පාර්ටි යාළුවනේ! සීසන් එකේ පාර්ටි දාන්න ලංකාවෙ ලස්සනම හැපනින්ග් ප්ලේසස් 8ක්.

පාර්ටි සීසන් එක මග එනෝ.. හැපනින්ග් කරන්න ලෑස්ති වෙන්ඩෝ…!

ඔන්න ආයෙ කිව්වෙ නෑ කියන්න එපා හොඳේ, මාර්තු මැද්දටත් ඇවිත් ඉන්නෙ. දන්නවනෙ ලබන සතිය, දෙක වෙද්දි එළඹෙන හැපනින්න්ග් සීසන් එක ගැන. ලංකාව පුරාම බීච්වලයි, කැළෑවලයි, හොටෙල්වලයි, ක්ලබ්වලයි හැම තැනම වගේ පාර්ටි තමයි. අතේ තියෙන ගාණයි, අවශ්‍යතාවයයි බලල ගොඩවෙන්න පුළුවන්.

වැඩේ කියන්නෙ ඔය හෝටල්, ක්ලබ් වගේ ඒවයෙ එන්ට්‍රන්ස් පට්ට ගණන්නෙ. අන්න ඒකට බීච් පාර්ටි. ලෝ බජට්, පුල් ආතල්! ඔය අතට අහුවෙන මොනව හරි දෙයක් කටේ දාගෙන, සද්දෙට ඇහෙන සංගීතෙට හිතේ හැටියට නටල, සැපේ ඉඳල එන්න පුළුවන්. යාළුවොත් එක්ක යනව නම් එහෙමයි, ආදරය කරන අයත් එක්ක යනව නම් එහෙමයි, ඒ හැරුණාම ඉතින් ඔය සමහරු නම්… එක්කො ඕන නෑ.

හරි, ඒවයින් මේවයින් අපිට වැඩක් නෑ. අපි කියන්න යන්නෙ හැපනින්ග් ප්ලේසස් ගැනනෙ. හැබැයි නිකම් එව්ව නෙවෙයි, ලස්සන පරිසරයක පිහිටල තියෙන අපූරු හැපනින්ග් ප්ලේසස් ටිකක්. ගස් ගල්වලට වගේම මුහුදට ආදරය කරන අයටත් කියාපු තැන් තමයි. ආ… බොරු නම්, අපි කියනවට එක පාරක් ගිහින් බලන්නකො!

1. Koha Surf Lounge

උණවටුන, යක්දෙහිමුල්ල පැත්තෙ තියෙන සුපිරිම පාර්ටි ප්ලේස් එකක්. මුලුමනින්ම වගේ ෆුල් ක්ලැසික් විදියට හදල තියෙන්නෙ. ලී, කොටන්, බංකු, කුෂන් කොට්ට වගේ දේවල් පාවිච්චි කරල, බීච් කල්චර් එකටම සෙට් වෙනව. වැඩේ කියන්නෙ මෙච්චර බීච් එක තිබිලත් ‘කොහා’ එක තියෙන්නෙ පාර අයිනෙ කියන්නකො. හැබැයි බීච් එකට අඩියෙ දෙකේ දුර. හැන්දෑ ජාමෙට පාට පාට බල්බ්වලින් එළිය වුණාම මේ ප්ලේස් එක පට්ට ලස්සනයි. හැරත් කෑම බීම වගේම මියුසික් එහෙමත් සුපිරියටම තියෙනව. හ්ම්ම්… අනිත් තැන් එක්ක බලද්දි ගාණත් ටිකක් ෂේප්. 

2. Hilda’s Coffee Bar

ලොකු හැඩ වැඩ දාලා හදපු ලස්සන තැනක්ම නං නෙවෙයි. ඒත් මෙතන කෑම බීම, නයිට් පාර්ටි වගේ ආතල් වැඩ ගොඩක් තියෙනව. අනික බීච් එක අයිනෙ පිහිටල තියෙන නිසා හැන්දෑ ජාමෙට පට්ට ලස්සනයි. හුදකලාවට කැමති අයට පොඩි ගිනිමැලයක් කාරිය අටවගෙන සිංදුවක් කියල සන්තෝස වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ලොකු පාර්ටියක් ඕගනයිස් කරගන්න ඕන නම් එහෙම වුණත් බැරි කමක් නෑ.

3. Luna Terrace

ගාල්ල, මාගාල්ල ක්ලෝසන් බර්ග් හෝටලෙත් එක්ක තියෙන ලූනා එකත් පාර්ටියක් දාන්න කියාපු තැනක්. මුහුද අද්දර නිසා හවස් ජාමෙ ලස්සන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි වැඩේ තියෙන්නෙ මෙතන බීච් පාර්ටි ටයිප් එකේ වැඩ කිඩ ටිකක් අඩුයි. දානවනම් කට්ටියත් එක්ක සෙට් වෙලා ඕරගනයිස් පාරක් දාන්න වෙයි. අනිත් කාරණය තමයි ගණන් හිලව් ටිකක් අධික එක.

4. Rodeo Pub and Restaurant

ඩවුන් සවුත් අත ඇරල මීගමුව සයිඩ් එකට එද්දි තමයි රෝඩියෝ එක හමුවෙන්නෙ. ඇතුකල, පෝරුතොට පාර කෙලවරේ බීච් එකට සෙට් වෙන්න ඕන. කෑමත් ටොප් එකට තියෙනව. කොහෙත් වගේ සී ෆුඩ් තමයි නැගලම යන්නෙ. අනික මෙතනට එන ක්‍රවුඩ් එකක් පට්ට ආතල්. පාර්ටියක සෙට් වෙන්න, ඩාන්ස් එකක් දාන්න නියමයි.

5. ON 14 Rooftop Bar and Lounge

බම්බ, ක්ලිෆ් රෝඩ් එකේ පිහිටල තියෙන මේ රූෆ් ටොප් බාර් එක නම් ඇත්තටම ටොප්. මුහුද දිහා බලාගෙන හිතේ හැටියට අඩියක් ගහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රෑ ජාමෙට පොඩි මියුසික් පාරක් එක්ක ඩාන්ස් කරන්නත් චාන්ස් එකක් තියෙනව. හැබැයි ඉතින් කෑම බීමවල ගණන් ටිකක් සැරයි. 

6. Yula Beach Bar

අන්න රියල් බීච් පාර්ටි ප්ලේස්. සුපිරි ඈ… රෑ එළිවෙනකම් පාර්ටි. බීච් එක නිසා හිතේ හැටියට නටන්නත් පුළුවන්. හොඳ ෆන් සෙට් එකක් තමයි මෙතනට බහින්නෙත්. කෑම බීමවල ගණන් එහෙමත් ලොකු අවුලක් නෑ. තැනත් හරි ලස්සනට හදල තියෙනව. පොල් අතු කබානා ගහල, ලී කොටංවලින් බංකු හදල. හැන්දෑවට පාටපාට ලයිට් දාලා පාර්ටිය පටන් ගත්තාම තමයි ෆන් එක තියෙන්නෙ. එළිවෙනකම් වුණත් නටන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්නකො, යුලා එක තියෙන්නෙ හික්කඩුව නාරිගම බීච් සයිඩ්වල. ටවුන් එකෙන් බැස්සත් අහගෙන යන්න පුළුවන්.

7. 680 Blue

ලස්සන වගේම, ටිකක් පොෂ් එකට හදපු තැනක්. ගාල්ල, උණවටුන බීච් එකේ තමයි පිහිටල තියෙන්නෙ. සුදු පාට තේමාවෙන් මේස පුටු ටික දාලා, බීච් කල්චර් එකටම ගැලපෙන්න හදල තියෙන 680, නයිට් පාර්ටි එහෙමත් තියෙනව. එහෙම නැත්තං කට්ටියත් එක්ක සෙට් වෙලා පාර්ටියක් ඕරගනයිස් කර ගන්න හරි බැරියැ. කෑම බීමවල ගණනුත් ටිකක් ෂේප්. මෙතන තියෙන විශේෂම දේ තමයි බීච් එකේ ලස්සන. වෝටර් ස්පෝර්ට් පාරක් දාන්න වගේම හුදෙකලා වෙලා ඉන්නත් කියාපු. මොකද සෑහෙන්න ලොකු බීච් එකක්නෙ.

8. Lake View Pub (052 2223500)

මුහුද කෑවා ඇතිනෙ. යමු කඳු පැත්තකට. කඳු වළල්ල අතරින් එබිලා වැවක් දිහා බලාගෙන පාර්ටි දාන්න, යන්න නුවර එළිය හිල් රෝඩ් එකේ ලේක් විවි පබ් එකට. සීතල මැකෙන්න පොඩි ෂොට් එකක් දාලා, දාඩිය දානකම් නැටුව හැකි. ගණනුත් ඒ හැටි අවුලක් නෑ. හැබැයි බීච් ප්ලේසස් ටිකේ වගේ මෙතන නම් හැම කෑම එකම සුපිරි නෑ. ටිකක් තෝරල බලල ගන්න වෙයි.

හැබැයි ඔය කොහොම කිව්වත් තව මේ වගේම සුපිරි ජන්ගල් ප්ලේසස් එහෙමත් තියෙනව. ඒව ලබන සතියෙ කියන්නම්. එතකොට බලල කරල පාර්ටිය ප්ලෑන් කරගන්න පුළුවන්නෙ. ආ… ඒක නෙවෙයි, මේ අතරට ඔයාලා දන්න කියන තැනුත් එකතු කරන්න ඕන හොඳේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide