දන්න පලතුරු 7ක් ගැන, නොදන්න කතා 7ක්!.

එදිනෙදා ජීවිතේ තියන කාර්යබහුලකමත් එක්ක ක්ෂණික කෑමබීමවලට ඇබ්බැහි වුණාට, දැන් දැන් ගොඩක් අය බර කෑම වෙනුවට ස්මූදි බෝල් එකක්.. ඒ වගේ ම තිබහට තේ, කෝපි, සිසිල් බීම වෙනුවට ෆෘට් ජූස් එකක් එහෙම ආදේශ කරන්න පුරුදු වෙලා ඉන්නව දකින්න ලැබෙනවා. එහෙම නැත්නම් අතුරුපසක් විදිහට හරි දවසට සැරයක් පලතුරක් කන්න හුඟක් අය උනන්දුයි. මේක හොඳ ප්‍රවණතාවක්.

රස වගේ ම ගුණත් කැටි වෙලා ස්වාභාවික ලෝකයෙන් අපිට ලැබෙන තෑග්ගක් තමයි පලතුරු කියන්නෙ. මේ ලිපියෙන් කියන්න යන්නෙ ඔබ දන්න පලතුරු ජාති 7ක් ගැන ඔබ නොදැන හිටිය කතා 7ක්!

දෙළුම්

දෙළුම් කියන්නෙ මැද පෙරදිග කලාපයෙන් උපන් පලතුරක්. ඒකට හේතු වෙන්න ඇත්තෙ දෙළුම් ගස් වැවෙන්නෙ උෂ්ණ, වියළි පරිසරයක වීම වෙන්න ඕන. දෙළුම් ගහක් අවුරුදු 200ක් විතර පවතිනවා.

දෙළුම්වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Pomegranate කියල නේ. මේ වචනේ තේරුම ‘ඇට ගොඩක් තියන ඇපල් ගෙඩිය’ කියන එක ලු. දෙළුම් ගෙඩියක් ඇතුළෙ සාමාන්‍යයෙන් ඇට 1000කට ආසන්න ප්‍රමාණයක් ගබඩා වෙන්න තරම් ඉඩකඩ තියනව කියල තමයි කියවෙන්නෙ. බෙරි පවුලේ සාමාජිකයෙක් වෙන දෙළුම්, සාමාන්‍යයෙන් මාස දෙකක් විතර යනකන් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්.

කෙසෙල්

පුංචි බබෙකුට ඉස්ඉස්සෙල්ලා ම දෙන පලතුර තමයි කෙසෙල්. ඒකට හේතුව කෙසෙල් පහසුවෙන් දිරවීම සහ පෝෂකවලිනුත් බහුල වීම. ලෝකෙ පුරා කෙසෙල් වර්ග 1000කට වඩා තියනවා. කෙසෙල් ගහ නිල වශයෙන් සැලකෙන්නේ බෙහෙත් ගහක් විදිහට. කෙසෙලුත් බෙරි පවුලට තමයි අයිති.

ඒ වගේ ම ඩයට් කරන ඇමරිකානු ජාතිකයො අතරෙ කෙසෙල්වලට තියෙන්නෙ ඉහළ පිළිගැනීමක්. අධි රුධිර පීඩනය, හෘද රෝග වගේ ලෙඩවලින් බේරෙන්න, පුළුවන් තරං කෙසෙල් කන්න.

ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරි කියන නම නිසා අපි හිතන් ඉන්නෙ මේකත් බෙරි වර්ගයක් කියල නේ. හැබැයි ඇත්ත කතාව, ස්ට්‍රෝබෙරි කියන්නෙ බෙරි වර්ගයක් තියා අඩු ගානෙ පලතුරක්වත් නෙමෙයි!

බෙරි ජාතිවල ඇට තියෙන්නෙ පලතුරු ගෙඩිය ඇතුළෙ. ස්ට්‍රෝබෙරිවල ඇට තියෙන්නෙ එළියෙ. කොටින් ම ඇට එළියෙන් පිහිටන එක ම පලතුර තමයි ස්ට්‍රෝබෙරි. සාමාන්‍ය ස්ට්‍රෝබෙරි ගෙඩියක ඇට 200ක් විතර අඩංගුයි. කොහොම වුණත් උද්භිද විද්‍යාත්මකව නම්, අපි මේ ඇට කියල හඳුන්වන කොටස තමයි ඇත්ත ම පලතුර. ස්ට්‍රෝබෙරි ගෙඩිය කියන්නෙ ඒ පලතුර ගබඩා වෙලා තියන False Fruit එක!

ඇපල්

ඇපල් ගෙඩියක 25%ක් අඩංගු වෙන්නෙ වාතය කිව්වොත් පිළිගන්නවද! හැබැයි සාමාන්‍ය ඇපල් ගෙඩියක කැලරි 80ක් විතර තියනවා. ඒත් මේවයෙ මේදය, සෝඩියම් හෝ කොලෙස්ටරෝල් අඩංගු වෙන්නෙ නෑ. ලෝකේ පුරා ඇපල් වර්ග 7000කට වඩා වැවෙනවා. ඇපල් වැවීමේ විද්‍යාව හැඳින්වෙන්නෙ Pomology නමින්. චීනය, ඇමරිකාව, තුර්කිය, පෝලන්තය සහ ඉතාලිය, වැඩිපුර ම ඇපල් නිෂ්පාදනය කරන රටවල්.

සාමාන්‍යයෙන් මාකට් එකේ තියන ඇපල් ගෙඩියක් අවුරුද්දක් විතර පරණ එකක් වීමේ හැකියාවක් තියනව ලු. දන්නවද, කෝපි කෝප්පයක් බීමෙන්, අවදියෙන් ඉන්න ලැබෙන ශක්තියට වඩා ශක්තියක් ඇපල් ගෙඩියක් කෑමෙන් ලැබෙනවා!

අන්නාසි 

කවුරුත් නොදන්නවට අන්නාසි කියන්නෙත් බෙරි වර්ගයක්. දකුණු ඇමරිකාවෙ තමයි උපත ලබල තියෙන්නේ. ලෝකෙ තියන අන්නාසිවලින් තුනෙන් එකක් ම වැවෙන්නෙ හවායිවල. එක අන්නාසි පැලේක හැදෙන්නෙ එක අන්නාසි ගෙඩියක් විතරයි කියල නං ඉතිං කවුරු කවුරුත් දැකල ඇති නේ.

තව දෙයක්.. උඩ යට මාරු කරල හිටවල තිබ්බම අන්නාසි ගෙඩියක් ඉක්මනින් ඉදවගන්න පුළුවන්කම තියනව ලු.

අඹ 

ලෝකෙ වැඩිපුර ම ආදරේට පාත්‍ර වුණ පලතුරක් තමයි අඹ! ඉන්දියාව, පිලිපීනය, පකිස්තානය කියන රටවල මේක ජාතික පලතුර විදිහටත් නම් කරල තියනවා. මිනිස්සු විතරක් නෙමෙයි, සත්තු පවා අඹවලට දක්වන්නෙ හරි ම කැමැත්තක්. විශේෂයෙන් ඔරංඔටං වගේ සත්ව විශේෂ අඹවලට කෑදරයි.

ලෝකෙ පුරා අඹ වර්ග 500ක් විතර තියනවා. අඹ කියන්නෙ අවුරුදු 4000ක් විතර පරණ පලතුරක් කියල තමයි කියවෙන්නෙ. අවුරුදු 300ක් වයස ලෝකෙ පරණ ම අඹ ගහ පවා තාමත් පල දරනව ලු!

තක්කාලි

තක්කාලි කියන්නෙ එළවළුවක් ද පලතුරක් ද? හිතාගන්න බෑ නේද? අපි පලතුරක් විදිහට සැලකුවෙ නැතත්, විද්‍යාත්මකව නං තක්කාලි කියන්නෙ පලතුරක් ලු. ඒ විතරක් නෙමෙයි, ලෝකෙ ජනප්‍රිය ම පලතුර ලු තක්කාලි!

පේරු රටේ උපත ලැබුව මේවා දැනට වැඩිපුර ම නිෂ්පාදනය වෙන්නෙ චීනෙ. ඊළඟට ඇමරිකාවෙ සහ ඉන්දියාවෙ. ලෝකෙ පුරා තක්කාලි වර්ග 10000කට වඩා වැවෙනවා. රතු, තැඹිලි, කහ, කොළ, රෝස, දම්, කළු, සුදු කියන පාටවලින් යුතු තක්කාලි වර්ග මීට අයත්. තව විශේෂ කාරණයක්, සාමාන්‍ය තක්කාලි ගෙඩියක 94.5%ක් ම තියෙන්නෙ වතුර බවයි කියවෙන්නෙ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide