රස්නෙයි නේ! කමුද සුපිරි අයිස් ක්‍රීමක්?; රු. 400ට රස වෑහෙන ‘අයිස්ක්‍රීම්’ කන්න කියාපු කඩ 7ක්.

ඉරට හැතැප්මයි…

හප්පොච්චියෝ! මේ දවස්වල රස්නෙ. වරක් පාරට ගියොත් දෙවරක් කලන්තෙ දාන සීන් එකක් තියෙන්නෙ. ඊටත් ගමක වගේ නම් මොනව හරි කරගන්න තිබ්බ. කොළඹ…? හැරෙන්නවත් බෑ ඉතින්, සියලු ගස් කපා දාලා… අර සංවර්ධනේලුනෙ.

ඒවයින් අපිට කාරි නෑ, කොහොම හරි මේකට විසඳුමක් හොයා ගන්න එැපයි.

… කිව්වේ, ගස් වවල වැඩේ ගොඩ දාන පැත්තට වැඩිය පොඩි සනික විසඳුමක් වගේ?

වැඩේ කියන්නෙ ඉතින් අපි ‘යමු’ නිසා…

විසඳුම් බොහෝමයක් එන්නෙ ‘කමු, බොමු’ පැත්තෙන්ම තමයි. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ඔයාලට මෙන්න මේ විසඳුම දෙන්න.

කොහොමද…, ගිනි මද්දහනෙ දිව ගිලෙන්න එන පිපාසෙට! රසම රස අයිස් ක්‍රීමක් වගේ තොල ගාන්න තිබ්බ නම්! නිකම් නෙවෙයි චොකලට්, වැනිලා, පලතුරු වගේ එක එක රස තොගයකින්. පංකාදුයි නේ?

එහෙනම් ඉතින් බලබල ඉන්න දෙයක් නෑනෙ. ඔන්න පහළින් තියෙනව කඩ ටික දැන් හැන්දැ වෙලා නිසා හෙට ම වැඩේට බහින්න.

1. Frosty Roll

ටී බී. ජයා මාවතේ…

කඩේට ගොඩවුණත් ඇති නිකම් අමුතු සීතලක් එක්ක තොල කට ලෙවකැවෙන්නෙ. ඇයි අප්පේ… ඉන්ටීරියර් එකේ ඉඳන් ම අයිස් ක්‍රීම් කන්න ආස හිතෙන විදියටනෙ හදල තියෙන්නෙ. ඒ විතරක් නම් බැරියැ, මෙයාල ළඟ තියෙනව ජාති 8, 10කට වැඩියෙන්. විශේෂයෙන්ම චොකලට් එහෙම, මිල්ක්, ඩාර්ක් අනම් මනම්… එතකොට පැණි කජු, ෆෘට් ඇන්ඩ් නට් වගේ… පංකාදුවට රස තියෙන්න, පිස්සු හැදෙනව ඈ…

ඒක නෙවෙයි, මෙයාලා ළඟ තියෙන්නෙත් රෝල්ඩ් අයිස් ක්‍රීම් නිසා වැඩේ තවත් මරු. අනික එක කෝප්පයක් දෙන්නෙක්ට ඇති ගාණයිනෙ. වැඩේ තියෙන්නෙ ඉතින් ඒවයෙ ගණන් යන්නෙ රු. 400-500 අතරෙ වෙච්ච එක තමයි.

2. Frosties

සෑ වෑව්!

දැක්කාම පිස්සු හැදෙන ගාණෙ අයිස් ක්‍රීම් ටික. මේවත් රෝල්ඩ් එව්ව තමයි. හැබැයි තියෙන්නෙ රත්මලාන, අත්තිඩිය පාරෙ. චොක්ලට්ම ජාති 3, 4කින්. ඔය… ඩාර්ක් චොක්ලට්, මෝල්ට් එතකොට තව එක එක පිටරට නම්වලින් එහෙමත් එන ඒවා. ඒ විතරක් නෙවෙයි සුපිරි, වැනිලා, පැණි කජු, කෝපි රසවල් වගේ අමුතු රසවල් සෙට් එකකුත් තියෙනව. ඔක්කොමත් හරි මෙයාලගෙ අයිස් ක්‍රීම්වල රස බැලුවාමනෙ ෆ්‍රීස් ම වෙලා යන්නෙ. ආයෙ, පංකාදු පහයි කියන්නේ… කෙළින් ම ප්‍රිමියම් රසවල් හොඳේ! අනික දෙන්නෙක්ට අැති සයිස් කෝප්පයක ගාණත් රු. 400-500 වගේනෙ.

3. Isle of Gelato

මේං අනිත් තැන. තියෙන්නෙ වෝඩ් ප්ලේස් එකේ. කෙළින් ම අයිස් ක්‍රීම් ජාති 10කට එහා පැත්තෙ තියෙනව හිතේ හැටියට බෙදාගෙන රස බලන්න. අර වැඩේ කියන්නෙ මෙයාලා ළඟ රෝල්ඩ් අයිස් ක්‍රීම් නැති එක තමයි. හැබැයි නෝමල් වුණත් රස නම් සුපිරි. ගජරාමෙට දෙසාබාන්න පුළුවන්. රු. 350-450 දීලා කෝප්පයක් ගත්ත නම්… දෙන්නට තියෙන්නෙ දෙපැත්තෙන් වටවෙන්න.

ආ… ඒක නෙවෙයි, මෙයාලගෙ චීස් එකයි, කැරමල් එකයි එහෙම නම් මතක ඇතුව රස බලන්න, මොකද ඒක පට්ට!

4. Jolly’s Ice Cream

ෆුල් ජොලියෙ, ජොලිගෙ අයිස් ක්‍රීම් කෝන් එකක් කන්න, යන්න බත්තරමුල්ල කොස්වත්ත පැත්තට. ඇත්තටම මෙතනට ගිහින් අයිස් ක්‍රීමක් කද්දි මතක්වෙන්නෙම ඉස්කෝලෙ කාලෙ අයිස් පලම් කාපු විදිය. හතර වටේ ගාගෙන ඇඳුමෙ හලාගෙන.

ඒවයින් වැඩක් නෑ, අහන්නකො! ජොලි ළඟත් තියෙනව හිතා ගන්න බැරි විදියෙ අයිස් ක්‍රීම් ජාති 20-25ක් විතර. නම්වලින් කියන්න ගත්තොත් දවසත් මදි. ඊටත් ඒ හැම එකකම වගේ රසවල්… ටොපේ ටොප්. විශේෂයෙන්ම චොකලට් වැනිලා, කැරමල් වගේ ඒවා එහෙම පට්ටලු. හැරත් එකක ගාණ රු. 200ක් වගේ කිව්වාම. පෙරළි පෙරළි රස බලන්න පුළුවන්නෙ ඉතින්!

5. Rio Ice Cream

වැල්ලවත්තෙ රියෝ එක කිව්වාම ඉතින් කවුද දන්නෙ නැත්තෙ නේ… රස ජාති ගොඩාක් නැති වුණාට තියෙන ටික තියෙනව පංකාදු පහට, තලුමරමර රස බලන්න පුළුවන්! ඔය… කැරමල් හේසල් නට් වගේ ඒවා එහෙම සුපිරියි. අනිත් කාරණය තමයි මෙයාලගෙ රස වගේම සයිස් එකත් එක්ක ගත්තාම පාඩුයි නොහිතෙන්න, රු. 300-400ට අයිස් ක්‍රීම් මේසෙටත් එනවනෙ. වැඩේ කියන්නෙ ඉතින් එකක් දෙන්නෙක්ට මදි එක තමයි.

6. Roots Gelato

ගෝල් රෝඩ් එකේ…!

චොක්ලට්, කැරමල්, පැණි කජු, වැනිලා වගේම පලතුරු රසවලිනුත් එන අයිස් ක්‍රීම් තොගයක් රස බලන්න.

නොම්බර එකට රස තියෙනව වගේම මෙයාලගෙ අයිස් ක්‍රීම් එකේ සයිස් එකත් සෑහෙන්න හොඳයි. කොටින්ම එක්කෙන්කට නම් නියම ගාණ. ඒ වගේම තමයි වෙනස් වෙනස් රසවල් ට්‍රයි කරන්න… කියාපුම තැන!

7. City Rest Fort 24/7 Ice Cream

හරි හුරුබුහුටි ප්ලේස් එක. තියෙන්නෙ කොටුව හොස්පිට්ල් පාරෙ.

ඇත්තටම මහ ගොඩක් අයිස්ක්‍රීම් ජාති නැති වුණාට, මෙතන තියෙන ටික තියෙනව ලෙසටම. වැඩේ තියෙන්නෙ ඉතින් එක කෝන් එකක් රු. 150-200ක් වෙන එක තමයි. මොකද ඒකක් දෙන්නෙක්ට තියා එක්කෙනෙක්ටත් මදිනෙ ඉතින් හරියට ගත්තොත්. කොහොම වුණත් එකක්, මෙතනට ගියොත් මෙයාලගෙ චොක්ලට් චිප් එක නම් රස බලන්න අමතක කරන්න එපා. ඒක තමයි, සිටි රෙස්ට් එකේ හොඳම.

අනිත් එක!

මේවා ඔක්කොම…

රස ඒවා, රට ඒවා හොඳේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Full’R Burgers Crowns Champion in Epic Gojira vs. Kong Burger Challenge

https://www.tiktok.com/@yamusrilanka/video/7371362033113107728 One of Sri Lanka's favorite burger joint, Full'R Burgers, recently concluded its highly anticipated

Kamu

Indulge in the North Indian themed ‘Delhi Bound’ at Harbour Court, The Kingsbury.

Ambience This restaurant offers a sophisticated yet warm ambience, with soft lighting. The bright colored

Highlights Kamu

Trending.

Paneer & Wine Pairing Sit Down Dinner

Elevating your dining experience at Alhambra Serving 50 years of exquisite North Indian Moghul Cuisine,

Trending

Yaki Maki & Bento at Tenku, Colombo’s Premier Japanese Restaurant

Embark on a celebration of Japanese culinary tradition at Tenku, renowned for its meticulous craftsmanship

Trending

DINIDU: Revolutionising Luxury Jewellery with a New Digital Experience 

DINIDU stands at the forefront of the luxury jewellery space, captivating audiences worldwide through dynamic

Highlights Trending

Stand-Up Music: A Fresh Entertainment Experience Coming to The Traveling Bruncher

In a city renowned for its vibrant arts and culture scene, a new show is

Trending

MAC Cosmetics Debuts Flagship Store In Sri Lanka With Exclusive Lines

MAC lovers rejoice as Exclusive Lines proudly announces the arrival of the world's leading professional

Trending

Yamu Guide.

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide