අතේ තියෙන ගාණ බලල ගන්න: හොඳම සෙල්ෆි ෆෝන් 16ක්.

'සෙල්ෆි' කිව්වාම අද රටේ දන්නැති කෙනෙක් නැති තරම්. වැඩිය ඕන නෑ, ඔය අවුරුදු 8, 10 කොල්ලොත් සෙල්ෆි වීඩියෝ හදල ෆේස්බුක් එකට දාන්නෙ. 2003, 2004 වගේ කාලෙ ආපු ෆෝන් වලත් ඉදිරිපස කැමරාවක් තිබුණට ඒ දවස් වල නම් වැඩියෙන්ම කලේ වීඩියෝ කෝල් ගන්න එක තමයි.

2009 දි විතර තමයි සෙල්ෆි කලාව ලොකුවටම කරලියට එන්නෙ. ඒ නිසාම වගේ 2010 ඇපල් iPhone 4 වගේ ජංගම දුරකථන වලට තත්වයෙන් උසස් ඉදිරිපස කැමරා එන්න පටන් ගත්තා. හැබැයි මේ සෙල්ෆි කලාවට ප්‍රසිද්ධිය ලැබෙන්නෙ නම් අද තියෙන ගොඩක් කලා වලට ප්‍රසිද්ධිය ගෙනාපු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්' වගේ සේවා වලින් තමයි.

අවුරුදු දෙක තුනක් වගේ පොඩි කාලයකදි මුළු ලෝකයම අල්ලපු සෙල්ෆි කලාව නිසා වාසිය ලැබුණෙ ස්මාර්ට් ෆෝන් නිෂ්පාදකයින්ට. මුලදි මුලදි නම් එයාල ගොඩක් අසරණ වෙලා හිටියෙ; ඉදිරිපස, පිටුපස හොඳම කැමරා දෙකකුත් දාලා, ෆෝන් එකේ අනික් වැඩ කිඩ ටිකත් හොඳටම හදල අඩු ගාණට දෙන්න කොහොමද කියන එක ගැන. හැබැයි 2012 විතර වෙද්දි ඒ ප්‍රශ්නෙත් හරි ලස්සනට විසඳුණේ චීන නිෂ්පාදකයො වැඩේ අතට ගත්තට පස්සෙ. අඩු නිෂ්පාදන වියදමකින් චීනෙන් එළියට ආපු ස්මාර්ට් ෆෝන් වල තත්වය ටිකක් බාල වුනත් අඩු ගාණට වැඩේකෙරෙන නිසා චීන නිශ්පාදන ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ වුනා.

කොහොම වුනත් සෙල්ෆි කලාව නම් දැන් නැගලම ගිහින් තියෙන්නෙ. කොටින්ම කියනව නම් ගංවතුරක් ආවත් සෙල්ෆියක් ගහන්න අපේ අය අමතක කරන්නෙ නෑ. ඉස්සර නම් ෆෝන් එකක් ගන්න ගියාම අපි ඇහුවෙ රැම් එක කීයද, ප්‍රොසෙසරේ මොකක්ද කියල. ඒත් දැන් අහන්නෙ 'ෆ්‍රන්ට් කැම්' එක කියද කියල.

ඔන්න ඒනම් අදින් පස්සෙ කඩවල් ගාණෙ ඇවිද ඇවිද විස්තර අහ අහ කරදර වෙන්න ඕන නෑ. පහලින් තියෙනව රු. 50,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම 'සෙල්ෆි ෆෝන්' 16ක්ම. අතේ තියෙ ගාණට හරියන එකක් බලල ගන්නකො එහෙනම්.

රු. 40,000ට වැඩි

1. Sony Xperia M5 Dual

  • රු. 45,000ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 13යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 2.0 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆෝන් එකේ විශේෂත්වය තමයි ධූවිල්ලෙන් වගේම මීටර 1.5 ගැඹුරු වතුරෙත් ආරක්ෂිතව තියෙන එක.    

2. Xiaomi Mi4

  • රු. 45,000ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 8යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 2.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • ඒත් මේ ෆෝන් එකට මෙමරි කාඩ් ගහන්නත් බෑ, NFC දත්ත හුවමාරු ක්‍රමයත් නෑ.  

3. Sony Xperia C5 Ultra

  • රු. 42,500ක් විතර වෙන්නෙ.
  • මෙගා පික්සල් 13 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙවන.
  • ස්ක්‍රීන් එක අඟල් 6යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරියක් ගිගා බයිට් 16යි.
  • හැබැයි මේකෙ පිටිපස්සෙ කවරය නම් ප්ලාස්ටික් වලින් තමයි හදල තියෙන්නෙ.

4. Huawei Ascend P7

  • රු. 42,500ක් විතර වෙනව.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 8යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.8 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • සුවිශේෂී සෙල්ෆි පැනරෝමා පහසුකම තියෙනව.

රු. 40,000ට අඩු

5. HTC Desire Eye

  • රු. 40,000ක් විතර වෙන්නෙ.
  • මෙගා පික්සල් 13 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.2යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 2.3 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆෝන් එක ධූවිල්ලෙන් වගේම මීටරයක් ගැඹුරු වතුරෙ විනාඩි 30ක් ආරක්ෂිතව තියන්න පුළුවන්.

6. Asus Zenfone Selfie

  • රු. 37,500කට විතර ගන්න පුළුවන්.
  • මෙගා පික්සල් 13 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • පොඩි ප්‍රශ්නයකට කියල තියෙන්නෙ මේ ෆෝන් එකේ NFC දත්ත හුවමාරු පහසුකම නැති එක තමයි.

7. Samsung Galaxy E7

  • රු. 37,500ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.2 Ghz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • ස්‍ක්‍රීන් රෙසලූෂන් පික්සල් 720යි තියෙන්නෙ.

8. HTC Desire 826 Dual Sim

  • රු. 35,000ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 13යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.

9. Huawei Honor 6

  • රු. 35,000ක් විතර වෙනව.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.

10. Sony Xperia C4

  • රු. 32,500කට විතර ගන්න පුළුවන්.
  • මෙගා පික්සල් 5ක ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆෝන් එක හදල තියෙන්නෙ තනිකරම ප්ලාස්ටික් වලින්.

11. Huawei Ascend P6

  • රු. 32,500ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 4.7යි.
  • රැම් එක ගිගා බයිට් 2යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.6 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.

රු. 30,000ට අඩු

12. Oppo F1

  • රු. 30,000කට විතර ගන්න පුළුවන්.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 8යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 3යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.7 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මෙට්ල් ඇලෝයි බොඩි එකක් තියෙන්නෙ.
  • හැබැයි ස්ක්‍රීන් රෙසලූෂන් ටිකක් අඩුයි එක. (පික්සල් 720යි)

13. HTC Desire 816

  • රු. 30,000ක් විතර වෙනව.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි. ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 1.5යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 8යි.

14. Sony Xperia C3

  • රු. 30,000ක් විතර වෙන්නෙ.
  • මෙගා පික්සල් 5 ෆ්‍රන්ට් කැම් එකට ෆ්ලෑෂර් එකක් තියෙනව.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 1යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.2 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 8යි.

රු. 20,000ට අඩු

15. Galaxy J7 Dual 4G

  • රු. 28,500කට විතර ගන්න පුළුවන්.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5.5යි.
  • රැම් එක ගිගා බයිට් 1.5යි.
  • ප්‍රොසෙසරය ඔක්ටා කෝර් 1.5 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 16යි.
  • මේ ෆොන් එකේ NFC දත්ත හුවමාරු පහසුකම නම් නෑ.

16. Huawei Honor 3C

  • රු. 17,500ක් විතර වෙන්නෙ.
  • ෆ්‍රන්ට් කැම් එක මෙගා පික්සල් 5යි.
  • ස්ක්‍රීන් එක අඟල් 5යි.
  • රැම් එක ගිගා බයිට් 1යි.
  • ප්‍රොසෙසරය කොආර්ඩ් කෝර් 1.6 GHz.
  • ඉන්ටර්නල් මෙමරිය ගිගා බයිට් 8යි.             

ඒක නෙවෙයි මෙතන නැති තව හොඳ හොඳ 'සෙල්ෆි ෆෝන්' ඔයාල ලඟත් ඇති. ඒවත් කමෙන්ට් කරගෙනම යන්න. යාළුවන්ට බලාගන්න පුළුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

7 Cuisines in 7 Days 

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

7 Cuisines in 7 Days 

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Father’s Day Festivities Await at Cinnamon Grand Colombo

This Father’s Day, Cinnamon Grand Colombo invites guests to honour Dad with an array of

Trending

Celebrate Sustainability & Community at the POYA Market Mount Lavinia Hotel

The POYA Market returns to Mount Lavinia Hotel on Monday, 10th June 2025, from 10

Trending

Yamu Guide.

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide