ඇඳිරි නීති වෙලාවේ.. අත්‍යවශ්‍ය සිල්ලර බඩු සහ බෙහෙත් ගෙදරටම ගෙනත් දෙන සේවා 13ක්.

පවතින තත්වය යටතේ.. ඉඩක් ලැබුණත් නොලැබුණත් පාරට තොටට යන එක නම් ඒ හැටි නුවණට හුරු කාරණයක් නෙවෙයි. මොකද.. තත්වය පොඩ්ඩක් යහපත් අතට හැරුණ කියල ලේසියට පහසුවට ගන්න ගියොත්.. ඊළඟට සිද්ධ වෙන්න ඉඩ තියෙන්නෙ මහා විනාසයක් වෙන්නත් පුළුවන්.

ඒ නිසා.. අපි ඒකෙන් වැළකිලා ඉමු. අනික දැන් එහෙම එළියට යන්නම ඕන කියලත් නෑනෙ. මොකද කාට කාටත් ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඕන දෙයක්, එක කෝල් එකකින් ගෙදර ගේට්ටුව ළඟටම ගෙන්න ගන්න පුළුවන් සේවාවන් අපේම පරහිතකාමී මිනිස්සු බොහෝ දෙනෙක් එකතු වෙලා හදලනෙ තියෙන්නෙ.

ඔන්න බලන්න ඔය පහළින් තියෙන ඒවා..!

PickMe Food

දැනට මාසයක වගේ කාලයක ඉඳල සිල්ලර බඩු ඩිලිවරි සේවාව කරගෙන යන පික්මි ආයතනය, රටේ තියෙන මේ තත්වයට එයාලගෙන් උදව්වක් වශයෙන් ලංකා සතොස සමග එකතු වෙලා, කොළඹ වෝක්ෂෝල්හි සිට කිලෝමීටර 6ක දුර ප්‍රමාණයක පිහිටි ඕනෑම තැනකට, පැය 24ක්ඇතුළත භාණ්ඩ ඩිලිවරි කරන සේවාවක් හඳුන්වල දීලා තියෙනව.

Daraz.lk

ඔන්ලයින් ෂොපින්ග් අඩවියක් විදියට පවත්වාගෙන යන දරාස් ආයතනයත් කොළඹ පුරා සිල්ලර බඩු ඩිලිවරි කරන්න ලෑස්තියි. ඒ විශේෂයෙන්ම වියළි සහ ටින් කල ආහාර වැනි දෑ ජනතාවට බෙදාහදා දීමටයි. Facebook

Round Island

අඩු ගාණට හොඳම බැරමුන්ඩි ගන්න හොයනව නම් ඒකට හොඳම තැන තමයි මේ. ඕඩර් කරපු දවස ඇතුලතම ඔයාට අවශ්‍ය මාළු ටික ගෙදරටම ගෙනැල්ල දෙන්න මෙයාලත් ඩිලිවරි සේවාවක් ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ. 071 1228228

OnlineKade.lk

ඒ අතරට මේ ඔන්ලයින් කඩේ තියෙනව එක එක ස්නැක්ස් සහ රසකැවිලි වගේ ජාති. ඒවත් පටස් ගාලා ඕඩර් කරල ගෙන්න ගන්න පුළුවන් මේ කට්ටියගේ ඩිලිවරි සර්විස් එකෙන්. Facebook Instagram 0710198198, 0771717590, 0777762792

GroceryBox.lk

ඕනම සිල්ලර බඩුවක් පටස් ගාලා ගෙන්න ගන්න. හැබැයි නිතරම වගේ මෙයාලගෙ ෆේස්බුක් පේජ් එක ටච් එකේ ඉන්න. මොකද ඒකෙ තමයි මෙයාලා ළඟ තියෙන සියළුම බඩු ලැයිස්තුගත කරන්නෙ.

JustGoodness.co

කොච්චර වුණත් වසවිස නැති ආහාර ජාතිම හොයනව නම් ඔයාලට මේ තැන තමයි හොඳටම ගැලපෙන්නෙ. හැබැයි මෙයාලගෙ ඩිලිවරි සේවාව ක්‍රියාත්මක වෙන්නෙ නම් හෙට (මාර්තු 27) දවසෙ විතරමයි දැනට.

Toi&Bi

නුගේගොඩ, මහරගම, මිරිහාන, කෝට්ටේ, දෙල්කඳ, තලවතුගොඩ, තලපත්පිටිය සහ කොහුවල යන ප්‍රදේශවලට එළවළු ඩිලිවර් කිරීමේ සේවාවක් ටොයි ඇන්ඩ් බයි ආයතනය විසින් හඳුන්වල දීලා තියෙනවා. ඒ ඇණවුම් දාන්න තියෙන්නෙත් එයාලගෙ ෆේස්බුක් ගිණුම හරහාමයි. 0703330212, 0767817676, 0716590382

City Mom – Kalutara

කොළඹට විතරක් නෙවෙයිනෙ. මෙන්න කළුතරටත්, මෙම ආයතයන සැදී පැහැදී ඉන්නව කළුතර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ, ඩිලිවරි ගාස්තුවක් නොමැතිවම සපයා දෙන්න. 0715884355

Gas Cylinders

LAUGFS Gas

දැනට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකටම ගෑස් ඩිලිවර් කරන්න ලාෆ්ස් ආයතනයත් කටයුතු සම්පාදනය කරල ඉවරයි. 0114427427.

Litro

ලිට්‍රෝ ආයතනයේ ඩිලිවරි සේවාවෙන් නැතිනම් පික්මි ඩිලිවරි සේවාව යටතේත් ලිට්‍රෝ ගෑස් ගෙන්න ගන්නත් දැන් හැකියාවක් තියෙනව. Facebook

Meds

Park Hospitals

බෙහෙත්. අත්‍යවශ්‍යම අනික් දේ. දෙහිවල, නුගේගොඩ, මහරගම සහ කෝට්ටේ ප්‍රදේශවලට බෙහෙත් වර්ග ඩිලිවර් කිරීමේ සේවාවක් මෙම ආයතනය විසින් හඳුන්වල දීලා තියෙනව. ඒ සේවාව ඔබට ලබාගන්න කරන්න තියෙන්නෙ බෙහෙත් තුණ්ඩුවෙ පැහැදිලි ෆොටෝ එකක් මෙයාලට වට්ස්ඇප් හෝ වයිබර් කරන එක විතරමයි.

Healthnet.lk

උදේ 9ත් සවස 5ත් අතර බෙහෙත් ලැයිස්තුව යැව්වොත් දවස් 2ක් ඇතුලත ඒ ටික හරියටම ඔයාගෙ ගෙදරටම ගෙනැල්ල දෙන තවත් සේවාවක් තමයි මේ. ඒ වගේම තමයි මෙයාලගෙ ගෙවීමත් ඔන්ලයින්ම කරන්නත් පුළුවන්.

Medihelp

කොළඹ 3 සිට 8 දක්වාත් දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පානදුර, කොහුවල, පැපිලියාන, බොරලැස්ගමුව, පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම, හොරණ, නුගේගොඩ, නාවින්න, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, නාවල, රාජගිරිය, කෝට්ටේ, බත්තරමුල්ල සහ තලවතුගොඩ වශයෙන් ප්‍රදේශ රාශියකට බෙහෙත් ඩිලිවර් කීරීමේ සේවාවක් මේ ආයතනය මගින් ආරම්භ කරල තියෙනව. ඒකත් පැය විසි හතරම, වගේම උපරිම ඩිලිවරි ගාස්තුව රු. 200ක් වන පුංචිම මුදලකටත්. අනික ඒ ගාස්තුව ඔන්ලයින් වගේම බඩු අතට ගන්නකොට වුණත් ගෙවන්න අවස්ථාව තියෙනවනෙ. WhatsApp: 0767545453

මීට අමතර ව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ජංගම​ සේවා /විස්තර – Consumer Goods Delivery  වගේ ෆේස්බුක් ගෲප් හරහා ඔයා ඉන්න පැත්තට මේ විදියට අත්‍යවශ්‍ය භාණ්ඩ ඩිලිවර් කරන සේවා මොනවද කියල දැනගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Celebrate Love at Amaya Hills and Amaya Beach This Valentine’s Day

Celebrate Love at Amaya Hills and Amaya Beach This Valentine's Day This Valentine’s, embrace the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide