මල්වඩම් අනවශ්‍යයි.

මොහොමඩ් අලි ගිය සතියේ මැරුණා. ලෝක ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙක් හැටියට වගේ ම එයාගේ දේශපාලනික මැදිහත්වීම, ඉස්ලාම් ආගමට හැරීම වගේ ම පස්සෙ කාලෙක පාකින්සන් රෝගයට ගොදුර වීම ගැනත් මම අහලා තියෙනවා; එයා අති දක්ෂ ක්‍රීඩකයෙක් වගේ ම ශ්‍රේෂ්‍ඨ පුද්ගලයෙක් කියන එන ගැනත් මට විවාදයක් නෑ. ඒත් එතනින් එහාට මට පුද්ගලික ව එයා ගැන එහෙම ලොකු හැඟීමකුත් නෑ; මට බොක්සින් ගැනත් කිසි උනන්දුවක් නෑ. ඒත් අලිගේ මරණය ගැන ආරංචිය ඇවිත් ටික වෙලාවක් යද්දි මගේ ෆේස්බුක් නිවුස් ෆීඩ් එක මොහොමඩ් අලිගේ ෆොටෝ, රුවන්වැකි වගේ දේවල්වලින් පිරෙන්න ගත්තා. එක පාරට හැමෝම මොහොමඩ් අලිගේ රසිකයෝ වෙලා!

සාමාන්‍යයෙන් ඕනම ප්‍රසිද්ධ කෙනෙක් මැරුණම සිද්දවෙන මේ දේ ගැන මේ ආටිකල් එක කියවද්දියි මට තේරුණේ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි කියලා. දේවයියා බෝපන්නා ලියල තිබුණු දේවලුත්, මට ෆේස්බුක් එකේ දකින්න ලැබුණු දේවලුත් එක්ක මේ වගේ සිද්ධවලදි සෝෂල්මීඩියාවලකරන කියන දේවල් එක්ක අපිට චරිත වර්ග කීපයක් අඳුනාගන්න පුළුවන්.

1. එක දාන අය

මොහොමඩ් අලි වගේ ලෝක ප්‍රසිද්ධ කෙනෙක් මැරිලත් ඒ ගැන පෝස්ට් එකක් නොදැම්මොත් එහෙම මම ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ගොඩයෙක් කියල අනිත් අය හිතන්න පුළුවන්නේ. ඒ නිසා ඉක්මණට විකිපීඩියා එකෙන් විස්තර පොඩ්ඩක් හොයාගෙන එයාගේ ෆොටෝ එකක් එක්ක රුවන් වැකියක් දානවා. ඒත් ඒව කරන්න වෙලාවක් නැත්නම් වෙන කෙනෙක්ගේ පෝස්ට් එකක් RIP කියල දාලා ෂෙයාර් කරන්නත් පුළුවන්.

2. ලයික් පෙරේතයෝ

‘පෝස්ට් එකට ලයික් ගොඩක් වැටෙද්දි එන සතුට සල්ලිවලට ගන්න බෑ’ කියල අපි හැමෝම දන්නවනේ. ඉතිං මේ වගේ වෙලාවට ටිකක් නැගල යන පෝස්ට් එකක් දැම්මොත් සෑහෙන ලයික් ගානක් ගන්නත් පුළුවන්. මැරුණ කෙනාගෙ රුවන්වැකියක් හොයාගන්න වෙලාවක් නෑ වගේ නම් (සමහර විට එයා නැගල යන රුවන්වැකි කියල නැද්ද දන්නෙත් නෑනේ) අයින්ස්ටයින්ගේ වගේ කාගෙහරි එකක් අරන් මැරුණ කෙනාගේ ෆොටෝ එකක් එක්ක දැම්මත් අවුලක් නෑ. කවුරුත් ඕක ගැන හොයන්න යන්නෙ නෑනේ RIP එකකුත් එක්ක ෂෙයාර් කරල දානවා මිස.

3. ෆෑන්ස්ලා

මේ වගේ සෙලිබ්‍රිටිලට ඇත්තට ආදරේ කරන, එයාලා ගැන පොත්, චිත්‍රපටි එකතුකරන එයාලා වගේ වෙන්න උත්සාහ කරන අයත් ඕන තරම් ඉන්නවා. එයා ජීවත්වෙලා ඉන්නකන් ෆේස්බුක් එකේ යූටියුබ්වල එයාගේ වැරදි කියන අයට පිටු ගණන් කොමන්ට්වලින් උත්තර දීලා එයාව බේරගත්ත අයට, තමන් ආදරේ කරන වීරයාගේ නික්ම යාම සෑහෙන දුක්බර දෙයක් වෙන්න පුළුවන්. මෙච්චර කල් ‘මම තරම් එයාට ආදරේ කරපු ෆෑන් කෙනෙක් නෑ’ කියල හිතන් ඉඳලා, දැන් මැරුණට පස්සෙ අනිත් අය දාන “ශෝකප්‍රකාශවලින්” නිව්ස් ෆීඩ් එක පිරෙද්දි එයාලට, “නුඹට ඉන්නෙ මං විතරද” වගේ හිතෙනවා ඇති.  

4.විරෝධාකල්පිතයෝ

හැමෝම අර මැරැණ කෙනා ගැන කතාකරද්දි මේ වගේ අයට මළ පනිනවා. ලංකාවේ නම් වාමාංශිකයෝ සහ ජාතිකවාදියෝ වගේ ටිකක් “ප්‍රබුද්ධ” අය තමයි වැඩිපුර මේ කාණ්ඩයට අයිති වෙන්නේ. පිටරට නළුවෝ, ගායකයෝ ගැන දුක්වෙන අය ලංකාවේ ගායකයෝ, නළුවෝ ගැන ඒ වගේ පෝස්ට් දාන්නෙ නැති එක එයාලට සෑහෙන්න අවුල්. “ඇයි හැමෝම මේ ඩේවිඩ් බෝවි ගැන පෝස්ට් දාන්නේ; අපේ ලංකාවේ ඇන්ටන් ජෝන්ස් ගැන කවුරුත් දුක් වෙන් නැත්නෙ ඇයි” වගේ ප්‍රශ්න තමයි එයාලට තියෙන්නේ.

5. විවේචකයෝ

මේ වගේ අලුතින් එන ඕනම ට්‍රෙන්ඩ් එකක් අල්ලගෙන විවේචනය කරන කට්ටිය;  ඉස්සර වගේ නෙවෙයි; දැන් ෆේස්බුක් තියෙන නිසා හිතට එන ඕන තකතීරු කතාවක් වුණත් දෙපාරක් හිතන්නෙ නැතුව ‘මෙමෙ ෆේස්’ එකක් එක්ක දාලා දාන්න පුළුවන්. මේක ලියන මං වගේ කට්ටියත් අයිති වෙන්නෙ මේ කාණ්ඩයට ම තමයි. ඒ විතරක් නෙවෙයි, මේ වගේ ආටිකල් ෂෙයාර් කරන අයත් ඉතින් මේ බෝට්ටුවෙම තමයි.

ෆේස්බුක් වගේ සෝෂල්මීඩියා නිසා අපේ ජීවිතේ විතරක් නෙවෙයි, මරණය පවා වෙනස්වෙලා. ඇත්ත මළගෙවල්වල වගේ මල්වඩම් අරන් යන්නවත්, “අපගේ බලවත් ශෝකය” කියලා බැනර් එල්ලන්නවත් ඕන නෑ. සමහර විට ජීවිතේට නොලැබෙන තරම් ලයික් සහ ෂෙයාර් මැරුණු අයට අරන් දෙන අපි වගේ ෆේස්බුක් වීරයන්ගෙන් වෙන සේවය අපි මීට වඩා අගයකරන්න ඕන කියලයි මම නම් හිතන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide