ෂොපින් කරන්නයි ආදර කතාබහටයි! කියාපු සාප්පු සංකීර්ණ 6ක්.

ඇත්තටම කපල් එකක් ෂොපින්ග් කරන්න යන්නෙ ෂොපින්ග් කරන්න තියෙන උවමනාවටමද?

අපි නම් එහෙම හිතන්නෙ නෑ. මොකද ඔය ෂොපින්ග් මෝල් එකක් ඇතුලට ගියාම අපිට මුණ ගැහෙන කපල් අතරින් ගොඩ දෙනෙක් කරන්නෙ කොහෙට හරි පොඩි හේත්තුවක් දාගෙන කතා බහක ගිලිල ඉන්න එකනෙ. සමහරු ආදරයෙන් අත් දෙක අල්ලගෙන කතා කරද්දි තවත් සමහරු පොඩි පොඩි සණ්ඩු සරුවල්වල. ඔය අතරෙ, තැනක තියෙන නිදහස හරියට අත් විඳින්න නොදන්න මෝඩයොත් ඉන්නව. එයාලට තමයි ආරක්ෂකයින්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙන්නෙ.

කොහොම වුනත් සාප්පු සංකීර්ණවල වැදගත්කම ලොකුවටම අත් විඳින පිරිසක් විදියට පෙම්වතුන් හඳුන්වන්න පුළුවන්. ඒ හැරුණාම සෙට් පිටින් බහින යාළුවොත් ඉන්නව. හවස් ජාමෙට නැත්නම් සති අන්තයෙ පොඩි රවුමක් දාලා යන්න එන අළුත බැඳපු ජෝඩු තමයි අනිත් කට්ටිය. ඉතින් අපි හිතුවා මෙකී නොකී හැමෝටම, සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන විදියෙ සුපිරි සාප්පු සංකීර්ණ ටිකක් කියන්න.

ඇඳුම් පැළඳුම්, ගෙදර දොරේ බඩු, ෆෝන්, ලැප්ටොප්, කැමරා මිලදී ගන්න විතරක් නෙවෙයි ෂොපින් කරල මහන්සියට රස කෑම බීම කන්න, කාලා ඉවර වෙලා නිදහසේ පාඩුවෙ පුංචි කතා බහක් දාන්නත් මේ සාප්පු සංකීර්ණ ටික නියමයි. වෙලාවක් තිබුණොත් ෆිල්ම් එකක් බලන්න යන්නත් පුළුවන්නෙ.

හැබැයි එකක් මතක තියා ගන්න, කොතන ගියත් විනීතව හැසිරෙන්න!

1. Independence Arcade

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ තියෙන ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩ් එක ඇත්තටම ආදරණීයයන් දෙන්නෙක්ට නිදහසේ ඇවිදින්න කරන්න, වාඩි වෙලා කතා බහක් දාන්න කියාපු තැනක්. රස කෑම තොගයකින් පිරුණු කඩ පේලියකුත් තියෙන නිසා බඩ ගින්න, තිබහ ගැන බය වෙන්න දෙයකුත් නෑ. හැබැයි ඉතින් ෂොපින් කරනව නම් කරන්න තියෙන්නෙ ඇඳුම් ආයිත්තම් ටික තමයි. ගෙදර දොරේ බඩු නම් එහෙමකට කියල ගන්න නෑ. ඒ වුනාට සුව පහසුව ඉඳගෙන ෆිල්ම් එකක් බලන්න නම් පුළුවන්.

2. Liberty Arcade

කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොටින්ම කියනව නම්, නැති දෙයක් නැති තරම්. මෑත කාලෙදි මේ ලිබර්ටි ප්ලාසා එක අලුත් වැඩියා කරල සුව පහසුව වගේම කඩ ප්‍රමාණයත් වැඩි කරපු නිසා තමයි 'ලිබර්ටි ආර්කේඩ්' නම වැටුනෙ. ඇඳුම් පැළඳුම් වලින් පටන් ගත්තාම ඉලෙක්ට්‍රොනික් බඩු, ගෙදරට ඕන කරන දේවල්, පාර්ටි දාන්න ඕන කරන දේවල්, කෑම බීම වගේම එක එක්කෙනාගෙ අවශ්‍යතාවල හැටියට වැඩිය හොයා ගන්න නැති බඩු වුනත් ලිබර්ටි ආර්කේඩ් එකේ තියෙනව. ලිබර්ටි ආර්කේඩ් එක ඉස්සරහම ලිබර්ටි ෆිල්ම් හෝල් එකත් තියෙන නිසා කිසිම අඩු පාඩුවක් නැති සාප්පු සංකීර්ණයක් විදියට ලිබර්ටි ආර්කේඩ් එක හඳුන්වන්න පුළුවන්.

3. Kandy City Center

කොළඹ කපල් විතරද ෂොපින් යන ගමන් ආදරය කරන්නෙ? මෙන්න නුවර කට්ටියටත් තියෙනව සුපිරි තැනක්. ශ්‍රී වික්‍රම රාජසිංහ මාවතේ කැන්ඩි සිටි සෙන්ටර් එක කිව්වට ගොඩ දෙනෙක් ඕක දන්නෙ කේ. සී. සී. කියල. මේකෙත් නැති දෙයක් නැති තරම්. ඇඳුම් පැළඳුම් වලින් නම් කිසිම අඩුවක් නෑ. ඒ වගේම තමයි ගෑණු ළමයින්ට හැඩ වැඩ දාන්න ලස්සන වෙන්න ඕන කරන දේවල්, ගෙදර දොරට ඕන කරන බඩු, ඉලෙක්ට්‍රොනික් බඩු, බෑග් වගේ දේවල් වලින් කේ. සී. සී. එක පිරිලා. රස කෑම බීම ගන්නත් ඕන තරම් කඩ තියෙනව. ඒත් නුවරට ත්‍රී ඩී ෆිල්ම් හෝල් එකක් නැති අඩු පාඩුව නම් කේ. සී. සී. එකට තාම පුරවන්න බැරි වුනා.

4. ODEL

ටවුන් හෝල් ඔඩෙල් එකත් කොළඹ පැත්තෙ ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධයි. පොඩි අවුලකට කියල තියෙන්නෙ ප්‍රධාන පාරවල් වලින් වට වෙලා තියෙන නිසා ඇහෙ වාහන සද්දෙ තමයි. ඒ වුනාට ඇතුලට ගියාම නම් ඒ වගක් වත් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන ඔඩෙල් එකේ වැඩි හරියක්ම තියෙන්නෙ ඇඳුම් පැළඳුම්. ඒ හැරුණාම තරුණ තරුණියන්ට හැඩ වැඩ වෙන්න ඕන කරන දේවල්, පොඩි අයට ඕන කරන සෙල්ලම් බඩු වගේ දේවලුත් තියෙනව. හැබැයි ගෙදර දොරට අවශ්‍ය දේවල්, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල් නම් නෑ. ඒත් සුපිරි ෆුඩ් කෝට් එකක් තියෙනවනෙ. රසම රස පළතුරු ජූස් බොන්න, බර්ගර්, සබ්මැරීන් වගේම රයිස්, කොත්තු රස බලන්නත් කියාපු තැන.

5. Majestic city

ලංකාවෙ තියෙන සුපිරිම සාප්පු සංකීර්ණය විදියට අමාරුවෙන් හරි තවමත් හඳුන්වන්න පුළුවන් බම්බලපිටියෙ එම්. සී. එක ඇත්තටම ෂොපින් කරන ගමන් ආදරය කරන්න කියාපු තැනක්. ගොඩ දෙනෙක් හොඳට දන්න කියන මේ සාප්පු සංකීර්ණයෙ නැති දෙයක් නෑ කියල බය නැතුව කියන්න පුළුවන්. පල්ලෙහා තට්ටුවෙන් ඇඳුම් අරගෙන උඩට නැග්ගාම ගෙදර දොරට ඕන කරන දේවල්, හැඩ වැඩ වෙන්න ඕන කරන දේවල්, බෑග්, ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න පුළුවන්. ඊට උඩ තට්ටුවත් එහෙමයි. එතකොට උඩම තට්ටුවෙ තියෙනව සුපිරි ත්‍රී. ඩී. ෆිල්ම් බලන්න පුළුවන් ෆිල්ම් හෝල් දෙක තුනක්ම. ෆිල්ම් බලල එන පෙම්වතුන්ට කෙලින්ම බහින්න තියෙන්නෙ යටම තට්ටුවට. බඩ පිරෙන්න විතරක් නෙවෙයි හිතත් පිරෙන කම්ම කෑම කන්න, කෑම කඩ තොගයකින් පිරුණු ෆුඩ් කෝට් එකක් එම්. සී. එකේ තියෙනව. ඔය ඔක්කොම වැඩ ටික ඉවර වුනාම දෙන්නට පුළුවන් ඇතුලෙ තියෙන පොඩි බැම්මක් අල්ලගෙන වාඩි වෙලා ඇති වෙනකම් කතා කර කර ඉන්න. තව මොනවද ඉතින්, නේ.

6. K Zone

මොරටුව ගාලු පාරෙ වගේම ජා ඇල කපුවත්තෙත් තියෙන කේ. සෝන් සාප්පු සංකීර්ණයත් මෑත කාලෙදි ප්‍රසිද්ධ වුනු නියම තැනක්. ගෙදර දොරේ බඩු හැරුණාම අනිත් හැම දෙයක්ම වගේ ගන්න තියෙන කේ. සෝන් එකේ හොඳ ෆුඩ් කෝට් එකකුත් තියෙනව. තායි, චයිනීස් වගේම යුරෝපීය කෑම ජාති රස බලන්නත්, ෆෘට් ජූස් එකක් බොන්නත් පුළුවන්. ඒ හැරුණාම ආදර කතා බහක් දාගෙන පොඩි වෙලාවක් වාඩි වෙලා ඉන්නත් බැරි කමක් නෑ. හැබැයි ඉතින් ෆිල්ම් හෝල් නම් නෑ.

ෂොපින් යන ගමන් ආදරය කලත් ආදරය කරන ගමන් ෂොපින් ගියත්, යාළුවනේ අපේ රටේ සංස්කෘතියෙ තියෙන එක එක කාරණා නිසා ඔය කොයි කොයි තැනත් නීති රීති තියෙනව. ඒ නිසා හොඳ කල්පනාවෙන් හැසිරෙන්න ඕන.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

An ideal dinner date spot in Colombo – Ward 7

By Shamrina Carim Are you struggling to decide where you could have a decent fancy

Kamu

Reaching new heights at Virticle by Jetwing’s rooftop bar & restaurant

We were so excited to go to the highest rooftop bar & restaurant in Colombo

Highlights Kamu

Satisfy your Kottu cravings at KottuLabs

Located in Nawala down a little lane, Kottulabs is home to the widest and most

Highlights Kamu

Trending.

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Celebrate Father’s Day with your Super Dad at Hilton Colombo!

Looking to express your gratitude for the superhero of your household this Father’s Day? Hilton

Trending

Yamu Guide.

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide

How Bio Oil reduces scars

By Shanali Fernando Still curious about this little pink bottle of magic and what it

Highlights Yamu Guide