නත්තලට ‘ට්‍රැවල් කරන්නයි තෑගි බෙදන්නයි’! ලස්සන, දුෂ්කර ගම්මාන 6ක්.

දෙසැම්බරය, නැත්නම් නත්තල් මාසෙ කියන්නෙ ජාති ආගම් බේද නැතුව කොයි කවුරුත් තෑගි බෝග බෙදා හදා ගන්න මාසෙනෙ. හරියට අපේ අළුත් අවුරුදු මාසෙ වගේ. අතමිට සරු උදවිය නැති බැරි අයට උදව් කරන අතරෙ සමහර නැති බැරි අයත් තම තමන් හරි හම්බ කරපු දේවල් වලින් එක එක්කෙනාට උදව් කරගන්නව. එතකොට… දුප්පත් අයත් එක්ක එකතු වෙලා පුංචි පහේ සාද පවත්වල විනෝද වෙන්නත් එයාලා අමතක කරන්නෙ නෑ.

කොහොම වුනත් අවාසනාව කියන්නෙ යාළුවනේ මේ හැම දෙයක්ම නගර බදට සීමා වෙච්ච ගතියක් තියෙන එක තමයි. අපි හිතන විදියට එහෙම වෙන්නෙ අපේ රටේ දුෂ්කර ගම්මාන ගැන කට්ටිය හරි හැටි දන්නෙ නැති නිසා වෙන්න ඕන. අන්න ඒ නිසයි මේ නත්තල් නිවාඩුවට හිතේ හැටියට ට්‍රැවල් කරන්න බලා ගෙන ඉන්න ඔයාලට ඒ වගේ ලස්සන, දුෂ්කර ගම්මාන ටිකක් ගැන කියන්න හිතුවෙ.

හැබැයි ඉතින් යන ගමන නිකම්ම අත් දෙක වන වන ගියොත් නම් තේරුමක් නෑ යාළුවනේ. මොකද ඔයාලා මොනව හරි ගෙනිච්චොත් තමයි මේ දුප්පත් ගම්මාන වල ඉන්න මිනිස්සුන්ගෙ විශේෂයෙන්ම පොඩ්ඩන්ගෙ, ඉස්කෝලෙ යන ළමයින්ගෙ අඩු ලුහුඬු කම් පිරවෙන්නෙ. වැඩි හරියක්ම පොත් පත්, ඇඳුම් පැළඳුම් වගේ.

එහෙනම් ඉතින් හොඳට කල්පනා කරල බලල බැක් පැක් එකට බඩු ටික දාගන්න එක ඔයාගෙ යුතුකම. අපි කියනවට ඉස් ඉස්සෙල්ලාම කියල මේ සැරේ ඔයා එක ගමකට නත්තල් සීයා වෙන්නකො. ගලේ කෙටුව වගේ කියන්නම්, ඊලඟ සැරේ නත්තල එනකම් ඔයා ඇඟිලි ගැන ගැන ඉඳීවි, වෙන දෙයකට නෙවෙයි තවත් ඒ වගේ ගමකට නත්තල් සීයා වෙන්න.

ඒකයි කියන්නෙ, පොඩ්ඩො රංචු පිටින් දූවගෙන ඇවිල්ල ඔයා දෙන පොත්, පැන්සල් අරගෙන “ස්තූතියි මාමේ” කියද්දි හිතට දැනෙන සතුට නගරෙට වෙලා ඉඳගෙන පාර්ටි දාලා ගන්න බෑ යාළු.

1. ගම්තුන

ඡායාරූපය: උපාලි මල්ලිකාරච්චි

සබරගමුව පළාතෙ පිහිටල තියෙන ගම්තුන ගමට යන්නෙ කොටියාකුඹුර, උඳුගොඩ හරහා. දැන් නම් ගම්තුන ටවුන් එකක් තියෙනව. ඒත් ඇතුලට යන්න යන්න සෑහෙන්න දුෂ්කරයි. අත්‍යවශ්‍ය පහසුකම් අතරින් ගොඩක් ඒව තිබුනට ඒවයෙ ක්‍රියාකාරීත්වය සෑහෙන්න දුර්වල නිසා ඒවයෙනුත් ඒ හැටි වැඩක් නෑ. හැරත් උෟන කන්ද, ලේපල කන්ද, බලගල කන්ද වගේ කඳු වලින් වට වෙලා තියෙන මේ ගමේ දියුණුවට උර දෙන්න ඉන්නෙත් ලොකු රබර් වතු ටිකයි ඝන කළෑ කොළේ ටිකයි විතරයිනෙ. ඒ හැරුණාම හීන් සැරේ ගලා ගෙන යන ගුරුගොඩ ඔය, විසාල වෙල් යායවල් ටික ගමේ උදවියගෙ බඩ ගෝස්තරේ රැක ගන්න පුලු පුලුවන් විදියට උදව් කරනව. ගම්තුන ඇල්ලෙන් හැඩ වෙලා ගැමි සුන්දරත්වයෙන් අනූන වුනාට මොකද මේ ගමේ ඇත්තො ගෙවන්නෙ හරිම දුෂ්කර ජීවන රටාවක්. අඩු ලුහුඬු කමුත් එමටයි. ඉතින් කොළඹ ඉඳන් වැඩි දුරක් නැති මේ ගමට නත්තල් සීයා වෙන්න පුලුවන් නම් ඒකත් සෑහෙන්න වටිනව.

2. ලංකාගම

ඡායාරූපය: Traveljournals

සිංහරාජ මායිමේ හැංගුණු අපූරු ගම්මානයක්. යන්න තියෙන්නෙ ගාල්ල, නෙලුවට ගිහින් එතනින් කොස්මුල්ල හරහා කැලේ මැදින් වැටුණු පාරක. කිලෝමීටර 3ක් 4ක් විතර තියෙනව. ගිං ගං මිටියාවතේ පිහිටපු ලංකාගම ගම්මානය නම් කොස්, දෙල්, පොල් වලින් වගේම කුඹුරු කොරටු වලිනුත් හොඳ හැටි පෝෂිතයි. විශේෂයෙන්ම ගම වටේටම දිය ඇලි, ගල් තලා එහෙමත් පිරිලා. දූවිලි ඇල්ල කියල ලස්සන දිය ඇල්ලක් තියෙනව. එතකොට බ්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ තව දිය ඇලි තොගයකුත් තියෙනව. ඒ හැරුණාම කුරුලු කොබෙයියො, සතා සීපාවා නිතර දෙවේලෙ ගැවසෙන නිසා පාළුවක් නම් නෑ. හැබැයි ඉතින් මේ වැස්ස කාලෙ පටන් ගැන්මත් එක්ක ලංකාගම පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන විදිය ගැන සෑහෙන්න ප්ලෑන් කරන්න වෙයි. ඒ විතරක් නෙවෙයි ගමේ ගොඩේ පොඩ්ඩො ටික සතුටු කරන්න පොත පත කෙසේ වෙතත් ටොපි චොකලට් ටිකකුත් ගෙනියන්න වෙයි හොඳද.

3. රඹුක්ඔළුව

ඡායාරූපය: කසුන් අමරසේන

නකල්ස් කඳු පන්තියෙ වියළි කලාපීය බෑවුමට වෙන්න පිහිටල තියෙන මේ ගම්මානයත් බත බුලතින් සරු සාර වුනාට තාක්ෂණය, අධ්‍යාපනය වගේ කාරණා අතින් සෑහෙන්න දුෂ්කරයි. සුන්දර ළමා කාලයක් උරුම වුනත් මේ ගමේ පොඩ්ඩො ලොකු අනාගත ගැන හීන මවන්නෙ නෑ. ගොඩ දෙනෙක් සාමාන්‍ය පෙළින් හැලිලා සුපුරුදු රස්සාවල් වල නිරත වෙනව. එහෙමත් කෙනෙක් තමයි කෝස් එකක් හරි කරන්න පෙළඹෙන්නෙ.

ඒ කොහොම වුනත් සුන්දරත්වය අතින් නම් රඹුක්ඔළුව ගම්මානය සෑහෙන්න ඉහලයි. මාතලේ, රත්තොට, ගෝනවෙල, ගඟහේනවල හරහා එන්න තියෙන මේ ගම්මානය ඉත්තෑගල, කොරහන, කළුපහන වගේ කඳු රංචුවකින් වට වෙලා තමයි තියෙන්නෙ. ගමේ ජල සම්පාදනය සිද්ධ වෙන්නෙ කළු ගඟෙන්. එතකොට දෙගංතුඩුව ඇල්ල වගේ ලස්සන දිය ඇල්ලක් එහෙමත් ගම කිට්ටුව තියෙනව. මුලුමනින්ම කඳුකර කැලෑවෙන් ගහන වුනාට මොකද ගම පෝෂණය කරන්න ඉමක් කොනක් නොපෙනෙන වෙල් යායක්, ලොකු එළවළු කොරටු එහෙම නම් තියෙනව.

4. පිටකැළේ

සිංහරාජ මායිමේ පිහිටල තියෙන මේ ගම්මානයත් හරිම ලස්සනයි. ඒ වගේම තමයි හරිම දුෂ්කරයි. රත්නපුර, හන්ගමුව, නිවිතිගල හරහා දොළොස්වල කන්ද පාරෙන් ගිහින් තමයි ගමට යන්න තියෙන්නෙ. වෙල් යායවල් නැති වුනාට මොකද කොස්, දෙල්, පොල් වලින් සරු සාර නිසා ගමේ ගොඩේ උදවිය හොඳට කාලා ඇඳල ඉන්නව. ඒත් අධ්‍යාපනය, තාක්ෂණය පැත්තෙන් ගත්තොත් නම් අනිත් දුෂ්කර ගම්මාන වල තත්වයම තමයි.

5. පිටමාරුව

බදුල්ල, පස්සර පාරෙන් මඩොල්සිම හරහා මැටිගහ තැන්න ගමට යන අතර මග මුණගැහෙන අතුරු පාරක් දිගේ තමයි පිටමාරුව ගමට යන්න තියෙන්නෙ. ඒ සුපුරුදු පා ගමන අතර මගදි තේ වතු වගේම කුඹුරු කොරටුත් ඕන තරම් දැක බලාගන්න පුලුවන්. එතකොට ඔය පාරවල් කඳු ගැට එහෙමත් එමටයි. විශේෂයෙන්ම කියන්න ඕන ඔරිජිනල්ම කුඩා ලෝකාන්තය තියෙන්නෙත් මේ කියන පිටමාරුව ගමේ තමයි. ඇත්තටම හරිම ලස්සන තැනක්. බාග වෙලාවට ලෝකාන්තයටත් වඩා ලස්සනයි කියන්න පුලුවන්. ඇයි ඉතින් මුලු බිබිල නගරයම පේනවනෙ.

වැඩේ කියන්නෙ පිටමාරුව ගමේ නම් අත්‍යවශ පහසුකම් ගොඩක් ඒව තියෙනව. අවාසනාවට ගම් වැසියන්ට, එයාලගෙ පොඩ්ඩන්ට ඉගෙන ගන්න එකේ වටිනකම කියල දෙන්න තරම් දැනුමක් නෑ. ඒ නිසා එහෙමත් ළමයෙක් තමයි ටිකක් හරි ඉගෙන ගන්නෙ. ඉතින් ඔයාලට පුලුවන් නම් පිටමාරුව ගමට ගිහින් ඒ ළමයින්ව දිරිමත් කරන්න, ඉගෙන ගන්න ආස හිතෙන විදියට කටයුතු සම්පාදනය කරන්න, ගොඩක් පින් ලැබේවි.

6. උඩගල් දෙබොක්ක

ඡායාරූපය: ජනිත් චන්ද්‍රකුමාර

උඩගල් දෙබොක්ක තියෙන්නෙ නුවර, මහියංගණ පාරෙ හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තට වෙන්න. උඩුදුම්බරින් තල්ගුණේ, හුළුගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න ඕන. මේ හරිය ඇවිල්ල නකල්ස් කඳු පන්තියෙ එක බෑවුමක්. බත බුලතින් හොඳ හැටි සරු සාර මේ ගමේ ජීවන රටාව ටිකක් දුෂ්කර වුනත් මිනිස්සු නම් ඉන්නෙ හරිම සතුටින්. මොකද කුඹුරු කොරටු සරු සාරව තියෙනවනෙ. ගංගා, ඇල දොළ වගේම කඳු නිම්න වලිනුත් අඩු නැති ගලමුදුන ගම උදේ පාන්දරට වගේම හවස් ජාමෙටත් හරිම ලස්සනයි. වෙල් යායට එපිටින් පේන ලකේගල, ඊට පැත්තකින් පේන යහන් ගල විතරක් නෙවයෙි උහුණුගල,තෙලඹුගල, කුවේණිගල, තුන්හිස්ගල වගේ කඳු තොගයක් ගලමුදුන ගම ලස්සන කරනව. එතකොට ගම මැදින් ගලා ගෙන යන හීන් ගඟත් ගමට ගේන්නෙ අමුතුම සුන්දරත්වයක්. ඒත් අවාසනාවට වගේ උඩගල් දෙබොක්ක ගමේ පොඩ්ඩොත් තම තමන්ගෙ අනාගත අධ්‍යාපනය හරහා සාර්ථක කරගන්න පැත්තට නම් ඒ හැටි නැඹුරුවක් නෑ.

ඉතින් යාළුවනේ මේ නත්තල් නිවාඩුවට යන ටුවර් ටිකට ලොකු අර්ථයක් දෙනව නම් මෙන්න හොඳම අවස්ථා ටික. යාළුවොත් එක්ක කතා බහ වෙලා කල් ඇතුව වැඩේ ප්ලෑන් කරගෙන යන්න. සත්තයි, අරක්කු බියර්, මස් මාළු එක්ක දාන පාටියකට වඩා දාහකින් ආතල් වැඩක් වේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide