අහක දාන ප්ලාස්ටික් බෝතල්වලින් දාන්න පුළුවන් වැඩ 7ක්.

මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාමෙන් ඇදිච්ච කුණු ප්‍රශ්නයේ අදටත් නිමාවක් දකින්න නැහැ. මේ සිද්ධියෙන් පස්සේ කොළඹ කුණු දාන විදිය සැරින් සැරේ වෙනස් වුණා. කාලයක් කිව්වා පිළියන්දල කරදියාන කසළ අංගනයට බැහැර කරනවාය කියලා. ඊළඟට ඕක වෙනස් වුණා මුතුරාජවෙලට. ඒ වැඩේ හරි ගියෙත් නැහැ. අන්තිමට දැනගන්න ලැබුණු විදියට, කොළඹ කුණු පුත්තලමට ගෙනිහින් දානවා කියලා තමයි කතාව. කොහොම වුණත්, මේ කුණු කතාවේ ප්‍රධාන ම අංගයක් වෙන්නේ නොදිරන පොලිතීන් සහ ප්ලාස්ටික්. ඔන්න පොලිතීන් නම් සැප්තැම්බර් පළමුවෙනිදා ඉඳන් තහනම් වෙනවලු. එතකොට ප්ලාස්ටික්වලට මොකද වෙන්නේ? ඔන්න ඔය ගැන හිතපු අපි කල්පනා කළා ගෙදර දොරේ අහක දාන ප්ලාස්ටික්වලින් කරන්න පුළුවන් වැඩ කීපයක් ගැන කියන්න (විශේෂයෙන් ම ප්ලාස්ටික් බෝතල්වලින්).

1. මල් පෝච්චි

Image Source : thisiscolossal.com

මේක බොහොම පරණ ට්‍රික් එකක්. දැනටමත් මේ විදියට හදපු මල් පෝච්චි ඔයාලගේ ගෙවල්වල ඇති. හොඳ ම වැඩේ තමයි මේ විදියට මල් වවන්න වත්තේ පිටියේ ඉඩක් ඕනේ වෙන්නෙ නැහැ. බිත්තියක වුණත් එල්ලලා තියන්න පුළුවන්. හැබැයි ඉර එළිය ටිකක් ලැබෙන තැනක වෙන්න ඕනේ. මොකද නැත්තන් මේ මල් පැල වැඩෙන්නේ නැහැනේ. මේ මල් පෝච්චි  හදාගන්නත් අමාරු නැහැ. ඔය වීසිකරන පරණ ප්ලාස්ටික් බෝතල්වල මැද්දෙන් තරමක කොටුවක් කපලා ගත්තා නම් හරි. පරණ ප්ලාස්ටික් බෝතල්වලින් ප්‍රයෝජනයක් ගැනෙනවා වගේ ම, ගෘහ අලංකරණයත් වෙන නිසා තවත් හොඳයි.

2. ආභරණ රාක්කය  

Image Source : epbot.com

මේක හොඳ ලස්සනට හදන්න නම් පරණ ප්ලාස්ටික් බෝතල් හතරක් වගේ ඕනේ. ඔය කොකාකෝලා වගේ බීම දාපු, අඩිය මලක් හැඩේට තියෙන බෝතල් තමයි මේ වැඩේට හොඳට ම ගැලපෙන්නේ. ඒ අඩි කීපයක් කපලා, හැම එකේ ම මැද්දෙන් පුංචි සිදුරක් විදින්න. දැන් ගන්න ඉස්කුරුප්පු ටයිප් එකේ කූරක්. අර සිදුරු මැද්දෙන් මේ කූර දාන ගමන්, වොෂර් ටිකකුයි, නට්ස් ටිකකුයිත් අරගෙන ඒ එකක් එකක් හිරවෙන විදියට සවි කරගන්න. මතක ඇතුව රාක්කයේ අඩියට පාවිච්චි කරන බෝතල් අඩිය මුනින් අතට හරවලා දාන්නත් අමතක කරන්න එපා හොඳද.

3. චිත්‍රවලට  

Image Source : alphamom.com

කාට කෙසේ වෙතත් පොඩ්ඩන්ට මේක විනෝදාත්මක අත්දැකීමක් වේවි. ලස්සන ට මල් අඳින්න මේ වැඩේ නියමයි. තීන්ත එකේ බෝතල් අඩිය එබුවා, චිත්‍රය උඩින් තිබ්බා. ඔය තියෙන්නේ ලස්සන ඇඳපු මලක්! මතක ඇතුව මේකටත් අර මල් හැඩය තියෙන ප්ලාස්ටික් බෝතලයක් ගන්න හොඳද.

4. නත්තල් ගහ

ඉස්කෝලේ යන පොඩි අයගේ අත්වැඩට වුණත් කරන්න පුළුවන් වැඩක් තමයි මේ. මුලින් ම ගන්න ප්ලාස්ටික් බෝතලයක්. ඕක කෑලි තුනකට කපාගන්න ඕනේ. මැද හරියේ කොටස ටිකක් ලොකුවට තියෙනවා නම් තමයි හොඳ.

දැන් මේ මැද කෑල්ල, ආයෙත් පොඩි කොටස් කීපයකට කපාගන්න. එහෙම කරලා, අර වෙසක් කූඩුවට රැළි කපනවා වගේ තීරු කපාගන්න. මේවා පාවිච්චි වෙන්නේ නත්තල් ගහේ අතුවලට.

දැන් ප්ලාස්ටික් බටයක් අරගෙන, බෝතලේ කට හරියෙන් කපාගත්ත කොටස ඔය පින්තූරේ තියෙන විදියට සවි කරගන්න. ඊළඟට, අර අතු විදියට පාවිච්චි කරන්න කපපු රැළි ටික අරගෙන සෙලෝටේප්වලින් මේ ප්ලාස්ටික් බටයේ අලවගන්න.

Image Source : stranamasterov.ru

කොහොමද මේ නත්තල් ගහේ හැඩ ඈ!

5. මල් වාස් එක  

Image Source : boredpanda.com

ගන්න මෙගා බෝතලයක්. යට කොටසේ උස වැඩිවෙන විදියට කෑලි දෙකකට කපාගන්න. දැන් ඔය වෙන් කරගත්ත යට කොටස පින්තූරේ තියෙන විදියට පුංචි තීරු විදියට කපලා, පිට පැත්තට නවන්න. ඊළඟට ඒ තීරු ආයෙත් දෙකට මැද්දෙන් නවන්න; හැබැයි මෙදා සැරේ බෝතලේ ඇතුල් පැත්තට වෙන්නයි නවන්න ඕනේ. ඔය තියෙන්නේ ලස්සනට හදපු මල් වාස් එකක්. බොරු මල් විතරක් නෙවෙයි, ඇත්ත මල් දාගන්නත් මේක පංකාදුයි.

6. පොකුරු පහන

Image Source : boredpanda.com

මේකට ඕනේ වෙන්නේ මෙගා බෝතල් තොගයක බෝතල් අඩි විතරයි. ඒ හැම එකේ ම, සිදුරු විදලා, එකකට එකක් තංගුස් නූල්වලින් සවි කරලා, ගෙදර තියෙන නිකං බල්බ් එකක් වටේ ඔතලා බලන්නකෝ. හරි ම හැඩයිනේ.

7. ෆෝන් රඳවනය

Image Source : budgetdumpster.com

නිකමට හිතමු ෆෝන් එක චාජ් කරන පවර් අවුට්ලට් එක තියෙන්නේ බිත්තියේ සෑහෙන්න උඩින් කියලා. ඒ ළඟ පාතක මේසයක්, රාක්කයක් නැත්තන් ඕක චාජ් වෙනකම් ෆෝන් එක අතෙන් අල්ලාගෙන ඉන්න බැහැනේ. ඉතින් මෙන්න මේ ගැජට් එක හදාගත්ත නම්, ඔය ගැටලුව ආයේ එන්නේ නැහැ. එහෙනම් ගන්නකෝ පළල වැඩි බෝතලයක් (ලෝෂන් බෝතලයක් වගේ). ෆෝන් එක ඒ තරම් උස මහත නැති එකක් නම්, මෙගා බෝතලයක් වුණත් මේකට ගැලපෙනවා. දැන් බෝතලේ කට පැත්ත කපලා අයින් කරන්න. ඉතුරු ටිකෙන්, එක පැත්තක දාන්න ටිකක් උස කැපුමක්. අනිත්පැත්තේ කැපුම ඒ හැටි උස නොවුණට කමක් නැහැ. දැන් අර උසට තියෙන පැත්තේ සිදුරක් විදින්න.

දැන් ඔය පවර් අවුට්ලට් එක තියෙන බිත්තියේ, ඒ කිට්ටුවෙන් ඇණයක් ගහන්න. බෝතලේ හදපු සිදුරෙන් මේක බිත්තියේ එල්ලගන්න පුළුවන්නේ. ඔය තියෙන්නේ චාජ් වෙනකම් ෆෝන් එක තියන්න ඇහැකි තැනක්!

තවත් මේ වගේ වැඩකිඩ ගොඩාක් තියෙනවා. අපි ඒ අතරින් තෝරගත්තේ අතිශයින් ම නිර්මාණශීලී, ඒ වගේ ම ලේසියෙන් ම හදාගන්න පුළුවන් විදියේ දේවල් ටිකක් ගැන විතරයි. මේ වගේ දේවල්වලින් හරි ඔය ප්ලාස්ටික් බෝතල් පරිසරයට එකතු කරන එක ටිකක් හරි අඩු කරන්න ලැබෙනවානම්, කොච්චර වටිනවද නේද? එහෙනම් ඉතින් ඔයාලත් දන්න, අහක දාන ප්ලාස්ටික් බෝතල්වලින් කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවනම්, පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ. ආයේ දවසක ඒ ගැනත් කතා කරන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide