අප්‍රේල් 22.. අදට යෙදෙන ලෝක මිහිතල දිනය ගැන ඔබ නොදත් කරුණු 6ක්.

ලෝක මිහිතල දිනය, සෑම වසරක ම අප්‍රේල් 22 වැනිදා ලොව පුරා සියලු රටවල සැමරෙන වැදගත් දිනයක්. මෙවර එය සැමරෙන්නේ 50 වන වතාවටයි. මුළු ලෝකය ම වසංගත තත්ත්වයකට ගොදුරු වෙලා ඉන්න මේ වසරේ, ලෝක මිහිතල දිනය වෙනදාට වඩා විශේෂත්වයක් උසුලනවා. මේ කාලේ සමස්තයක් විදිහට මිනිස් ප්‍රජාව අන් කවදාටත් වඩා පෘථිවිය ගැන හිතමින් ඉන්න කාලයක් වීම තමයි ඊට හේතුව.

කොරෝනා වසංගතය අපට අප වෙසෙන ලෝකය ගැන නැවත වරක් හිතා බලන්නට අවකාශය සලසා දුන්නා. සෑම පුද්ගලයෙක් ම අන් අය කෙරෙහි වගේ ම, තමා අවට පරිසරය කෙරෙහිත් දැන් දැන් වෙනදාට වඩා සංවේදී වෙමින් ඉන්නවා. මිනිසුන් විසින් අපවිත්‍ර කරන ලද, විනාශ කරන ලද පෘථිවිය දැන් ටිකෙන් ටික සුවය ලබමින් ඉන්න ආකාරය පිළිබඳ ඡායාරූප, ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට අනිවාර්යයෙන් දකින්නට ඇති.

ඉතින් අපි මේ ලිපියෙන් කියන්නට සූදානම් වෙන්නේ ලෝක මිහිතල දිනය සම්බන්ධයෙන් ඔබ නොදැන සිටි වැදගත් කරුණු 6ක් ගැනයි..

1 ආරම්භය

රූපය: www.nelsonearthday.net

පළමු වතාවට මිහිතල දිනය සැමරුණේ 1970 වර්ෂයේදී. ඒ අනුව 2020 මේ අවුරුද්දේ සැමරෙන්නේ 50 වැනි මිහිතල දිනයයි. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී වූයේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන්. එකල වියට්නාම යුද්ධයට එරෙහිව මිනිසුන් හඬ නඟමින් සිටියද, යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය ගැන කිසිවෙකුත් අවධානය යොමු නොකරන බව දුටු ඔහු, තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථිවියට බලපෑම් ඇති වන ආකාරය මහජන අවධානයට ලක් කළා. ඒ අනුව ප්‍රථම වතාවට 1970 දී සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගි වූ බව කියැවෙනවා.

2 ඇයි අප්‍රේල් 22 ම?

මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගෙන ඇත්තේ ගේලෝඩ් නෙල්සන් සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසින් හිතාමතා. ඊට හේතුව මේ දිනය සරසවි සිසුන්ගේ වසන්ත නිවාඩුව සහ අවසාන විභාග අතර යෙදෙන දිනයක් වීම. සරසවි සිසුන් වියට්නාම යුද්ධයට එරෙහිව බෙහෙවින් දේශපාලනිකව ක්‍රියාකාරී වූ පිරිසක් නිසා, ඔවුන්ගේ වැඩි අවධානය මිහිතල දිනය දෙසට යොමු කරවාගැනීමයි මෙහි අරමුණ වී ඇත්තේ. පසුව මිහිතල දිනය ජාත්‍යන්තරයට ගෙන යෑමටත්, මිහිතල දින ජාලය ඇරඹීමටත් මූලිකත්වය ගත්තේ ද ඩෙනිස් හේස්.

3 ඇමරිකාවෙන් ලෝකයට

රූපය: www.nytimes.com

මිහිතල දිනය යනු ඇමරිකාවේ ආරම්භ වූවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක්. 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයන් මිලියන 200ක පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරෙන දිනයක් බවට ලෝක මිහිතල දිනය පත් වුණා. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරුණා. එතෙක් Earth Day නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා.

4 මේ වසරේ තේමාව

2016 සිට හැම වසරක ම ලෝක මිහිතල දිනයට ඊට ම වෙන් වූ තේමාවක් ලැබෙනවා. 2016 වසරේ එහි තේමාව වුණේ ‘මිහිතලය වෙනුවෙන් ශාක’ යන්නයි. 2017 වසරේ ‘පාරිසරික සහ කාලගුණික සාක්ෂරතාව’ යන තේමාව ගත් මිහිතල දිනය, 2018 දී ‘ප්ලාස්ටික්වලින් සිදු වන දූෂණය නවතමු’ යන්න තේමාව කොට ගත්තා. 2019 වසරේ මිහිතල දින තේමාව වුණේ ‘අපගේ ජීවී විශේෂයන් සුරකිමු’ යන්නයි. මේ වසරේ, එනම් 2020 දී ‘කාලගුණික විපර්යාස වෙනුවෙන් ගත යුතු පියවර’ යන්න එහි තේමාව වනවා. ඒ අනුව කාලගුණික වෙනස් වීම්වල භයානක බව සහ ඒ සඳහා අපට ගත හැකි පියවර සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමට සංවිධායකයින් අපේක්ෂා කරනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අයට Earth Day 2020 වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්.

5 සැමරුම්

රූපය: www.earthday.org

සෑම වර්ෂයක ම මිහිතල දිනය සැමරීමට ලොව විවිධ රටවල් එක් එක් ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. කාබන්ඩයොක්සයිඩ් වායු දූෂණය පිටුදැකීම සහ ඉන්ධන පිරිමැස්ම අරමුණු කරගනිමින්, 2012 වසරේ මිහිතල දිනයේ දී චීනයේ පුද්ගලයින් ලක්ෂයකට වඩා පිරිසක්, වාහන භාවිතයෙන් තොරව බයිසිකල් පදිමින් ලොවට ම මනා ආදර්ශයක් සැපයුවා. මිහිතල දින ජාලය මඟින් 2011 වසරේ මිහිතල දිනය සමරමින් ඇෆ්ගනිස්තානයේ පැල මිලියන 28ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්වූවා. එසේ ම, පැනමාවේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ ඕකිඩ් වර්ග 100ක් අලුතින් රෝපණය කර නඩත්තු කිරීමට කටයුතු කරනු ලැබුවා.

6 අපට කළ හැකි දේ

රූපය: www.earthday.org

සාමාන්‍යයෙන් වෙනත් අවුරුදුවල මිහිතල දිනයේදී රුක් රෝපණ වැඩසටහන්, ශ්‍රමදාන, වෙරළ පිරිසිදු කිරීම් වගේ සාමූහික කර්තව්‍යයන් සිදු කෙරෙනවා. ඒත් මේ අවුරුද්දේ අපි එළියට පහළියට බැසීම නුවණට හුරු නැති නිසා සහ ගෙදරට ම වෙලා ඉන්න නිසා මිහිතල දින සැමරුම් පවත්වන්න හැකියාවක් නෑ. ඒ වුණාට ගෙදර ඉඳගෙන ම ලෝක මිහිතල දිනය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න ඔබට පුළුවන්. පුංචි පැලයක් හිටවන්න, ගෙදර තියන කුණු, රොඩුබොඩු අයින් කරලා ගේදොර පිරිසිදු කරන්න, වත්ත සුද්ද කරන්න එහෙම ඔබට පුළුවන් නං, මේ මිහිතල දිනයේදී හැකි පමණින් ඔබේ කොටස ඉටු කළා කියල සතුටු වෙන්නත් පුළුවන් වේවි.

 
කවරයේ කාටූනය: www.thejakartapost.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide