Gourmet Cooking ගැන උනන්දුයි ද? මෙන්න Gourmet Grocery ඩිලිවර් කරන තැන් 8ක්.

උසස් ම තත්ත්වයේ ගුණාත්මක අමුද්‍රව්‍ය යොදාගෙන ඉහළ ම තත්ත්වයේ කෑමබීම පිළියෙල කරන Gourmet Cooking ගැන දැන් දැන් ලංකාවේ වැඩි උනන්දුවක් දකින්න පුළුවන්. හැබැයි මේක ලේසි වැඩක් නෙමෙයි. මොකද නිවැරදි ම අමුද්‍රව්‍ය පාවිච්චි කළේ නැත්නම් මේ සකසන කෑමබීමවල නියම රසය හෝ ගුණය විඳගන්න ලැබෙන්නෙ නෑ. මේ ලැයිස්තුවේ තියෙන්නෙ Gourmet Cooking සඳහා අවශ්‍ය Gourmet ග්‍රොසරි භාණ්ඩ ඔබේ නිවසට ම ඩිලිවර් කරන තැන් කීපයක්. 

LUXE Colombo

ඕන ම Gourmet කුක් කෙනෙකුට දිව්‍යලෝකෙ වගේ තැනක් මෙතන. උසස් ම තත්ත්වයේ චීස්, කෝල්ඩ් කට්ස්, තෙල් වර්ග, ඩිප්ස් ජාති, ස්ප්‍රෙඩ්ස්, චොක්ලට්, ෆ්‍රෝසන් මීට්, පැස්ටා සහ තවත් නිෂ්පාදන රාශියක එකතුවක් මෙතන තියනවා. මේ ඔක්කොම ලෝකෙ විවිධ රටවලින් ගෙන්නපුවා නිසා ඔබ සකසන ඕන ම ආහාර වේලකට නියම ඔතෙන්ටික් ගතිය ලබාගන්න, මේ අමුද්‍රව්‍ය පාවිච්චි කළොත් පුළුවන්.

මේ අයගේ ඩිලිවරි සේවාවත් කිසි ම කරදරයකින් තොර එකක් බව අපි අත්දැකීමෙන් ම දන්නවා. කොළඹ සහ අවටට ඒගොල්ලො ඩිලිවරි ගාස්තු අය කරන්නෙ නෑ. ඒ වගේ ම, උදේ දහයට කලින් ලබා දෙන ඇණවුම් ඒ දවස ඇතුළත ම ඩිලිවර් කරනවා. එහෙම නැත්නම් පැය 24ක් ඇතුළත ඔබට අනිවාර්යයෙන් ඩිලිවරි එක ලැබේවි. 

ඇණවුම් සඳහා: luxecolombo.com 

වැඩි විස්තර: 0711190190

Ma's Kitchen – Gourmet Market

කුළුබඩු ව්‍යාපාර අතර අමතක කරන්න බැරි නමක් තමයි මේ. මේගොල්ලන්ගේ Ma’s Kitchen – Gourmet Market එකෙන් ඔබට පැස්ටා සෝස්, ස්ප්‍රෙඩ්ස්, ජෑම්, ඩ්‍රෙසිං, කුකිං ඔයිල්, මස් නිෂ්පාදන ආදී ජාති ගොඩක් හොයාගන්න පුළුවන්. Dad's Garden, Happy Home, Pasta Roma and Pepper Valley වගේ දේශීය වෙළෙඳ නාම රැසක් මේ අතර ඉන්නවා.

පෝක් සහ චිකන් සොසේජස් ඇතුළු Pepper Valley නිෂ්පාදන ගැන නම් අපිට අත්දැකීමෙන් සහතික වෙන්න පුළුවන්. මේවයේ කෘත්‍රිම අමුද්‍රව්‍ය, ෆිලර්ස්, MSG, එක්ස්ටෙන්ඩර්ස් වගේ කිසිවක් අඩංගු නෑ. ඒ නිසා මස් සහ ඊට එකතු කරපු හර්බ්ස්, සීසනිං වගේ දේවල්වලින් නියම ෆ්ලේවර් එක එනවා.

ඇණවුම් සඳහා:  masgourmet.market

වැඩි විස්තර: 0117602200

Gourmet Goodness

අපේ ඉවුම්පිහුම් කලාව ඇතුළේ අමතක කරන්න ම බැරි ජාති දෙකක් තමයි පොල් සහ කුළුබඩු. Gourmet Goodness කියන්නෙ ඒ ගැන වැඩියෙන් ම හිතන තැනක්. මේ අයගේ පොල් ආශ්‍රිත නිෂ්පාදන මාලාව කාබනික වර්ජින් පොල් තෙල්, පොල් චිප්ස්, ක්‍රීම් කළ පොල්, දිසිදි පොල්, පොල්-කිතුල් ස්ප්‍රෙඩ්, පොල් කිරි සහ පොල් පිටි වගේ ජාතිවලින් සමන්විතයි.

මෙතන කුළුබඩු එකතුවත් ඔබේ ආහාර වේල ඉතා ම රසවත් ආකාරයට පිළියෙල කරගන්න උපකාරී වෙනවා. උදාහරණයක් කිව්වොත් ලයිම් ඇන්ඩ් පෙපර් මාවල් කියන නිෂ්පාදනය ඔබ සකසන සලාදයකට හරි, මස් බාබකිව් කරනකොට හරි, රස වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්.

ඇණවුම් සඳහා: Celeste සහ Online Kade වෙත පිවිසෙන්න 

Just Goodness

නිරෝගිමත් ජීවිතයක් ගෙවන්න අපිව උනන්දු කරන Just Goodness වෙතින් එන කාබනික ග්‍රොසරි සහ ස්නැක්ස් ආදිය ගැනත් මතක් කරන්න ඕන. කුළුබඩු, කුකිං ඔයිල්, ඇට වර්ග, කිරි, තැවරුම්, පිටි වර්ග ආදී ද්‍රව්‍ය රැසක් මෙතන තියනවා. ඔබේ කෑම වේල රස ගුණ දෙකෙන් ම සරසගන්න ඒ ඔස්සේ හැකියි. ඒ විතරක් නෙමෙයි, මෙතනින් බඩු මිල දී ගත්තම කුඩා පරිමාණයේ ව්‍යාපාර රැසකට අතහිත දෙන්නත් ඔබට පුළුවන් වෙනවා. 

ඇණවුම් සඳහා:  www.justgoodness.co

වැඩි විස්තර: 0776558993

Park Street Gourmet

ඔබේ ඉවුම්පිහුම් අත්දැකීම වර්ණවත් කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මෙතැනිනුත් ලබාගත හැකියි. ඉහළ ම තත්ත්වයේ පැස්ටා වර්ග, මස් වර්ග සහ පාන් වර්ග ද ඊට අයත්. 

ඕනෑ නම් වයින් බෝතල් එහෙමත් මේ අයගෙන් ගන්න පුළුවන්.

ඇණවුම් සඳහා: ordernow.applova.io/webstore/BIZ_1ytda46xa6l?session=1614575745287

වැඩි විස්තර: 0114333505

Glo Shop

කුකුල් මස්, සීෆුඩ්, කිරි, ෆ්‍රෝසන් මීට්, ග්‍රොසරි බඩු ඇතුළු අලුත් ම නිෂ්පාදන ගොඩක් ග්ලෝ ෂොප් එකෙන් ලබාගන්න දැන් අවස්ථාව තියනවා. ගුණාත්මක ජීවිතයකට මඟ කියන අතරේ, ඔවුන් කුඩා පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකයන් 70කට වැඩි ප්‍රමාණයකට තම නිෂ්පාදන අලෙවි කරගන්නට උපකාරී වෙනවා.

ඇණවුම් සඳහා:  gloshop.lk

වැඩි විස්තර: 0768445544

Good Market

ගුඩ් මාකට් එකේ තියන හැම නිෂ්පාදනයක් ම නියමිත පරීක්ෂණයකට ලක් වෙලා, 100%ක් කාබනික නිෂ්පාදන බවට සහතික වෙලයි එන්නෙ. සාම්ප්‍රදායික සහල් වර්ග, ඇට වර්ග, කුළුබඩු, පැස්ටා, චීස්, බටර්, කිරි, පිටි, චට්නි, අච්චාරු, තෙල් වර්ග, බීම, තැවරුම්, ඩිප්ස් ඇතුළු තවත් බොහෝ දේ මෙතන තියනවා. කොටින් ම උසස් ම තත්ත්වයේ ගුණාත්මක කෑම වේලකට අවශ්‍ය සියලු ම කාබනික අමුද්‍රව්‍ය මෙතැනින් ලබාගන්න පුළුවන්.

ඇණවුම් සඳහා: www.goodmarket.global/info/online-retail

වැඩි විස්තර: 0772764455

Apéro

හොඳ ම කොලිටියේ මස් වර්ග, සීෆුඩ්, චීස්, සොසේජස්, පැස්ටා, සෝස් වර්ග, කෝල්ඩ් කට්ස් ඇතුළු ඔබේ Gourmet Cooking සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල මේ අය ළඟ තියනවා. 

ඇණවුම් සහ වැඩි විස්තර: 0776602997

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide