රස මස් හොද්දක් එක්ක උණුඋණුවෙන්; රු.700ට අඩුවෙන් නාන් රොටී කන්න කියාපු කඩ 7ක්.

අපේ සමහර කට්ටියක් ඉන්නවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකට යන්නේ බිරියානි කන්න. හැබැයි ඔය අතර තවත් කට්ටියක් ඉන්නවා නාන්වලට තියෙන කෑදරකමට මේවට යන අය. උණුඋණු නාන් රොටි ටිකක් එක්ක, කටට රහට හදපු මසාලා රස වෑහෙන උකු හොද්දක් තියෙනවනම්, ඔය කට්ටියට ආයේ වෙන මුකුත් ඕනේ නෑ. අන්න ඒ වගේ උදවියගේ කෑදරකම් සේරම හරි යන විදියේ තැන් කීපයක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නේ.

අහ්! අමතක වෙන්න කලින් මේකත් කියලම ඉන්නම්කො. මේ හැම තැනින් ම රු.700ට අඩුවෙන් බඩ පුරවගන්න ඇහැකි හොඳේ!

1. DineInn

ගාලික් නාන්, බටර් නාන්, චීස් නාන් ආදී වශයෙන් නා නා ප්‍රකාර නාන් තොගයක් කන්න ඕනේ නම් ඔන්න තැන. තියෙන්නේ වැල්ලවත්තේ ඩබ්ලිව්.ඒ සිල්වා මාවතේ. බටර්වල තෙල් ගතියයි, රසයි දෙකම එක්කාසු වෙලා තියෙන නිසා මේ නාන්වල රස තවත් වැඩියි. අනික වැඩි ගාණකුත් නෑනේ. මෙතැන බටර් නාන් එකක් රු.120යි. වැඩේ කියන්නේ මේ කට්ටිය ළඟ තියෙනවනේ පංකාදු බටර් චිකන් (රු.450) කරියකුත්. උකු හොද්දකුත් එක්ක, ලොකු චිකන් කෑලි හත අටකුත් දාලා, හප්පේ! දුම් දමදමා සුවඳ ගහගහ මේසෙට එනකොට නිකන් ම තොල කට ලෙව කැවෙනවා.

2. Chana's

නාන් විතරක් නෙවෙයි, රස ම රස චපාති රොටී, රුමාලි රොටී කන්නත් කියාපු තැන. මේකත් තියෙන්නේ කලින් කිව්ව ඩබ්ලිව්.ඒ සිල්වා මාවතේමයි. හැබැයි ඩයින්ඉන් එක පහු කරගෙන ටිකක් දුර යන්න ඕනේ. සාමාන්‍යයෙන් රොටියක් රු.150ක් වගේ වෙනවා. හැබැයි මේවා නිකන් කාලා වැඩක් නෑ. මේ කට්ටියගේ බීෆ් කුරුමා (රු.500) එකත් එක්කම ගන්න ඕනේ. මොකද ටිපිකල් බීෆ් කුරුමා එකකින් එන්න ඕනේ මසාලා ස්පයිසි රස මේකේ අඩුවක් නැතුව තියෙනවනේ.

3. Sulthan Palace

ෂහ්! සුල්තාන් පැලස් එකේ තියෙන චීස් නාන් එක තමයි සුපිරි ම. වටේ දාරෙන් කරස් සද්දෙට හැපෙන තරමට බැදිලා. මැද්දෙන් තමයි චීස් රස එන්නේ. රු.140ට තඩි රොටියක් ගන්න පුළුවන්. මෙයාලගෙත් බටර් චිකන් කරිය තමයි හොඳට ම නැගලා යන්නේ. තද රතු පාට හොද්දකුත් එන මේ කරියේ අඩුවැඩි නොවෙන තරමට කුළුබඩුත් හොඳ පදමට දාලා තියෙනවා. වැඩි ගාණකුත් නැහැනේ, රු.360යි වෙන්නේ. ඒකට මොකද තුන්දෙනෙක්ට වුණත් බෙදාගෙන කන්න පුළුවන් තරමට ඇති.

4. Ponnusamy Non-Veg Chettinad Restaurant

ෂහ්! ඔරිජිනල් රසට බටර් නාන් කන්න පුළුවන් තවත් තැනක් තමයි මේ. කොළඹ හතේ හෝටන් ප්ලේස් එකේ තියෙන මේ පොන්නුසාමි රෙස්ටෝරන්ට් එකේ කරි වර්ග තෝරගන්නකොට නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ අයගේ කරි ටිකක් ගාණ වැඩියිනේ. අනික රසත් එච්චර හරි නැහැ. කොහොම වුණත් අපි ට්‍රයි කරලා බලපු කරිවලින් හොඳ ම එක තමයි ආලෝ ගෝබි මසාලා (රු.470) එක. ගී, කුළුබඩු රස එහෙම නියමෙට එන විදියට හදපු හොද්දක් ඒක. හැබැයි කරිවල පෝෂන් සයිස් සෑහෙන්න පොඩියි. දෙන්නෙක්ට බෙදාගන්න පුළුවන් වැඩිම වුණොත්.

5. Spice Coast

මස් හොදි කන එක පැත්තකින් තියන්නකෝ. ගන්න ස්පයිස් කෝස්ට් එකේ චන්න මසාලා එක. හප්පච්චියේ! උණු බටර් නාන් එක්ක තකටතක යන හොද්දක්නේ මේක. නියම මසාලා රසක් තිබුණා. ඔය උතුරු ඉන්දියාවේ හදන ටිපිකල් චන්න මසාලා එකේ රසට සෑහෙන්න සමානයි. රු.390ට හතරදෙනෙක්ට වුණත් බෙදාගෙන කන්න පුළුවන් සයිස් එකේ පෝෂන් එකකුත් ලැබෙනවනේ.

6. Mathura Restaurant

කොහොමද ලොකු තාලි එකක තියපු රසම්, පරිප්පු හොදි, වෙජ් කඩායි, අල කරි, වෙජ් බිරියානි සේරමත් එක්ක නාන් කන්න චාන්ස් එකක් තියෙනවනම්? මරු නේ? ඕකට කියාපු තැන තමයි බම්බලපිටියේ මතුරා එක. මේ අයගේ නෝර්ත් ඉන්දියන් තාලි එකේ ඔය කියන ජාති සේරම ටික කන්න පුළුවන්.  රු.530ටනේ ඔය සේරම හම්බවෙන්නෙත්. ඒ නිසා තවත් වාසියි.

7. Mango Mango Indian Restaurant

ඔන්න තියෙනවා රසට බටර් චිකන් කන්න පුළුවන් තවත් කඩයක්. හැබැයි තියෙන්න පානදුරේ. අපට දැනගන්න ලැබුණු විදියට අනුරාධපුර පැත්තෙත් මේකේ බ්‍රාන්ච් එකක් තියෙනවලු. ගඩොල් රතු පාටට දිලිසි දිලිසි තියෙන මේ කට්ටියගේ බටර් චිකන් (රු.495) එක කන්න නම් පානදුරට තකහනියක් ගිහින් ආවත් කමක් නැහැ. මොකද ඒකත් එක්ක කටට රසට හැදෙන බටර් නාන් තොගයක් ම දෙසා බාන්න පුළුවන්නේ.

ඇත්තම කිව්වොත් නාන්වලට කෑදර උදවියට විතරක් නෙවෙයි, අපේ අයගේ බිරියානි කෑමේ ආසාවන් සංසිදුවගන්නත් මේ රෙස්ටෝරන්ට් 7 නියමයි. තවත් බිරියානි ගැන විස්තර ඕනේ නම්, අපේ බුද්ධික මාමා ලියපු මේ ලිස්ට් එක කියවලා බලන්න. හැබැයි කාලා බීලා ඉවර වෙලා, අපට ඒ ගැන වගතුග කියන්නත් අමතක කරන්න එපා හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

An ideal dinner date spot in Colombo – Ward 7

By Shamrina Carim Are you struggling to decide where you could have a decent fancy

Kamu

Reaching new heights at Virticle by Jetwing’s rooftop bar & restaurant

We were so excited to go to the highest rooftop bar & restaurant in Colombo

Highlights Kamu

Satisfy your Kottu cravings at KottuLabs

Located in Nawala down a little lane, Kottulabs is home to the widest and most

Highlights Kamu

A flavorful journey to the North East by Paadum Meen

An ecstatically beautiful place located down Frankfort place, Bambalapitiya has caught a significant eye for

Highlights Kamu

Trending.

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Celebrate Father’s Day with your Super Dad at Hilton Colombo!

Looking to express your gratitude for the superhero of your household this Father’s Day? Hilton

Trending

Yamu Guide.

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide

How Bio Oil reduces scars

By Shanali Fernando Still curious about this little pink bottle of magic and what it

Highlights Yamu Guide