ගෙදරම ඉඳල එපා වෙච්ච අයට.. අපූරු ඩේ ට්‍රිප් එකක් යන්න ලස්සන තැන් 5ක්.

දැන් ඉතින්..

අවසාන සටනෙ ඉන්න කොළඹ සහ ගම්පහ දෙකත් ලඟදිම විවෘත කරයිනෙ. ඊට පස්සේ.. කාට කාටත් පුලුවන් තම තමන්ගෙ සාමාන්‍ය ජීවිතවලට ආයෙත් හෙමින් සැරේ මුල පුරන්න. හැබැයි.. බොහෝම පරිස්සටම හොඳද. හැකි උපරිමයෙන් සෞඛ්‍යාරක්ෂිතව වැඩ ටික කරගෙන යන්න ඔ්න. අඩුම තරමෙ මේ මාසෙ ඉවර වෙනකම්වත්..

මොකද.. එහෙම හිටියොත් තමයි අපි කාට වුනත්, ලබන මාසෙ දිහාවටවත්, පොඩි ගමනක් බිමනක් යන්න, විනෝදයක් වෙන්න මගක් පෑදෙන්නෙ. ඇත්තම කිව්වොත් ඒ බලාපොරොත්තුව ඇතුවමයි අපිත් මේ හොඳහැටි කල්පනා කරලා..

ඔයාලා වෙනුවෙන්ම,

අපූරු ඩේ ට්‍රිප් ටිකක් යන්න කියාපු තැන් ටිකක් කියන්න හිතුවෙත්.

අනික.. දැන්ම ඔ්වා කියල තිබ්බොත්නෙ ඉතින් ඔයාලටත් පුලුවන් වෙන්නෙ දවසක් දාගෙන වැඩේ ප්ලෑන් කරගන්න, නේ…

1. Makandawa Forest Reserve

ගොඩ දෙනෙක් මේ නමින් කිව්වාම දන්නෙ නෑ. දන්නෙ කිතුල්ගල කුරුලු කැලේ කිව්වාම. කොහොමහරි.. ඒකට කාරි නෑ. කොළඹ ඉඳන් කිලෝ මීටර 90ක වගේ දුරකින් තියෙන, කැළණි ගං මිටියාවතේ පහස ලබන මේ අපූරු කැළෑ පොඩ්ඩ ඇතුලේ.. ලොකු ලොකු වැඩ නම් තොගයක්ම තියෙනව. විශේෂයෙන්ම.. කුරුල්ලො බලන්න යන්න, පොඩි කඳු මුදුනකට හයික් එකක් යන්න, එහෙමත් නැත්නම්.. පොඩි පොඩි ලස්සන දිය ඇලි තොගයක් බලන්න යන්න, ඒවයෙ නාලා කරල විනෝද වෙන්න.. ෂැහ්, කියල වැඩක් නෑ ආ.. ෆුල් රිලැක්ස් දවසක් ගතකරන්න කියාපුම. හැබැයි වැඩේ කියන්නේ.. ඒක ඔයාලට තනියම ගිහිල්ල නම් කරගන්න ටිකක් අමාරුයි. අනිවාර්යයෙන්ම වගේ ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඔ්න. ඒ නිසා.. දැන්ම ප්ලෑන් කරන ගමන්, කිතුල්ගල අවට ඇඩ්වෙන්චර් වැඩ කරන කවුරු හරිත් හොයල කරල තියාගත්ත නම් තමයි වටින්නෙ.

2. Yagirala Forest Reserve

බෙන්තර ගඟට මායිම් වෙච්ච තවත් අපූරු කැළෑ පොඩ්ඩක්. පිහිටල තියෙන්නෙ කොළඹ ඉඳන් කිලෝමීටර 90ක වගේ දුරකින් පැළවත්ත, වලල්ලාවිටට කිට්ටු වෙන්න. ඇත්තම කිව්වොත් මේවා සිංහරාජයෙන් පසු කාලීනව වෙන් වෙච්ච කැළෑ ප්‍රදේශ තමයි. කොහොමහරී.. මේ කැළෑවෙත් ඇවිදල කරල සතා සීපාවා, කූරුළු කොබෙයියො බලල විනෝද වෙන අතරට, බෙන්තර ගඟට කිටුවෙන් නාලා කරල බෝට්ටු සවාරියක් එහෙමත් යන්න බැරි වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, මේ ගමනෙදි ඔයාලට වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනයට ගොඩවෙලා හිත ටිකක් නිදහස් කරගන්නත් අපූරු අවස්ථාවක් තියෙනව හොදඳ. 

3. Dellawa Forest Reserve

නෙලුව හරහා යළිත් සිංහරාජ මායිම්වලට. කොළඹ ඉඳන් කිලෝමීටර 125ක වගේ දුරකින්.. ගිං ගඟට මායිම් වෙච්ච ඝන වනාන්තරයක්. මේකෙ නම් සතා සීපාවා, කුරුළු කොබෙයියො බලන්න යන්න විතරක් නෙවෙයි ලස්සන ලස්සන දියඇලි තොගයක් බලන්න යන්න, පුංචි පුංචි කඳු නගින්න යන්න, සීතල ඔය පාරක බැහැල හිතේ හැටියට නාලා කරල රිලැක්ස් වෙන්න නියමම තැන. හැබැයී.. වැඩේ කියන්නේ ඒ සියළුම වැඩ ටික කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම මග පෙන්වන්නෙකුගෙ සහය නම් ලබා ගන්නම වෙනව. මොකද.. මේ කැළේ ටිකක් ලොකුයිනෙ.

4. Rathgama Lake

ගාලු පාර දිගේ ගියත්.. මේ අපූරු බෝට්ටු සවාරියට සෙට් වෙන්න කොළඹ ඉඳන් දුර තියෙන්නෙ කිලෝමීටර 130ක් වගේ. රත්ගම වැව, ඒ පැත්තෙ කවුරුත් හොඳහැටි දන්න වගේම ධීවර කර්මාන්තයටත් ප්‍රසිද්ධ වැවක්. ඒ විතරක් නෙවෙයි වැව මැද්දෙ තියෙන පුංචි පුංචි දූපත්, ඉවුරු වලට කිට්ටු වෙන්න තියෙන කඩොලාන ඇත්තටම බලන්න වටිනව යාළු. හැබැයි ඉතින් වරුවක්වත් ඉන්න ඔ්න, කෑම ටිකක් එහෙමත් අරගෙන ගිහිල්ල, බෝට්ටුවෙ ඉඳන්ම කාලා, නිවිහැනහිල්ලෙ..! එතකොට තමයි ඒ සොබා සෞන්දර්යයෙ ආශ්වාදය අපිට හරහැටි අත්දකින්න පුලුවන් වෙන්නෙ. ඊට පස්සෙ ඉතින්.. හැන්දැ වෙලා යන්න බැරියැ රත්ගම බීච් එක පැත්තටත්.. නැද්ද?

5. Koggala Lake

කට්ටිය ගොඩක්ම බෝට්ටු සවාරිය යන්නෙ බොල්ගොඩ වැවෙයි, මාදු ගඟෙයිනෙ. හැබැයි ඒ වගේම, බාග වෙලාවට ඊටත් ලස්සන බෝට්ටු සවාරියක් යන්න පුලුවන් කොග්ගල වැවෙත්. මොකද ඒකෙත් මැද්දට වෙන්න තියෙනව පුංචි පුංචි දූපත් ටිකක්. එතකොට.. ඉවුරු වලට වෙන්න කඩොලාන හොඳ හැටියට. හැරත් මඩොල් දූව! ඔක්කොමත් හරි පැය ගාණක බෝට්ටු සවාරියෙන් පස්සේ.. හෙමින් සැරේ කොහොමද ඉර බැහැගෙන යන වෙලාවට කොග්ගල බීච් එකට සෙට් වෙද්දි?

එහෙනම්.. අදම ප්ලෑන් කරන්න පටන් ගන්න.. එතකොට ලබන මාසෙ දිහාට ගිය හැකිනෙ හෙමිහිට.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Lakeside’s delicious High Tea spread- 2022

Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of

Kamu

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Cheers to The Great Indian Roast at Bombay Borough

By Hashini Pathirana We are all here for a short time and definitely for a

Highlights Kamu

Get Fuel’d with Street Burger’s All New Lunch Menu!

By Shamrina Carim Street Burger has launched an exciting, affordable, and a simple lunch menu

Highlights Kamu

Fine Dining with a Sri Lankan twist

Black Coral at Jetwing Beach, Negombo By Shanali Fdo Bringing the luxury of fine dining

Kamu

An epic Saturday brunch at Uga Residence

By Shamrina Carim Rare bar + Kitchen is a quintessential significant historical home that is

Highlights Kamu

Trending.

A Silver Lining at Cinnamon Hotels & Resorts Colombo

Seasonal celebrations centered around Resilience of the Nation   Colombo, Wednesday 30th November 2022: Resilience, a

Trending

Kingsbury Colombo launches a “Christmas Carriage of Hope”

The Kingsbury Colombo launched their “Christmas Carriage of Hope”, a festive icon that represents the

Trending

PickMe celebrates the launch of PickMe Pass!

PickMe had an exciting event where they celebrated the launch of their new initiative PickMe

Trending

Shangri-La Colombo Toasts to Five Years of Celebrating the Colorful Joys of Life

Shangri-La Colombo toasts to five years of celebrating the colourful joys of life here in

Trending

Don’t miss these 11 Daraz Deals on Electronic Appliances

Daraz 11.11 Biggest Sale! Daraz, the leading e-commerce platform in Sri Lanka, is all prepped

Trending

A Cabin Immersed in Nature

The Latest Addition to Hanthana Eco Lodge Delivers a Transcending Experience Inspired by the wonders

Trending

Yamu Guide.

5 Places to watch the FIFA World Cup

By RR It's been a week of toasting wins and drowning sorrows around the globe. 

Highlights Yamu Guide

High Tea Buffet Round Up 2022

By Ruchika Seneviratne The exquisite British tradition of High tea has well and truly cemented

Highlights Yamu Guide

Vegan and Vegetarian Spots around Colombo (October 2022)

By RR This article is dedicated to all the vegans and vegetarians out there looking

Highlights Trending Yamu Guide

5 Things to expect at Nelum Kuluna

By Ruchika Seneviratne It is the ‘Full happening’ place in Colombo right now. It seems

Yamu Guide

7 Cozy Cafés around Colombo (October 2022)

By Rahma Rifkhan Every now and then, we all just need to press pause on

Highlights Yamu Guide

6 Stores to get the iPhone14

By Shanali Fdo Bigger and better than ever Apple has done it again! The talk

Highlights Yamu Guide