තන්දුරි චිකන් පලුවක් එක්ක! රු. 500ට අඩුවෙන් සුපිරි බිරියානියක් රස බලන්න කියාපු කඩ 6ක්.

මොකද කියන්නෙ? වෙනසකටත් එක්ක කමුද හැන්දෑවට රස බිරියානි එකක්! තඩි චිකන් පලුවයි, බැදපු බිත්තරයයි, බාස්මති හාලෙන් මසාලා රස කරල හදපු බතයි.. උණු උණුවට…

කොහොමද නිකම් තලු මර මර රස බලද්දි. අනික අපි මේ කියන්න යන්නෙත් අතේ තියෙන ගාණට සුපිරි බිරියානි එකක් ගන්න පුලුවන් තැන් නිසා කට්ටිය හොය හොය ඉන්න ඕනත් නෑ ෂෙයාර්ස් දාන්න. තනියම ගිහින්, තනියම අරගෙන, තනියමම දෙසා බාන්න පුලුවන්.

ඊටත් බිරියානි කියන්නෙ කොහොම කෑවත් පංකාදු පහට සෙට් වෙන, බඩ කටත් හොඳ හැටි පිරෙන කෑම ජාතියනෙ. ඒ නිසා ඉතින් අදම වැඩේට බැස්සත් අවුලක් නෑ. හැබැයි ඊට කලින් ඔය පහළ තියෙන ලැයිස්තුව චෙක් කරල යන්න අමතක කරන්න එපා. මොකද ඒකෙ තමයි තියෙන්නෙ අපි හොයා ගත්තු හොඳම කඩ සෙට් එක.

1. Mango Mango

රු. 400 – 500ට වගේ සුපිරි බිරියානි එකක් රස බලන්න කියාපු තැනක්. පානදුර තමයි කොළඹට ලඟම මැන්ගො මැන්ගො එක තියෙන්නෙ. හරිම සුවපහසු තැනක් වගේම තමයි එතන කෑම බීම, සේවාව එහෙමත් පංකාදු පහයි. විශේෂයෙන්ම ඉන්ඩියන් කෑම ටික. ඒ නිසා බය නැතුව එයාලගෙ බිරියානි ඕඩර් කරන්න පුලුවන්. හොඳ රහට පදම් කරලා බැදලා හදපු තඩි තන්දුරි චිකන් පලුවකුයි, දවටල බැදපු බිත්තරයකුයි එක්ක මේසෙට එන මෙයාලගෙ බිරියානි, ජාති 2, 3කින්ම තියෙනව. ඩම් බිරියානි, හයිඩ්‍රාබාද් බිරියානි… අනික ඉතින් රස පදමට හැදුණු බාස්මති හාලෙ බතයි අනිත් අඩුම කුඩුම ටිකයි නිසා තලු මර මර දෙසා බාන්නත් පුලුවන්නෙ.

2. Habibiz

දෙහිවල ඇලන් ඇවිනියු එකේ තියෙන මේ කඩෙත් සුපිරි බිරියානි ජාති 2ක් විතර තියෙනව, රු. 350 – 450 වගේ ගණන් වලට. ඒ අතරින් නැගලම යන්නෙ හයිඩ්‍රාබාද් බිරියානි එක. ඒකට එන චිකන් මික්ස් එක එහෙම සුපිරි. අනික චිකන් කෑලිත් ලොකුවට කපලා ලුණු, ගම්මිරිස්, මසාලා දාලා පදම් කරලා තම්බල අරගෙන නිසා මරේ කියල වැඩේ දෙන්න පුලුවන්. ඊටත් බත් එක හදල තියෙන්නෙත් මස් වතුරෙන්නෙ. ඒකත් උණු උණුවෙන්.., රසම් හොද්දයි, බිත්තරයයි අඩුම කුඩුම ටිකයි එක්ක මේසෙට ආව කියන්නේ… කනවා නෙවෙයි කැවෙනව!

3. Gemi Gedara

කවුරුත් හොඳ හැටි දන්න බත් කඩයක්. තියෙන්නෙ නුගේගොඩ බෝගහ යට. බත් වගේම තමයි මෙයාලගෙ බිරියානි එකත් සෑහෙන්න හොඳයි. මොකද ඒකට එන චිකන් කෑල්ලයි, බිත්තරෙයි ටොප් එකටම තියෙනවනෙ. විශේෂයෙන්ම චිකන් කෑල්ලෙ සයිස් එක, බත් කාලා ඉවර වෙලත් කන්න තරම්. අර පොඩි අඩුවකට කියල තියෙන්නෙ චිකන් කෑල්ල බදින්න කලින් ලුණු, ගම්මිරිස්, මසාලා පදමෙ හරියට පදම් වෙලා නැති එක තමයි. ඒත්.. කීරි සම්බා වලින් හදලත් බත අරගෙන තියෙනව නොම්මර එකට ඈ… ආයෙ මිරිස් හොදි ටිකක් එකතු වුනාම වගකිව්ව හැකි ගමකට.

4. Aasife Biriyani

මෙතනින් නම් බිරියානි කන්න වෙන්නෙ රු. 450 – 600 අතරෙ වගේ තමයි. ඊටත් මෙයාලගෙ බිරියානිවල රස හිටපු ගමන් වෙනස් වෙනවනෙ. ඇයිද කියන්න දන්නෙ නෑ. හැබැයි වෙනස් නොවුනොත් ලක් එක තමයි, ආයෙ සුපිරිම බිරියානි. චිකන් කෑල්ලෙ ඉඳන්ම හොඳ හැටි රස පදම් කරලා බැදලා හදල තියෙන්නෙ. බිත්තරෙත් ඒ වගේමයි. රසම් හොද්දත් හොඳ සැරට තියෙනව. අනික බාස්මති හාලෙ බත, මසාලා රසට පදම් කරලා නිසා සට පට ගාලා වැඩේ දෙන්න පුලුවන්.

5. Anaaj

මෙයින් එකක් ගන්න නම් යාළුවෙක්ව දෙන්නෙක්ව සෙට් කරගන්න වෙනව. මොකද පෝෂන් එක ලොකු වුනාට ගාණ වැඩියිනෙ. සාමාන්‍යයෙන් මෙයාලගෙ බිරියානි එකක් රු. 2000කට කිට්ටුයි. හැබැයි 3, 4 දෙනෙක්ට බඩ පැළෙන්න කන්න තියෙනව. අනික ඒවයෙ රසත් පංකාදු පහයි. කොටින්ම කියනව නම් බත් එකේ ඉඳන් චිකන් මික්ස් එක වෙනකම්ම හොඳ හැටි පදම් කරල තමයි හදල තියෙන්නෙ. ඇත්තටම මෙයාලගෙ තියෙන්නෙ පකිස්තාන් බිරියානි නිසා මසාලා රසට වැඩිය තුනපහ අඩුම කුඩුම රස තමයි එන්නෙ. ඊටත් ඒකට එන කිරිවලින් හදපු හොද්දයි, අඩුම කුඩුම ටිකයි එක්ක කොහොමත් නොම්මර එකයි.

6. The Biriyani Restaurant

මේක තියෙන්නෙ ආමර් වීදියෙ. සුප්ප ප්ලේස් එක කියල තමයි ආරංචිය. මොකද මෙයාලා ලඟ තියෙනව රු. 350 ඉඳන්ම බිරියානි. ඒකත් ජාති 4, 5කට වැඩියෙන්. ඒ හැම එකකම රසත් ටොප් කියල තමයි ගියපු අය කියන්නෙ. අනික බානස්මතී හාලෙ බතෙන් හැදෙන මේ බිරියානි හැම එකකටම එන මස් කෑල්ලත් තඩි සයිස්. ඊටත් ඒවා හොඳ හැටි පදම් කරල බැදල නිසා තවත් මරු. වැඩේ තියෙන්නෙ බිත්තරේ බැදල නැති එක තමයි. ඒත්, ඒ පොඩි පොඩි අඩු පාඩු සියල්ල මැකෙනවනෙ බත් එකේ තියෙන සුපිරි රසෙන්.

නැතත් ඉතින්… රු. 500ට අඩුවෙන් මේ වගේ බිරියානි ටිකක් රස බලන්නත් අපි පිං කරල තියෙන්න ඕන. මොකද වෙන තැන්වල ඔය එක එක නම් වලින් තියෙන බිරියානි ගොඩක් ඒවා හරි ගණන්නෙ. හැබැයි ඒ අතරට එකක් මතක තියාගන්න, ඔයාලා දන්න මේ වගේ බිරියානි කඩ තියෙනව නම් ඒවා අපිට කියන්න. මොකද අපිත් ආසයිනෙ අළුත් අළුත් කඩ වලට ගිහින් වෙනස් වෙනස් බිරියානි රස බලන්න, නේ…!

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide