙකම නම් සෑහෙන මෙයාලට තියෙනවා. දකින කෙනෙක් වුණත් කියන්නේ "සීදේවි ගෑණු ළමයා" කියලා.

10. නට් එක

පන්තියක ඉන්න පුළුවන් නරකම ජාතියක්. පිරිමි ළමයින්ව දැලේ දාගෙන, උන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ වගේ ගැහැණු ළමයි එකෙක් හරි අඩු තරමේ පන්තියේ හිටියා ඔයාලට මතක ඇති. මේ වගේ අය නිසා, අමාරුවේ වැටුණු පිරිමි ළමයි ඕනේ තරම් ඒ කාලේ පන්තිවල හිටියා.

12. සරුංගලේ  

ගෙදර තියෙන පාට පාට මේකප් සේරම මූණේ උලාගෙන, තියෙන තරම් සේරම මාල, වළලු, කරාබු එල්ලගෙන පන්තියට එන ගැහැණු ළමයි ජාතියක් තමයි මේ. මෙයාලගේ ගෙජ්ජිවල සද්දේ පන්තියට මීටරයක් විතර තියලත් ඇහෙන තරම්. ටිකක් විතර ඔලුවත් උදුම්මාගෙන ඉන්න මෙයාලගේ කෙස් ගහක් හරි ඇඟේ වැදෙන්න ඕනේ, රවලා බලන හැටි බලන්න.

ඒ කාලේ අපට ටියුෂන් පන්තිවල මුණගැහුණ චරිත ගැන කියන්න ගියොත් පිටු ගාණක් වුණත් ලියන්න පුළුවන් වෙයි. බොහොම අමාරුවෙන් තමයි මේ එයින් දොළොස්දෙනෙක් විතරක් තෝරාගත්තේ. ඔයාලගේ මතකෙට එන තවත් මේ වගේ චරිත තියෙනවනම්, පහළින් කමෙන්ට් කරන්නකෝ. පස්සේ දවසක එයාලා ගැනත් කතා කරන්න බැරියැ.

Images were obtained from : apisrilankan.comhirunews.lk

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Grand’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide