දාමුද නියම තෝසෙ පාරක්? රු. 300ට තෝසෙ කන්න සුපිරි සයිවර් කඩ 9ක්.

තෝසෙ කියන්නෙ ඉන්දියන් කෑමක් වුනාට අපේ කට්ටියත් ඇර නොතියා තෝසෙ දෙසා බාන්න හරිම දක්ෂයි. ඇයි ඉතින් අඩු ගාණට බඩ කට පිරෙන්න කන්න පුළුවන් කෑමක්නෙ තෝසෙ කියන්නෙ. අනික මස් මාංශ වලිනුත් තොර නිසා වෙජිටේරියන්ස්ලට නම් තෝසෙ කියන්නෙ රන් මසුරන් වගේ.

ප්ලේන් තෝසෙ, පේපර් තෝසෙ, මසාලා තෝසෙ වගේ තෝසෙ ජාති අට දහයක්ම තිබුණට වැඩියෙන් මාර්කට් වෙන්නෙ නෝර්මල් තෝසෙ තමයි. මේ තෝසෙ එකත් එක්කම යන තව කෑමක් තමයි උළුඳු වඩේ. ඇළුමිනියම් පිඟානට වැටෙන තෝසෙ එකයි උළුඳු වඩේ එකයි උඩට එළවළු ජාති හත අටක් දාලා හදපු රස වෑහෙන සාම්බාරු හොද්දයි සම්බෝල ජාති දෙකයි ගේන රස මතක් වෙද්දි කටට කෙල උනන ගාණයි.

එහෙම කියල තෝසෙ රස මතක් කර කර ඉඳල විතරක් හරියන්නෑ. යාළුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන අද හෙටම යන්න සුපිරි තෝසෙ පාරක් දාන්න. අපි කියන්නනම් රු. 150ට 200ට බඩ පැලෙන්න තෝසෙ කන්න පුළුවන් නියම තැන් ටිකක්.

1. Sri Vihar

අවුරුදු 30ක 40කටත් වඩා ඉතිහාසයක් තියෙන බම්බලපිටියෙ ශ්‍රී විහාර් එකේ ඉස්සර නම ශාන්ති විහාර්. කොළඹ පැත්තෙ වාසය කරපු අයට නම් මේ නම අමුතුවෙන් කියන්න ඕන නැති තරම්. හැබැයි ඉතින් නම වෙනස් වුනා කියල මේ කඩේ කෑම වල රස නම් වෙනස් වෙලා නෑ. මම වැඩියෙන්ම ආස මෙයාලගෙ පේපර් තොසෙ එකටයි පට්ට රස සාම්බාරු හොද්දටයි. ඇත්තටම ශ්‍රී විහාර් එකේ සාම්බාරු හොද්ද කොළඹ පැත්තෙ තියෙන හොඳම සාම්බාරු හොදි අතරින් එකක් කියල තමයි මගේ අදහස. රු. 300ක් වගේ පොඩි ගාණකට බඩ පැලෙන්න තෝසෙ කනව නම් මේක තමයි තැන.

2. Hotel New Amirthaa

බම්බලපිටිය ගාලු පාරෙ තියෙන අමිර්තා එකත් තෝසෙ කන්න කියාපු තැනක්. මෙතනට ගියොත් නම් රු. 200ක් වගේ ගාණකට ඉස්මුරුත්තාව එනකම් තෝසෙ, වඩේ කන්න පුළුවන්. මෙයාලගෙ ප්ලේන් තොසේ එකයි උළුඳු වඩේ එකයි තමයි රසම. හොඳ පදමට වට්ටක්කා ටිකක් එහෙම දාලා හදන සාම්බාරු හොද්දත් හරිම රසයි. තෝසෙ කාල ඉවර වෙලා අමිර්තා එකේ කිරි තේ එකක් බොන්න නම් අමතක කරන්න එපා.

3. Chennai

මේ සයිවර් කඩේ තියෙන්නෙත් බම්බලපිටියෙ ගාලු පාරෙම තමයි. කෑමත් පට්ට රසයි හැබැයි ගාණ පොඩ්ඩක් විතර වැඩියි. එක්කෙනෙක්ට හිතේ හැටියට තෝසෙ කන්න රු. 350ක් විතර යාවි. කොහොම වුනත් සැප පහසුවට ඉඳගෙන පුංචි කතා බහක් දාගෙනම තෝසෙ රස බලන්න නම් චෙන්නායි එක නියමෙටම ගැලෙපෙන තැනක්.

4. Saraswathie Lodge

සයිවර් කඩ නම් අන්න සයිවර් කඩ. සරස්වතී ලොජ් කියන්නෙ බම්බ ගාලු පාරෙ තියෙන සුපිරිම සයිවර් කඩ වලින් එකක්. රු. 150කට සුපිරි ප්ලෙන් තෝසෙ එකකුයි නියමම උළුඳු වඩේ එකකුයි රස වෑහෙන සාම්බාරු හොද්දක් එක්ක රස බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙයාල ලඟ විශේෂ මිරිස් හොද්දකුත් තියෙනව. ඒ හොද්දත් එක්ක සාම්බාරු ටිකක් කලවම් වෙලා ආවාම හැදෙන රස නම් කියල වැඩක් නෑ.

5. New Saraswathie Cafe

ඔරිජිනල් ටයිප් සයිවර් කඩයක් හොයනව නම් පිටකොටුව මුහුදු මාවතේ තියෙන සරස්වතී කැෆේ එකට තමයි යන්න ඕන. ඔරිජිනල් සයිවර් කිව්වාම දන්නවනෙ ඉතින්, සෙනඟ පිරුණු ටිකක් ඝෝෂා කාරී පරිසරයක් තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් කෑම පට්ට. රු. 150කට හොඳ හැටියට කන්න පුළුවන්. රවුම් ඇළුමිනියම් පිඟානට එන නෝර්මල් තෝසෙ එකකුයි මෙයාලගෙ මසාලා වඩේ එකකුයි එක්ක සාම්බාරු හොද්දයි මිරිස් හොදි ටිකකුයි කලවමේ දාගෙන රස බලන්න. හැමදාම යාවි.

6. Krishna

ප්ලේන් තෝසෙ එකයි, උළුඳු වඩේ එකයි, ඉඩ්ලි එකයි රු. 140යි. හැබැයි ගාණ අඩුයි කියල රසේ නම් අඩුවක් නෑ. පදමට වට්ටක්කා, මුරුංගා ටිකක් එහෙම දාලා හදන සාම්බාරු හොද්දයි කටට සැරට හදන වඩේ සම්බෝලෙයි එක්ක නැගලම යන්නෙ තෝසෙ එක තමයි. ඉඩ්ලියට හරියන කිරි හොද්දකුත් තිබුණ නම් තමයි සුපිරි. කියන්න බැරි වුනානෙ, ක්‍රිෂ්ණා එක තියෙන්නෙ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය‍ෙ. 'ගෙදර යන ගමන්' තෝසෙ, වඩේ ටිකක් ගෙනියන්න කියාපු තැනක් තමයි.

7. Ananda Bawan Hotel

බොරැල්ලෙ උමං පිවිසුම ලඟ තියෙන ආනන්ද බවන් හෝටලේ දාපු දවස් වල නම් කෑම පට්ට අප්සෙට්. ඒත් දැන් නම් නියම ගාණට තියෙනව. හැබැයි සුපිරිමයි කියල කියන්න අමාරුයි. කොහොම වුනත් රු.150කට බඩ කට පිරෙන්න තෝසෙ, වඩේ ටිකක් බඩට දාගන්න කියාපු තැනක්.

8. Indo Ceylon Cafe

රසත් ෂේප්, ගාණත් ෂේප් කියන්න පුළුවන් තැනක් තමයි කොල්ලුපිටියෙ ඉන්දු සිලෝන් කැෆේ එක. මේකත් ඔරිජිනල් ටයිප් සයිවර් කඩයක්. හැබැයි මෙයාලගෙ කෑම, එක එක වෙලාවට එක එක රස. ඒ කියන්නෙ සමහර වෙලාවට සාම්බාරු හොද්ද එහෙම කටේ තියන්න බෑ. හැබැයි උළුඳු වඩේ එකයි ඒකට දෙන සම්බෝලෙයි නම් පට්ට.

9. Sri Ariyabawan Hotel

ඉස්සර පට්ටටම කෑම දුන්නු, ඒත් දැන් දැන් අභාවයට යමින් පවතින සයිවර් කඩයක් තමයි බොරැල්ලෙ ආරිය භවන් එක. අවුරුදු 20ක විතර ඉතිහාසයක් තියෙන ආරිය භවන් එක නොදන්න කෙනෙක් බොරැල්ල පැත්තෙ නැති තරම්. ඒත් මේ අවුරුද්දෙ මුල දවසක මම තෝසෙ කන්න ගියපු වෙලාවෙ නම් දුක හිතෙන තරමට ආරිය භවන් එකේ කෑම වල රස වෙනස් වෙලා තිබුණ. වඩේ එකෙන් තෙල් බේරෙනව. සාම්බාරු හොද්දත් වතුර වගේ. අනේ මන්දා සමහර විට මට විතරද දන්නෑනෙ. කෝකටත් ඔයාලත් එක දවසකට ගිහින් බලන්නකො.

හොඳම වගේම නරකම සයිවර් කඩ ගැනත් ඔයාලව දැනුවත් කරන්න ඕන නිසයි මේ තැන් හැම එකක් ගැනම ඔයාලට කිව්වෙ. ඒ වුනාට අපිට මග හැරුණු පොඩි පොඩි සයිවර් කඩ තියෙනව පට්ටම රසට කෑම හදන. ඒ නිසා ඔයාල දන්න ඒ වගේ කඩ හැම එකක්ම වුනත් කමක් නෑ අපිට කමෙන්ට් කරන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

Hot Chook – all about that Chicken

By Hiruni Herath Service and Ambience The head chef at Hot Chook was very helpful

Highlights Kamu

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

Trending.

Elvis the Sensationalist – the Movie Review

By Hiruni Herath The Movie If you’ve watched the movie trailer for Baz Luharmann’s Elvis,

Trending

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Yamu Guide.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide