යටවෙන්න කලින් කියවන්න: ගංවතුරක් ආවොත් බේරෙන්නෙ මෙහෙමයි.

අවුරුද්දේ ඒ කාලේ අායෙත් ඇවිල්ලා. මේ ලියන මොහොත වෙද්දි ලංකාවේ කොහෙවත් ලොකු ගංවතුර තත්ත්වයක් නැති වුණත් මේ ඉදිරි දවස් කීපයේ එන වැස්සත් එක්ක වෙන අවුරුදුවල වගේ ම ගොඩක් පැතිවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් තියෙනවා. ඉතිං හැමදාම වගේ වෙන්න ඕන දේවල් ටික වුණාට පස්සෙ කලබල වෙන්නෙ නැතුව දැන් ඉඳන් සූදානම් වුණොත් මේ වගේ තත්ත්වයක දි සිද්ධවෙන්න පුළුවන් ජීවිත සහ දේපල අවධානම අවම කරගන්න පුළුවන්.

Photo: Oxfam International

ඔයාවත් යටවෙයිද?

පහුගිය අවුරුදු කීපය ඇතුලත ගංවතුරට අහුවුණු කට්ටිය නම් දන්නවා තමන් ඉන්න පැත්තට ගංවතුරක් එන්න තියෙන අවධානම මොන වගේද කියලා. ඊට අමතර ව ලොකු ගංගා, ඇළදොළ කිට්ටුව වගේ ම වැව් සහ ජලාශවල පිටාර ගේට්ටුවලට පහළින් ඉන්න අයත් මේ ගැන අවධානයෙන් ඉන්න ඕන. ටීවී සහ රේඩියෝවලට අමතර ව නිතර ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ ඒගොල්ලන්ගෙ DEWN අනතුරුහැඟවීම් ගැන ඇහැ ගහගෙන ඉන්න එක හොඳයි.

Tweets by dmcdewn

ඒ වගේ ම හදිස්සි අවස්ථාවක දි 117ට කතාකරලත් එයාලගෙන් විස්තර ගන්න පුළුවන්.

ඔයා ඉන්නෙ නායයාමේ අවදානමක් තියන පැත්තක නම් ඒ ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා.

ගලන්න වගේද?

උඩ කියපු මොන විදියකින් හරි, ඔයා ඉන්න පැත්තටත් වතුර එනවා කියල දැනගත්තොත් මෙන්න මේ දේවල් තමයි කරන්න තියෙන්නෙ.

  • ගෑස්, කරන්ට් ඕෆ් කරන්න

මේන් කරන්ට් ස්විච් එක ඕෆ් කරන්න. ගෑස් සිලින්ඩර් එහෙමත් ලිපෙන් ගලවලා තියන්න. ඒ වගේ ම ගෙදර තියෙන විදුලි උපකරණත් වතුරට යටවෙන්නෙ නැති උස තැනකින් ගෙනිහන් තියන්න.

  • වටින දේවල් ටික බේරගන්න

ගෙදර තියෙන රත්තරන් බඩු වගේ වටිනාකියන දේවල් වගේ ම උප්පැන්න සහතික, විවාහ සහ අධ්‍යාපනික සහතික, පාස්පෝට්, ඉඩම් ඔප්පු, පවුලෙ අයගෙ ෆොටෝ, පොත්පත් වගේ දේවලුත් ආරක්ෂිත තැනකින් ගෙනිහින් තියන්න.

වාහනත් පුළුවන් තරම් වතුරට යට නොවන තැනක නවත්තල තියන්න.

  • වයසක අයයි සත්තුයි

වයසක අය වගේ ම ගෙදර ඇතිකරන සත්තුත් කල් ඇතුව ආරක්ෂිත තැනකට ගෙනිහන් දැම්මා නම් ලේසියි. එහෙම නැත්නම් හදිසියක දි ඒ අයව අරන් යන විදියක් කල්ඇතුව කල්පනාකරලා බලන්න.

  • අහළ පහළ අය

ඔයා මේ ගැන දැනුවත් වුණාට අහළපහළ ඉන්න හැමෝම එහෙමයි කියල අපට කියන්න බෑනේ. ඒ නිසා අහළ පහළ ඉන්න අයවත් මේ දේවල් ගැන දැනුවත් කරන්න.

බඩු ලිස්ට් එක

මෙන්න මේ වගේ දේවල් ටිකක් කල්ඇතුව එකතුකරල තියාගත්තොත් මේ වගේ හදිසි අවස්ථාවක දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • රබර් බෝට්ටු සහ ආරක්ෂිත ඇඳුම්
  • ටෝච් එකක්
  • අමතර බැටරි
  • ෆෝන් එකේ බැටරි චාජ් කරන්න පවර් බෑන්ක් එකක් හෝ කීපයක්
  • හදිසියක දි උදව් ඉල්ලන්න විසිල් එකක්
  • අත්‍යවශ්‍ය දේවල් එක්ක ප්‍රථමාධාර පැක් එකක්
  • වතුර බෝතල් සහ පැකට්/ ටින් කරපු කෑම වර්ග
  • වතුර නොයන විදියට පැක් කරපු ඇඳුම් සහ පොරවන රෙදි වගේ දේවල්
  • සබන්, ටූත්පේස්ට්, සැනිටරි පෑඩ් වගේ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය
  • පොඩි ළමයි ඉන්නව නම් එයාලට අවශ්‍ය කිරි, බෝතල් වගේ දේවල්

ගැලුවට පස්සෙ

  • ගංවතුරට අහුවුණොත් එහෙම මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න.
  • ගංවතුරට බහින්න එපා. මොකද පලාතේ තියෙන හැම දෙයක්ම හෝදගෙන එන හින්දා මේ වතුරෙන් ලෙඩ රෝග ගොඩක් හැදෙන්න පුළුවන්. ඒ නිසා පුළවන් තරම් වතුර ඇඟේ ගාගන්නෙ නැතුව ඉන්න බලන්න. විශේෂයෙන් පොඩි අයට ගංවතුරෙ සෙල්ලම් කරන්න දෙන්න එපා.
  • වතුර පාර සැර නම් වාහනේකින් හෝ පයින් ඒ හරහා යන්න ට්‍රයිකරන එක ගොඩක් අවධානම්.
  • වතුරට බහින්න ම ඕන නම් වීදුර කටු, යකඩ කෑලි වගේ දේවල්වලට කකුල් කැපෙන එක සහ කකුල් වතුරෙ ගෑවෙන එක අවම කරන්න බූට් දෙකක් පාවිච්චි කරන්න
  • ගංවතුර බැහැලා ගියත් අදාළ ආයතනවලින් කියනකල් ආපහු යන්න එපා.
  • ගංවතුර බැස්සට පස්සෙ ගෙවල්දොරවල්වලට වෙලා තියෙන අලාභහානිවල ෆොටෝ ටිකක් ගහගන්න. විශේසයෙන් ඉන්ෂුවරන්ස් එකක් එහෙම ක්ලේම් කරන්න තියනව නම් මේව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide