හොයාගෙන කියවන්නම ඕන ආන්දෝලනාත්මක සිංහල පොත් 10ක්.

කලා කෘති වාරණය කියන්නෙ ලෝකෙ පුරාම නිරන්තරයෙන් කතාබහට ලක් වෙන මාතෘකාවක්. ලෝකෙ විවිධ රටවල බලධාරීන් විවිධ හේතු නිසා වරින් වර චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, පොත්පත් ආදියට එරෙහිව වාරණ, තහංචි නිකුත් කරනවා. ඊට අමතරව, තවත් සමහර කලාකෘති නීතියෙන් තහනම් නොවුණත් මහත් ආන්දෝලනයන්ට තුඩු දී සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන අවස්ථා තියෙනවා. මේ වගේ කලාවට එරෙහිව වැටෙන වැටකඩොලුවලට හේතු වෙන කරුණු තුනක් මූලික වශයෙන් හඳුනගන්න පුළුවන්. ඒ තමයි ආගමික හේතු, දේශපාලනික හේතු සහ සංස්කෘතික හේතු.

ලංකාවෙ නිෂ්පාදනය වුණු චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, පොත්පත් ආදියටත් මේ වගේ තත්ත්වයන් උදා වුණු අයුරු ඉතිහාසය පුරාම දකින්න තියනවා. ඒ අතරින් මේ අවධානයට ලක් කරන්න සූදානම් වෙන්නේ ලාංකික සමාජය තුළ මහත් ආන්දෝලනයකට ලක් වුණු සිංහල පොත්පත් කීපයක් ගැනයි.

විවාහය හා රති සැපත – ටී.එස්. ධර්මබන්ධු 

ලංකාවේ පොත් තහනම් කිරීමේ ඉතිහාසයට මේ වෙද්දි අවුරුදු 70ක්. තහනමට ලක් වූ බවට කරුණු හොයාගන්න ලැබෙන මුල්ම පොත තමයි ‘විවාහය හා රති සැපත’. ලිංගිකත්වය අදටත් වඩා සැඟවුණු මාතෘකාවක්ව තිබුණු 1949 තරම් ඈත කාලෙක, ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීම නිසා කතුවරයාට එරෙහිව නඩු දමා මේ පොත තහනම් කරලා, ඊට රු. 20ක දඩයක් නියම කරන්න එවක පොලිස්පතිවරයා කටයුතු කළා.

මේ අයුරින්ම ‘නෑඹුල් සුවඳ’ නම් පොතක් ලියූ කේ. ජී. ඊබට් සිල්වා නමැත්තෙක් හිරගෙට නියම වූ බව ගුණදාස ලියනගේ ලියූ ‘අසභ්‍ය සාහිත්‍ය සහ සංස්කෘතික පොලිසිය’ කෘතියේ සඳහන්. ගුණදාස ලියනගේ විසින්ම ලියැවුණු ‘දෝන කමලාවතී’ කෘතියත් ඒ කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ මීට සමාන හේතු නිසාමයි.

වනකතා – යක්කඩුවේ ප්‍රඥාරාම හිමි

1950 දශකයේ ජ්‍යේෂ්ඨ විභාගයට නියම වුණු ‘වනකතා’ පොත ලිව්වේ ලංකාවේ සිටි විශිෂ්ට උගතෙකු වූ යක්කඩුවේ ප්‍රඥාරාම හිමි. මේ පොත පංචතන්ත්‍රයේ සිංහල අනුවාදයක් බව කියවෙනවා. පංචතන්ත්‍රයේ එන එක් ශ්ලෝකයක් කවියක් ලෙස සිංහලට හරවා මේ පොතට ඇතුළත් වී තිබීම නිසා එවක අගමැති ඩී. එස්. සේනානායකට අපහාස වන බව කියමින් මේ පොත තහනම් කර එහි සියලු පිටපත් ගිනිබත් කරන්නට බලධාරීන් කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, මේ පොත ජ්‍යේෂ්ඨ විභාගයට නිර්දේශ කරපු කමිටුවේ එක් අයෙකු වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඊ. ආර්. එරත්න මහතාට එහි රැකියාවත් අහිමි වුණා. හැබැයි 1965 ඩඩ්ලි සේනානායක රජය යටතේ නැවත මේ පොත උසස්පෙළ විභාගයට නිර්දේශ වෙනවා.

මේ තියෙන්නෙ අපහාස වෙනවා කියපු කවිය..

‘අපායට යන්ට ඕනෑ නම් නුඹට

කරපං මහ ඇමැතිකම එක දවසකට

නැතිනම් පන්සලක දේවාලයක සිට

අධිපතිකම කරපං තුන් දවසකට’

පළිගැනීම – ජී. බී. සේනානායක

ජී. බී. සේනානායක විශිෂ්ට කෙටිකතාකරුවෙක් වගේම සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නිදහස් කවි ආර හඳුන්වාදුන් ආරම්භකයා. 1950 දශකයේ ජ්‍යේෂ්ඨ විභාගයට නියම වුණු ‘පළිගැනීම’ පොතත් ‘වනකතා’ එක්කම තහනම් වුණු තවත් පොතක්. මෙහි එන ‘අම්මා’ කෙටිකතාවේ විවාහකයෙකු විසින් පවත්වන අනියම් ප්‍රේමයක් පිළිබඳව ඇතුළත් වන නිසා, එය සමාජ විරෝධී අසම්මත දෙයක් යැයි කියමින් පොත තහනමට ලක් කරන්න එවක අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

සමාජ සංදර්ශනය – ඩී. ආර්. ජයවර්ධන

1950 දශකයේ ජ්‍යේෂ්ඨ විභාගයට නියම වුණු පොත්වලින් තහනමට ලක් වුණු අනික් පොත තමයි මේ. කාලානුරූපව ලාංකික සමාජයට සිදු වෙමින් පවතින දේ විග්‍රහ කරමින් ලියැවුණු ‘සමාජ සංදර්ශනය’ පොත, සිය මැතිවරණ පරාජයට හේතු වුණ බව කියමින් ඉයන් ද සොයිසා නම් දේශපාලකයා ඩී. එස්. සේනානායක අගමැතිවරයාට ලිපියක් යවා මේ පොත තහනම් කරවා තිබෙනවා. පසුව මේ පොතේ සියලු පිටපත් එකතු කර පුළුස්සා දැමූ බවටත් රාවයක් පැතිර ගියා.

යළි උපන්නෙමි – ගුණදාස අමරසේකර

ප්‍රවීණ සාහිත්‍යධර ගුණදාස අමරසේකර විසින් රචිත ‘යළි උපන්නෙමි’ සහ ‘කරුමක්කාරයෝ’ වැනි නවකතා අසභ්‍ය, අශ්ලීල කෘති යැයි පවසමින් දරුණු විවේචනයන්ට බඳුන් වුණා. මීට සමකාලීනව ප්‍රවීණ සාහිත්‍යධර ආචාර්ය සිරි ගුනසිංහ ලියූ ‘හෙවනැල්ල’, ‘මස් ලේ නැති ඇට’ වැනි පොතුත් මෙවැනි ප්‍රහාරවලට ලක් වුණා. හැබැයි ආචාර්ය සිරි ගුනසිංහ නම් කිව්වේ සාහිත්‍යයේ උචිත අනුචිත බව මිස සභ්‍ය අසභ්‍ය බවක් නෑ කියලයි.

බවතරණ – මාර්ටින් වික්‍රමසිංහ

බුද්ධ චරිතය දෙස වෙනස් දැක්මකින් බලමින් ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ අසූ තුන් වැනි වියේදී ලියූ බවතරණ කෘතිය විශාල මතභේදයකට තුඩු දුන්නා. මින් බුදුන්ට අපහාස වන බව කියමින් භික්ෂු සංස්ථාව කතුවරයාට එරෙහිව උද්ඝෝෂණ කරමින් අවි අමෝරා ගත්තා. අනෙක් පසින් තවත් භික්ෂූන් පිරිසක් මින් කිසිදු නිගාවක් සිදු නොවන බවට තර්ක කරමින් මාර්ටින් වික්‍රමසිංහ සමග සිටගත්තා. කොහොම වුණත් එවක ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එරික්‌ ජේ. ද සිල්වාගේ මැදිහත් වීමෙන් මේ පොත තහනම් නොකර ඉන්නට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කටයුතු කළා.

දඩකෙළිය – නිව්ටන් ගුණසේකර

විල්පත්තු ඝාතනය හෙවත් ඇඩ්ලින් විතාරණ සිදුවීම ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ නෑ. නිව්ටන් ගුණසේකර ලියපු ‘දඩකෙළිය’ පොතටත්, වසන්ත ඔබේසේකර නිර්මාණය කරපු ‘දඩයම’ චිත්‍රපටයටත් ප්‍රස්තුත වුණේ මේ සිද්ධිය. ඇඩ්ලින් විතාරණ චරිතයට මේ පොතෙන් අපහාසයක් වන බව පවසමින් ඊට විරුද්ධව 2006 දී මේ පොත පිට වෙලා වසරකට පස්සෙ ඇඩ්ලින් විතාරණගේ දියණියක් නඩුවක් ගොනු කරනවා. හැබැයි මින් එවැනි කිසිදු අපහාසයක් වී නැතැයි ඔප්පු වීම නිසා ඇය නඩුවෙන් පරාජය වෙනවා. දඩකෙළිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක්.

දැති රෝදෙන් උපන් බුදුන් – ටෙනිසන් පෙරේරා

1967 දී එළිදැක්වුණු ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෙටිකතා කෘතිය තහනමට ලක් වුණා විතරක් නෙමෙයි, එහි කර්තෘ ටෙනිසන් පෙරේරා රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලටත් ලක් වුණා. කොහොම වුණත් මේ නිලධාරීන්ට කතුවරයා කියන දේ නොතේරීම නිසා අන්තිමේදි ප්‍රශ්න කිරීම් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් ඇති පොලිස් නිලධාරියෙකුගේ සහාය ගන්නත් සිදු වුණු බව කර්තෘ ටෙනිසන් පෙරේරා හෙළි කර තිබෙනවා. පොත තහනම් වීමෙන් පස්සෙ එහි ඉතිරි පිටපත් සියල්ලත්, විකිණුනු පොත්වලින් ලැබුණු ආදායමත් රාජසන්තක වුණා. මේකට හේතුව විදිහටත් කියවුණේ බුද්ධාගමට අපහාස වීමයි. මේ සිද්ධිය එකල සමාජයේ මහත් කලබලයක් ඇති කළා.

මේරි නම් වූ මරියා – මංජුල වෙඩිවර්ධන

මංජුල වෙඩිවර්ධන 2000 වසරේදී ලියා පළ කළ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා පොත තහනම් වන්නෙත් ආගමික හේතු මතයි. මෙවර සාහිත්‍යයට එරෙහිව අවි අමෝරා ගත්තේ කතෝලික සභාව. පොතට එරෙහිව පැමිණිල්ල ගොනු කළේ කතෝලික සිනමා පර්ෂදයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා. එහි ප්‍රතිඵලයක් විදිහට කතුවර මංජුල වෙඩිවර්ධන, ප්‍රකාශක සිරිසුමන ගොඩගේ කවරය නිර්මාණය කළ ලලිත් සෙනෙවිරත්න, ඡායාරූප ගත් අජිත් සෙනෙවිරත්න සහ චිත්‍ර ඇඳි කේ. ඩබ්. ජනරංජන යන සියල්ලන්ටම රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙන්න සිදු වුණා. අන්තිමේ පොත එළිදකින්නත් පෙරම වාරණයට ලක් වුණා.

බුදුන්ගේ රස්තියාදුව – කේ. කේ. ශ්‍රීනාත් චතුරංග

සංහිඳ ප්‍රකාශනයක් ලෙස 2018 වසරේ පළ වුණු කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ නවකතාව එළිදැක්වෙන දිනයේම කතුවරයා, ප්‍රකාශකයා සහ පොතේ පිටපත් සියල්ල පොලීසිය වෙත රැගෙන යන්නට මිරිහාන පොලීසිය කටයුතු කළේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් බුද්ධ ශාසන ඇමතිවරයාට යැවූ ලිපියකට අනුවයි. කෙසේ නමුත් කෘතිය තහනම් කරන්නට හෝ ඊට විරුද්ධව පියවර ගන්නට පොලීසියට හැකි නොවූ හෙයින් කෘතිය මහත් ආන්දෝලනයක් යටතේම ජනගත වනවා.

කොහොම වුණත් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ තහනමට, වාරණයට, මතභේදයට, ආන්දෝලනයට ලක් වූයේ ඉහත කියපු පොත් 10 විතරක්ම නෙමෙයි. ආගමික පොලීසිය, සංස්කෘතික පොලීසිය සහ දේශපාලනික පොලීසිය එකතු වෙලා යටපත් කර දැමුණු තවත් බොහෝ අප්‍රකට කෘති ගැන ඉතිහාසයේ යම් යම් තැන්වල සඳහන්. මීට අමතරව ඕගොල්ලො දන්න එහෙම පොත්පත් තියනව නම් අපිට කියන්න..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

A Yakitori Indulgence at Yoroko, Cinnamon Life

Tradition Meets Contemporary Flair at Cinnamon Life This October, elevate your dining experience as Yoroko,

Trending

Yamu Guide.

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

8 Food Courts to try in Sri Lanka

By Fathima Rukaiya, Looking to grab a bite at a spot that offers a wide

Highlights Yamu Guide