Beli Lena (Kitulgala).

බලංගොඩ මානවයා යනුවෙන් පැවසූ විට ඔබ අප කාටත් මතකයට නැගෙනුයේ පාසල් වියේදී ඉතිහාස විෂයට අදාලව උගන්වන කෙටි හැඳින්වීමක් පමණි. නමුත් ඔබ දන්නවාද එතැනින් එපිටට වූ පුළුල් ඉතිහාස කථාවක් අප සතුව ඇති බව?

මීට වසර 32,000කට පමණ පෙර සිට පැවත එන බලංගොඩ හෝමෝ සේපියන් හෙවත් බලංගොඩ මානවයා නූතන මානව පරිණාමණයෙහිව සිටි පරිණත පුරුකක් වේ. බලංගොඩ මානවයා හට වසර 12,000කට පමණ පෙර වූ ඉතිහාසයක් ඇත. ගල් ගුහා නවාතැන් කර ගනිමින් ජිවත් වූ මොවුනගේ ජීවන රටාවන්, ආහාර රටාවන් සහ තාක්ෂණයන් පිළිබඳ සාක්ෂි ලබාදුන් බටදොඹ ලෙන, පාහියන් ගල වැනි ගල් ලෙන් අතරින් බෙලි ලෙන ගුහාව ප‍්‍රමුඛ ස්ථානයක් උසුලයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයෙහි යටින්යන්තොට ප‍්‍රාදේශීය සභාවට අයත් බෙලි ලෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුතු යැයි අනුමාන කෙරෙනුයේ 1978 දීය. එතැන් සිට කරන ලද පරික්ෂණයන් ඔස්සේ එළැඹුනු නිගමනයන්ගේ ප්‍රථිඵලයක් ලෙසින් 1983 වර්ෂයේදී බෙලිලෙන ඉතා ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සංරක්ෂිත ස්ථානයක් ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. බෙලි ලෙන තුල වූ භූමියෙහි දිගින් දිගටම කරන ලද කැණීම් හමුවේ බලංගොඩ මානවයාගේ අස්ථි කොටස් සහ එවකට ඔවුන් භාවිතා කරන ලද ආයුධ ඇතුලු තවත් වැදගත් සාධක බොහෝමයක් හමුවී ඇත.

කොළඹ, අවිස්සාවේල්ල හරහා කිතුල්ගල නගරයට පැමිණ එතැනින් දකුණට හැරී ගිණිගත්හේන, හැටන් මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණි විට යාහින්ද මංසන්ධිය මුණ ගැසේ. එතැන් සිට මාර්ගයේ වම් පසට වන්නට 'බෙලිලෙන පුරා විද්‍යා භූමිය' ලෙසින් විශාල පුවරුවක් සවි කොට ඇති ස්ථානයෙන් වමට හැරී ගමන් කළ යුතුය. මුළුමනින්ම රබර් වතු යායක් මධ්‍යයේ වැටී ඇති මෙම මාර්ගයෙහි අවසානය බෙලි ලෙන මුණ ගැසේ. පොදු ප‍්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් බෙලිලෙන නැරඹීමට යාම එතරම් සුදුසු කරුණක් නොවන්නේ කිලෝමීටර 2කට අධික දුරක් පා ගමනින් යාමට සිදුවන බැවිණි. කිතුල්ගල, මහබාගේ මාර්ගයෙහි ද බෙලි ලෙනට පිවිසුමක් ඇති නමුත් ඒ පිළිබඳ නිසි තොරතුරක් අප සතුව නොමැති බැවින් ඉදිරි ලිපියක එය ගෙන හැර පෑමට අප බලාපොරොත්තු වන්නෙමු.

යාහින්ද රබර් වතු යාය මධ්‍යයේ වැටී ඇති මාර්ගයෙහි අවසානය තෙක් මෝටර් රථයකින් හෝ යතුරු පැදියකින් ගමන් කළ හැකිය. පසුව බෙලිලෙන කන්ද පාමුල ඇති කුඩා ද්‍රවිඩ ගම්මානය මුණ ගැසේ. පවුල් හත අටකට වඩා ජීවත් නොවන මෙම ගම්මානය සතුව ඇත්තේ එක් කුඩා කඩයක් සහ කණිෂ්ඨ පාසලක් පමණි. රබර් වතු යායෙහි කුලී රැකියාවන්ගේ නිරත වෙමින් ජීවිකාව කරගෙන යන මෙම ද්‍රවිඩ ජනතාව තරමක් දුෂ්කර වුවද සරල ජීවිතයක් ගත කරන බව අප හට වැටහෙයි.

මාර්ගය අවසානයේ සිට කිලෝමීටර් 1/2ක පමණ දුරක් පා ගමනින් කන්ද නැගීමට සිදුවෙයි. බෙලිලෙන පිහිටා ඇත්තේ ගම්මානය මායිම් කරමින් පිහිටා ඇති කඳු පන්තියක් මධ්‍යයේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සංවර්ධන කටයුතු වල ප‍්‍රතිඵලයක් ලෙසින් අවසාන මීටර් 150ක පමණ දුරක් ගල් පඩි වලින් නිමවා ඇත. එහි අවසානයේ මුණ ගැසෙන බෙලි ලෙනෙහි පිවිසුම පසු කාලීනව නිමැවූ වාහල් කඩක නටඹුන්ද ඉදිරිපස මායිම් කරමින් තැනූ අඩි හතරක් පමණ උස බැම්මක්ද දක්නට ඇත.

ලෙනට ඇතුළුවත්ම දිස්වනුයේ භූමියේ කැණීම් කරන ලද ස්ථානයන් වේ. අඩි 5ක් 6ක් පමණ ගැඹුරට හෑරූ කැණීම් වලවල් වල බිත්ති සුමටව කපා ඇත. තවද ඒවා පැහැදිලිව හඳුනාගත හැකි වන සේ ගල් පතුරු වලින් බැම්මක්ද නිමවා ඇත. ඉතා විශාල වපසරියක විහිදී ඇති අතර එය කොටස් දෙකකින් යුක්ත වේ. මුලින්ම හමුවන ලෙන වර්ග අඩි 40කට ආසන්න ඉඩ ප‍්‍රමාණයකින් ද අඩි 15කට අධික උසකින්ද යුක්ත වේ. එකල බලංගොඩ මානවයා ප‍්‍රධාන මැදිරිය ලෙසින් මෙම කොටස භාවිතා කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මන්ද යත් ප‍්‍රාග් ඵෙතිහාසික අස්ථි කොටස් ඇතුළු අනෙකුත් සාධකයන් හමු වන්නේ ද මෙතැනින් වීම නිසාවෙනි.

බලංගොඩ මානවයින්ගේ පරිශීලන කාලයෙන් පසුව යම්කිසි රජ සමයක බෙලිලෙන බෞද්ධ පූජා භූමියක් ලෙසින් පැවති බවට ප‍්‍රධාන ගුහාව තුල ඇති කුඩා කුටිය සහ ලෙනට ඇතුලුවත්ම මුණ ගැසෙන වාහල්කඩ සාක්ෂි දරයි. දියුණු ඉදිකිරීම් තාක්ෂණයක් යටතේ නිමැවුණු මෙම කුටිය බොහෝ දුරට භාවනානුයෝගී භීක්ෂුන් විසින් භාවිතා කරන්නනට ඇතැයි අනුමාන කළ හැක.

ඉතා අපූර්ව ස්වාභාවික නිමැවුමක් වන දෙවැනි ලෙනට ලඟාවත්ම එකල බලංගොඩ මානවායගේ ජීවන රාටාව පිළිබදව යම් කිසි පූර්ව හැඟීමක් සිතට නැගේ. ලෙන මුදුනින් අපුරුවට කඩා හැලෙන සිහින් දිය ඇල්ලකි. සිසිල් ජල ධහරාවකින් හෙබි මෙම දියඇල්ල පතිත වන ස්ථානයේ සුමටව නිමැවුණු ගල් තලාවකි. එය දිය නෑම සඳහා ස්වභාධර්මය විසින් මැවූ විශිෂ්ට නිර්මාණයකි.

ප‍්‍රධාන ලෙන තරම් විශාල නොවුන ද මෙම කොටස වර්ග අඩි 20කට ආසන්න ඉඩ ප‍්‍රමාණයකින් සහ අඩි 10කට නොවැඩි උසකින් යුක්ත වේ. වැහි ලිහිණි කූඩු කිහිපයක් ද ගුහාව තුල දක්නට ඇති අතර මෙය වවුල්ලුන්ගේ රජ දහනකි. ගල් කුලට ඉහලින් ගලා යන දිය පහර නිසාවෙන් ගුහාවෙහි බිත්ති තෙත ගතියකින් යුක්ත වන බැවින් සුවදායි සිසිලසක් නිරන්තයෙන් ගුහාව තුල පවතී. මෙම ලෙනෙහි සිට බැලූ කල්හි ඉදිරි පස කඳු පන්තියත් ඝන වනාන්තරයක් අංශක 180ක පමණ පුළුල් පරාසයක දිස්වේ. නමුත් ඉදිරිපස ඇති විශාල හෙල නිසාවෙන් සතුරෙකුට පහසුවෙන් ගුහාව වෙත ළඟා වීමට නොහැක. මෙම දෙවැනි ලෙන බලංගොඩ මානවයා විසින් සනීපාරක්ෂක කටයුතු සහ ආරක්ෂාව සඳහා භාවිතා කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

බෙලිලෙන වූ කලී ලාංකීය ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙහි මානවයා විසින් භාවිතා කරන ලද අපූරු ස්ථානයකි. මෙම ලිපියෙහි අඩංගු කරන ලද වචනවලට වඩා අරුත්බර ආශ්වාදයක් බෙලිලෙන වෙත යාමෙන් ලබාගැනීමට හැකි බව මාගේ විශ්වාසයයි.

අපගේ ඉතිහාසය පිළිබඳ දැන ගන්න, කියවන්න. ඔබ කුමන වෘත්තියක නියැලුනද එහි රසවත් භාවය නිතැතියෙන්ම ඔබ වෙත නිදහස් රසාස්වාදයක් ගෙන එනු ඇත මෙතැන් සිට YAMU වෙබ් අඩවිය ඔස්සේ දිග හැරෙන ‘‘කාල යාත‍්‍රා’’ ලිපි පෙළ, ඉතිහාසය හාරා ඇවිස්සීමට කැමති ඔබ වෙනුවෙනි.

විද්වතුනි, මෙම ලිපි පෙළෙහි මා විසින් අඩංගු කරන ලද කරුණු කාරණාවන්හි යම් කිසි වැරැද්දක් ඇතොත් එය නිවැරදි කිරීම පිණිස අදහස් දැක්වීම් තීරුවෙහි ලිවීමට කාරුණික වන්න.

මතු සම්බන්ධයි…
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

Yamu Guide.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide