මිලියන ගණන් රතු රෝස, චොකලට් විකිණෙන සුප්‍රසිද්ධ වැලන්ටයින් දිනය ගැන, අප්‍රසිද්ධ කාරණා 5ක්.

කැස්සයි, ආදරෙයි හංගන්න බැහැයි කියනවනේ. පොඩි කැස්සක් නම් ඉතින් දත්මිටි කාගෙන, ඇස්වලින් කඳුළු පෙරාගෙන වහන් කරගන්න පුළුවන්. ඒත් ආදරේට එහෙම කරන්න බැහැනේ. මොකද පොඩියට, ලොකුවට කියලා සයිස්වලින් මනින්න පුළුවන් එකක් නෙවෙයි මේක. ආදරෙයි නම් ආදරෙයි; ඒ නැත්තන් නැහැ තමයි. ඔච්චරයි කතාව!

ආදරේ ගැන කතා කරනකොට, පෙබරවාරි 14 කියන දිනය ගැනත් අමතක නොකර බැහැ. සමහර කට්ටියකගෙන් නොසෑහෙන්න බැණුම් අහන, තවත් කට්ටියක් රෝස මල්, චොකලට්වලින් සමරන දිනයක් තමයි මේක. හැම කෙනෙක් ම සමරන්න දිනයක් තියෙන එකේ, ‘ආදරවන්තයන් සමරන්නත් දිනයක් තිබුණ ම මොකෝ’ කියලා අහන අයත් ඔය අතරේ ඉන්නවා.

ඒත් හැබෑවට ම වැලන්ටයින් දිනය කියන්නේ මොකද්ද? අපි අද කතා කරන්නේ ඒ ගැන.

මොකද්ද මේ වැලන්ටයින් දිනය?

Image Source : npr.org

වැලන්ටයින් දිනය කියන එක බිහිවෙන්නේ ශාන්ත වැලන්ටයින් කියන චරිතයත් එක්ක. හැබැයි, ක්‍රිස්තියානි සහ රෝමානු කතෝලික ආගම්වල ඉතිහාස පොත්වලට අනූව ශාන්ත වැලන්ටයින්, එහෙමත් නැත්තන් වැලන්ටිනස් කියන පුද්ගලයා ගැන කියවෙන කතන්දර කීපයක් ම තියෙනවා. ඔය අතරින් වැඩියෙන් ම ප්‍රසිද්ධ 3 වෙනි ශතවර්ෂයේ රෝමයේ ඉඳපු පූජකවරයාගේ කතාවයි.

ඒ කාලේ රෝම අධිරාජ්‍යයෙක් වුණු දෙවැනි ක්ලෝඩියස්, තමන්ගේ හමුදාවේ උන්නු සෙබළුන් අවිවාහකව සිටිය යුතුයි කියලා නීතියක් පනවලා තියෙනවා. මේකට හේතුව විවාහක සෙබළුන්ට වඩා, අවිවාහක සෙබළුන්ගේ ක්‍රියාශීලී බව ඉහළයි කියන විශ්වාසය ඔහුට තිබුණු නිසා. ඉතින් මේ කාරණාවේ අසාධාරණ බව දැකපු ශාන්ත වැලන්ටයින් නම් පූජකවරයෙක් ඒ අණ නොතකා, රහසේ ම සෙබළුන් ව විවාහ කරවන්න කටයුතු කරලා තියෙනවා. මේ කතාව ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ කණට වැටෙන්න වැඩි කලක් ගියේ නැහැ. අධිරාජ්‍යයාගේ අණට පිටුපෑම කියන වැරැද්ද නිසා, වැලන්ටයින් පූජකවරයාට මරණීය දණ්ඩනය නියම වුණා.

Image Source : effectivechurch.com

රෝමානු සිරගෙවල්වලින් ක්‍රිස්තියානුවන්ට පැනලා යන්න උදව් කරපු වැලන්ටයින් නම් තවත් පූජකවරයෙක් ගැන කතාවකුත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඒ වගේ ම, රෝමානු සිරකරුවෙක් විදියට කල් ගත කරපු තවත් වැලන්ටයින් නම් පූජකවරයෙක්, තමන් ඉඳපු ඒ සිර ගෙදර ජේලර්වරයාගේ දියණිය එක්ක ආදරයෙන් බැඳුණා කියලා කතාවකුත් අපට අහන්න ලැබෙනවා. අදටත් ව්‍යවහාරයේ තියෙන “From your Valentine” කියන පද පෙළ අපේ කතා බහට එක් වුණේ, මේ පූජකවරයා තමන් ව මරා දමන්නට කලින් දවසේ අර තරුණියට දුන්නු පෙම් හසුනක් නිසාලු.

Image Source : beyondthestorm.us

කොහොමින් කොහොමහරි, වැලන්ටයින් දිනයට වැලන්ටයින් කියලා කෙනෙක්ගේ සම්බන්ධතාවයක් තියෙන වග නම් සක් සුදක් සේ පැහැදිලියි. ඒ පුද්ගලයා අනිත් අය වෙනුවෙන් කරුණාවක්, ආදරයක් දක්වපු බවත් දැකගන්න පුළුවන්. ශාන්ත වැලන්ටයින්ගේ ලෙසට සැලකෙන හිස් කබලක් අදටත් ඉතාලියේ රෝම නුවර පල්ලියක ප්‍රදර්ශනයට තියලා තියෙනවා.

කියාගන්න බැරි ආදරේ සංකේතවත් කරන රතු රෝස

වැලන්ටයින් දවසේ විතරක් නෙවෙයි, කොයි දවසේ වුණත් ආදරේ සංකේතවත් කරන්න රතු රෝස දෙන පුරුද්ද ආවේ වික්ටෝරියානු අවධියේ. මොකද වචනයෙන් කියන්න බැරි හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා මල් වර්ග පාවිච්චි කරන්න ආරම්භ කළේ ඒ කට්ටියනේ. ඉතින් ආදරය, සෙනෙහස වගේ හැඟීම් පළ කරන්න ඒ අය තෝරාගත්තේ රතු රෝස. කහ පාට රෝසවලින් තමයි මිත්‍රත්වය වගේ දේවල් සංකේතවත් වෙන්නේ.

ඔය අතරේ තියෙන තවත් කතාවක් තමයි ‘ආදරයට අධිපති දෙවඟන වුණු වීනස්ගේ ප්‍රියතම මල් වර්ගයත් රතු රෝස’ ය කියන මතය. ඉතින් මල්වලින් පටන්ගත්ත මේ සිරිත, අද වෙද්දී රතු රෝසවල සුවඳ තියෙන පර්ෆියුම් වර්ග දක්වා දියුණු වෙලා තියෙනවා.

ආදරේට කෑදරෙන් කන්න; චොකලට්

Image Source : candyfavorites.comthechocolatejournalist.com

ඉස්සර ඔය ටෙලිනාට්‍යවල, චිත්‍රපටිවල පෙන්නන්නේ; කල් යල් බලලා, ජැන්ඩි පහට ඇඳලා කෙල්ල ව බලන්න කොල්ලා යන්නේ චොකලට් පෙත්තක් අරගෙනමයි. රතු රෝස වගේ ම තමයි, ආදරේ සම්බන්ධ දේවල්වලදී චොකලට්වලටත් විශේෂ තැනක් ලැබෙනවා.

ආදරයයි, චොකලට් අතරයි තියෙන සම්බන්ධය 1300 වසර වගේ ඈත කාලෙකට දිව යනවා. මෙක්සිකෝවේ මිසෝඇමෙරිකන් සංස්කෘතිය එහෙමත් නැත්තන් ඇස්ටෙක් සංස්කෘතිය තිබුණු කාලයේදී ඉඳපු මොන්ටෙසුමා කියන අධිරාජ්‍යයා, තමන්ගේ රෝමාන්තික හැකියාවන් ඔප් නංවාගන්න කොකෝවා ඇට පාවිච්චි කළා කියලා විශ්වාසයක් තියෙනවා.

ඔයින් මෙයින් ඇරඹුණු චොකලට් – ආදර සම්බන්ධතාවය 1861දී තවත් කඩයිමක් පහු කළා. මොකද ඒ අවුරුද්දේ තමයි වැලන්ටයින් කියල ම නිර්මාණය වුණු චොකලට් පෙට්ටියක් ලෝකෙට හඳුන්වලා දුන්නේ. මේකේ පුරෝගාමියා වෙන්නේ රිචඩ් කැඩ්බරි, නොහොත් කැඩ්බරි සමාගමේ වැඩ කටයුතු ඒ කාලේ කරපු පුද්ගලයෙක්. හාට් ෂේප් එක තියෙන මේ චොකලට් පෙට්ටිය විවිධ වෙනස්කම් එකතු කරගන්න ගමන් අදටත් ජයට ම අලෙවි වෙනවා. 2014 අවුරුද්දේ විතරක්, මේ චොකලට් පෙට්ටිවලින් ඩොලර් මිලියන 36ක මුදලක් උපයා ගත්තා කියලා වාර්තාවල සඳහන්.

කොහොමත් චොකලට්වල තියෙන phenylethylamine, tryptophan වගේ සංඝටකවලට, අපේ මොළයේ ප්‍රීතිය උපදවන අංශය උත්තේජනය කරන්න පුළුවන්. ඒ නිසාමදෝ කොහේදෝ කෙනෙක්ගේ හිත දිනාගන්න පුළුවන් හොඳම ද්‍රව්‍යය විදියට චොකලට් හඳුන්වන්නත් කට්ටිය පෙළඹිලා තියෙනවා.

පළමුවෙනි වැලන්ටයින් සුබපැතුම  

Image Source : historybyzim.com

පළමුවෙනි වැලන්ටයින් සුබපැතුම විදියට සැලකෙන්නේ 1415දී ඕර්ලීන්ස් නගරයේ ඩියුක්වරයා වුණු චාර්ල්ස්, තමන්ගේ බිරිඳට යවපු හසුන්පතයි. ලන්ඩන් ටවර් සිරගෙදර සිරබත් කන ගමන් ඔහු ලියපු මේ ලියුම, අදටත් ලන්ඩනයේ බ්‍රිටිෂ් පුස්තකාලයේ දැකගන්න පුළුවන්.  

Image Source : blogs.bl.uk

ඩියුක්වරයා ප්‍රංශ බසින් ලියපු පෙම් හසුන හැරුණා ම, ඉංග්‍රීසි බසින් ලියපු පැරණිත ම වැලන්ටයින් හසුන වාර්තා වෙන්නේ 1477 අවුරුද්දේ. ඒ මාජරී බෘව්ස් නම් කාන්තාවක් තමන්ගේ පෙම්වතාට යවපු ලියුමයි. තමන් එක්ක ආදරෙන් උන්නු ඒ පෙම්වතා හදිසියේ වෙනස් වෙන්න පටන්ගත්ත නිසා තමයි මේ වැලන්ටයින් හසුන ලියන්න ඇය පෙළඹිලා තියෙන්නේ.

ලංකාවේ වැලන්ටයින්

Image Source : theeastafrican.co.ke

ලංකාවේ වැලන්ටයින් දිනය උන්මාදයක් බවට පත් වෙන්න පටන්ගත්තේ බොහොම මෑත කාලෙදී. හැබැයි පිටරටවල්වල මේ දවස මාකට් වෙන්න අරගෙන දැන් අවුරුදු 100කටත් වැඩියි.

මිනිස්සු අතරේ මේ දවස ගැන මොන මතිමතාන්තර තිබුණත්, ලංකාව පුරා ම රෙස්ටෝරන්ට්, හොටෙල්වල වැලන්ටයින් උත්සව පැවැත්වෙනවා. කොළඹ අවට තියෙන ඒ වගේ ඉවෙන්ට් ගැන විස්තරයක්, අපේ රිශානි ලියපු මේ ආටිකල් එකෙන් බේරගන්න පුළුවන්.

මාකටින් කිරිල්ල කෙසේ වෙතත්, ආදරය කියන්නේ අවුරුද්දට එක දවසක් විශේෂයෙන් වෙන් කරගෙන සමරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවුරුද්දේ හැමදාක ම, ගෙවෙන හැම පැයකම මතක් කරන්න ඕනේ කාරණයක්. අනික පෙම්වතාට, පෙම්වතියට තියෙන ආදරයට විතරක් සීමා නොවී, තමන්ගේ දෙමාපියන්ට, හිත මිතුරන්ට දක්වන ආදරය ගැනත් කල්පනා කළ යුතුමයි. මොකද එක දවසේ සන්තෝසෙට රෝස මලක් දීලා, පාටි දාලා නටනවට වඩා ගැඹුරක් මේ අකුරු හතර ඇතුළේ ගැබ් වෙලා තියෙනවා.

Image Source : mountlaviniahotel.com

දිවි පරදුවට තියලා ආදරය කරපු දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිමි කරගත් සාලිය – අසෝකමාලා, ආදරය වෙනුවෙන් සටන් කරපු රාමා – සීතා, අසම්මත පෙමක පැටළුණු දස්කොන් – ප්‍රමිලා, කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් – ලොවීනා වගේ ආදර කතා ගැන අදටත් අපි කතා කරන්නේ ඒ නිසානේ. තව අවුරුදු ගාණක් ගියත් අපට මේ ආදර අන්දර අමතක වෙන එකක් නැහැ. මොකද අද අපි වැලන්ටයින් දවස කිට්ටු කරලා මාකට් වෙන  සරුවපිත්තල ආදරේට වඩා යමක් ඒ කතාවලින් දැකගන්න පුළුවන්. ඒ නිසා වැලන්ටයින් දවසේ විතරක් නෙවෙයි, ඒ ආදරේ හැමදාමත් එක වගේ තියාගන්න ඇහැකි නම් තමයි හොඳ.

කවරයේ පින්තූරය : Danushka Senadeera Photography
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide