කොරෝනා වෛරසයට එරෙහිව ඔබේ ප්‍රතිශක්තිය වඩවන්න.. මේ ආහාරපාන පාවිච්චි කරන්න.

මේ මොහොතේ මුළු ලෝකෙ ම ඉන්නෙ කලබලෙන්, වගේ ම බයෙන්. COVID-19 හෙවත් කොරෝනා වෛරසය හීයක වේගෙන් ලෝකෙ පුරා ම පැතිරිලා. මේ වෙලාව වෙද්දි ලෝකය පුරා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගිහින්. ලංකාවෙත් මේ වන විට රෝගීන් 19 දෙනෙක් හඳුනගෙන තියන නිසා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රජාව මඟින් රෝගය බෝ වන රටක් වශයෙන් ලංකාව නම් කරලා තියනවා. මේ හින්දා ඔබ රෝගී වීමේ අවදානම වගේ ම ඔබෙන් අන් අයට රෝගය බෝ වීමේ අවදානමත් අඩු කරගන්න, සෞඛ්‍ය අංශ මඟින් සපයන උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.

මේ වගේ අවස්ථාවක ආහාරපාන වර්ගවලට වැදගත් තැනක් හිමි වෙනවා. මොකද ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න ආහාරපාන උපකාරී වෙන නිසා.

වාසනාවකට අපේ ඇඟේ ප්‍රතිශක්තිය වඩවන, පහත සඳහන් ආහාරපාන වර්ග ලංකාවේ ලේසියෙන් ම හොයාගන්න පුළුවන් ඒවා. අපේ එදිනෙදා කෑම වේලෙත් මේවයින් බොහොමයක් අන්තර්ගත වෙනවා. මේවා කොරෝනා ඇතුළු ඕනෑ ම වෛරසයකට එරෙහිව සටන් කළ හැකි ආහාරපාන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වෙලා තියනවා. ඉතිං මේවා ගෙදර නැත්තං, කොහෙන්හරි ඉක්මනින් හොයාගන්න තරමට හොඳයි. හැබැයි සුපර්මාර්කට් නං හිස් වෙලා හින්ද ඒ වැඩෙත් ලේසි වෙන එකක් නෑ.

ඇඹුල් පලතුරු

මිදි, දොඩම්, නාරං, දෙහි, ජමනාරං වගේ පලතුරුවල විටමින් සී බහුලයි. විටමින් සී අපේ ශරීරය ඇතුළෙ ම නිෂ්පාදනය නොවෙන නිසා හොඳින් සෞඛ්‍ය සම්පන්නව ඉන්න නං අපි ඒවා පිටින් ආහාර විදිහට ලබාගන්න ඕන. අපිට හැදෙන රෝග එක්ක සටන් කරන්න අත්‍යවශ්‍ය වෙන සුදු රුධිරාණු නිෂ්පාදනය කරන්න විටමින් සී හුඟක් උදව් වෙනවා.

සුදු ලූනු

උගුරෙ අමාරු, ඔක්කාරය, ප්‍රදාහය ආශ්‍රිත රෝග වගේ ඒවට සුදු ලූනු ගුණයි කියල ඔබ අහල ඇති. ඒ නිසා ම ප්‍රතිශක්තිය වඩවන්නත් සුදු ලූනු උපකාරී වෙනවා. සුදු ලූනු හැපුවම හෝ පොඩි කළාම එහි ඇති ඇලීන් නම් සංයෝගය ඇලිසීන් බවට පත් වෙනවා. එය සුදු ලූනුවල ඇති ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගයයි. අපේ සිරුරේ ඇති සුදු රුධිරාණුවල ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමට මෙයට හැකියි. විශේෂයෙන් ම සෙම්ප්‍රතිශ්‍යා/ උණ වෛරසවලට එරෙහිව සටන් කිරීමට මෙය ප්‍රයෝජනවත්.

කහ

කහ නොදා හදන කෑම වේලක් ලංකාවේ නං හොයාගන්නත් අමාරු ගානයි. එදිනෙදා කෑමවලට කහ පාවිච්චි කිරීම හේතු දෙකක් නිසා වැදගත්.

  1. කහවලින් කෑමවලට විශේෂ පාටක්, රසක් සහ පුසුඹක් එකතු වෙනවා.

  2. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න කහවලට පුළුවන්.

උණ හෙම්බිරිස්සාවක් හැදුණාම මේ දෙවැනි හේතුව බොහොම වැදගත්. ප්‍රතිඔක්සිකාරක බහුල කහවල ප්‍රධාන ක්‍රියාකාරී අමුද්‍රව්‍යය වෙන්නෙ කර්කියුමන්. මෙමඟින් ප්‍රතිදේහ ප්‍රතිචාර ඉහළ දැමීමට හැකි වෙනවා.

ඉඟුරු

උණ හෙම්බිරිස්සාවක් හැදුණාම නැතුවම බැරි ඉඟුරු, මැග්නීසියම්, යකඩ, සින්ක්, කැල්සියම් අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඉඟුරුවල තියන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ ජින්ජරෝල්. ආසාදන තත්ත්වයන් ඇති වීමේ අවදානම අඩු කරන්න මෙයින් පුළුවන්.

නිවිති

ෆොලේට්, විටමින් ඒ, විටමින් සී, ෆයිබර්, මැග්නීසියම්, යකඩ අඩංගු නිවිතිත් සුදු රුධිරාණු නිෂ්පාදනය ඉහළ නංවන්න සමත්. අමු හෝ යන්තමින් පිසින ලද නිවිති ආහාරයට ගැනීම, හොඳින් පිසූ නිවිති ආහාරයට ගැනීමට වඩා වාසිදායක විය හැකියි.

යෝගට්

ප්‍රෝබයොටික්ස් රාශියකින් සමන්විත යෝගට්, ශ්වසන ආසාදනවලින් ඔබේ ශරීරය ආරක්ෂා කරනවා. ඉන්ෆ්ලුවන්සා වැනි වෛරසවලින් ඇති විය හැකි ශ්වසන ආබාධ පාලනය කිරීමට ඊට හැකියි.

හතු

ඕන ම හතු වර්ගයක් ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාවෙන් යුක්තයි. මේවා විටමින්, ඛනිජ, එන්සයිමවලින් බහුල නිසා රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුර සූදානම් කිරීමට උදව් වෙනවා. විශේෂයෙන් ම බීටා ග්ලූකන්ස් නම් ප්‍රතිවෛරස සංයෝගය අඩංගු ශිටාකේ හතු, මීට බෙහෙවින් උපකාරී වන හතු වර්ගයක්.

බතල

මේද රහිත, කොලෙස්ටරෝල් රහිත, කිසි ම බයකින් තොරව කන්න පුළුවන් ජාතියක් තමයි බතල. විටමින් ඒ සහ සීවලින් අනූනයි. ඔබේ ප්‍රතිශක්තිය වඩවන්න නැතුවම බැරි කෑමක්.

කුරුඳු

කෑමවලට රස, සුවඳ එකතු කරනවා විතරක් නෙමෙයි, කුරුඳු කියන්නෙ ප්‍රතිවෛරස ලක්ෂණවලින් පිරුණු කුළුබඩු වර්ගයක්. දිනපතා බොන තේ කෝප්පෙට කුරුඳු පොත්තක් දාල බලන්නකෝ. ඇඟට ප්‍රතිශක්තිය එක් වෙන්න ලේසි ම, සරල ම ක්‍රමයක්.

තේ

තේ, ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වෙන ෆ්ලේවනොයිඩ්වලින් සමන්විතයි. ඒ වගේ ම ඉඟුරු, කුරුඳු, කහ වගේ ජාති තේ එකට එකතු කළොත්, තේ එක රසින් වගේ ම ගුණෙනුත් වැඩි කරගන්න ඔබට පුළුවන්. වෛරස්වලින් ආරක්ෂා වෙන්න තේ කියන්නෙත් හොඳ ක්‍රමයක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide