තණහාල්, කුරක්කන් වලින් පංකාදු විදෙස් කෑම 6ක්! අපේ දෙයින්, කටට රහට.. II කොටස.

1. තණහාල් බිස්කට්

ඔ්න කරන්නෙ: තණහාල් පිටි ග්‍රෑම් 150යි, ඇස්ට්‍රා ග්‍රෑම් 40යි, පාන් පිටි ග්‍රෑම් 40යි, බිත්තර 1/2යි, සෝයා පිටි ග්‍රෑම් 10යි, කිරි පිටි තේ හැඳි 1යි, බේකින් පවුඩර් තේ හැඳි 1යි, ලුණු, සීනි ග්‍රෑම් 60යි.

හදන විදිය: මුලින්ම තණහාල් පිටි, පාන් පිටි, සෝයා පිටි, බේකින් පවුඩර් එකට කලවම් කරලා හොඳට හලාගන්න ඔ්න. ඊට පස්සෙ වෙනමම සීනි, ඇස්ට්‍රා එක්ක මිශ්‍ර කරලා, බිත්තර බාගෙත් දාලා බීට් කරගන්න. ඒ බීට් කරන අතරට රස පදමට බලලා ලුණු හා කිරි පිටි දාලා පදමටම බීට් කරගන්න. අන්තිමට ඒකට අර හලාගත්ත පිටි ටික දාලා හොඳට අනලා පිටිමෝලිය හදාගන්න. හදාගත්ත පිටිමෝලියෙන් කැමති කැමති හැඩවලට බිස්කට් හදලා, සෙල්සියස් 160ක වගේ උෂ්ණත්වයක මිනිත්තු 20ක් විතර බේක් කරගන්න. 

2. තණහාල් සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය: මැද පිරවුමට තම්බපු මුංඇට, අල ග්‍රෑම් 250යි, රම්පේ, කරපිංචා, කුරුඳු. ලීක්ස් ග්‍රෑම් 100යි, අමු මිරිස්, මිරිස්, ලුණු, පොල් තෙල්.

සාදන ක්‍රමය: භාජනයක් ලිපේ තියලා පොල්තෙල් රත් කරගෙන ඒකට දාන්න රම්පෙ, කරපිංචා, ලීක්ස්, තම්බපු මුං, අල. දාලා ලුණු, මිරිස් එහෙමත් පදමට එකතු කරලා හොඳ තෙල් දැමුමක් හදාගන්න. ඒ අතරට තණහාල් පිටි ග්‍රෑම් 200යි, පාන් පිටි ග්‍රෑම් 300යි, ඇස්ට්‍රා ග්‍රෑම් 50යි සහ රස පදමට ලුණු දාලා හොඳට අනලා පිටි මෝලියක් හදාගන්න. හදලා ඒක පැයක් විතර පිපෙන්න තියලා, කෑලි කඩලා අරගෙන පිරවුම මැදි කරලා සමෝසා බැදගන්නයි තියෙන්නෙ.

3. තණහාල් වණ්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය: තණහාල් පිටි ග්‍රෑම් 500යි, පොල්කිරි මිලිලීටර් 200යි, යීස්ට් ග්‍රෑම් 10යි, ගාපු පොල් බෑයයි, සීනි ග්‍රෑම් 25ක් උණු කරපු පැණි හෝ ඒ ප්‍රමාණයට කිතුල් හකුරු.

මුලින්ම තණහාල් පිටි, දියකරපු යීස්ට් එක්ක හොඳට මිශ්‍ර කරන ගමන් පොල්කිරිත් දාලා දියාරුවක් හදාගන්න. හදාගෙන ඒක පිපෙන්න තියන්න පැය 2ක් විතර. තියලා.. අර සීනි පැණි ටික හරි, කිතුල් පැණි ටික හරි එකතු කරලා, කලවම් කරලා.. කැන්ද ගොටු වලට වත්කරලා පදමට හුමාලයෙන් තම්බ ගන්නයි තියෙනන්නෙ.

4. තණහාල් යෝගට්

ද්‍රව්‍ය: තණහාල් පිටි ග්‍රෑම් 30යි, ජෙලටින් ග්‍රෑම් 2ක් වතුර මිලිලීටර් 500ක දියකරලා, යෝගට් මික්ස් 10යි, කිරිපිටි ග්‍රෑම් 30යි, වැනිලා, සීනි ග්‍රෑම් 50යි.

ක්‍රමය :- තණහාල් පිටි, වතුරත් එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගෙන රෙද්දකින් පෙරා ගන්න. පෙරලා ඒකට, කිරිපිටි හා සීනි උතුරන ගානට රත් කරලා සිසිල් වෙන්න අරින්න. ඒ අතරට ජෙලටින් වතුර ටික බාගෙට රත් කරලා සිසිල් වේගෙන එනකොටම යෝගට් මික්ස් හා වැනිලා එක්ක අර මුලින් හදාගත්ත තණහාල් මික්ස් එකත් දාලා, කවලම් කරලා ආයෙත් බාගෙට රත් කරලා, නිවෙන්න ඇරලා ෆ්‍රීස් කරන්න. කරලා නිවුනට පස්සෙ තමයි කෑමට ගන්න පුලුවන්.

5. කුරක්කන් බිස්කට්

ඔ්න කරන්නෙ බැදගත් කුරක්කන් පිටි ග්‍රෑම් 250යි, මාගරීන් ග්‍රෑම් 50යි, බිත්තර 2යි, සීනි ග්‍රෑම් 80යි, ලුණු, බේකින් පවුඩර්.

හදන්න.. මුලින්ම බැදපු කුරක්කන් ටික කුඩු කරලා පිටි හලලා අරගෙන බේකින් පවුඩර් එක්ක මික්ස් කරලා, ඒකට සීනිත් කුඩු කරලා හලලා දාලාම කලවම හදාගන්න. ඊට පස්සෙ මාගරින්, බිත්තර මික්ස් එක හොඳට බීට් කරගන්න ගමන් පිටි ටිකත් එකතු කරලා ඇති පදමට කලවම් කරලා, මෝලිය හැදුවට පස්සෙ.. බිස්කට් හැඩවලට කපලා සෙල්සියස් 160 විතර විනාඩි 20ක් වගේ බේක් කරගන්න.

6. කුරක්කන් පැස්ටා

ද්‍රව්‍ය: බැදපු කුරක්කන් පිටි ග්‍රෑම් 200යි, ඇස්ට්‍රා ග්‍රෑම් 25යි, පාන් පිටි ග්‍රෑම් 50යි, වතුර මිලි ලීටර් 100යි, බිත්තර 2යි, ලුණු

හදනකොට මුලින්ම කුරක්කන් පිටි, පාන් පිටි, බිත්තර, අවශ්‍ය පමණට ලුණු දාලා හොඳ පිටිමෝලියක් හදාගන්න. හදලා ඒක ලෑල්ලක් උඩ දසමෙටම තුනී කරලා තීරු කපාගන්න. කපපු තීරු විනාඩි 10ක් විතර ස්ටීම් කරලා අරගෙන හොඳට වේළන්න. එච්චරයි, හදන වෙලාවට අරගෙන තම්බන්නයි තියෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in Japanese Culinary Bliss at Minori Restaurant

By Sahasni Gamage Nestled within the luxurious Granbell Hotel, Minori Japanese Restaurant offers an unparalleled

Highlights Kamu

Experience flavorful Singaporean delights with a modern twist at Shiok!

By Sahasni Gamage We recently had the pleasure of dining at Shiok Singaporean Restaurant, which

Highlights Kamu

7 Fantastic Pizza Places to Try in Colombo

By Shamrina Carim Colombo, the vibrant capital city of Sri Lanka, is a haven for

Highlights Kamu

High Tea Guide for 2023

You and your friends decide to meet up after your last farewell, get together or

Highlights Kamu

Excel World Legacy Food Court launches Indi-Arabia Menu

By Hashini Pathirana https://www.tiktok.com/@yamusrilanka/video/7252917491427511560 Experience a culinary journey like no other at Excel World's launches

Kamu

A Taste of Jaffna at Flavoured by Cinnamon Red

By Hiruni Herath Flavoured at Cinnamon Red is enclosed by stunning views of the Colombo

Highlights Kamu Uncategorized

Trending.

Radisson Blu Resort Galle recently organized a delightful wine-tasting occasion

Radisson Blu Resort Galle recently hosted a delightful wine-tasting event on September 17th, showcasing an

Trending

Hilton Sri Lanka Collaborates with VOICE Area Federation to Enhance Community Resilience and Combat Hunger

For a brighter and secure Sri Lanka, fostering sustainability via community farms and kitchen programs.

Trending

Galle Face Hotel Presents ‘Yaalpana Santhai’ – A Gastronomic Journey into Jaffna Cuisine

Colombo, Sri Lanka – The Galle Face Hotel, an iconic landmark in Sri Lanka's hospitality

Trending

The Latest MSI Limited-Edition Stealth 16 Mercedes-AMG Motorsport is Available Now

MSI, the world-leading laptop brand, proudly unveiled its latest limited-edition laptop, the Stealth 16 Mercedes-AMG

Highlights Trending

Türkiye Food Festival Unveiled at Courtyard by Marriott Colombo

Colombo, September 4, 2023 - Courtyard by Marriott Colombo, an esteemed member of the Marriott

Trending

A Pho-Nomenal Vietnamese Feast at Cinnamon Grand Colombo

Vietnamese food has made its mark on the global culinary map with favourites such as

Trending

Yamu Guide.

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide

6 Things to Do at One Galle Face

Set against the panoramic backdrop of the Indian Ocean "Colombo’s first prestigious shopping mall is

Highlights Yamu Guide

7 Things to do at Colombo City Center

By Shanali Fernando 1. Shop till you drop A stunning integrated lifestyle destination set in

Highlights Yamu Guide

Wedding Venue List 2023

By Shanali Fernando When envisioning your wedding day, you may find yourself torn between various

Highlights Trending Yamu Guide

8 Places to get an Eid Sawan this Hajj Festival

The Muslims celebrate Hajj globally on the 29th of June, 2023. No doubt, along with

Highlights Yamu Guide