මේ යන අවුරුද්දෙන් ලංකාවෙන් දුන්න ආතල් කිහිපයක්.

ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට ලංකාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි කොච්චර සිත් සතන් සනසන, සන්තෝෂ කරන මේ යන 2016 අවුරුද්දෙ කළා ද. මෙන්න ඒවායින් කිහිපයක්!

1. සීදේවී කිඹුලා

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා කෙසේ වෙතත් නිල්වලා ගඟෙන් ආපු කිඹුල් තඩියා නං ඒ පැත්තෙ කට්ටියට හොඳ ගේමක් දුන්නා. අඩි දාහතක් වෙච්ච මේ සද්දන්තයා ආපහු ගඟට ඇරියේ ජාත්‍යන්තරෙටත් ලංකා නාමය ගෙනිහිල්ල. කොහොමහරි දැන් ඇත්ත කිඹුලෙක් ගේ සයිස් එක හැමෝම බලාගත්තු එකේ, හන්දියේ බේකරියේ හූනු බනිස් වෙනුවට ආයි කිඹුලා බනිස් හදයිද කියල තමයි මේ බලාගෙන ඉන්නේ.

 

2. අහස උසට ගිය නත්තල් රොකට්… නෑ නෑ, ගහ. නත්තල් ගහ.

ජාත්‍යන්තරේට නම ගිය ඒවා ගැන කථා කරනකොට මේ අසිරිමත් නත්තලේ වෙච්ච කලබගෑනිය අමතක කරන්න බැහැ. ලෝකෙ ලොකුම කෘත්‍රිම නත්තල් ගහ හදන්න ගිහිල්ල, මුදල් නාස්තිය කියල කට්ටිය කෑගහල, වැඩ නවත්තල, ඊළඟට ආයි වැඩ පටන් අරගෙන… මාර සීන්. අන්තිමේ දුප්පතුන්ට දීපු මුදලකුත් නැහැ, හදපු ගහකුත් නැහැ. නෑ ඉතින්, ගහක් නැත්තෙ නැහැ. ඒ හැඩේට තියෙන නත්තල් ගහක් වෙන කොහෙවත් නැතුවත් ඇති.

3. මඩු වලිග

රටේ සංස්කෘතිය ආරක්ෂාව සඳහා පුරාතන දඬුවම් ක්‍රම නැවතත් ගෙන ඒමේ යෝජනාවක් මේ අවුරුද්දේ ආවා. මේ වගේ අදහසක් කොච්චර ප්‍රගතිගාමී ද කියන්නේ ඒක ජාත්‍යන්තරේටත් ඒක ගියා.

 

4. සෙක්ස් වලින් පළවෙනියා!

ඒ කිව්වේ ගුගල් එකේ සෙක්ස් කියල සර්ච් කරලා. මේ අතිවිශිෂ්ට ජයග්‍රහණයට සප් එක වැඩියෙන්ම දුන්නේ හෝමාගම ජනතාව. ඒකත් අගෝස්තු සහ දෙසැම්බර් මාසවල. ඊටත් වැඩිය ආඩම්බර වෙන්න පුළුවන් මේ පිට පිට හතරවන අවුරුද්දට මේ ජයග්‍රහණය ලැබුවේ.

5. වැරදි කිරීමට අයිතිය උදෙසා!

මේ ඉතින් අපේ බස් මාමලා නේ. අධික වේගයෙන් රිය පදවන්නේ නැතුව පාරේ යන්න බැරි කතාවක් කියන්නේ. අර කොටුවෙන් පරලොවට යන රූට් එකේ වෙන්නැති. රු 25000 දඩේට නං මොනා වුණාද මන්ද.

6. නැවුම් ම එළවලු, පලතුරු, මස් මාළු නං කීල්ස් ම තමයි

විශේෂයෙන් කොළඹ මැරයින් ඩ්‍රයිව් එකේ කීල්ස් එක. කොච්චර නැවුම් ද කියන්නේ තාම වලිගෙ වැනෙනවා. ඔයගොල්ලෝ මී මස් කනවනෙ?

7. සුද්දත් අයියෝ කියන්න ගත්තා

ඒ පැත්තෙ වෙච්ච කරදර වල හැටියට ඒ මිනිස්සුන්ටත් අයියෝ කියවෙන එක පුදුමයක් නෙමෙයි.

8. මිරිස්සට පස්සෙ ආපු අඟ ලොකු වුණා 

ඒ කිව්වෙ අපේ ලංකාවේ කට්ටිය එලවල, විදෙශීය සංචාරකයින් විතරක් ගන්න මිරිස්සේ  හෝටල් හුඟක් පෙළඹිලා තිබුණා. ඒ අය කියන්නේ ලංකාවේ ඈයෝ බීල විකාර නටන්න ගත්තම බේරගන්න බැහැයි කියල. ඒ වුනාට ඉතින් අපේ කට්ටිය පව් නැද්ද අනේ?

9. රෑ ගිනියම් වුණා

ඒ විතරක් නෙමෙයි ලොකු ප්ලාස්ටික් මැණික් ගලකුත් නැතිවුණා. තව මොනාද ගල් උඩ සීන් වගයක් වෙලා තිබුණා. ඉරාජ් ගෙන් තමයි අහන්න ඕනේ.

ඊයේ පෙරේදා Fill-T ගේ විඩියෝ එකකින් පස්සෙත් පොඩ්ඩක් උෂ්ණත්වය ඉහළ නැගල තිබුනලු.

10. අම්මලාට යුනිෆෝම් දුන්න ඉස්කෝලේ

නිල ඇඳුම් හින්ද පාසලේ ළමයින් අතරේ පවතින සහජීවනය සහ සභ්‍යත්වය ළමයින්ගේ අම්මලටත් ලබාදෙන්න කියල හිතාගෙන වෙන්නැති කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ළමයින්ගේ අම්මලාට අඳින්න සුදුසු මොනාද කියල ඉස්කෝලේ ඉස්සරහ බෝඩ් එකක් ගහල ම පෙන්වල දීල තිබුණා. සහජීවනය, සභ්‍යත්වය කෙසේ වෙතත් පුද්ගලික නිදහස ගැන හුඟක් දේවල් කථා වුණා. අපිව ජාත්‍යන්තරෙටත් ගෙනිච්ච මේ සිද්ධිය.

11. ආසයි මං බීල පියාඹන්න

එහෙම කියන්නේ ඇත්තේ අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවෙක්ට. ලංකාවේ බීල එළවන්න යන එක දැන් ගණන් ගන්නෙ නැති තරං වුනත් ජර්මනියේ ෆ්රන්ක්ෆ්ර්ට් නගරේ නං මෙයාට ප්ලේන් එක එළවන්න දීල නැහැ.

12. පොල් හින්ද පොකට් එකත් හිස් වුණා

හැබැයි පොල් වල ගිනි ගණන් හින්දම නෙමෙයි. මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලේ පොල් කන්දක් විතරක් ගහපු වෙලාවෙ කව්ද කට්ටියගෙම පොකට් වලටත් විදලා තිබුණා ලු. පොල් ගන්න බැරි අසරණ දෙවියෙක් වෙන්නැති.

13. ලීක් වෙච්ච පැනමා පේපරේ 

සාමාන්‍යයෙන් ලංකාවේ ලීක් වෙන්නෙ ඒලෙවල්/ඕලෙවල් පේපර් නේ. මේක ඒ වගේ භූගෝලය පේපර් එකක් නෙමෙයි. ආදායම් බදු වලින් බේරෙන්න පැනමාවේ බැංකුවල සල්ලි තැන්පත් කරපු සල්ලිකාරයෝ ලැයිස්තුවක්. බැලින්නං ලංකාවේ සෙට් එකකුත් මේකේ ඉන්නවනේ.

14. බියෝන්සේ ගේ ලාංකීය වහල්ලු

බලන්නකෝ එංගලන්තෙ “සන්” පත්තරේ අයියලා අපි ගැන කොච්චර හොයල බලනවද කියල. ලෝක ප්‍රසිද්ධ සුපිරි ගායිකා බියොන්සේ ගේ ඇඳුම් කර්මාන්තයේ ඇඳුම් මහන්න ලංකාවෙන් වහල්ලු ගත්ත කියල ඒ ගොල්ලෝ රපොර්තු කරලා තිබුණා

15. රැප් රැල්ල පල්ලිය ඇතුලෙත්!

ලංකාවේ මේ දවස්වල රැප් සංගීත රැල්ල ජයටම නැගල යන කාලයක්. මේක කොච්චර ප්‍රසිද්ධ වුණා ද කියන්නේ ඊයේ පෙරේදා කොළඹ අගරදගුරුතුමා ගේ මුලිකත්වයෙන් සංවිධානය වුණ අති විශාල නත්තල් කැරොල් සැන්දෑවක, කතෝලික භක්ති ගීතයක් වුණ “Hail Mary” වෙනුවට ඇමරිකානු රැප් පතාක යෝධයෙක් වු ටුපාක් ශකුර් ගේ “Hail Mary” ගීතය තමයි උත්සවයේ පත්‍රිකාවල මුද්‍රණය කරල තිබුණේ. රැප් සින්දුව පොඩ්ඩක් සැර වැඩිද මන්ද.


ඔන්න මේ අවුරුද්දෙ අපි දුන්න ආතල් කිහිපයක්. අනිවාර්යයෙන් මේ ලබන 2017ත් මොනාහරි වෙයි නේ. ලබන්නා වූ අවුරුද්ද ඔයාලට සුබ, සහ ආතල් වෙන්න කියල අපි ඉතසිතින් පතනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide