ගෙදර ඉන්න සතිඅන්තේ.. කටට රහට හදල රස බලන්න ටොප් සීෆුඩ් රෙසිපි 5ක්.

සීතල කාලේ.. පොඩ්ඩක් උෂ්ණ දේවල් කෑවට අවුලක් නෑනෙ යාළුවේ!

ඒ නිසාම ඔන්න අපෙන්, මේ වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්න ඔයාලට, හිතේ හැටියට හදාගෙන රස බලන්න කියාපු ඉස්සො, දැල්ලො, මාලු රෙසිපි 5ක්…

1. ස්පයිසි චීස් ප්‍රෝන්ස්

මේකට ඔ්න කරන්නෙ ජම්බො ප්‍රෝන්ස්. එහෙම නැත්නම් මීඩියම් සයිස් වුනත් අවුලක් නෑ. කොහොමහරි ඉස්සගෙ පොත්ත ගහල හෝදල කරල පලු දෙකට ලාවට වෙන් කරන්න අරින්න වහන්න පුලුවන් වෙන්න. කරලා.. පදම් කරගන්න ඉඟුරු සුදුළූණු, කොච්චි ගම්මිරිස්, සියඹලා මිශ්‍රණයක වරු බාගයක් විතර. ඊට පස්සෙ පෑන් එකක් රත් වෙන්න තියල, ඒකට බටර් ටිකකුත් දාලා අර ඉස්සො එක එකා අරගෙන මැද්දට, හීනියට ගාගත්ත කුකින්ග් චීස් පුරවල, ටූත් පික් එකකින් හරස් අතට සිල් කරල, පදමට ෆ්‍රයි කරගන්නයි තියෙන්නෙ.

2. ග්‍රිල්ඩ් ෆිල්ඩ් කට්ල්ෆිෂ්

දැල්ලගෙ ඇඟ කොටස ගන්න. අරගෙන හෝදල කරල එක පැත්තක් නූලකින් ගැට ගහගන්න. ගැට ගහල කහ, ගම්මිරිස්, ඉඟුරු සුදුළූණු මිශ්‍රණයක පදම්වෙන්න තියලා.. පිරවුමක් හදාගන්න හීනියට ලියාගත්තු ලූණු, හතු, කැරට්, ලීක්ස්, අමු මිරිස් තෙල්දාලා. ඊට පස්සෙ ඒක දැල්ලගෙ ඇතුලට පුරවලා.. අනිත් කෙලවරත් නූලකින් ගැටගහලා.. චාකෝල් ග්‍රිල් එකක බාබකියු සෝස් හරි සෝයි සෝස් හරි ගගා.. හෙමින් සැරේ ග්‍රිල් කරගන්නයි තියෙන්නෙ.

3. බේකන් රැප්ඩ් චීස් කට්ල්ෆිෂ්

මේකට දැල්ලව අරගෙන හෝදල කරල ඇඟිලි පුරුකක් විතර මහතට, දිගඅතට තීරු කපාගන්න ඔ්න. ඊට පස්සෙ ඒවා පදම් කරගන්න ඉඟුරු සුදුලූණු, කහ ගම්මිරිස් මිශ්‍රණයක. ඒ පදම් වෙන අතරට, ඒ සයිස් එකටම බේකන් තීරු ටිකකුයි, කුකින්ග් චීස් තීරු ටිකකුයිත් ලෑස්ති කරගන්න. කරගෙන.. පෑන් එකක් රත් වෙන්න තියල බටර් ටිකක් එහෙමත් දාලා.. දැල්ලො තීරුයි, බේකන් තීරුයි අතුරන්නයි තියෙන්නෙ. ඒවයෙ දෙපැත්තම ගාණට ෆ්‍රයි වීගෙන එනකොට, දැල්ලො තීරු උඩින් බේකන් තීරු තියල, ඒ උඩින්ම චීස් තීරුව ගාණෙ තියල රෝල් කරල ටූත්පික් එකකින් අමුණල, උඩ යට දෙපැත්තත් ලාව‌ට ෆ්‍රයි කරල ගත්ත නම්.. පංකාදුයි ඉතින් ආයෙ!

4. වුඩ් කූක්ඩ් ස්පයිසි ක්‍රැබ්

ලොකු කකුළුවෙක් අරගෙන බඩ පැත්තෙ කට්ට සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඊට පස්සෙ උගෙ බඩ අනං මනං කෑමට ගත නොහැකි සියලුදේත් අයින් කරල හෝදලා.. හොඳහැටි මිරිස්, ගම්මිරිස්, කහ, ඉඟුරු සුදුළූණු, අබ, බැදපු තුනපහ අඹරල, දෙහි දාලා හදාගත්ත මිශ්‍රණයක් අතගාලා වරුබාගයක් විතර පදම් වෙන්න අරින්න. පදම් වුනාට පස්සෙ ඒක එහෙම පිටින්ම ගල් ලිපක තියල, දර අඟුරු රස්නෙන් පාට වෙනකම් උයාගන්න..

ම්.. කෑමට ගන්නකොට සුදු බතක් වගේ කිට්ටු කරගන්නකො. ඒ ඇති..

5. කොච්චි සැමන් බුල්සායි

ඉස්සෙල්ලම කොච්චි, ඉඟුරු සුදුළුණු, අබ, කෑලි මිරිස් එකට අඹරල දෙහි එකතු කරල මිශ්‍රණයක් හදාගන්න. ඊට පස්සෙ පෑන් එකකට බටර් ටිකක් රත් වෙන්න තියල ලොකු සැමන් කෑලි අතුරල අර මිශ්‍රණය ගගා.. මද ගින්නෙ ෆ්‍රයි කරගන්න. කෑලි සියල්ලම හොඳහැටි ෆ්‍රයි වුනාට පස්සෙ සැමන් කෑලි පෑන් එක පුරා බැලන්ස් වෙන්න අතුරල, හනි හනිකට බිත්තර 2, 3ක් කඩල දාලා.. බුල්සායි එක සෙට්වුනාට පස්සෙ, බාගන්නයි තියෙන්නෙ. බාලා ඉතින් කෑලි කපල.. චීස් මැදි කරපු පාන් පෙති දෙකකට වගේ..

පංකාදුයි ආ..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide