කෑම කාලා ඉවරද? විනාඩි 5ට ගෙදරදිම හදාගන්න කියාපු රස වෑහෙන අතුරුපස 5ක්.

සමහර වෙලාවට නම් කෙහෙල් ගෙඩියක් හරි තියෙනව, කෑම කාලා ඉවර වෙලා කන්න. නැත්නම් චොකලට් කෑල්ලක්, බිස්කට් එකක් හරි, කොහෙන් හරි හම්බවෙනවනෙ. හැරත් ඔෆිස් එකේ ඉන්න වෙලාවක් වුණොත් කඩේට ගිහින් හරි යෝගට් එකක්, වටලප්පමක් රස බැලුවහැකි. වැඩේ කියන්නෙ ගෙදර ඉන්න දවසට ඔය මුකුත් නෑනෙ. අඩුම තරමෙ චූන්පාන් අතුරුපසක්වත් බාග වෙලාවට සෙට් වෙන්නෙ නෑ.

හැබැයි ඉතින් එහෙමයි කියල අතුරුපසක් නොකා ඉන්නත් බෑ. මොකද බත් එක හරියට ඇල්ලුවෙ නැතොත් ඩෙසට් එකෙන්වත් හිත හදාගන්න පුළුවන්නෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ දවල් කෑම කෙසේ වෙතත්, ගෙදර තියෙන දේවල්වලින් විනාඩි 4ට 5ට රස වෑහෙන අතුරුපසක් හදාගන්න විදිය ඔයාලට කියන්න. ඒ විතරක් නෙවෙයි, මේවයින් එකක් හදාගත්තොත් හැමදාම කන අතුරුපසට වුණත් පැහැදිලි වෙනසක් දෙන්න පුළුවන්, හොඳද.

1. කෝප්ප බ්‍රවුනි

කිව්වට විශ්වාස කරන්න යාළු විනාඩි දෙකට හදා ගන්න පුළුවන් සුපිරිම ඩෙසට් එකක් තමයි මේක. අනික පදමට හදා ගත්තොත් හිතේ හැටියට, රස බලන්නත් පුළුවන්.

කරන්න තියෙන්නෙ බටර් මේස හැඳි 2ක් අරගෙන පොඩ්ඩ දියාරු වෙනකම් රත් කරගන්න එක. ඊට පස්සෙ ඒකට සීනි(බ්‍රවුන් ශුගර් නම් හොඳයි) මේස හැඳි 3කුයි, වැනිලා(තියෙනව නම්) තේ හැඳි ¼ කුයි, ලුණු මේස හැඳි ¼කුයි, බිත්තර කහමදයකුයි දාලා හොඳට ගහගන්න ඕන. ඒ මිශ්‍රණයට පාන් පිටි මේස හැඳි 4ක්, කොකෝවා පවුඩර්(කුකින් චොකලට්, නිකම් චොකලට් කුඩු කරල හරි, දිය කරල හරි ගත්තත් කමක් නෑ) මේස හැඳි 1ක් 1 1/2ක් දාලා හොඳට කලවම් කරන ගමන් චොකලට් චිප්ස් තියෙනව නම් ඒවයිනුත් මේස හැඳි 2ක් විතර දාන්න. අන්තිමට මයික්‍රොවේව් එකේ තප්පර 45ක් 50ක් දාලා ගන්නයි තියෙන්නෙ. ආයෙ ඉතින් රස ගැන මොන කතාද? හදල, කාලාම බලන්නකො.

2. චොකලට් මූස්

බ්‍රවුනි හොඳයි, මූස් හොඳා..යි කිව්වලු.

ඒ නිසා ගන්න බිත්තුර කහමදයකුයි, චොකලට්(ඩාර්ක් චොකලට් නම් තවත් හොඳයි) ග්‍රෑම් 100කුයි, ක්‍රීම්(විපින්ග් ක්‍රීම්) මිලිලීටර් 300කුයි, සීනි ග්‍රෑම් 50කුයි. ඒ හැරුණාම ඉතින් ඇමරෙටෝ සිරප් ටිකකුත් හොයා ගන්න පුලුවන්නම් මරු. ඊට පස්සෙ ක්‍රීමුයි චොකලටුයි එකට දාලා හොඳ හැටි බීට් කරගන්න. හැබැයි ඔය අතරට ඒකට ඇමරෙටෝ සිරප් තේ හැඳි 2ක් එකතු කරන්න ඕන. ඊට පස්සෙ වෙනම භාජනයකට බිත්තර කහමදයයි, සීනියිත් දාලා බීට් කරල, අන්තිමට මික්ෂර් 2 එකට දාලා කලවම් කර ගන්නයි තියෙන්නෙ. රස මදියි වගේ හිතුණොත් ෆ්‍රිජ් එකේ ටිකක් තියල ගන්නකො.

3. පළතුරු පයි

මේකෙ ඔරිජිනල් නම ඇපල් පයි. හැබැයි ගෙදරදි හදා ගනිද්දි ඇපල් පැටිස් කිව්වත් අවුලක් නෑ. මොකද මේකෙ රොටිය හදා ගන්නෙ පොඩි කරපු අලයි, බිස්කටි කුඩුයි, බේකින්ග් පවුඩරුයි දාලානෙ. සාමාන්‍යයෙන් පොඩි කරපු අල ගෙඩියකට බිස්කට් කුඩු ග්‍රෑම් 50ක් වගේ එකතු කරල තමයි මේක හදාගන්නෙ. බේකින්ග් පවුඩර් තේ හැඳි ¼ක් වගේ දැම්ම නම් හොඳටම ඇති. රොටියෙ පදම මදි වගේ හිතුණොත් තව අල ටිකක් දාලා පොඩි කරගන්න. කොහොම හරි රොටිය හදාගත්තට පස්සෙ, පොඩියට කපපු ඇපල් හරි, අන්නාසි හරි, කෙසෙල් හරි නැත්නම් ඔය ඕන පළතුරක් එක්ක ශුගර් සිරප්, කිතුල් පැණි වගේ පැණි රස අල්ලන දෙයකුත් මැද්දට දාලා කැමති හැඩේකට නවල ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්. ආයෙ ඉතින් එකපාර කෑලි 10ක් 12ක් හදාගත්ත නම්, සති ගාණකට ඩෙසට් එක ඕකේ.

4. කෙසෙල් චොකලට් ක්‍රීම්

ඔය කිව්වට කෙසෙල් විතරක් නෙවෙයි දොඩම් එහෙමත් මේකට කියාපු. කරන්න තියෙන්නෙ හරිම සරල දෙයක්. කෙසෙල් ගෙඩියක් අරගෙන ලෙලිගහල පුංචි පුංචි කෑලිවලට කපා ගන්න. හදිස්සියෙවත් කෙසෙල් නැතුව දොඩම් ගෙඩියක් තිබ්බොත් බික් ගලවල ඇටයි, පොත්තයි අයින් කරල රේණු විතරක් ගන්න. කොහොම හරි, ගත්තට පස්සෙ ඒ ටික හෝදල කරල භාජනයකට දාලා නියුටෙලා(චොකලටුයි, පීනට් බටරුයි වුණත් කමක් නෑ) මේස හැන්දක් වගේ ඒකට දාන්න ඕන. දාලා හොඳට බීට් කරගන්න තියෙන්නෙ. මික්ශර් එකේ සොෆ්ට් ගතිය වැඩි කරගන්න ඕන නම් බිත්තර කහමද තේ හැන්දක් වගේ දාන්නත් පුළුවන්. හැබැයි මතක ඇතුව සීනි තේ හැන්දක් නම් දාන්න. අන්තිමට ඉතින් ෆ්‍රිජ් එකේ තියල ගන්නයි තියෙන්නෙ.

5. චොකලට් මාෂ්මෙලෝ සැන්ඩ්විච්

මෙන්න කනව නම් ඩෙසට් කිව්වලු. ආයෙ බ්‍රෙක්ෆස්ට් එකට වුණත් ටොප් හොඳේ.අනික හදා ගන්නත් හරිම ලේසියිනෙ.

ගෙදර තියෙන පාන් පෙති 2ක් අරගෙන මැද්දට බටර් ටිකක් ගාලා හොඳ නියුටෙලා තලියක් හරි චොකලට් තොගයක් හරි අතුරන්නයි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න චොකලට් අතුරන්න කලින් පොඩ්ඩක් රත් කරල දියාරු පිට ගන්න. එතකොට තමයි නියම ගතිය එන්නෙ. අන්තිමට පොඩියට කපා ගත්තු මාෂ්මෙලෝස් කෑලි ටිකකුත් උඩින් දාලා, පෑන් එකේ දෙපැත්ත කර කරල ගත්ත නම් පංකාදු පහයි.

බාග වෙලාවට මේ ඩෙසට් එක නම් හැමදාම වුණත් කන්න හිතෙන්න ඉඩ තියෙනව.

ඒ නිසා මේ ඩෙසට් විතරක් නෙවෙයි, ඔය විනාඩි 4ට 5ට හදා ගන්න පුළුවන් ඔයාලා දන්න ඩෙසට් තියෙනව නම් ඒවත් අපිට කියන්න. මොකද ඔය නිකම් ඉන්න වෙලාවට අපිට වුනත් හදල බලන්න පුලුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide