‘කොළඹ අවටින් කපල්ස්වලට රූම්ස් ගන්න පුළුවන් තැන්’ කියන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ ඕගොල්ලො ‘යමු’ එකේ වැඩිපුර ම සර්ච් කරපු ටොපික් එකක්. ඒ වගේ ම තාමත්, අපේ ‘අහමු’ සෙක්ෂන් එකේ සහ ඊමේල්වල දිනපතා ම වගේ අපිට දකින්න ලැබෙන ප්‍රශ්නයක්.
කෙටියෙන් කිව්වොත්, කපල් එකක් හොටෙල් රූම් එකක කාලය ගත කරන එක සම්පූර්ණයෙන් ම පදනම් වෙන්නෙ කැමැත්ත මත. අංක එක, කැමැත්ත පළ කිරීමේ අවම වයස් සීමාව සපුරා තිබීම. අංක දෙක, දෙදෙනාගේ ම කැමැත්ත සහිත වීම. ඔයා සහ ඔයාගෙ පාට්නර් යහපත් සෞඛ්‍යයෙන් යුතු වැඩිහිටියො දෙන්නෙක් නං, ඉහත කියපු සුදුසුකම් සපුරලා තියනව නං, කසාද නොබැඳපු ජෝඩුවකට හොටෙල් රූම් එකකට යන්න වෙනත් කිසිම නීතිමය බාධාවක් ලංකාවේ නීතිය තුළ නැහැ. නීතිමය බාධා නැති වුණාට ඔය සදාචාර සීමා ලංකාවේ සෑහෙන ඉහළින් සලකනව නෙ. හැබැයි වැඩිහිටියො විදිහට ඔය දෙන්නා ගැන තීරණ ගන්න ඔය දෙන්නට තියන අයිතිය, ඕගොල්ලො පාවිච්චි කරයි කියල අපි විශ්වාස කරනව.
කොහොම වුණත්, මේ සම්බන්ධයෙන් ඔය දෙන්නම තේරුම් ගන්න සහ සැලකිලිමත් වෙන්න ඕන, වෙනත් වැදගත් දේවල් කීපයක් තියනවා. ඒ තමයි අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නා ක්‍රම, ලිංගාශ්‍රිත රෝග, තමතමන්ගෙ ශරීරය පිළිබඳ දැනුවත් ව සිටීම, දෙදෙනා අතර සන්නිවේදනය, වාචික සහ කායික කැමැත්ත වගේ දේවල්. මේවා ගැන වැඩිදුරටත් දැනගන්න මෙතන සහ මෙතන ක්ලික් කරන්න.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටුණ බව ඕගොල්ලො දන්නව ඇති. මේ හේතුව නිසා හුඟක් හෝටල් මේ දවස්වල ග්රූප්ස්වලට සහ කපල්ස්වලට ලොකු වට්ටම් සහිත ඩේ අවුටිං පැකේජස් ලබා දෙනවා. අපි මීට සති කීපයකට කලින් එක එක හෝටල්වලින් ග්රූප්ස්වලට ලබා දෙන ඩේ අවුටිං පැකේජස් ගැන ලිපියක් පළ කළා. අද අපි කියන්න යන්නේ කපල්ස්වලට තියන ඩේ අවුටිං පැකේජස් ගැන.
Akash Retreat & Spa, Ja-Ela
-
කපල් එකට මිල: රු. 5500
-
පැකේජ් එක: රූම් එක, ලන්ච්, පූල් එක
-
අමතන්න: 0777640526
Maple Leaf Hotel, Negombo
-
කපල් එකට මිල: රු. 6500 – Garden chalet / රු. 6000 – Deluxe room
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, කැමති රූම් එකක්, ලන්ච්, හවස තේ / කෝපි, පූල් එක, බීච් එක
-
අමතන්න: 0777939400/ 0741758738
Villa Adriella, Negombo
-
කපල් එකට මිල: රු. 6000
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලක්ෂරි සූට් රූම් (පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා) ලන්ච්, හවස තේ / කෝපි, පූල් එක
-
අමතන්න: 0774710004/ 0775318362
WindMill Villa, Negombo
-
කපල් එකට මිල: රු. 5000
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, සුපර් ඩිලක්ස් රූම් (පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා), ලන්ච්, හවස තේ / කෝපි, පූල් එක, BYOB (කොකේජ් ෆී නෑ)
-
අමතන්න: 0774710004/ 0775318362
JL Bungalow, Labugama
-
කපල් එකට මිල: රු. 5990
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, රූම් එක, ලන්ච්, හවස තේ සහ කේක්, පූල් එක
-
අමතන්න: 0775283836/ 0362252437
Villa 45, Balapitiya
-
කපල් එකට මිල: රු. 6000
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ඩිලක්ස් ඩබල් රූම්, ලන්ච් (ත්‍රී කෝස් සෙට් මෙනු), හවස තේ සහ ස්නැක්ස්, පූල් එක
-
අමතන්න: 0777293998
Villa at 69, Bentota
-
කපල් එකට මිල: රු. 5000
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, සුපර් ඩිලක්ස් ලක්ෂරි රූම් (පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා), ලන්ච්, හවස තේ / කෝපි සහ ස්නැක්ස්, පූල් එක, BYOB (කොකේජ් ෆී නෑ)
-
අමතන්න: 0772142657/ 0775318362
Seagate Hotel, Kalutara
-
කපල් එකට මිල: රු. 8500
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, සී වීව් එක සහිත ඩිලක්ස් රූම් (පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා), ලන්ච් (කැමති සෙට් මෙනු එකක්), හවස තේ / මිල්ක්ෂේක්
-
අමතන්න: 0716824824/ 0716458856
Mandarina Colombo
-
කපල් එකට මිල: රු. 12600
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, රූම් එක, ලන්ච් (කැමති සෙට් මෙනු එකක්), හවස හයි ටී, පූල් එක
-
අමතන්න: 0703367110/ 0702583515/ 0112550660
Supun Arcade Residency, Wellawatte
-
කපල් එකට මිල: රු. 8500
-
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, රූම් එක (පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා), සිසිල් බීම සමග ලන්ච්, හවස තේ
- අමතන්න: 0777557711/ 0112055040