අපි ඒ කාලේ බලපු ඉංග්‍රීසි කාටූන් 16ක්!.

ඔබ දකින්න ඇති අපි පළකරපු ආදරය කල ඉංග්‍රීසි වැඩසටහන් ගැන ලිපිය. හැබැයි අපි ඒ කාලේ බැලුවෙ නාට්‍ය විතරක් නෙමයි නේ. නැගල ගිය ඉංග්‍රීසි කාටුන් ගොඩකුත් තිබුණනේ. මෙන්න ඒවායින් කිහිපයක්. බලන්න මතකද කියල. ලේසියෙන් මතක් වෙන්නත් එක්ක ඔන්න අපි තේමා ගීත ටිකත් එකතු කලා.


Saber Rider & The Star Sheriffs

ඇමරිකන් කව්බෝයි කෙනෙකුයි, බ්‍රිතාන්‍ය නයිට් වරයෙකුයි, ජපන් ධාවන ශුරයෙකුයි එකතු කරල යෝධ රොබෝ කෙනෙකුත් එක්ක අභ්‍යවකාශයට දැම්මම මෙන්න මේ සුපිරි කාටුන් එක තමයි ලැබෙන්නෙ. මේක හුඟක් දෙනෙකුගේ ප්‍රියතම කාටුනයක් බවට පත්වුණා. රටවල් කිහිපයකින්ම චරිත, මවිත වෙන අභ්‍යවකාශ ගැටුම් විතරක් නෙමයි ට්‍රාන්ස්ෆෝමර්ස්ලගේ ඔප්ටිමස් ප්‍රයිම් ගේ කටහඬ වුණ පීටර් කලන් තමයි මේකේ යෝධ රොබෝ රැම්රොඩ්ට පණ දෙන්නෙ.

X-Men

කොහොමද ඒ තේමා ගීතය? දැන් ආපු X-Men චිත්‍රපට නරකම නෑ තමයි, ඒත් ඒවා එකක් වත් මේ කාටුන් එක තරං හොඳ නෑ. X-Men ලෝකෙ චරිත ඔක්කොම වගේ කාටුන් එක හරහා පුංචි තිරයට ගෙන්න මේකට හැකිවුනා. ඒ වගේම මෙච්චර හොඳ තිර රචනයක් සාමාන්‍ය නාට්‍යයකින් වුනත් අදටත් හොයන්න අමාරුයි.

SilverHawks

රිදී උකුස්සෝ කිව්වම ටිකක් අවුල් වුනාට සිල්වර්හෝක්ස් කිව්වොත් නං ඔයගොල්ලොන්ට මතක් වෙන්න ඕනේ. අර තේමා ගීතයත් පට්ට නේද? රිදී පාට, අභ්‍යවකාශයේ අත්තටු වලින් පියාඹන, මනුස්ස පොලිස් කණ්ඩායමක් ගැන කියවුන මේ කතාවත් හුඟක් ප්‍රසිද්ධ වුණා. මේ ගොල්ලෝ යෝධ දැල්ලෙක්ගෙ පිට උඩ නැගල යන යකෙක්ගෙ මැර කල්ලියට විරුද්ධ වෙනහැටි බලන්න ආසයි.

Thundercats

ඒ කාලේ ගිය ඉංග්‍රීසි කාටුන් වලින් ප්‍රසිද්ධම වෙන්න ඇත්තේ තන්ඩර්කැට්ස් වෙන්න ඕනේ. තමන් උපන් ග්‍රහලෝකෙ විනාස වුනාට පස්සෙ වෙනත් ග්‍රහලෝකෙක අතරමං වුණ මේ පූස් මිනිසුන්ගේ කතාව කාගෙත් සිත්ගත්තා. මේකෙ නැවත උපුටාගැනීමක් ලඟදි කරන්න හැදුවට ඒක මගදී නැවතුණා. සමහර විට පරණ එක තරම් ගතියක් තිබ්බෙ නැති හින්ද වෙන්නැති.

G.I.Joe

ජී.අයි.ජෝ. සෙල්ලම් බඩු මෙහෙත් තිබුණා. අර පුංචි ප්ලාස්ටික් සොල්දාදුවෝ? මේකේ නං ඇමරිකන් ගතිය අරින්නම බැහැ. එන්නෙම නියම ඇමරිකන් වීරයා කියල කියාගෙනම නේ. හැබැයි කෝබ්‍රා ත්‍රස්තවදියොන්ට එරෙහිව ඒ අය සටන් කරන හැටි අපිත් ආසාවෙන් බැලුවා.

King Arthur & The Knights of Justice

ආතර් රජ්ජුරුවන්ගේ කතාවට අලුත් අර්ථකතනයක් දීල පෙන්නුවෙ මේකේ තමයි. ආදී එංගලන්තෙ වුණාට මරු ගැජමැටික් කෑලි තියෙන කඩු කිනිසි වලින් ගහගන්න මේ නයිට්වරු ටික බලන්න බලන්න ආස හිතෙනවා.

Batman / Superman Animated Series

1995දී ආපු බැට්මෑන් කාටුනය කාටුන් කලාවේ අග්‍රගන්‍ය සන්ධිස්ථානයක් ලෙස හඳුන්වනවා. එළිය වෙනුවට අඳුරෙන් සහ හෙවනැල්ලෙන් බැට්මෑන්ගෙ චරිතය වගේම, ලොකු පොඩි කාටත් රසවිඳින්න පුළුවන් වෙන විදියට කථා හදල තිබුණා. ඒක අදටත් ඩී.සී. සමාගමෙන් ආපු හොඳම කාටුනය කියල හඳුන්වනවා. ඊට අනුරූප සුපර්මෑන් ගේ කාටුන් මාලාවත් හොඳින් පිළිගැනීමකට ලක් වුණා.

Biker Mice From Mars

බයික් පිස්සුවක් තිබුන ළමයින්ට නං මේක කියාපු කාටුන් එක. ඇත්ත, බයික් පදින්නේ මීයෝ. එ්ත් ඒ සුපිරි මීයෝ. අනික මීයෝ වගේද බයික් වල දාපු වැඩ.

Street Sharks

බාගෙට මනුස්ස, බාගෙට මෝරු වෙච්ච සහෝදරයෝ හතර දෙනෙක්ගේ කතාවක් තමයි මේක. මේක ඉවර වෙනකං පෙන්නුවෙ නැහැ මගේ හිතේ. ඒ වුණාට හුඟක් අයට අමතක වෙන්නෙත් නැහැ.

JEM

වැඩිය ගෑණු ළමයි ගැන හිතල හදපු කාටුනයක් වුණාට කොල්ලෝ හුඟක් දෙනෙකුත් ජෙම් බැලුව කියල අපි දන්නවා. කතාව තියෙන්නෙ පොඩි සංගීත සමාගමක් දුවන ජෙරිකා බෙන්ටන් ඒ සමාගමත්, ස්ටාර්ලයිට් අනාථ දරු නිවාසයත් බලාගන්න අතරම ජෙම් කියන අනුවර්ත නාමයෙන් සංගීත තරුවක් වෙන හැටි. ඔය ලඟදි ආපු මෙගා නාට්‍ය වල වගේ නෙමෙයි, මේකේ මහන්සි වෙලා හරි දේ වෙනුවෙන් වැඩ කරන හැටි ගැන ආදර්ශ හුඟක් ගන්න තිබුණා. මේකෙ නම විකුණලා ලඟදි හදපු චිත්‍රපටිය නං බලන්න එපා. එ්ක අන්තිමයි.

Dinosaucers

පියාඹන පීරිසි වලින් ආපු අධිතාක්ෂණික ඩයිනසෝර්වරු. මේකේ අකමැති වෙන්න දෙයක් තිබුනෙම නැති තරම්. මේ වගේම තවත් කාටුන් එකක් ආවා මේ කාලේ Dinoriders කියල. හැබැයි එකේ මිනිස්සු තමයි අධිතාක්ෂණික.

Teenage Mutant Ninja Turtles

රජ ඉබ්බෝ කියල කිව්වම ලංකාවේ නොදන්නා කෙනෙක් නැතුව ඇති. හැබැයි රජ ඉබ්බෝ කියල ආවේ නින්ජා ටර්ට්ල්ස් ල. (ඒ කියන්නේ ඒගොල්ලෝ ඉබ්බොත් නෙමෙයි, කැස්බෑවෝ) දැන් මේකේ අලුත් එකක් යනවා අන්තර්ජාලයේ.

Captain Planet

90 දශකයේ ළමයින්ට පරිසරය ආරක්ෂා කරන්න උනන්දු කරවන්න ගත්ත උත්සහයක් තමයි මේ කාටුන් එක. සොබාදහමේ බලයන් පහක් ලෝකෙ වටෙන් ආපු ළමයි පස්දෙනෙකුට දෙනවා. ඒ ගොල්ලෝ ඒවායින් පරිසර දූෂකයින් නවත්තන්න හදනවා. ඒගොල්ලොන්ට බැරිවුණාම බල පහම එකතු කරලා කැප්ටන් ප්ලැනට්ට එන්න කියනවා.

M.A.S.K

MASK හැදුවේ ජී.අයි.ජෝ. වලට කැමති කට්ටියයි ට්‍රාන්ස්ෆොර්මර්ස්ලට කැමති අයයි දෙගොල්ලොම අල්ලගන්න. ජී.අයි.ජෝ. වගේ හමුදාවක් වෙනස් වෙන වාහන වලින් සතුරන් පරදන කතාවක් තමයි මේකේ ගියේ.

Denver The Last Dinosaur

20 වෙනි ශතවර්ෂයේ ළමයි වගයක් ඩයිනසෝර් බිත්තරයක් හොයාගන්නවා විතරක් නෙමයි ඒක රැකලා ඩයිනසෝර් කෙනෙක්ව එළියට ගන්නවා. ඒ ඩයිනසෝර්ට ඩෙන්වර් කියන නම දීලා තවත් ළමයෙක්ට වගේ සලකනවා.

Mummies Alive & Gargoyles

මේ කාටුන් දෙකම එක වගේ විතරක් නෙමයි එකම කාලේ ගියේ. එකක ගල් වලින් කොටපු භූත රුප වලට පණ එනවා. අනිත් එකේ ඊජිප්තු මමී වරුන්ට පණ එනවා.


තව කාටුන් ගොඩක් තියෙනවා. වොල්ට්‍රෝන්, ස්වොට් කැට්ස් වගේ. ඔක්කොම ඉතින් දාන්න අමාරුයි. එත් ඔයගොල්ල ආස කරපු එකක් අපි මෙතන දැම්මේ නැත්තං පල්ලෙහා කමෙන්ට් කරලා අපිට කියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide