නිතර කුස්සියෙ තියෙන දෙයින් හදාගන්න! රස වෑහෙන අපේම කෑම ජාති 5ක්.

එන්න එන්නම කඩවල් වලත් බඩු ටික ටික අඩුවෙනව. හැරත්.. තියෙන ඒවත් විකුණන්නෙ අස්ප ගණන් වලටනෙ යාළු, ඔය කවුරු කොහොම කිව්වත්.

හදිස්සියෙවත් ඒ ටික වීල් එකක දාලා ගේ ලඟට ගෙන්න ගත්තොත්.. ඊලඟ පාර බඩුගන්න තියෙන සල්ලි වලිනුත් හොඳ හරිය ගිහින්.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ.. ගෙදර තියෙන දේවල් පොඩ්ඩක්වත් නාස්ති නොකර, හැබැයි හැමදාම කන කෑම වේලට පොඩි වෙනසකුත් එන්නම.. අළුත්ම කෑම ජාති ටිකක් හදන විදිය ඔයාලට කියන්න.

එහෙනම්.. ඔන්න පහළින් බලල, හොඳ එකක් තෝරල අදම වැඩේට බහින්නකෝ!

1. හකුරු කිරි රොටි

මේකට ගන්න පුලුවන් ඔයා කලින් දවසෙ ගෙනාපු පාන්ගෙඩිය ඉතුරු හරිය. අරගෙන.. ඒකට හාල්පිටියි, සීනියි,  පොල්වතුරයි දාලා හොඳට අනලා වරු 2ක් විතර පිපෙන්න අරින්න. (පාන් කාලයි: හාල්පිටි හුණ්ඩු 2යි: පොල් වතුර කෝප්පයයි: සීනි තේ හැන්දයි). ඊට පස්සෙ ඒකටම දාන්න රස පදමට ලුණුයි, පොල් ගෙඩියක මිටි කිරියි. දාලා, ආයෙ අනලා.. තව වරු බාගයක් විතර තියෙන්න අරින්න. එහෙම තිබ්බට පස්සෙ ඔයාට පුලුවන් මේ මිශ්‍රණයෙන් වාටි නැති ආප්ප වගේ හදාගන්න. 

ඒ හදන අතරට ඔයා තව හදාගන්න ඕන හකුරු බෑයක් හිනියට ලියල අරගෙන, ඒකට හාල්පිටි මේස හැන්දකුයි, ලුණු ටිකකුයිත් දාලා ලිපේ උණු කරල හදපු දැවටුමක්.

අන්න ඒ දැවටුමේ.. අර උණු උණු රොටි ගිල්ලල තියල කොහොමහරි ලා රස්නෙත් තියෙද්දිම වගේ.. බලන්න කෙහෙල් ගෙඩියකුත් එක්කම එහෙම!

2. පොලොස් රොටි

පොලොස් කරිය හදන කොට වගේම පොලොස් ටික පොඩි පොඩියට කෑලි කපල අරගෙන.. දියකිරෙන් හොඳට තම්බගන්න ලුණු ඇඹුල්, මිරිස් තුනපහ ටිකකුත් දාලම. මොකද එතකොට පොලොස් කෑලි වලට හොඳ රසක් එනවනෙ. ඊට පස්සේ.. ඒ ටික බාලා කරල වතුර පෙරෙන්න තියල අතින් හොඳට පොඩි කරගන්න සාමාන්‍යයෙන් තලපයක් වගේ වෙන ගාණටම. අන්තිමට ඉතින් ඒකට පාන් පිටි, පොල්, ලුණු, අමුමිරිස්, ලූණු අඩුම කුඩුම කැමති දෙයක් දාලා පොල් තෙල් ටිකකුත් එකතු කරන ගමන්න පදමට අනලා.. තුනීයට රොටි හදල පුච්චන්නයි තියෙන්නෙ හ්ම්..

3. කොස් පිට්ටු

හොඳට පැහුණු කොස් මදුලු ටිකක්.. ඉස්සෙල්ලම රෙද්දක ඔතල උතුරන වතුරෙ විනාඩි 5ක් විතර තම්බලා හොඳට වේලන්න. වේලල වංගෙඩිය දාලා කෙටුවාම කොස් පිටි ගන්න පුලුවන්. අන්න ඒ පිටි කෝප්ප 4ක් එක්ක හීනියට ගාගත්ත පොල් කෝප්ප 2යි, කරපිංචා, ලුණු, කෑලි මිරිස්, උම්බලකඩ ඇති හැටියට එකතු කරල ඇල් වතුර ද දා අනන්න කැට වෙනකම්. ඊට පස්සේ.. ඒ කැට ටික පිට්ටු බම්බුවෙ දාලා තම්බන්නයි තියෙන්නෙ. හැබැයි.. ඒ අතරට, කරවල හොද්දක් මිරිසට හදාගන්නත් අමතක කරන්න එපා හොඳද.

4. කොහිල ස්ටු

මස් ස්ටු කනවනේ.. හැබැයි කොහිල කිව්වොත් කටේ තියන්නෙ නෑනේ.. එහෙනම් මේ විදියට හදල බලන්නකො. කොහිල අලය අරගෙන ඇඟිලි පුරුක් බාගයක විතර ඝනකම තියෙන්න රවුම් පෙති කපලා, පිහි මිටෙන් ගහලා ලාවට තලන්න. තලලා.. ඒකට ලුණු ඇඹුල්, කහ, මිරිස්, මස්කරි, එක්ක රම්පෙ කරපිංච, අබ ඇඹරුමක් දාලා හොඳට අතගාන්න. අතගාලා මැටි ඇතිලියක වරු බාගයක් විතර තියෙන්න අරින්න රස අල්ලන්න. ඊට පස්සේ වෙනමම ලොකුවට ලියාගත්තු ලූණු, මිරිස්, උම්බලකඩ අඩු වැඩි ටිකක් තෙල් දාලා අරගෙන, තෙල් ටිකත් එක්කම ඇතිලියට දාලා මදගින්නෙ දියකිරෙන් තම්බගන්න. තම්බල දියකිර හිඳීගෙන එද්දිම මිටිකිරි ටිකක් දාලා ලාවට හින්දල ගත්ත නම්..

පෝරණු පාන්ගෙඩියකට වගේ තමයි ඈ…

5. බිස්කට් ලේයර් පුඩිම්

ටිකක්.. පෙඟිච්ච වගේ බිස්කට්!

විසිකරනවද?

අපරාදෙනේ.. ඒවයින් පුඩිම් හදන්න පුලුවන්නේ..

හරිම ලේසියි. කරන්න තියෙන්නෙ පෙඟිච්ච බිස්කට් ජාති වෙන වෙනම අරගෙන එළකිරිවල හරි, පිටිකිරිවල හරි පෙඟෙන්න දාන්න. ඒ අතරට වෙනමම හදාගන්න චොක්ලට් (කෝකෝ පවුඩර්/ කුකින් චොක්ලට්), සීනි/ අයිසින් සුගර්, බටර් (100g: 300g: 100g) අනුපාතයට දාලා හොඳට කලවම් කරල හදපු මිශ්‍රණයක්. ඊට පස්සේ.. මිශ්‍රණයෙන් තට්ටුවයි බිස්කට් එක ජාතියකින් තට්ටුවයි, ආයෙත් මිශ්‍රණයෙන් තට්ටුවයි, තව බිස්කට් ජාතියකින් තට්ටුවයි.. 

අන්තිමටම උඩට කජු ටිකක් එහෙමත් දාන්න පුලුවන් නම් පංකාදු පහට තියෙයි, ෆ්‍රිජ් එකේ තියල ගත්තාම!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

Hot Chook – all about that Chicken

By Hiruni Herath Service and Ambience The head chef at Hot Chook was very helpful

Highlights Kamu

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

Trending.

Elvis the Sensationalist – the Movie Review

By Hiruni Herath The Movie If you’ve watched the movie trailer for Baz Luharmann’s Elvis,

Trending

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Yamu Guide.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide